එහා කඩේ අයියා :
අපේ මහින්ද මහත්තයාගේ මොලේ තමයි මල්ලි
මොලේ. බලන්නකෝ මේ වැඩෙන් අපේ රටට ලැබෙන කිර්තිය. මේ
පැත්තට වරායක් ගුවන් තොටුපලක් හම්බ උනා. ඒ මදිවට තව
කොච්චර සංවර්ධනයක් වෙලා තියෙනවද? පිටරට කොම්පැනිකාරයෝ
ඇවිත් මෙහේ කර්මාන්ත ශාලා එහෙම පටන් ගත්තම අපේ කොල්ලන්ට
කෙල්ලන්ට කි දෙනෙකුට රස්සා හම්බ වෙනවද මල්ලි
බෝඩිමේ අක්කා:
ඔය එනවා කියන උන් එනකම් තමයි ඉන්නේ මමත් දෙකක් කතා කරන්න. බලන්න රට ළුණු කිලෝ එක 220 යි. අල 220 ගම්මිරිස් 600. ඒ මදිවට වෙරළේ හැමදාම බෑන් චුන් ගහලා ආතල් දෙනවා. මොන සල්ලියක්ද මේ යක්කු මේ නාස්ති කරන්නේ .........
අහල පහල කොල්ලෝ:
පිට රට රාජ්‍ය නායකයන්ටයි කොල්ලන්ටයි බල්ලන්ටයි මෙහේ ඇවිල්ලා #@$ක් ගහලා ආතල් එකක් අරගෙන යන්න දෙනවා නම් අපට මෙහෙම ආතල් එකක් දුන්නම මොකෝ. මේකට මේ වියදම් කරන සල්ලියේ හැටියට අපට මෙහෙමවත් ආතල් එකක් දුන්නේ නැත්තම් මුංට හෙන ගහනවනේ බං
හෙන ගහපං මහ රජාට
වැඩ කරන උන් :
වැඩ කරන උන් :
අතට කියක් හරි හොයාගන්න පුළුවන් මෙහෙමවත් වැඩක් සෙට් උනොත් විතරයි. අනික අපේ පලාතට මේකෙන් හම්බවෙච්ච දේවල්. අනේ අපේ මහින්ද මහත්තයව සියලු දෙවියෝ බුදුන් රැක දෙන්න ඕනේ.
ඔක්කෝමත් හරි අර මියුසිකල් ෂෝ ගැහිල්ලයි පේන්න බැරි.
ReplyDeleteමේකට මේ වියදම් කරන සල්ලියේ හැටියට අපට එහෙමවත් ආතල් එකක් දුන්නේ නැත්තම් මුංට හෙන ගහනවනේ බං ^_^ ^_^
Delete@ රෙපා
Delete+++++++++++++++
අඩේ හම්බන්තොට එහෙම සීන් එකකුත් යනවැයි.. ආසාවේ බෑ ඇවිත් බලන්න.. එතකොට නවතින්නේ රෙපා ගාවද??? රාජ් ගාවද?? උභතෝකෝටික පුරස්නයක් නෙව දැං.. ඕනනැ නැවිත් ම ඉන්නවා..
ReplyDeleteඅද අවසාන දවස. එනවා නම් දෙකක් දාගෙන සළු වෙලා නවතින්න තියෙන්නේ මුහුදු වෙරලේම තමා. -_-
Deleteසෙනග සූ ගාලා... ආතල් ගන්න කස්ටිය එන්නේ නෑ වගේ.. මැච් දෙකත් වේලුනා..
ReplyDeleteහෙහ් හෙහ් ;)
Deleteහනේ හනේ .. හම්බන්තොටට වෙලා ඉන්න ගමන් මු කියන ඇවටියෙල් කතා හැබෑට
ReplyDeleteමම මොකුත් කියන්නේ නෑ බං. බලා ඉන්නවා විතරයි. වටේ ඉන්න උන් නේ මේ එක එක එව්වා කියලා තියෙන්නේ :(
Deleteකාලකන්නි දේශප්‍රේමීන්ට ජය වේවා...
ReplyDeleteරට කන දේශපාලුවොන්ට ජය වේවා...
උඹටත් ජය වේවා...
Deleteමටත් ජය වේවා...
රටේ අනාගත අගනුවර නේද? මේ දවස් වල කැම්පස් වහලා නිසා අපිටත් ලෙසටම ෆන්.. අයියෝ කාලය!
ReplyDeleteආශ්චර්යයේ පුරවරය ^_^ ^_^
Deleteඅඩේ ඔහොම කතා කියන්න එපා රෙප් අයියේ..
ReplyDeleteමෙව්වා රට්ටු කියන කථානේ අප්පා :/
Deleteහෙ හෙහ්..දැං මං කියන්නෙ මොකද්ද කියලා කල්පනා කොලා... ආවේ නෑ නෙව කිසිවක් ඔලුවට...
ReplyDeleteරජාගේ බ්ලොග් එක පැත්තේ ගියා නම් හරියන කමෙන්ටුවක් බලාගෙන එන්න තිබ්බා. :v
Deleteතාම හම්බන්තොට නම වෙනස් කරල නැද්ද?
ReplyDeleteටවුමේ නම නෙවෙයි. තියෙන එව්වා ඔක්කොම ඉස්සරහට රුහුණු මාගම්පුර කෑල්ල තියෙනවා. ඒවායේ හම්බන්තොට නම නෑ.
Deleteරුහුණු මාගම්පුර වරාය
රුහුණු මාගම්පුර සම්මන්ත්‍රණ ශාලාව වගේ. ;)
රෙපෝ.........හිනාවෙමුද? අඬමුද? අනේ මන්දා බං.............
ReplyDeleteඔව්ව ඇහුනේ නෑ දැක්කේ නෑ පෙනුනේ නෑ වගේ ආතල් එකේ ඉම්මු බං. ;)
Deleteඒ මනුස්සයගේ ග්‍රහ චාරය හොඳයි ... අපේ නරකයි.. ඒකයි මේ .
ReplyDeleteහෙහ් හෙහ් හේ ;)
Deleteඔව ඔම තමයි බං.. දෙන දෙයක් කාල වෙනදෙයක් බලාං ඉමු :)
ReplyDeleteආයෙත් අහලා. නිකං ලේ පුච්චගන්නේ මොකටද?
DeleteThis is an advertisement
ReplyDelete/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-//-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/
ශර්මා එයි,සිංග් නැත
/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-/-
Thanks
උඹට තිබුනේ ඔය ලොකු රූං පෙත්තක් ගලෝ ගන්න. කවදා හරි ළමයි ඉන්න කාලෙක වැදගත් වෙනවා ඕවා.
ReplyDeleteමේ සීන් එකනං මාත් දැක්ක. සිකුරාද දවසක්... හෝ සඳුදා දවසක්.
ReplyDeleteඇතුවත් බෑ ඕව නැතුවත් බෑ :D
ReplyDelete