සිසිවන උවන පුළුලුකුලැ'ති සුකුමාලී
පොළ ළඟ බත් කඩේ වැඩ කල මනලෝලී
හිත මිතුරන්ද සමඟින් ගොස් පෙලපාලී
කැන්දන් ආමි ඈ කරගෙන මනමාලී.....
පෙම් කල සමේ ඈ ළඟ තිබු කෝල ගතී
නිවසට ආ දිනේ සිට දැන් කොහෙද නැතී
බැඳි වෙස් මුහුන හැර පෙන්වා නියම ගතී
මේ ටික දොහට දුන් වද හොඳටෝම ඇතී.....
අල්ලපු නිවස හා පැටලෙන ගිණිගෙඩිය
ඕපාදූප දොඩමින් බෙදමින් දෙයි පච වඩිය
කියනා ලොකු කථා ඇගෙ පමණට වැඩිය
ඈ හන්දාම කෘෂ වී ඇත මගෙ බොඩිය......
ගේ දොර එළිය වන සිරියක් ඇත ඈගේ
දැන්නම් අතේ පැළවෙයි බොරු කපුවාගේ
පෙර කල කරුමයක් පලදුන්නද මාගේ
මොනවා කරන්නද ඇදගෙන යමි දීගේ....
මේ ලෙස විඳවන්න වෙන බව බැන්දාම
දැන උන්න නම් තනිකඩ වෙමි හැමදාම
බැඳගත් බෙරේ ගලවනු බැරි හන්දාම
පසු තැවි තැවි එල්ලන් ඉමි මම තාම......
චමිත් මධුරංගට ලියපු කවියක් වගේ.වැටුණු වලේ වැටෙන්න ඒපා කියනවද?
ReplyDeleteඅපිත් සුභ පැතුවා කියන්න.
මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
අපෝ නැහැ එයාට ලියපු කවියක් නෙවෙයි. තනිකඩයාගේ අදෝනාවට පස්සේ ඉතින් අනිත් ඒකා ගැනත් ලියන්න ඕන නේ. හෙට චමිත් ගේ විවාහේ වෙනම කතාවක් ;)
Deleteවිවාහ ප්‍රාප්ත වීමට නියමිත චමිත් සොයුරාට මගෙනුත් සුමබ සුබ සුබ පැතුම්.. මෙවන් විපතක් නම් කිසිකලෙක ඔහුට නොම වේවා
ReplyDeleteකවියේ අයිතිකරයම එහෙම කියපු එක හොදා ;)
Deleteමම නම් කියන්නෙ විවාහ වෙනවා කියන එක විපතක් නොවෙ කියා
ReplyDeleteමමත් කියන්නේ නැහැ. එහෙම කියපු එකා ඔන්න උඹට උඩින් කමෙන්ට් කරලා තියෙනවා. ඌව අල්ලගනින් ;)
Deleteපිටිගලයාට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteඑසේම වේවා ;)
Deleteහප්පට සිරි...ඒකත් එහෙමද
ReplyDeleteඑහෙමළු එහෙමළු ;)
Deleteඔව්වා ගැන අපි මොකුත් කියන්නෙ නෑ...
ReplyDeleteඅර බඳිනවයි කිව්ව යාලුවට සියළු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව සපිරි සුභ මංගල්ලයක්..
ජය වේවා !!!!!!!!!!!!!!!!
ReplyDeleteයස කවි ටික.. එල ආ. (මේ ටික කවි ලියපු එකාට)
ReplyDeleteවිවාහ වෙන එකාට... සුබ පැතුම් නව දිවියට..!!
රෙපාට... :D (ඔන්න තියන විදිහට බෙදල හදල කමෙන්ට් එකක් දැම්ම)
චන්දන මහත්තයාට බොහෝම ස්තූතියි... මේ වගේ අකරතැබ්බයක් ඔබට නොවේවා කියල පතනවා මම
Deleteමූ බැඳලා දැන් පොඩි දෝණි කෙනෙකුත් ඉන්නවා...!!!
Deleteපට්ට කයිය..
ReplyDeleteතැන්කූ තැන්කූ...
DeleteMevva dakkama badinna inna ekata baya hithevi :)
ReplyDeleteබය වෙන්න එපා අප්පා... හැම ඇගිල්ලම එක වගේ නෑනේ
Deleteකලින් දැක්කද මන්දා..
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඅගේ ඇති කවි පංතිය... තුන් වෙනි කවියේ දෙවෙනි පේලියේ "දොඩමින්", "බෙදමින්" කියන වචන දෙකෙන් එකක් අයින් වෙන්න ඕනේ නේද?
ReplyDeleteඑළිසම රැකලා ලියන තියන නිර්මාණශීලී සඳැසක්.
Deleteබොහොම ස්තූතියි තිසර මහත්තයෝ... තුන් වෙනි කවියේ පොඩි අවුලක් තියෙනවා තමයි... බ්ලොග් එක කරන අරුන අයියට මම එවන කොට වෙච්ච මිස්ටේක්කුවක්.. බෙදමින් කියල තමයි එන්න ඕනි...
ජය වේවා දෙන්නටම... නෑ තුන්දෙනාටම
ReplyDeleteබලන් ගියාම තනිකඩයටයි, විවාහකයටයි දෙන්නටම තියෙන්නේ අදෝනානේ, පිරිමි ඔහොම්මමයි...:P
ReplyDeleteගෑල්ලමයි ඉන්න කල් ඉතින් අඳෝනාම තමයි අප්පා
Delete//බැඳගත් බෙරේ ගලවනු බැරි හන්දාම
ReplyDeleteපසු තැවි තැවි එල්ලන් ඉමි මම තාම......//
සිරාම තමා....
දුක තමයි දෙයියනේ.. මොනා කරන්නද
Deleteප්‍රතිචාර දැක්වූ සියල්ලන්ටම බොහොමත්ම ස්තූතියි.. ඒ වගේම අරුන අයියටත් මගේ අදහස් එළි දක්වන්න අවස්ථාවක් ලබා දීම ගැන මගේ හද පිරි බොක්කෙන්ම ප්‍රණාමය
ReplyDeleteහැක් හැක් අපි නම් ෆ්‍රී බර්ඩ් ලා
ReplyDeleteමරු කවි ටික ඈ...... හැබැයි ඉතිං බලන් ගියාම සතුටු වෙන එකෙක් නෑනේ......
ReplyDeleteමේ ඔක්කමගෙම අදෝනා අහලා මට හිතෙනවා දැන් බැන්දත් 1000යි නොබැන්දත් 1000යි කියලා...
ReplyDeleteපට්ට බං.."අදෝනාව" කියලා රීඩරේ දැක්කම මම හිතුවේ පරණ එකමයි කියලා. බැලින්නම් අලුත් එකක්නේ. අර වලේ වැටෙන සොයුරාටත් මගේ සුභපැතුම් කිව්වා කියහන්. මේ වගේ කවියක් නම් උන්දැට කියන්ඩ හම්බෙන්න එපා කියල මම බොක්කෙන්ම පතනවා ඈ
ReplyDeleteදැන් කාට හරි කෙල්ලෙක්ට කියලත් තනිකඩ කෙල්ලකගේ දෝනාව සහ විවාහක ස්ත්‍රියකගේ අදෝනාව කියල කවි ලියවගෙන පෝස්ට් දෙකකුත් දාපන්....
ReplyDelete