මිතුරාගේ නිර්මාණයක්.
(මෙව්වට රෙපාව ගාවගෙන එහෙම කමෙන්ට්
දාන්න එපා ඈ. රෙපා අහිංසකයි රටක් වටි. ඌ මේවගේ එව්වා ලියන්නේ නැහැ ;)
එහෙනං කියවලා බලලා කමෙන්ට් එකකුත් දාන්න හොදේ...)
...................................................................................................
වැලන්ටයින් දිනට අපේ ගමේ කොලු ගැටව්
තැන් තැන් වල රඟන රැඟුම් දකින විට බොලව්
අඬෙන අයුරු තනි ඇහැකට කෙල්ලනේ බලව්
අපිට කොයින්දෝ ලස්සන බූල් බලු පැටව් ..............
දෙකට ගණින්නට දන්නැති සූකිරි කොල්ලන්
පෙම් ලෝකයෙ සුවය විඳියි දාගෙන කෙල්ලන්
හැට පනින්න කිට්ටු උනත් තනිකඩයෙකි මන්
වරෙන් මල්සරා, ඇවිදින් අපිටත් විදපන් ..............
පෙම් ලෝකයෙ මිහිරි සුවේ අප හට අහිමිද
මල් සරාගෙ හී කොපුවේ ඊතල ඉවරද
එහෙමත් නැතිනම් කරුමෙට මා මඟ හැරුනද
මල් සරාගෙ මල උලව්ව විදින්නෙ කවදද
වළළු ලූ අතින් බත් උයලා කන්න
සඳ ඇති රැයක මිදුලේ දොඩමලු වන්න
දැන්නම් කල හොඳයි මට මිනිහෙකු වන්න
හිමි කල මැන ළඳක් දෙවියනි උඩ ඉන්න...
මෙතරම් කලක් තෙමි තෙමි ගිය මහ වැස්සේ
ආසයි යන්න ළඳකගෙ කුඩයක් අස්සේ
තනිකඩ හිතේ නෙක නෙක සිතුවිලි ගැස්සේ
යන්නට හිතයි මේ දැන් කෙල්ලක් පස්සේ....
මොකද තමුසෙ මෙච්චරටම අපිළිවෙල
නාගන වරෙන් දැන්වත් කපලා රැවුල
කියමින් ළඳක් හඬවා සිය මිණි මෙවුල
කවදද ඉතින් එන්නේ වී මගෙ පවුල...
මත්පැන් වලට දුම් වැටියට තිත තියලා
උන්නොත් ළඳක් ගයි මා මිනිහෙකු කරලා
මගෙ දුක ලඳුණි ඔය රන් සවනින් අහලා
පින් සිදු වෙයි වරෙව් මගෙ පැල වෙත දුවලා....
ගේ දොර ඉඩ කඩම් වස්තුව ඇත එමට
කන්නට දිය හැකියි මිය යන තුරු නුඹට
නැතුවත් කමක් නෑ දෑවැදි නම් මෙමට
දැන්වත් වඩිනු මැන කෙල්ලෙක් මගෙ හදට....
......................................................................................................
සයිබරයේ සිහින සැණකෙළිය 2013 ලග ලගම එනවා කියලා
දන්නවනේ .
දවස අප්‍රේල් මාසේ 21
තැන මහරගම ජාතික තරුණ සේවා සභා ක්‍රීඩාංගනය.
උදැසන 9.00 සිට
එහෙම නම්
එදාට එන්න දැන්ම ඉදලම ලෑස්ති වෙන්න.
වැඩි විස්තර සයිබර් සැණකෙළියේ නිල බ්ලොග් අඩවියෙන්