මේ කවි පන්තිය මුහුණු පොතේ මිතුරකු වන කනිෂ්ක දසනායක
මිතුරාගේ නිර්මාණයක්.
(මෙව්වට රෙපාව ගාවගෙන එහෙම කමෙන්ට්
දාන්න එපා ඈ. රෙපා අහිංසකයි රටක් වටි. ඌ මේවගේ එව්වා ලියන්නේ නැහැ ;)
එහෙනං කියවලා බලලා කමෙන්ට් එකකුත් දාන්න හොදේ...)
...................................................................................................
වැලන්ටයින් දිනට අපේ ගමේ කොලු ගැටව්
තැන් තැන් වල රඟන රැඟුම් දකින විට බොලව්
අඬෙන අයුරු තනි ඇහැකට කෙල්ලනේ බලව්
අපිට කොයින්දෝ ලස්සන බූල් බලු පැටව් ..............
දෙකට ගණින්නට දන්නැති සූකිරි කොල්ලන්
පෙම් ලෝකයෙ සුවය විඳියි දාගෙන කෙල්ලන්
හැට පනින්න කිට්ටු උනත් තනිකඩයෙකි මන්
වරෙන් මල්සරා, ඇවිදින් අපිටත් විදපන් ..............
පෙම් ලෝකයෙ මිහිරි සුවේ අප හට අහිමිද
පෙම් ලෝකයෙ මිහිරි සුවේ අප හට අහිමිද
මල් සරාගෙ හී කොපුවේ ඊතල ඉවරද
එහෙමත් නැතිනම් කරුමෙට මා මඟ හැරුනද
මල් සරාගෙ මල උලව්ව විදින්නෙ කවදද
වළළු ලූ අතින් බත් උයලා කන්න
සඳ ඇති රැයක මිදුලේ දොඩමලු වන්න
දැන්නම් කල හොඳයි මට මිනිහෙකු වන්න
හිමි කල මැන ළඳක් දෙවියනි උඩ ඉන්න...
මෙතරම් කලක් තෙමි තෙමි ගිය මහ වැස්සේ
ආසයි යන්න ළඳකගෙ කුඩයක් අස්සේ
තනිකඩ හිතේ නෙක නෙක සිතුවිලි ගැස්සේ
යන්නට හිතයි මේ දැන් කෙල්ලක් පස්සේ....
මොකද තමුසෙ මෙච්චරටම අපිළිවෙල
නාගන වරෙන් දැන්වත් කපලා රැවුල
කියමින් ළඳක් හඬවා සිය මිණි මෙවුල
කවදද ඉතින් එන්නේ වී මගෙ පවුල...
මත්පැන් වලට දුම් වැටියට තිත තියලා
උන්නොත් ළඳක් ගයි මා මිනිහෙකු කරලා
මගෙ දුක ලඳුණි ඔය රන් සවනින් අහලා
පින් සිදු වෙයි වරෙව් මගෙ පැල වෙත දුවලා....
ගේ දොර ඉඩ කඩම් වස්තුව ඇත එමට
කන්නට දිය හැකියි මිය යන තුරු නුඹට
නැතුවත් කමක් නෑ දෑවැදි නම් මෙමට
දැන්වත් වඩිනු මැන කෙල්ලෙක් මගෙ හදට....
......................................................................................................
සයිබරයේ සිහින සැණකෙළිය 2013 ලග ලගම එනවා කියලා
දන්නවනේ .
දවස අප්‍රේල් මාසේ 21
තැන මහරගම ජාතික තරුණ සේවා සභා ක්‍රීඩාංගනය.
උදැසන 9.00 සිට
එහෙම නම්
එදාට එන්න දැන්ම ඉදලම ලෑස්ති වෙන්න.
වැඩි විස්තර සයිබර් සැණකෙළියේ නිල බ්ලොග් අඩවියෙන්
රෙපාට එකෙන්ම ගැලපේ..(කියන එක හරිද මන්දා ) වෙන කෙනක් පිට දමා ලිවුවාද මන්දා... හා හා .. හොඳයි හොඳයි
ReplyDeleteඒකනේ යකෝ අනුන්ගේ කවිය උනත් මගේ බ්ලොග් එකේ දාගත්තේ :3
Delete"මොකද තමුසෙ මෙච්චරටම අපිළිවෙල
ReplyDeleteනාගන වරෙන් දැන්වත් කපලා රැවුල"
රෙපා....කව්ද උබට එහෙම කිව්වේ.............
කියන්න කලින්ම රෙපා රැවුල කැපුවා :P
Deleteමුකා ලීවත් මේ කවිය,,අපූරුයි පද ගැලපීම..
ReplyDeleteකවි පන්තියේයේ සම්පුර්ණ හිමිකම කනිෂ්ක මලයාගේ :)
Delete""මොකද තමුසෙ මෙච්චරටම අපිළිවෙල
ReplyDeleteනාගන වරෙන් දැන්වත් කපලා රැවුල""
මේ නම් කියන්නේ රේප අයියටම තමයි.... දැන්ම ගිහින් කපා ගන්න :D
තව මොනවා කපන්නද බං :/ ඔය ප්‍රොෆයිල් පින්තුරවල බ්ලොග් ගෙට් වලදී කට්ටිය අදුනගන්නවට රැවුල වවාගෙන හිටියට අපි රැවුල එහෙම කපලා මනුස්ස පාටට ඉන්න හොද ළමයි. :D
Deleteඅඩේ...මේක බං අපේ ජාතික උදාන ගීතය කරමු බං රෙපා අයියේ....
ReplyDeleteඒක නේන්නම් මෙහෙම අනුන්ගේ කවියක් හරි අරගෙන මේකේ දාල තිබ්බේ :D
Deleteනාන එක සරීර සව්ක්යට හොදයි
ReplyDeleteඒකනේ ගෑනු ළමයෙක්ම ලඟින් ඉන්න එපායැ ඔව්ව මතක් කරන්න ;)
Deleteහී හී .. නියම කවි ඩින්ග...
ReplyDeleteහේ හේ ;)
Deleteඅප්පා... මරු කවි පන්තිය ඈ..... කවුරු උනත් ලස්සනට ලියල....
ReplyDeleteවිවාහකයාගේ අදෝනාවත් ළඟදීම එනවලු ;)
Deleteමම හිතුව උබ ලියල කියල. මේ ටිකේ හැබැයි තනියෙන් නෙවේ වගෙ ඉන්නෙ :)
ReplyDeleteහෑ... o.O
Deleteහඬ කාගෙ උනත් අදහස රෙපාගෙ! :-)
ReplyDeleteඅදහස මටම ගැලපෙන නිසානේ බං කවි තොගයක් අස්සෙන් මේකම තෝරලා අරන් බ්ලොගේ දැම්මේ ;)
Deleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteඑසේම වේවා රජෝ !!
Deleteමේක නම් ලියපු එකා උඹ වෙනුවෙන්ම ලියපු සිංදුවක් වගේ....
ReplyDeleteඅනිවා අනිවා ඒකනේ ඒකනේ :)
Deleteමගේ අඳෝනාවත් ඕකම රෙපෝ..ගිය ආත්මේ කරපුවද දන්නේ නෑ
ReplyDeleteවෙන්න ඇති බං. උඹටත් ඉතින් ලබන සුමානේ අරෙහෙම එකක් බඳින්න වෙන්නේ නැහැනේ නැත්තම් ;)
Deleteමට වුනත් මේක ගැලපෙනවද මන්දා :)
ReplyDeleteමට වඩා මේක උඹට ගැලපෙනවද මංදා,
Delete//මත්පැන් වලට දුම් වැටියට තිත තියලා
උන්නොත් ළඳක් ගයි මා මිනිහෙකු කරලා//
ඔය කොටස අදාලම නැහැ නේ බං මට ;) :P
මටත් ඕක අදාළ නැහැ බොල :/
Deleteරෙප් ගේ වැඩක් වගේ.නැතිනම් රේප්ටම ලියපු එකක්.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
රේප් ?
Deleteකෝ මේ වහ බෝතලේ :/
:D
ReplyDeleteලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.
ReplyDeleteජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.
ස්තූතියි,
මම ඔබේ හිතවත් අභීත
:O ඇයි ඔයා එහෙම එකක් කලෙ :\
Deleteඔය අභිතයා නෙමෙය බන් , අර මංගල්ලේ කොමෙන්ට් කරලා තිබ්බ ෆේක් එකක්
Deleteඅඩේ අපේ ප්ලේස් එකනේ යූත් එක...
ReplyDeleteඑල එල ඈ...
අපි එනෝ...
කෙල්ලන් වැඩිලු මේ ලොව කොල්ලන්ට වඩා
ReplyDeleteසෙල්ලම් නෙවෙයි වැඩිපුර වුව තියෙයි අඩා
තෙල් මල් නොතිව්වට සැමදා හවස කඩා
ගල්, මුල් නොමැත සුපිරියි කවි, වුවත් කුඩා