Sunday, July 13, 2014

මොර සූරන වැස්සට



හංගන් ඉන්න දරදඬු 
පිරිමි හිත යට
ඉඩෝරයට හසුව වියලුනු 
හදවත 
තෙමාපන් මොර සූරන 
වැසිදියෙන් 
ප්‍රේමයේ සැඩ රළින්
කැඩී සුනු විසුනු වී 
යන්නට 
ගල් සිත් වාන් දොරටු
 සියල්ලම
___ 

Saturday, July 12, 2014

ආදරේ





රුවැති ජනපද කලණියට
පෙම් බැඳී නන්ද කුමරුට 
පෙනුනා නම් ඇය පසුව 
නවදැලි හේනක 
දැවුණු වැදිරිය ලෙසට 

රුවට පෙම් කල සඳ
දෙසිත වේ නම් දෙපසක
වැහැරුණු පසුව රුව 
කෙලෙස වෙලෙමිද සෙනෙහසින් මම 

ගතින් උන්නත් දෙපසක
දෙසිත වෙයි නම් එක තැන
රුවෙන් තව මොන අරුමද?

පාරෝට පෙම් කොට 
බේබද්දෙක්ව මියගිය
දේව්දාස් ඇත්තට 
         උඹ නම් මහ පිස්සෙක් .........

Thursday, July 10, 2014

බුකි බිත්ති ආදරේ


ගෙතෙන කවි පද වැල් සමග
පින්තුර ආදරේ බේරෙන 
ටැග් වෙයි බිත්තියට 
ආදරේ හොයාගෙන 


නුඹේ අතිනුත් ගෙතෙන
ලියවිලි ප්‍රේමයෙන් නැහැවෙන 
ෂෙයාර් වෙයි බිත්තියේ
බඹර කැල වෙහෙසන්න 


බුකියෙන් එහා ගිය
නුඹේ හිත දන්න මම 
නරඹා බඹර සැණකෙළි 
සිනාසෙනවා මිසක් 
      වෙන කුමක් කරන්නද?.........