ආදරේ අවසානය
කියන්නේ
රුපියල් 5000 ක්
ගෙවලා ගන්න
එකට බුදියාගන්න දෙන
ලයිෂන් එකට නම්
කැමතියි මං හැමදාමත්
ලයිෂන් නැතුවම පදින්න
වාහන ...
____
දෙනෝ දහසක් වසන
සෙයිලමේ හැම නිතර
අතරමං වෙලා මම
කිසිත් නොපෙනෙන තැනක
දෙනෝ දහසක් දෙනා
ඉන්නවලු වටේටම
නොයෙක් දේ කියනවලු
කරනවලු මං ගැනම
කිසිවක්ම දැනෙන් නැති
හැගෙන් නැති හදවතට
කුමන ඵල ලෝකයා
මොන දෙයක් කෙරුවාට
මියැදෙන්න වැටුනාට
අමතකව නැත තවම
අතීතයේ මියැදිච්ච
නුඹට බැදී ආදරය
ගතට දිරියක් කුමට
හිස් වෙච්ච හදවතට
පවන් සිසිලක් කුමට
අදුරු පාතාලයක
තනිකමම රජ කරන
හිර වෙලා මගේ හිත
යලි නොනැගිටින්නටම
නැත කිසිදු අදිටනක්
එන්න යලි ලෝකයට
මියැදිච්ච හිත එක්ක
වැලලේවී පස් යටට
________
නින්ද නැති තුන් යමේ
හීන ගොඩ ගසාගෙන
මගේ හිත උඹේ ඇස්
හොයනවා හැමතැනම
ගිරවියක් වාගේම
කියවනා හුරතල්ව
උඹේ කටහඩ මෙමට
ඇසෙනවා හැම නිතර
ලගට ලං වී හෙමින්
තුරුලතට ගෙන උඹව
දෑස් තුල ගිලි නුඹේ
ජීවිතය හොයන්නට
වැසුණු නුඹේ ඔය මුහුණ
කෙස් රොදක් අයින් කර
හෙමි හෙමින් හාදුවක්
දෙන්න උඹේ නළලතට
ආදරේ පුරෝගෙන
ජීවිතය පුරාවට
මගේ පුංචි දෙමලිච්චි
ඉන්නවද මගේ ලගම
_____