Thursday, March 27, 2014

පුංචි මල් කැකුළු වලට ආදරේ සුවඳ ගෙනියමු


මුහුණු පොත යනු ඉතා විශාල වපසරියක් තුල දිවෙන මිතුරු ජාලයකි. ඉංග්‍රීසි භාෂාව මෙහි ප්‍රධාන භාෂාව වුවද සිංහල යුනිකෝඩ් ක්‍රමය භාවිතයෙන් ඉතා විශාල තරුණ පිරිසක් මුහුණු පොත හා අත් වැල් බැඳගෙන සිටි.මේ ආකාරයෙන් වූ තරුණ ජවය මුහුණු පොතට පමණක් ම සීමා වී තිබෙන යුගයක අප මිතුරු මිතුරියන් මේ ප්‍රයත්නන දරන්නේ සැබෑවටම අහිංසක සිත් වලට ආලෝකයක් සපයන්නටය..එමෙන්ම විවිධ කරුණු කාරණා මත Facebook යන වචනයම කොන් වී තිබෙන මෙවන් යුගයක අප ප්‍රයත්න දරන්නේ සමාජයේ ඒ පිළිබඳව ඇති දුර්මතය යම් තාක් දුරකින් හෝ පහ කිරීමටය.

අපගේ මේම උත්සාහය' සාර්ථක කරගනු වස් අප මිතුරු කැල කුරුණෑගල මලියදේව පිරිමි ළමා නිවාසයේ අහිංසක දරුවන් දෙසට නෙත් යොමු කළෙමු.දිවයිනේ සතර දිගින් අප හා අත් වැල් බැඳගත් අපේ කණ්ඩායම පසු ගිය දිනක මෙයට මුල් ගල තැබුවේ ඒ ආකාරයෙනි. අපි මේ වන විට ජයග්‍රාහි මංසන්ධියක නැවතී සිටිමු.
ඒ 2014.04.05වන දින මලියදේව පිරිමි ළමා නිවාසයේ දරුවන් සමඟ පැවැත්වෙන බක්මහ උළෙල සහ එහි දරුවන්ට ඇඳුම් බෙදා දීමේ උත්සවයයි. 


1966 වර්ෂයේදී ආරම්භ කල මලියදේව පිරිමි ළමා නිවාසය මේ වන විට දරුවන් 40 ගේ පමණ අහිංසක හදවත් වලට සිසිලසක් ගෙන දෙන ස්ථානයකි.අප මිතුරු කණ්ඩායම සමඟ දොඩමළු වූ ඒ අහිංසක සිත් වල තිබු සිහිනය යතාර්ථයක් කරගනු වස් මෙසේ බක්මහ උළෙල සහ එහි දරුවන්ට ඇඳුම් බෙදා දීමේ උත්සවය තීරණය විය. 

මේ පොඩිත්තන්ගේ එදිනෙදා අවශ්‍යතා වල අඩූ පාඩු විශාල ප්‍රමාණයක් නොතිබුණද ඒ ළමා සිත් වල අලංකාර අවුරුදු උත්සවයක් පිලිබඳ සිහිනයක් තිබිණි.එබැවින් අප මිතුරු සාමාජිකයන්ගේ ශක්තියෙන් ගොඩ නැගුණු අරමුදලෙන් දැනටමත් මේ පොඩිත්තන් සඳහා අප ටී ෂර්ට් පිළියෙළ කර අවසානය.අනෙකුත් අවශතා සඳහා මුදල් ලැබෙමින් පවතී.එමෙන්ම තවත් අවශ්‍යතාවක්ව පවතින ළමා නිවාසයේ සමිති ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම සහ එහි තීන්ත ගෑමේ කටයුතුද කිරීමට අප තීරණය කර ඇත. එමෙන්ම එක තැනකට කොටු වී සිටින මේ පොඩිත්තන්ගේ අවුරුදු හීනය මේ මගින් සැබෑ වීමත්, ඔවුන්ගේ ඒකාකාරී ජීවන රටාව එක් දිනකට හෝ වෙනස් වීමත් තුලින් ඔවුන්ගේ අහිංසක සිත් සතන් සතුටින් තැබීම ඇත්තෙන්ම මාහැඟී පුණ්‍යකර්මයකි.

අවුරුද්දේ සුන්දරත්වය, සමාජීය සබැඳියාව තුලින් ඔවුන් ගෙවන මේ අවුරුදු උළෙල සැබවින්ම ඔවුනට ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් වනවාට සැක නැත.මල් වන් පුංචි දරුවන්ගේ සැඟවී ගිය කුසලතා මෙන්ම,වයස් මට්ටම් වලට ගැලපෙන සේ සකස් කල විවිධ ක්‍රීඩා තරඟක්‍රියාකාරකම් හා දේශීය අනන්‍යතාවය පිළිබිඹු වන අන්දමින් සකස් කල ක්‍රියාකාරකම් තුලින්ද ඔවුන්ගේ ළමා මනසට හරවත් දෙයක් එකතු කිරීම අපගේ අරමුණයි. එමෙන්ම දිවයිනේ නන් දෙසින් පැමිණෙන අප මිතුරන්ගේ විවිධ ක්‍රියාකාරකම් සහ විනෝදාස්වාද අංගයන්ගෙන් ද මෙම උළෙල විචිත්‍රවත් වනු ඇත.

සංගීතය,නැටුම්, නාට්‍ය ආදී වූ කලාත්මක අංගයන්ගෙන් සමන්විතව මෙය නවතම ආරක උළෙලක් කිරීම අපේ ප්‍රයත්නයයි. මෙහි ලා සම්පත් දායකත්වය දක්වන්නන් අතර ගරු පළාත් සභා මන්ත්‍රී පියුමාල් හේරත් මැතිතුමා, මුහුණු පොතේ මිතුරු මිතුරියන්ගෙන් හා රජරට ආයුර්වේද වෙද විදුහලෙහි ශිෂ්‍ය සංගමයෙන් සමන්විත Real Heartz කණ්ඩායම ප්‍රධාන වේ. එයට අමතරව එදිනට දිවයිනේ නන් දෙසින් පැමිණෙන මුහුණු පොතේ මිතුරු මිතුරියන්ද අප හා අත්වැල් බැඳ ගනී. 

මේ සඳහා සහභාගී වී හැකි අයුරින් සහයෝගය මෙන් Real Heartz කණ්ඩායම ඔබ සැමට සෙනෙහසින් ආරාධනා කර සිටියි 

සටහන - ඉගුරුපාන් මල්ලියා

ෆේස්බුක් ඉවෙන්ටුවට මෙතනින්  යන්න.

වැඩි විස්තර අවශ්‍ය නම් මේ දුරකථන අංක වලින් දැනගන්න පුළුවන්..

හීන දිගැසි: 0717515893

ඉගුරුපාන් මල්ලියා : 0711453399


මේ සඳහා මුල්‍යමය ආධාර ලබා දෙන්න කැමති නම් 


ACCOUNT NUMBERS----
.නම :- W.K.N.N.Gunarathna
බැංකුව :- කොමේෂල් බැංකුව - වරකාපොල ශාඛාව
ගිණුම් අංක :- 8128013263

නම :- W.K.N.N.Gunarathna
බැංකුව :- මහජන බැංකුව - අලව්ව ශාඛාව
ගිණුම් අංක :- 149-2-001-0-0020110 


කියන ගිණුම් අංක වලට ලබා දෙන්න පුළුවන්. ඔබ ලබා දුන් ආධාර මුදල් පිළිබඳව ඉහත දුරකථන අංක වලට හෝ ෆේස්බුක් මගින් දැනුවත් කරන්න.

රියල් ෆේක් බේදයක් නෑ.ඔක්කොම එන්න , සමගියෙන් අවුරුදු සතුට විදින්න...

දිනය: 2014 අප්‍රේල් 05
වේලාව: 9:00 a.m
ස්තානය: මලියදේව ළමා නිවාසය
සංවිධානය: රියල් හාට්ස්® - REAL HEARTZ®


මේක තමයි ළමා නිවාසෙට යන පාර.
කුරුනෑගල ඔරලෝසු කනුව ළඟ ඉඳන් එනවනම් නුවර පාරේ එන්න ඕනි.ඇවිත් විදුලි බල මණ්ඩලේ ගාවින් බහින්න...පයින් එන එක අමාරුයි.ඉතින් ඔරලෝසු කනුව ගාවින් ටිකක් ඉස්සරහට ආවාම ෆිල්ම් හෝල් එකක් තියනවා.එක ගාව බස් නවත්තනවා(රතු පාට කොටුව)..ඒ ඕනෙම බස් එකක් නැගලා කියන්න විදුලි බල මණ්ඩලේ ගාවින් බස්සවන්න කියලා...පොඩි දුරක් තියෙන්නේ.


Wednesday, March 5, 2014

බුකි ප්‍රේමය






රිලේෂන්ෂිප් වී අවසානයි
ඔහු සතු වී කාලය බෝමයි
නොලැබෙන මා නොපතන්න
බුකියෙන් මාගේ යන්න

පරාජයේ දුක මට පුරුදුයි
සැනසුම නුඹ වාගෙම ඈතයි
බුකියේ ඔබගේ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න

චැට් නොකරම මම ඉන්නම්
එය හදවත හඬවයි නම් //
ලොග් නොම වී ඔබ ඉන්න
ප්ලස් ගුගල් වත් යන්න
ප්ලස් ගුගල් ගොස් ඉන්න
දිවුරුම් නම් බෑ දෙන්න

ප්‍රේමය පුද දී අවසානයි...

ආදරයක් තියනව නම්
ස්කයිපෙන් පිළිතුරු දෙන්නම් //
අන්ෆ්රෙන්ඩ් වී පිට වෙන්න
නොහඳුන කෙනෙකුන් වෙන්න
රියලෙන් යන්නම් දුරට
ෆේක් එකෙන් බෑ යන්න

ප්‍රේමය පුද දී //

Saturday, February 1, 2014

මෝල් වීමට කලින් පර්ස් එක බලන්න 18 + ද මංදා

අපි කනවා බොනවා ජොලි කරනවා තමයි. ඒත් ඒ හැම දේකම මොකක් හරි සීමාවක් තියෙන්න ඕනේ. කතාව කියවලා ඔයාලට මොනවා හරි හිතෙන දෙයක් ලියල යන්න. (ආයෙමත් කියන්නේ මේක ලිව්වේ කට්ටිය ආතල් ගන්නවට විරුද්ද වෙන්න හිතල නම් නෙවෙයි ) සල්ලි තියනවනම් කාපල්ලා බීපල්ලා ආතල් ගනිල්ලා අපට 
මොකෝ...............  



මේක දැනට වසර කිහිපයකට කලින්මට සිද්ද උන ඇත්තම සිද්දියක්. මේ ලිපිය මිට කලින් ඔය සිද්දිය වෙච්ච කාලෙදිම වගේ සිතුවිලි පවුරට ලියපු ලිපියක්. මේ දවස් වල සිතුවිලි පවුර වැඩිපුර ඇක්ටිව් නැති නිසාත් ආයෙමත් මගේ බ්ලොග් එකේම මේක පල කරලා දාන්න හිතුනා. 

මේ සිද්දියට අදාළ පුද්ගලයන්ගේ අහල පහල දන්නා කියන අය වත් සිංහල බ්ලොග් කියල ජාතියක් තියන බව වත් දන්නේ නැ කියල මට විස්වාස හින්ද නම් ගම් එක්කම ඉස්ටෝරිය ලියල දානවා.

මේකේ ප්‍රධාන චරිතයේ නම තමා මයුර කියන්නේ . මගෙත් පරණ ෆිට් එකක්. ගම දබුල්ල පැත්තේ උනාට ඉන්නේ මැද පෙරදිග රටක. මේ කියන දවස් වල පොර  අවුරුදු ගානකින් ලංකාවට ගොඩ බැහැලා ආතල් ගන්නවා. මෙන්න හිටපු ගමන් මගේ 4 න්  එකට එනවා නොදන්නා නම්බරෙකින් කෝල් එකක්.  

"හලෝ ඔය අ......නේද? , මාව  අදුනන්න පුලුවන්ද?"

මම: "කටහඩ නම් පුරුදුයි, ඒත් හරියට මීටර් නැ , කව්ද බන් ඔය?" 

"මයුරයා බන් දබුල්ලේ මතක නැද්ද?"

මම: "අම්මට උඩු, මයුරයා කවදද බන් ගොඩ බැස්සේ ? දැන් කොහෙද උඹ ඉන්නේ?"

"යාලුව්ක් හම්බවෙන්න කොළඹ ආව බන්. හෙට ඒජන්සියට යන්නත් ඕන  දැන් අපි ඉන්නේ කඩවත. උඹ මේ පැත්තේ ගැවසෙන බව දන්නා හින්දයි කෝල් කලේ .. කොහෙද ඉන්නේ පොඩ්ඩක් සෙට් වෙමුද?"

මම: "හරි මචන් මම දැන් ගනේමුල්ලේ. උඹ කැන්ඩි එක පිටිපස්සේ පොට්‌ එකේ උඩ තට්ටුවට පලයන් විනාඩි දහයෙන් මම ඔතන".

ඔන්න ඉතින් ගනේමුල්ලේ කර කර හිටපු වැඩෙත් මග තියලා මේ රෙපත් විනාඩි දහයෙන් කඩවත අදාළ ස්ථානයේ...

මයුරයයි උගේ කඩවත අනිත් යාළුවයි ඒ වෙනකොටත් වැඩ පටන් අරගනයි තිබුනේ. දැන් ඉතින් රෙපත් සෙට් වෙලා තුන් දෙනාත් එක්කම වැඩ... බලන් යනකොට මයුරයාගේ යාලුවා ඒ පැත්තේ ආණ්ඩුවේ දේශපාලකතුමෙක්ගේ ලග ඉන්න ගෝල බාලයෙක්ලු. 

බෝතලේ පටන් ගන්නකොට පටන් ගත්ත සරත් ෆොන්සේකා නිදහස් කිරීමේ කතාව පතුල පේනකොට රටේ දල ජාතික ආදායමේ වැඩිවීම දක්වාම කතාව ඇදිල ගිහිල්ලයි තිබුනේ.. 

"මල්ලි බිල ගේනවා" 

වේටර් මල්ලිට කතා කරපු මයුරයා 2000?=  කොලයක් ඇදල අරන් මෙසේ උඩට දැම්මා

"ඉතුරු සල්ලි තියා ගනින් මල්ලි"  කියපු මයුරයා වේටර් මල්ලි සල්ලි අරන් ගියාට පස්සේ  ආයෙමත් කට ඇරියා 

"මචන් මම රට ඉදල ආව එකා. ඉතින් දැන් අපි බෝතල් ආතල් ගත්තා ඇතී. මට බඩුවක් සෙට් කරලා දියන්කෝ ගහන්න",

පුහ් !!! මල මගුලයි මේ හදිසියේ වෙරි මර ගාතේ දැන් හොයපන්කෝ මුට ගහන්න බඩු. 
දැන් මොකැ කරන්නේ ?

"පොඩ්ඩක් හිටපන් බන් අපේ ලොක්කා පාවිච්චි කරන භාණ්ඩයක් තියනවා. කෝල් කරලා බලමු." එහෙම කියපු මයුරයාගේ කොළඹ යාලුවා ටිකක් එහාට ගිහින් ගත්තා කාටද කෝල් එකක්.

"හරි මචන් බඩු තියනවා, හැබැයි ටිකක් ගාන සැරයි . ඒත් බඩු කොලිටියි මොකද කියන්නේ" පොර ඇහුවා 

"බඩු කොලිටි නම් ගාන ප්‍රශ්නයක් නැ" මයුරයා කියපි.  බුවා ආයෙත් මොනවද කියලා අපේ ලගට ආවා  

"තව විනාඩි 10 කින් ඉන්ද්‍රා හෝල් එක ගාවට ත්‍රිවිල් එකකින් එන්නම් කිව්වා. සුපිරි කෑල්ල උබලත් දන්නා කියන එකක් බලපල්ලකෝ ආවාම. එහෙනම් අපි අතනට යමුද?" 

ඔන්න ඉතින් මගේ බයිසිකලෙත් එතනම තියලා තුන් දෙනාම පයින්ම ඉන්ද්‍රා එක ලගට ආවා  
රතු පාට ත්‍රිවිල් එකක් ආවා අපේ බුවාට කෝල් එකකුත් ආවා. 

"හරි මචන් අන්න අර ත්‍රිවිල් එකේ බඩු ඉන්නවා. මම 9 කණුවේ පොට්‌ එකත් සෙට් කළා උඹ මේකේ නැගලා පලයන්." 

තුන් දෙනාම ත්‍රිවිලේ ලගට ගියා ඒක ඇතුලෙ හිටියේ ඉදල හිටලා ටි වී එකේ එහෙම දැකල පුරුදු මුණක්. (කව්ද කියලා අහන්න එපා එයාගේ නම නම් මතක නැ )
මයුරයව ත්‍රිවිල් එකට නග්ගලා මමයි අනිත් බුවයි බයික් එක දාල තිබුන තැනට ඇවිත් රාගම පාරේ අපේ බෝඩිමට ආවා. ටික වෙලාවක් බෝඩිමට වෙලා කයියක් ගහගන ඉදලා එයා යන්න ගියා. ඇදට වැටුන මටත් එහෙමම නින්ද ගියා    

රෑ 7 ට විතර මම ඇහැරුනේ කෝල් එකක් ආව නිස කතා කලේ මයුරයා, 

"හලෝ මයුරයා මොකද කරගත්තේ "?

"මචන් පොඩි හදිසියක්".

 ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද ?

"4 න් එකෙන් ඔව්ව කියන්න බෑ බන්  ඉක්මනට කොමර්ෂල් ඒක ලගට වරෙන්, 

මොනා කරන්නද  මමත් ඉතින් එතනට ගියා. මෙන්න බුවා ඉන්නවා ෆුල් සෑඩ් මුඩ් එකේ සුපිරි ස්වීට් ඉස්සරහ 

මොකද බන් උනේ ?

මචන් සල්ලි ගන්න ගිහින් කාර්ඩ් එක හිර උනා බන්, දැන් අතේ සතේ නැ 

එතකොට අරක?

මම ඇහුවා 

"පර්ස් එකම හුරලා ඒකිට දීලා යැව්වා. දැන් මට ගෙදර යන්නවත් සල්ලි නැ. හෙට උදේ ඒජන්සියට රුපියල් 30000 /= ක් බදින්න ඕනේ. දැන් රෑ වෙලා නිසා මාලේ වත් උකස් තියන්න කඩයක්වත් නැ.  දන්නා කෙනෙක් ඉන්නව නම් කියපන් බන් ලොකු උදව්වක්....
 
මොනවා කරන්නද? මමත් එහෙම්මම ගත්තා කෝල් එකක් අදුනන මුදලාලියෙකුට මිනිහ පොත් ගැන දැනගත්තත් රත්තරන් ගැන දන්නේ නැ. එත් ඉතින් මාව ඇපේට අරන් අරුගේ මාලෙට සල්ලි දෙන්න මුදලාලිය කැමති උනා.

මයුරයවත් බයිසිකලේ තියාගන ගියා රාගම මුදලාලිගේ ගෙදර

"මල්ලි මේකට මම උපරිම 35000 /=  ක් දෙන්නම්," 

"අනේ තව කියක් හරි දෙන්න මහත්තයෝ මේක පවුම් 1 1/2 ක් විතර තියනවා. දැන් මයුරයා අඩනවා." 

 මට දෙන්න පුළුවන් ගැන තමයි කිව්වේ . අනිත් එක මම මේවා ගැන  දන්නෙත් නැ. මේ අ...... මල්ලිට බෑ කියන්න බැරි හින්දයි මේ උදව්ව වත් කරන්නේ.

කොහොමින් හරි මුදලාලිගෙන් සල්ලිත් අරගන රාගම ටවුමට ආවා 

"මචන් ඔහොම පොඩ්ඩක් නතර කරපංකෝ "

බයික් එක නතර කළා විතරයි මෙන්න මේ යකා දුවගෙන ගිහින් බියර් ටින් දෙකක් උස්සගෙන ආවා. 

"ඇයි හු@#@$ උඹට මෙච්චර දෙයක් වෙලත් ඇතී වෙන්නේ නැද්ද?"

 මම ඇහුවේ මු එක්ක අම්බානක තද වෙලා  

 "මම අද රෑම දබුලු යනවා උබ කට වහගන මාව පුළුවන් නම් මාව කඩවත ටවුමින් බස්සපන්"

"එතකොට හෙට ඒජන්සියට සල්ලි බදින්නේ නැද්ද? "

"රට යන්න නම් කවද බැරිද?  මේ ඉන්න ටිකේ ආතල් එකේ ඉන්න ඕනේ"

පිස්සොත් එක්ක කතා කරලා වැඩක් නැති නිසා මම ඌව කඩවත ටව්මට දාල ඇවිත් නිදා ගත්තා. ඊට පස්සේ මම කෝල් කලත් මිනිහගේ 4 න් එකත් වැඩ නොකරන නිසා මොනවා කර ගත්තද රට ගියාද තාමත් මෙහේද කියන්න නම් දන්නේ නැ.