පහු ගිය දවස් දෙක තුනකම ට්‍රැෆික් නඩුවක් හින්ද උසාවී පොලිසි ගානේ රස්තියාදු වෙන්න සිද්ද උනා. මේකේ තියෙන්නේ එතැනදී අහන්න දකින්න විදින්න සිද්ද උන සමහර කරුණු. ආශ්චර්යයට යන රටක අධිකරණ පද්දතියක් මේ වගේ මිනිස්සුන්ගේ කාලේ කන තැනක් බවට පත් වෙලා තියෙන එක ගැන නම් හිතට දැනුනේ ලොකු කනගාටුවක්.
මෙතැනදී මං දැක්ක තවත් දෙයක් තමයි ස්ත්‍රී දුෂණ නඩුවක් වගේ දෙයකදී පොලිසියෙන් නඩුව දැම්මත් අගතියට පත් වෙන පාර්ශවේ ඉන්න ගෑනු ළමයා ඉදිරිපත් නොවෙන එක. උසාවියේ දෙනෝදාහක් දෙනා ඉස්සරහ ලෝයර් මහත්තුරුන්ගේ ප්‍රශ්න ඉස්සරහ ආයෙමත් සැරයක් දුෂණය වෙනවට වඩා වෙච්ච අසාදාරණේ ඉවසගන ගෙදරට වෙලා ඉන්න එක හොදයි කියලා ඒ අයට හිතෙන එක ගැන කිසිම සැකයක් නෑ.
පොලිසියේම මහත්තුරුම කියන විදියට නඩු කියන්න යනවා කියලා කියන්නේ ආණ්ඩුවට කියක් හරි ගෙවන්න යන ගමනක් මිසක් සාදාරණයක් බලාපොරොත්තුවෙන් යන ගමනක් නෙවෙයි. නීතියේ රාජකාරිය වෙන්නේ සාක්ෂි විමසලා සාදාරනය ඉෂ්ට කරන එක. ඒත් ඒ සාක්ෂි නිවැරදි ඒවාද නැද්ද කියන එක මෙතනට අදාළ නෑ.
උසාවි කුඩුවට වෙලා පැය දෙකතුනක් ඉන්න කොට සුවිශේෂී පුද්ගලයෙක් මට මුණ ගැහුනා. ඒ කතාව ඇහුවම නම් මේ නීති මක්කටද කියලා හිතෙනවා. එයාගේ කතාවත් එක්ක ඊලග පොස්ට් එකෙන් ලගදීම හමුවෙමු
කතාවනම් ගොයියෝ ඇත්ත.සාධාරණයක් බලාපොරොත්තුවෙන්නේ නැහැ.
ReplyDeleteඈ බං නොදන්නා කමටයි අහන්නේ. උඹ ඉන්න කොංගෝ වනාන්තරෙත් මෙහේ වගේමද බං
Deleteපොලිසිය හවස හයෙන් පස්සේ වහල කියල කිවුවොත් පිළිගන්නවද?
Deleteහැදින්වීම විතරනෙ..කෝ කතාව?
ReplyDeleteඇයි අනේ ඔච්චර ඉක්මන්. ඉන්නකෝ ටිකක් ඉවසගන. ඒක ලගදීම දානවා.
Deleteඑකගයි.. මතකනේ දවසක් ඔය ට්‍රෑෆික් කේස් එකක් ගැන අභීත අයියත් දාලා තිබ්බ පෝස්ට් එක..
ReplyDeleteහ්ම්ම්. එයාට ට්‍රැපික් කේස් නැත්තම් වැඩකුත් නෑ අප්පා :D
Deleteකතාවත් ඉක්මනට දාමු... මමත් ඉතිං උසාවි වලින් වැඩක් වෙනව නම් දැකල නෑ... බොරුව ඇත්ත කරන්න පුලුවන් ලෝයර්ල ඉන්නකං සාධාරණයක් ඉෂ්ඨ වෙන්නෙත් නෑ... නඩු කියන වැඩි දෙනා හිඟන්නො වෙන එකනම් අනිව වෙනව...
ReplyDeleteඅනිවා මචං. නඩු කියාගන යන අයගේ අන්තිම ඉරණම තමා ඒක
Delete//උසාවියේ දෙනෝදාහක් දෙනා ඉස්සරහ ලෝයර් මහත්තුරුන්ගේ ප්‍රශ්න ඉස්සරහ ආයෙමත් සැරයක් දුෂණය වෙනවට වඩා වෙච්ච අසාදාරණේ ඉවසගන ගෙදරට වෙලා ඉන්න එක හොදයි කියලා ඒ අයට හිතෙන එක ගැන කිසිම සැකයක් නෑ.//
ReplyDeleteමේකනම් ඇත්තම වෙන්න ඕනෙ.ඇත්තටම ගෑණු ලමයගෙ ගෞරවයත් රැකගෙන ඔය වගේ සිද්දි වලට සාදාරනේ ඉටු කරන්න විදිහක් ඇත්තෙම නැද්ද දන්නෙ නෑ.
අනේ මන්දා. මං බලාගන හිටපු නඩුවේ නම් ඒ විත්තිකාරයා නිදහස් වෙලා හිනා වේවි ගෙදර ගියා
Deleteඅපේ රටේ නීතිය බල්ලට ගිහින් තියෙන්නේ.ඔය මොනවා කිව්වත් ඇමරිකාව වගේ රටවල්ව නීති පද්දතිය අපේ නීති පද්දතියට වඩා විනිවිදයි,සාදාරණයි.
ReplyDeleteඕක ඇත්ත උනත් වැඩිය කෑ ගහන්න එපා මචං. අර වංශ අයියට එහෙම මේක ඇහුනොත් ආයෙත් පාරක් උපවාස කරනවා
Deleteපොලීසියට පාඩමක් උගන්වන්න ඕන නං ට්‍රැෆික් නඩුවලදි නිවැරදිතරු කියල කියන්න ඕන. ඊට පස්සෙ ඒ නඩුව වෙනුවෙන් උසාවි යන්න වෙන්නෙ ඕ.අයි.සී. මහත්තයට. ඒකට ඕඅයිසී මහත්තුරු කැමතිම නෑ. අපේ අතිං නං ගානක් යනව තමයි නඩු කියන්න. ඒත් මම නං නොකල වැරැද්දකට වැරදිකරු කියල කියන්නෙ නෑ.
ReplyDeleteඑතකොට නඩු කාරයා කරන්නේ නඩුව කල් දාන එක. අපේ අතින් ගානක් යනවා විතරක් නම් මදැයි. තව දවසක් ඉවරයි. ඊට අමතරව රස්තියාදුව. ඕ අයි සි මහත්තයා පොලිසි ගියත් උසාවි ගියත් ඒක ඒ මනුස්සයාගේ ජොබ් එක. අනේ මන්දා.....
ReplyDeleteනඩු පරදිනව කියන්නෙ හිතන තරම් ලේසි කේස්එකක් නොවේ. පොලීසියෙ ලොක්කට පුල්ම අවුල් කේස්එකක්. අපේ මිනිස්සු මුදලයි රස්තියාදුවයි බලල වැරදිකරු කියල පිලිගන්නව. හැබැයි ඔයදේ තියනකං සාධාරණයක් ඉටුවෙන්නෙ නෑ. ඒක මතක තියාගන්න.
Delete