Thursday, April 12, 2012
සුභ අලුත් අවුරුද්දක්.
රෙප් මහත්තයාගේ යාළුවො කස්ටමර්ල ඇතුළු ශ්‍රී ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට සියලු සිතුම් පැතුම් ඉටුවෙන බතින් බුලතින් පිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක්ම වේවා ...!!!!!
කුණ්ඩලිනී ගැන දැන ගන්න කැමති අයට කුණ්ඩලිනී සොයා යන රෙප් මහත්තයාගේ ගමනට මෙතනින් ගිහිං එකතු වෙන්න පුළුවන්.....
Tuesday, April 10, 2012
කුණ්ඩලිණි සොයා ගියෙමි 01 කොටස
මං කුණ්ඩලිණි කියන වචනේ මුලින්ම ඇහුවේ ජයන්ත චන්ද්‍රසිරි මහත්තයාගේ අකාල සන්ද්‍යාව හෙවත් කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකයා කියන ටෙලි නාට්‍යයෙන්. බ්ලොග් ලෝකෙදි දුමියගේ කට කහන කතා වලත් ඔය කුණ්ඩලිණි කතාවක් තියෙනවා දැක්කා. ඒත් ඇත්තටම මේ මොකක්ද කියලා හොයන්න හිතුනේ මේ ලගදි ඉදන් මේ කුණ්ඩලිණි යෝගේ විකුණන ටියුෂන් කඩ දෙක තුනකම කටවුට් දෙක තුනක්ම පාරවල් අයිනේ දකින්න ලැබුන හින්ද. ඇත්තටම මේ කුණ්ඩලිණි කියන්නේ මාස හය හතක කෝස් එකක් කරලා ගන්න පුළුවන් සෙටිපිකට් එකක්ද? දුමිය කියන විදියට කාලය හරහා එහාට මෙහාට යන්න පුළුවන් වෙන ජාතියේ ලයිෂන් එකක්ද එහෙමත් නැත්තම් තමන්ගේ මානසික ශක්තිය දියුණු කිරීමෙන් ලගා කර ගන්න පුළුවන් තත්වයක් ද? මම මේ ලිපි වලින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මේ මොකක්ද කියලා හොයල බලන කොට දැනගන්න ලැබුන විස්තර ටිකක්.......
මේ සම්බන්දයෙන් මොනවම හරි දෙයක් ඔයාලත් දන්නවනම් කමෙන්ටුවක් හරහා ඔයාලගේ දැනුමත් බෙදා ගන්න එන්න කියලා ආරාධනා කරන ගමන්ම පටන් ගනිමු කුණ්ඩලිණි සොයා යන්න.
.................................................................................................................................................
ආධ්යාත්මික ගවේෂනයන්ගේ විශිෂ්ට සොයාගැනීමක් විදියට යෝග අභ්‍යයාස කියන දේ හදුන්වලා දෙන්න පුළුවන්. මේ කියන යෝග අභ්‍යයාස විද්‍යාත්මක පදනමක පිහිටුවලා තහවුරු කිරීමක් කරලා තියෙන්නේ පතන්ජලී කියන ඉසිවරයා විසින්. එතුමා විසින් තහවුරු කරන ලද ඒ විද්‍යාත්මක දැනුම සම්භාරය භාවිතා කරලා බොහොමයක් යෝගීන් විසින් ආත්ම ගවේෂණය තුලින් මහගු ප්‍රතිපල අත් කර ගන්න සමත් වෙලා තියෙනවා. මෑත කාලීනව කුණ්ඩලිණි ශක්තිය තුලින් තම අනුගාමිකයන් මෙහයවූ භාව ගුරුවරයා තමයි ඕෂෝ කියල කියන්නේ......
osho
ඕෂෝ
කිසිදා නුපන් කිසිදා නොමල,
1931 දෙසැම්බර් 11 දා සිට
1990 ජනවාරි 19 දා අතර
කාල අවකාශයේදී
පෘතුවියට පැමිණි අමුත්තා
අපි මුලින්ම බලමු මොකක්ද මේ කුණ්ඩලිණි කියල කියන්නේ මොකක්ද කියලා. අපි මනුෂ්‍යයෙක්ගේ ශරීරයක් ගත්තොත් ඒක අඩි පහකට හයකට වඩා නෑ. මේ අඩි පහ හයේ කුඩා ප්‍රමාණයට අපේ මුළු ජීවිතේම සිමා වෙනවා. මේ කියන ජිවන ශක්තිය ගබඩා කරලා තියෙන අවකාශය පිහිටලා තියෙන්නේ අපේ ලිංගික මධ්‍යස්තානය ආසන්නයේ පිහිටලා තියෙන කුඩා දිය පොකුණක් ( කුණ්ඩයක්) වගේ ස්ථානයක.
ඒ වගේම මේ ශක්තිය කුණ්ඩලිණි කියල හදුන්වන්න තවත් හේතුවක් තමයි ඒක හරියටම දරණ ගහගන නිදාගන ඉන්න නාගයෙකුගේ ස්වරූපයකින් තිබීම. ඔයාල නිදාගන ඉන්න නාගයෙක් දැකල තියෙනවා නම් දන්නවා ඇති ඌ ඉන්නේ දරණ ගහගන පෙනය උඩින් තියාගන කියලා. කවුරු හරි කෙනෙක් මේ නිදාගන ඉන්න සර්පයාව අවදි කලොත් එකපාරටම ඌ අවදි වෙලා පෙනය ඔසවාවි. කුණ්ඩලිණි ශක්තිය අවදි කරනවා කියලා කියන්නෙත් අපේ ශරීරය ඇතුලේ නිද්‍රාශිලිව තියෙන ඒ වගේ මහා බලයක් අවදි කරනවා කියල කියන එක.
තවත් විදියකට කියනවා නම් අපේ ජීවයේ බීජය තියෙන්නේ අපේ ලිංගික මධ්‍යස්ථානය අසල. අපේ ජීවිතය හැම දිහාවකටම විසිරිලා පැතිරෙන්නේ අන්න එතනින්. අපි ලිංගිකය මගින් හියා ගන්න පුංචි සතුට ලිංගීකයේ සතුට නෙවෙයි. ඒ දැනෙන්නේ ලිංගික ක්‍රියාවන් සමග කම්පනය වන ප්‍රාණ ශක්තියේ පොකුණ නගන කම්පනයෙන් නිදන සර්පයා යන්තමින් සැලීම නිසා දැනෙන හැගීමක්. අපි හිතන්නේ මේක තමයි සතුට කියලා. අපි කොහොමට වත් දන්නේ නෑ මුළු මහත් සර්පයාම පිබිදුනොත් මොනවා වෙයිද කියලා. කුණ්ඩලිණි අවදි කිරීම තුලින් සිද්ද වෙන්නේ මෙන්න මේ නිදා ගන්න සර්පයා සම්පුර්ණයෙන් අවදි කිරීමක්. ඒ මොන වගේ තත්වයක් වෙයිද කියලා හිතා ගන්න ඔයාලට පුලුවන්ද?
කුණ්ඩලිණි ශක්තිය ගැන කියවෙන තවත් ලිපියකින් ලගදීම හමුවෙමු
විශේෂ ස්තුතිය
කුණ්ඩලිණි සොයා යාමට මග පෙන්වූ
යෝග උපදේශක
ජෝ. සෙනවිරත්න මහතාට........
දෙවෙනි කොටසට මෙතනින් යන්න පුළුවන්
Wednesday, April 4, 2012
උසාවි කතා 02
උසාවි කුඩුවට වෙලා වාඩි වෙලා හිටපු මට ඉස්සරහින් හිටියේ හොදට දැකලා පුරුදු මුණක්. මේ කවුද කියලා ටිකක් කල්පනා කරනකොට තමයි කවුද කියලා හරියටම මතකෙට ආවේ. මට මෙයාව මිට කලින් මුණ ගැහුනේ එක්තරා රාජ්‍ය නොවන සංවිධානෙක විගණන කටයුතු සදහා රට වටේ යනකොට ඒකෙ සේවය කරපු ව්‍යාපෘති සම්බන්දිකාරකවරයෙක් විදියට. එයා මා දිහා බලලා හිනා උන හැටියට මාවත් අදුන ගත්තා කියලා මට තේරුනා. එයා මා ලගට ඇවිත් වාඩි උනා.
“පුලුවන්ද මාව අදුන ගන්න”
“මොකද අදුන ගන්න බැරි මේ ගෝමරන්කඩවල ලාල් නේ. ඉතින් මොකද මෙහේ”
“දන්නේ නැද්ද හැම තැනම නඩු නේ. ඒ දවස් වල “
“ඒ කියන්නේ ඉස්සර වගේම තමා නේද”
ලාල් හිනා උනා
“මහත්තයාට ආයේ මං ගැන අමුතුවෙන් කියන්න ඕනද? ඒත් ඒක ටිකක් දිග කතාවක්. මෙතන කියන්න බෑ පස්සේ වෙලාවක කියන්නම්කො”
එදා දවසෙම උසාවියේ රස්තියාදු උන අපි උසාවියෙන් පිට වෙනකොට හවස් උනා.
“මේ දවස් ටිකේ මං මේ පැත්තේ තමයි ඉන්නේ. දවසක මුණ ගැහෙමු.”
එහෙම කියපු ලාල් පිට වෙලා ගියා. ආයෙත් එයාව මුණ ගැහුනේ ඊට පහු වෙනිදා ටවුන් එකේදී
“ඊයේ මුණ ගැහුනට කතා කරන්නත් බැරි උනා නේ. යමුද ප්ලේන්ටියක්වත් ගහලා පොඩ්ඩක් කතා කරන්න.”
කඩේට ගොඩ වෙලා පරණ වල් පල් කතා කර කර හිටපු අපි රස්සාවල් ගැන මාතෘකාවට ආවා
“උඹේ වැඩ තාමත් ඉස්සර වගේමද? නැත්තම් දැන් ඒවා නවත්තලාද” මං ඇහුවේ මෙයාගේ කැරැට්ටුව හොදටම දන්නා හින්දා
“නෑ බං මං ඉස්සරට වඩා දියුණුයි දැන්. උඹලට ඉතින් මං ගැන හංගලා වැඩක් නෑ නේ.” ලාල් කිව්වේ ගානක්වත් නැතුව.”
“ඒ කිව්වේ”.
“දැන් මගේ රස්සාව උස්සලා මස් කරන එක”
“මොකක්”
“වාහන ත්‍රිවිල් මෝටර් සයිකල් තමයි වැඩිපුරම”
“ඒ කියන්නේ දැන් උඹේ ජොබ් ඒක අහිංසක මිනිස්සුන්ගේ වාහන උස්සලා මස් කරන එක”
“හ්ම්ම් උඹ හරි “
“එතකොට කර කර හිටපු රස්සාව”
“අපි දීපු ගේම් වල හැටියට එක රස්සාවක් වැඩි කාලයක් කරගන ඉන්න පුළුවන් කියලා හිතුවද? දීපු ගේමක් මාට්ටුවෙලා ඒ කාලෙම රස්සාව දාල එලියට බහින්න සිද්ද උනා. අපිත් ජිවත් වෙන්න එපායැ. ඉතින් අන්තිමට මේකට සෙට් උනා. දැන් මට ජයයි”
“ඉතින් ඔය දෙන ගේම් අහුවෙන්නේ නැද්ද?”
මිනිහා හිනා උනේ නෝන්ඩියට වගේ
"මල්ලි උසාවි පොලිසි හදල තියෙන්නේ මිනිස්සුන්ට යන්න තමයි. අනික දැන් ඕවයේ යන්න බය වෙන්න ඕනේ “කාටවත් වරදක් නොකරපු උන් මිසක් හැමදාම මේ වගේ ගේම් දෙන අපි නෙවෙයි”
මිනිහා කියපු ඒ කතාව ඒ වෙලාවේ මට තේරුනේ නෑ
“උඹ දැන් කියන්න යන්නේ අහිංසක මිනිහෙක් උසාවි පොලිසි ගියාට ඒ මිනිහට සාදාරණයක් ඉෂ්ට වෙන්නේ නෑ කියලද?”
“ඔව් සල්ලි විසි කරන්න පුළුවන් නම් අපට කතා කරන්න ලෝයර් මහත්තුරු ඉන්නවා ඕන තරම්. උඹ ඔය කියන උන්ට වෙන්න ඕන දේවල් දැනටමත් වෙලා ඉවරයි. ඒ මිනිස්සු තව දුරටත් උසාවි පොලිසි යන එකෙන් සිද්ද වෙන්නේ ඒ මනුස්සගේ අතේ තියෙන අන්තිම තුට්ටු දෙකත් ලොයර්ලට පුජ කරලා නන්නත්තාර වෙන එක විතරයි. හැමදාම නඩු කල් යන හින්දා ඒ මිනිස්සුන්ට කරන රස්සාවක් කරගන ඉන්න වත් හැටියක් නෑ. ඒත් අපි වගේ උන්ට මේක සාමාන්‍ය දෙයක්”
මුට මොනවා කියන්නද කියලා මට හිතා ගන්න බැරි උනා. අනේ මන්දා
“අපි වගේ අය එළියේ ඉන්නකම් තමයි ලෝයර් මහත්තුරුන්ටත් වැඩ තියෙන්නේ. ඉතිං වැරදි නොකරන අහිංසක මිනිහෙක් වෙනුවෙන් කතා කලාට ඒ මහත්තුරුන්ට වැඩක් නෑ නේ බං”
“ ඉතිං උඹ ඔය කෙරුවාව තව කොයි කාලයක් කරන්නද? උඹ මෙච්චර කල් උඹේ දරුවන්ට කන්න දීලා තියෙන්නේ අහිංසක මිනිස්සුන්ගේ ගින්දර නේද “ මං ඇහුවේ කේන්තියෙන්
“මේක මමත් කැමැත්තෙන් කරන වැඩක නෙවෙයි බං. ඒත් මොනවා කරන්නද? ඔය බන දහම් ඔක්කොම අද සල්ලි වලට යටයි. සල්ලි නැත්තම් මොන මගුලක්වත් කරන්න බෑ. දැන් මට බන කිව්වට උඹටත් ඕවා තේරෙයි කවදා හරි කසාදයක් බැදලා ළමයෙක දෙන්නෙකුත් හැදුවට පස්සේ සල්ලි හොයාගන වරෙන් කියලා ගෑනි කන්කෙදිරි ගාන වෙලාවට”.
“මට තේරෙන්නේ නෑ බං උඹ ඔය කියන හරුපේ”
“වැඩිය ඕවා ගැන කල්පනා කරන්න යන්න එපා මල්ලි අන්තිමට ඔය මොන දෙයියත් සල්ලි වලට යටයි බං. පරක්කු උනා මං යනවා.”
ලාල් එහෙම කියාගන එතනින් පිට වෙලා ගියා.
Subscribe to:
Posts (Atom)




