වෙලාව පාන්දර දෙකහමාරයි. වදිනවා ෆෝන් එක කන ලගම. මොන හු@#@$ පුතාද යකෝ මේ මහා රෑ කතා කරන්නේ. ඔන්න ඔය කෙහෙල්මල ඔෆ් කරලා දාල බුදිය ගනින් බෝඩිමේ අල්ලපු ඇදේ නිදාගන හිටපු මනෝජයා උගේ මදුර සුමදුර කට හඩින් බෙරිහන් දෙනවා.
මමත් ෆෝන් එක අතට අරගන බැලුවා මේ රෑට නින්ද යන්නේ නැති එකා කව්ද කියලා. මෙන්න ස්ක්රීන් එකේ තියෙනවා දිලිසි දිලිසි බොසා කියලා.
මොන කෙහෙල් මලකටද මේ යකාට මේ රෑ මාව මතක් වෙලා තියෙන්නේ. අනිත් එක මේ මහා රෑ කවුද ඕඩරයක් වත් දෙන්න ඉන්නේ අපට.
මහා පාන්දර නින්ද කැඩුවට බොසාගේ අම්ම අප්පා ඇතුළු නෑ පරම්පරාවටම පින් දීගෙනම. ඉස්සුවා ෆෝන් එක.
"ගුඩ් මෝර්නින් සර්"
"ගුඩ් මෝර්නින්, ගුඩ් මෝර්නින්. මම එදා මට ෆැක්ස් කරන්න කියල කියපු ඩොකියුමන්ට් ටික එව්වද?"
මු මේ මහා රෑ කතා කරේ ඕක අහන්නද ? පිස්සුද මන්දා
"ඔව් සර් මම එදාම ඒක දාල ඇති. ඇයි තාම ගත්තේ නැද්ද?"
"නෑ බං මට ඒක ගන්න බැරි උනා, හෙට උදේම ඔෆිස් යන්නත් ඕන, උඹ ඒ ඩිටේල් ටික මට කියපන් මෙහෙම්මම මම ලියා ගන්නම්,"
"පිටු පහක් හයක් විතර තිබුනා මයේ හිතේ"
"කමක් නෑ බං උඹ කියපන් "
දැන් නම් බොසාගේ මව්පිය පරම්පරාව විතරක් නෙවෙයි කම්පනියේ ඉන්න උන් හැම එකාගෙම නෑදෑ පරම්පරාවටම පින් අනුමෝදන් කරන්න තමයි හිතෙන්නේ. පිටු පහක් හයක් ලියපු රිපෝර්ට් ඒක කියවපන්කෝ දැන් ෆෝන් එකෙන්. ඉල්ලලා කරදර කරලා බේරෙන්න බැරිම තැන දවසක් දෙකක් නිදිමරාගන හදලා මම මුට මේක ෆැක්ස් කලේ ගිය සුමානේ, උගේ වැඩේ හරියට කරන්නේ නැතුව දැන් අපිට වද දෙනවා. මොනවා කරන්නද ඉතිං බොසානේ. බැන්නොත් ඉතිං ජොබ ගැනත් තින ආසාව අත අරින්න එපෑ.....
තුනට විතර පටන් ගත්ත කෝල් එක ඉවර උනා දෙයියන්ගේ පිහිටෙන් හයහමාර විතර වෙන කොට .
"බොහොම ස්තුතියි උඹට නිදි මරාගන විස්තර ටික දුන්නට. නිදි මැරුවට කරන්න දෙයක් නෑ අද සේල් එක නම් ලක්ෂ එකහමාරක් වත් ඕන කොල්ලෝ " කියල බොසා ෆෝන් එක තිබ්බා.
උගේ අම්මට..... තව ලක්ෂ එකහමාරක් සේල් එකත් ඕනලු. බොසාට හිතින් බැන බැන ෆෝන් එක තියලා ආයෙත් ඇදට වැටුනේ තව පැය බාගයක් විතරවත් නිදා ගන්න හිතාගන .
මොන නිදා ගැනිල්ලක්ද
"උඹලගේ බොසාට පිස්සුද බං. කියපන්කො ඌට උඹට නැතත් බෝඩිමේ ඉන්න අනිත් උන්ට නිදා ගන්න දෙන්න ඕන කියලා "
ඒ ගමන මනෝජයා පටන් ගත්තා කියවන්න. දැන් ඉතිං බොසා එක්ක තියන කේන්තිය මුගේ පිටින් තමයි අරින්න වෙන්නේ. ඉවසපන් පපුව ඉවසපන්....
නිදා ගනිල්ලට සොරි ඩොට් කොම් කියලා නැගිටලා ගිහින් මුණකට හෝදගන ඇදගන ලෑස්ති උනා වැඩට යන්න. බැස්සා මනෝජයත් එක්ක බෝඩිමෙන් එලියට.
"බල්ලෝ පැන්න කිරි අප්පට මෝල් උනා වගේ " කිව්වලු. මොකක්ද බොල මේ සුභ දර්ශනේ ....
හද පිනා යනවා, සිරියාව උතුරනවා, නිදිමත කොහේ ගියාද දන්නේ නෑ.
පැණි බේරෙනවා මනෝජයගේ කට දෙපැත්තෙන්....
පාට පාට වෙසක් කුඩුවක් වගේ එකක් මිදුලට වෙලා මොනවද කරනවා අල්ලපු ගෙදර. සිරියාවේ බැ. "අල්ලපු ගෙදර මිදුල මැදට හදක් පායලා"
මට කව්දෝ
"කව්ද බං මේ වෙසක් කූඩුව"
මම ඇහුවේ කට කනේ තියාගන, ඇස් දෙක උඩ තියාගන වෙසක් කුඩුවේ සිරි නරබන මනෝජයගෙන්.
"ඇයි යකෝ උඹ මෙයාව අදුනන්නේ නැද්ද ඔය කුසුම නැන්දගේ බාල දුව පවනි නේ බං. මට ඊයේ හවස සමන්මලී නංගි මුණ ගැහුන වෙලාවේ කිව්වා අද පවනි නංගිත් ගෙදර එනවා කියලා. කටුනායක පැත්තේ ගාමන්ට් එකක්ලු නේ බං වැඩ කරන්නේ."
මනනෝජයා කෙල්ලගේ ඉස්ටෝරිය වමාරන්න පටන් ගත්තේ ඇස් දෙක කෙල්ලගේ සරිරෙන් අහකට ගන්නෙම නැතුව. මුගේ මීටරේට කෙල්ලෙක් සෙට් උනොත් ඉතිං ආයේ ඒකෙන් ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ. අල්ලපු ගෙදර සමන්මලී කෙල්ලගේ ඇගේ තියෙන මයිල් ගස් ගානත් හරියටම කියන්න මනෝජයා දන්නවා කියලයි ඌ කියන්නේ.
"පව් බං අහිංසක කෙල්ල. මේකි වැඩ කරන ගාමන්ට් එකේ හරියට පඩි ගෙවන්නේත් නෑ වගේ නේද බං "
මනෝජයා එක පාරටම එහෙම ඇහුවේ මගේ දිහා බලලා
"උඹ කොහොමද බං එහෙම කියන්නේ"
මම ඇහුවේ මොකක්ද මුට මේ ඒක පාරටම කෙල්ල ගැන ඇති වෙච්ච අනුකම්පාව කියල දැන ගන්න
"ඇයි යකෝ උඹට පෙන්නේ නැද්ද ඒකි ඇදගන ඉන්න එකේ කොට. හරියට පඩියක් කියල එකක් ගෙවන කොම්පැනියක වැඩ කළා නම් මේකිට අදින්න රෙදි කෑල්ලක් ගන්නවත් කියක් හරි ඉතුරු වෙනවනේ , අපි මෙතන බලං ඉන්න කොට පොඩි හරි හුලං පාරක් ඇවිත් මේකිගේ ඇගේ වැදුනොත් මොකද වෙන්නේ, අද අපේ මුළු දවසම ඉවරයිනේ. වරෙන් යන්න "
එහෙම කියපු මනෝජයා මාවත් ඇදගෙනම පාරට බැස්සා..............
හික් හික් පින්තුරේ කතාවට නියමෙටම ගැලපෙනවා මම ඒත් බැලුවා වෙසක් කූඩුවක් ගැන කියලා කෙල්ලෙක්ගේ පින්තූරයක් දාලා තියෙන්නේ මොකෝ කියලා
ReplyDeleteගැමියා කියන්නේ තාමත් පොඩි නොදරුවනේ. දැන් තේරුනා නේද දරුවෝ ඇයි කියලා කෙල්ලෙක්ගෙ පොටෝ එකක් දැම්මේ :D
Deleteහික්ස්ස්.. පාන්දරම ඇහැරිච්ච එකෙන් වෙලා තියෙන හදියක්..:D
ReplyDeleteඒකනේ කියන්නේ නංගි පාන්දර නැගිට්ටෝත් මාර කේස්. නිදා ගන්න ඕන දවල් වෙනකම්ම හැමදාම
Deleteඋදේ පාන්දර නැගිට්ටහම ඔහොම සුභ දේවල් සෙට්වෙනව මිත්රයා...
ReplyDeleteඅනේද කියන්නේ මිත්රයා ....:D
Deleteදැන් මොකෝ උදෙන් නැගිට්ටා කියලා පාඩුද මං අහන්නේ..නෑ නේ
ReplyDeleteහෆොයි නෑ මුළු දවසම නිදිමතයි එච්චරයි කේස් එක
Deleteඅනිත් දවසෙ ෆෝන් එක සයිලන්ට් දාල... එලාම් ඔරලෝසුවක් අරන් වෙලාව තියල නිදාගනින් බං... වැඩේ ඉවරනේ... :)
ReplyDeleteඑහෙම කලොත් මේ ජොබ් එකේ ඉදල හමාරයි. එව්වා ගැන තව ඉස්සරහට සාටරෙන්.......:)
Deleteහොද වැඩේ පාන්දර නැගිටින පණුවන්ට කීවලු...
ReplyDeleteකුරුම්නියා.
හොද වැඩේ ඔය පණුවන්ට. කුරුල්ලම කන්න ඕනේ.... :)
Deleteදැන් රෙපා හැමදාම උදේම නැගිටියි.. සමහර විට ඒ ගාමන්ට් එකේ මහන්නේ ඒ සයිස් එකේ ඒවා වෙන්න ඇති මචං...
ReplyDeleteමට නැගිට්ටට වැඩක් වෙන්නේ නෑ. සිද්දි ඔක්කොම ඉස්සරහට සාටරෙන්.....:)
Deleteඅනේ අපේ අල්ලපු ගෙදරටත් ඔයවගේ කෑල්ලක් සැපත් වේවා!:ඩී
ReplyDeleteඑසේම වේවා ....:)
DeleteAPOI KELA PERA PERA BALUWE MAHA LOKUWATA GARMENT KELLEK DIHADA?
ReplyDeleteඇයි ගාර්මන්ට් කෙල්ලෝ දැක්කම ඔය ඇනොගේ කටේ කෙල හිදෙනවද? :ඩි
Delete@ඇනෝ- අනේ බූරුවෝ මිනිස්සුන්ගෙ රැකියාවල් වලට ගරහන්න එපා හරකෝ..මොකද උඹ කරන්නේ ලෝකෙ තියෙන හොදම රස්සාවද? කියපන්කෝ බලන්න ඒ මොකක්ද කියලා.
Deleteපට්ට සුභ දවසකි.. නේ??
ReplyDeleteසුභ දත් අහනවා
Deleteඅද ඉඳන් වත් වෙලාසනින් නැගිටින්න ඕන :D
ReplyDeleteනැගිට්ටට කමක් නෑ මල්ලි. පනුවා පරිස්සම් කර ගනින්
Deleteසිරාවට! අනුන්ට ආතල් සප්ලයි කරනවා!
ReplyDeleteආයෙත් අහලා ...
Deleteපව් කෙල්ල.. :)
ReplyDeleteඊට වඩා උබල පව්ද මන්ද බං හිකිස් !
අපි පවු...........
Deleteඇයි බං ඔය පලලා අදින ඒවට සමහර කොල්ලෝ "සාය මහ මහ ඉද්දි නූල් මදිවුනා නේද?" කියලත් අහනවා මට ඇහිලා තියෙනවා.
ReplyDeleteමනෝජයා වැඩේ ගොඩ දාගෙන වගේ මට හිතෙන්නේ.. උඹ ලොස් නේ.. :)
හික් හික් මමත් ඔය කතාව අහල තියෙනවා බං
ReplyDeleteඒව ඔක්කොම ඉස්සරහට සාටරෙන්,
ඉතින් එන්න ටිකක් පරක්කු වුනා.සිරියාවන්ත දවසක් වෙන්න ඇති.ඉතින් මොකද ඊළඟට වුනේ..
ReplyDeleteඅඩේ මට මිස් වුන පෝස්ට් එකක්.
ReplyDeleteලස්ස එකහමාරක වික්කම කීයක් කොමිස් හම්බ වෙනවද ?