අනාගත අගනුවර පදිංචියට ආවට පස්සේ මේක දිහා ඇහැක් ඇරලා බලන්න බැරි උනේ වැඩිපුරම කම්මැලි කමට. හිතට එන දේවල් ඒ වෙලාවේම බුකි බිත්තියේ දාන කොට බ්ලොගක් තියෙන බව අමතක වෙලා යනවා. ජොබයි බෝඩිමයි අතර ගෙවෙන ජිවිතේ අතරතුර පළාතේ හැම තැනම කිලෝ මීටර්නැතුව ඇවිද්දත් අතේ කැමරාවක් නැති නිසා පින්තුරයක්වත් ගන්න බැරි උනා. මේ පෝස්ට් එක ලියන්න හිතුවේ මේ ටිකේ මිනිස්සුන්ගේ දැක්ක දේවල් ගැන කියන්න.
මම මේ ටිකේ වැඩ කරන්නේ ළමයින් එක්ක වැඩ කරන්නේ තංගල්ල හම්බන්තොට ප්‍රදේශ වල ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක හිංදා ඒ පළාත් වල මිනිස්සු එක්ක ගොඩාක් ගැවසෙන්න සිද්ද වෙනවා. ගොඩක් වෙලාවට ඒ ගොඩාක් මිනිස්සු අඩු ආදායම් ලාභී කියන ලේබලය ගහලා තියෙන අය. අපේ ආයතනය මගින් සිද්ද වෙන්නේ ඒ ජනතාවගේ දරුවන්ගේ ජිවන තත්වය උසස් කිරීමට ඔවුන්ගේ අධ්‍යාපනික අවශ්‍යතා සඳහා ආධාර කිරීම වගේ වැඩසටහන්.
නිකන් හම්බ වෙනවා නම් දෙමල පත්තරේ උනත් භාර ගන්න ජනතාව, අපේ ආයතනය හරහා ඒ අයගේ දරුවන්ට ලැබෙන ආධාර මුදලත් ඔවුන්ගේ අයිතිවාසිකමක් විදියට හිතන්න පුරුදු වෙලා. අපිව මුණ ගැහෙන්න එන්නෙම නැති බැරි කම කියාගෙන. ඒත් මම පුද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි කෙනෙකුට පිනට යමක් දෙනවා කියන්නේ ඒ මනුස්සයා අනුන්ගෙන්ම යැපෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා කියන එක. ඒ මනුස්සයා කවදාවත්ම හිතන්නේ නෑ තමන් මහන්සි වෙලා කියක් හරි උපයා ගන්න. කෙනෙකුට සල්ලි දෙනවට වඩා ඔහුට යම් කිසි වෘත්තිය පුහුණුවක් ලබා දෙන එක මගින් රටට බරක් නැති පුද්ගලයෙක් බිහි කරන්න පුළුවන්.
අපි දරුවන්ට ඉගන ගන්න ලබාදෙන ආධාර ඒ දරුවාගේ තාත්තගේ මත්වතුර පිපාසය නිවන්න යොදාගන්න හැටි මම ඕන තරං දැකලා තියෙනවා. සල්ලි කෙලින්ම දරුවාගේ බැංකු ගිණුමේ තැන්පත් කරන්න වැඩ පිළිවලක් යෝජනා කලාම දෙමාපියෝ එන්නේ රෙද්ද උස්සගෙන. ඒ අයගේම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දෙයක් කරන්න හදනකොට විරුද්ද වෙන්නේ ඒ දරුවන්ගේම දෙමව්පියෝ. අපේ ආයතනය යම් කිසි දරුවෙක් උදෙසා වියදම් කරන්නේ ඒ දරුවා ඉගනගෙන තමන්ගේ අනාගතය සාර්ථක කර ගනියි කියන බලාපොරොත්තුවෙන්. ළමයා වෙනුවෙන් ලබා දෙන මුදල නිස්කාරනේ එදිනෙදා කටයුතු වලට වියදම් කරනවා දකින කොට ඇත්තටම හිතට ඇති වෙන්නේ දුකක්. මේ ඉන්න යැපුම් මානසිකත්වයෙන් මිනිස්සු ගලවන්න ලේසි නෑ.
අද අපේ ව්‍යාපෘතියට සම්බන්ධ එක්තරා පවුලක උත්සවයකට අපේ කාර්ය මණ්ඩලයට යාමට සිද්ද උනා. අතේ සතේ නැතුව නැති බැරි කමම කියාගෙන අපේ ලඟට වෙනදට එන ඒ පවුලේ පුද්ගලයන් මේ උත්සවය සඳහා වියදම් කරලා තිබුනේ හිතාගන්නවත් බැරි විදියට. ඩි ජේ, අරක්කු, බයිට්, කෑම බිම, සඳහා ඒ අය සමහර විට වියදම් කලේ කාට හරි ණය වෙලා වෙන්නත් පුළුවන්. ණය වෙලා රටේ ඉන්න මිනිස්සුන්ට කන්න බොන්න, ආතල් දෙනවට වඩා ඒ දරුවාගේ අනාගතය වෙනුවෙන් ඒ සල්ලි වියදම් කළා නම් අඩු තරමේ අනාගතයේ ඒ දරුවෙක් වත් යැපුම් මානසිකත්වයෙන් ඈත් වෙච්ච පුද්ගලයෙක් වෙයි.
ලංකාවේ දුප්පත් ජනතාවට ආධාර කරන රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම රාජ්‍ය සංවිධාන බහුතරයක් තියෙන ප්‍රදේශයක් වශයෙන් කලින් තිබුනාට වඩා මේ ප්‍රදේශ වල ජනතාවගේ ජිවන තත්වය නම් ඉහල මට්ටමක මේ වන විට තියෙනවා කියලා කියන්න පුළුවන්. සමහර විට ඒ රජයෙන් මේ ප්‍රදේශයේ කරගෙන යන සීග්‍ර සංවර්ධන කටයුතු එක්ක වෙන්න ඇති. විපක්ෂයෙන් බුකියෙන් බ්ලොග් වලින් කවුරු මොනවා කිව්වත් හම්බන්තොට ප්‍රදේශය අද වෙනකොට සෑහෙන වෙනස් වෙලා ඉවරයි. නැව් එන්නේ නෑ කියපු වරායේ නැව් කිහිපයක් නවත්වලා තියෙන ආකාරය බොහෝ විට පාරේ ඉදන් දක්නට පුළුවන්. සංවර්ධනය කියන එක එක පාරටම සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒක කාලයත් එක්කම සිද්ධ වෙන්න ඕන දෙයක්.
හැමදේම වෙනස් වෙන ලෝකේ මේ ප්‍රදේශ නම් වෙනස් වෙන්නේ හිතා ගන්නත් බැරි තරං වේගයෙන්. ඒ වගේම වේගයෙන් මිනිස්සුන්ගේ සිතුම් පැතුම් ගති ගුණ හැම දේම වෙනස් වෙනවා. හැමදෙයක්ම විකිනෙන්නේ සල්ලි වලට. ජාතිය ආගම මනුස්සකම් හැමදේම විකිණිලා ඉවරයි. දැන්
තියෙන්නේ බලාගෙන ඉන්න විතරයි.......
Wednesday, October 9, 2013
Sunday, July 28, 2013
ඔබටත් ජනප්‍රිය බ්ලොග් තරුවක් විමට අවශ්‍යද?
දන්නෙම නැතුව බොග කොටන්න පටං අරන් අවුරුදු දෙකකුත් ඉවර වෙලාය. හිතට දුක අවරුදු දෙකක් බොග දමලාත් තවමත් පෝස්ට් සියක් දමා ගන්නට බැරි උන එක ගැනය. පහුගිය ලියපු එව්වා බලාගෙන යනකොට වැඩිපුරම ලියලා තියෙන්නේත් බයිලා නිසා ඒක නම් එච්චර අවුලක් නැත. ඒ ලියු බයිලා පෝස්ට් අතරිනුත් බ්ලොග් ලෝකයට පැමිණෙන හුදී ජන හිත සුව පිණිස කෙටූ පෝස්ටුව සහ සිංහල බ්ලොග් අවකාශය එදා සිට අද දක්වා පැමිණි ගමන් මග පිලිබදව ලියු ලිපි වලට අදටත් දවසකට දෙතුන් දෙනෙක් පැමිණෙනු දැකීමද සතුටකි. අප බ්ලොග් ලියන්නේ ආත්ම තෘප්තියක් පිණිස මිස මුදල් හෝ යම් කිසි වෙනත් ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් නොවේ. සිංහල බ්ලොග් කෙරුවාවෙන් උපයනවා නම් උපයන්නේ හිට්ස් කමෙන්ට්ස් වැනිදේ සහ ආත්ම තෘප්තිය පමණකි.
අද මේ පෝස්ටුව ලිය වෙන්නේ ගෙවුණු අවුරුදු දෙක තුල බ්ලොග් අවකාශයේ අහන්න දකින්න ලැබුණු එව්වාගෙන් ලබාගත් අත්දැකීමෙනි. ඒ සිංහල බ්ලොග් අවකාශයේ සිටිනා විට උපයන එකම ආදායම වන හිට්ස් කමෙන්ට්ස් වැඩි කරගන්නා හැටි නොහොත් බ්ලොග් අවකාශයේ ජනප්‍රිය බ්ලොග් කරුවකු/ බ්ලොග් කාරිනියක විමට උපයෝගී කරගත හැකි මාර්ග කිහිපයක් ගැනය.
(මෙම උපදෙස් සිංහල බ්ලොග් අවකාශය සදහා පමණක් වලංගු වන උපදෙස් පමණක් බව කරුණාවෙන් සලකන්න )
තොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමගම සිංහල බ්ලොග් අවකාශයට දිනපතා බොහෝ දෙනා පැමිණේ. එම ප්‍රමාණය දිනපතාම ඉහල යනවා මිස අඩුවක් වන්නේ නැත. අපට ඒ අය ප්‍රධාන වශයෙන් පහත පරිදි හදුනා ගත හැක.
01. දැනට බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන අන් අයගේ බ්ලොග් පෝස්ට් කියවා කමෙන්ට්ස් දමන අය.
02. දැනට බ්ලොග් අඩවියක් පවත්වාගෙන ගියත් අන් අයගේ බ්ලොග් පෝස්ට් කියවන කමෙන්ට්ස් නොදමන අය.
03.බ්ලොගර් /ගුගල් ප්‍රොෆයිල් එකක් හිමි නමුත් දැනට බ්ලොග් අඩවියක් පවත්වාගෙන නොයන මුත් බ්ලොග් කියවන වැටෙන පෝස්ට් සදහා තම ප්‍රොෆයිල් එකෙන් කමෙන්ට්ස් දමන අය.
04.බ්ලොග් ලියන කියවන නමුත් තම අනන්‍යතාවය සඟවා කමෙන්ට්ස් දමන අය (ඇනෝ)
05.බ්ලොග් කියවීම පමණක් කරන අය.
06. වෙනත්
ඉහත සදහන් කල කුමන අය තම බ්ලොග් අඩවියට පැමිණියද තමන්ගේ බ්ලොග් අඩවියේ හිට් කවුන්ටරේ ඉහල යනු ඇත. නමුත් නම කියූ පමණින් බ්ලොග් අවකාශයම දන්නා හදුනන ජනප්‍රිය බ්ලොග් කරුවකු විමට එය ප්‍රමාණවත් නැත. ඒ සඳහා කල යුතු බොහෝ දේ තිබේ.
01. ඔබ බ්ලොග් අඩවියක් ආරම්භ කිරිමට අදහස් කරන්නේද?
එසේ නම් ඔබ මුලින්ම අන්වර්ථ නාමයකින් හෝ තමන් අනාගතයේදී බ්ලොග් ලොවට පිවිසිමට අදහස් කරන නමින් ප්‍රොෆයිල් එකක් හදා ගත යුතුය.
(එකකට වඩා ඇති නම් එයද වාසිදායකය. නමුත් වැඩේ අල කර නොගැනිමට තමන් වග බලාගත යුතුය)
දැන් ඔබට එසේ සාදා ගත් ප්‍රොෆයිල් එක භාවිතා කර අන් අයගේ බ්ලොග් ෆලෝ කිරීම කමෙන්ට්ස් දැමීම දැන් ඔබට ආරම්භ කල හැකිය.
ඔබට උවමනා ආකාරයට ඔබේ අදහස් කමෙන්ට්ස් මගින් ඉදිරිපත් කරන්න. මත ගැටුම් ඇති කර ගන්න. එවන් අවස්ථා වලදී ඔබට ඔබ සතුව ඇති අනෙකුත් ප්‍රොෆයිල් ද භාවිතා කර ඔබගේ මතය අන් අය වෙත රැගෙන යාමට හැකියාව ඇත.
උදාහරණයක් ලෙස,
ඔබේ නම සුනිමල් නම් ඔබ යම් බ්ලොගයක
"සුනිමල් වන මට ඔලුවක් නැත"
යනුවෙන් කමෙන්ටුවක් දැමුවා යයි සිතන්න. ඔබට ඔලුවක් තිබෙන බව ඔබට ප්‍රතිවිරුද්ද අදහස් කරන අය පවසනු ඇත. නොසැලෙන්න. ඔබේ අනිත් ප්‍රොෆයිල් වල සහයද ලබා ගන්න. ඒවායින් ලොග් වී ඔබට ඔලුවක් නැති බවට තර්ක කරන්න. අසභ්‍ය වදන් භාවිතා කර හෝ ඔබට හිමි සෑම ප්‍රොෆයිල් එකකින්ම ලොග් වී ඔබට ඔලුවක් නැති බව අන් අයට පැහැදිලි කර දෙන්න. සුනිමල් යන නම අන් සියලු දෙනාගේ මතකයේ කාලාන්තරයක් රැදෙනු ඇත ^_^
නිතරම තමන්ට අන් අයගෙන් තර්ජන ඇති බව පෙන්වීමට උත්සාහ කිරීම තුලින්ද ඔබට අන් අයගේ අවධානය දිනාගැනීමේ හැකියාව ඇත. උවමනා නම් ඒ සදහා ඔබටම හිමි වෙනත් බ්ලොගර් ප්‍රොෆයිල් එකක් භාවිතා කිරීමේ හැකියාව ඇත. (නමුත් වැඩේ අල කර නොගැනීමේ වගකීම ඇත්තේ ඔබ සතුවය.) ඒ ප්‍රොෆයිල් එක භාවිතයෙන් වෙනත් බ්ලොග් අඩවියක් ආරම්භ කර ඔබ ඔබටම පහර ගසන්න.
උදාහරණයක් ලෙස ඔබට ජනප්‍රිය කරගත යුතුව ඇති ප්‍රොෆයිලය සුනිමල් නම් ඔබගේ අනිත් ප්‍රොෆයිලය සිරිසේන නම්
සිරිසේන ප්‍රොෆයිලයෙන් මඩ බ්ලොග් අඩවියක් ආරම්භ කර සුනිමල්ට ඇති වනතුරු පහර ගසන්න. ඕනෑම තර්ජනයක් කරන්න. සිනි ඇති තැනට කුහුඹුවන් පැමිණෙන්නා සේ වලියක් ඇති තැනට අනිවාර්යයෙන්ම බ්ලොග් කරුවන් පැමිණෙන ආකාරය ඔබට දැකගැනීමට හැකියාව ලැබෙනු ඇත. එයින් නොනවතින්න. ෆේස්බුක් වැනි සමාජ ජාල භාවිතයෙන් සුනිමල්ගේ ගිනුමින් ලොග් වී සිරිසේනගෙන් ඔබට තර්ජන ඇති බව ලෝකයට පවසන්න. බ්ලොග් ලොවින්ම අනුකම්පාව ඔබට ලැබෙන අතර වලිය ඇවිලවිමට සහ සමාදාන කිරීමට කමෙන්ටු සිය ගණනින් වැටෙනු ඇත. ඒ අතර ඇනෝ පහසුකම භාවිතයෙන් ඔබටම තව තවත් ගින්න ඇවිලවීමේ හැකියාවද ඇති නිසා කාලාන්තරයක් යනතුරු ඔබට හිට්ස් කමෙන්ට්ස් වලින් අඩුපාඩුවක් නොවනු ඇත.
මේ ආකාරයෙන්ම ෆේස්බුක් ගිණුම් කිහිපයක් භාවිතා කිරීම තුලින් ඔබට අන් අයගේ ආකර්ෂණය දිනා ගැනීමට හැකියාව ලැබේ. ඔබ බ්ලොග් කාරිනියක් නම් ඒ ආකර්ෂණය දෙගුණ තෙගුණ වනු ඇත.
යම් කිසිවකු ඔබට බැන්නා හෝ නොබැන්නා තර්ජනය කළා හෝ නොකලා හෝ ඔබට තර්ජන ඇති බව අන් අයට පවසන්න. තවත් එම තර්ජන ඔප්පු කර පෙන්විමටද අවශ්‍ය නම් ඔබට හිමි ෆේස් බුක් ෆේක් ගිණුම් තුලින් ඔබේ ගිණුමට හොද හැටි බනින්න. තර්ජනය කරන්න. එහි ස්ක්‍රීන් ෂොට් ගෙන අසභ්‍ය වදන් එඩිට් කර හැකිතාක් අහල පහල සිටිනා මිතුරු මිතුරියන් වෙත ටැග් කරන්න. අනිවාර්යයෙන් ඔබට ඔවුන්ගේ අනුකම්පාව හිමිවනු ඇත. ඔවුන් ඔබ ගැන කතා කරන හැම වාරයකදීම ඔබේ ජනප්‍රියත්වය ඉහල යනු ඇත.
කාලයක් තිස්සේ බ්ලොග් වලට කමෙන්ට් කිරීම තුලින් බ්ලොග් ලෝකය හදුනා ගෙන පසු කාලීනව බ්ලොග් ලෝකයට පැමිණි බොහෝ දෙනා සිටියි. ඒ අතරින් අපේ ආදරණිය ඔබා මාමා අමතක කල නොහැකිම චරිතයකි. ඒ ආකාරයෙන් බ්ලොග් ලොවට පැමිනි පහු ගිය දවස් වල අවුරුදු දෙක පහු කරපු අපේ ලට පට Praසන්ன ගෙ ලොවෙත් නැති බ්ලොගය ඔහු කමෙන්ට්ස් වලින් ලබාගත් ජනප්‍රියත්වයයි.
කමෙන්ට්ස් මගින් හෝ බ්ලොග් වලි මගින් බ්ලොග් ලියන කියවන පිරිස අතර නමක් සාදා ගැනීමට හැකිය. නමුත් ජනප්‍රිය බ්ලොග් කරුවකු කාරිනියක වීමට එය පමණක් ප්‍රමාණවත් නොවනු ඇත.
ඒ සදහා කල හැකි හොදම දෙය වන්නේ ඔබටම කියා සෙට් එකක් සාදා ගැනීමයි. සෙට් සංකල්පය යනු බ්ලොග් ලොවට අද ඊයේ පැමිණි දෙයක් නොවේ. සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමය ආරම්භ වූ දින සිට පොර, කබ්බෝ දක්වාම පැවති එතනින් නතර නොවී අනාගතයටත් පවතින්නකි. එම නිසා දැනට පවතින සෙට් එකකට හෝ තමාගේම සෙට් එකක් නිර්මාණය කර ගැනීම මගින් තම සෙට් එකේ පිරිස හෝ බ්ලොග් අඩවියට කමෙන්ට් දමනු ඇත.
බ්ලොග් සුහද හමු වලට, සයිබර් සැණකෙළියට සහභාගී වීම, විනෝද ගමන් යාම, විවිද ඉවෙන්ට් වලට සහභාගී වීම තුලින් බ්ලොග් ලොවේ දිදුලන තරුවක් වීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.
ලියන ලිපියේ වර්ගය අනුව ලැබෙන කමෙන්ටු හිට්ස් ප්‍රමාණය අඩු වැඩි වනු ඇත. වර්තමාන සිංහල බ්ලොග් අවකාශයේ වැඩිම හිට්ස් ලැබෙන ලිපි පහත මාතෘකා යටතේ ලියවුනු ඒවා බව බ්ලොග් අවකාශයේ සැරිසැරීමේදී දැකිය හැක.
01. බ්ලොග් අඩවි පිලිබදව සහ බ්ලොග් කරුවන් සම්බන්ධ මඩ
02. 18 + ලේබලය යටතේ ලියවුනු ලිංගිකත්වය සම්බන්ධ කවි කතා ලිපි
03. ආදරය/ ගොසිප්/ ප්‍රවෘත්ති
04.තාක්ෂණික හා වෙනත්
මේ අයුරින් වැඩි ජනප්‍රියතාවක් ඇති වර්ගයක පෝස්ට් පල කිරීම තුලින්ද බ්ලොග් අඩවියේ හිට් කවුන්ටරය කරකවෙනු ඇත. මුහුණට මොන මොනවා කිව්වත් බහුතරයක් දෙනා අන් කෙනෙකුගේ බ්ලොග් අඩවියක කමෙන්ටු දමන්නේ ඔහුගේ හෝ ඇයගේ බ්ලොග් අඩවියේ අනෙකා කමෙන්ටුවක් දමන්නේ නම් පමණකි. ඔබ ඔබේ බ්ලොග් අඩවියට කමෙන්ටු බලාපොරොත්තු වන්නේ නම් අනිවාර්යයෙන් අනෙකාගේ බ්ලොගය කියවුවද නැතද අනිවාර්යයෙන් කමෙන්ටුවක් දැමිය යුතුය. නැතහොත් අනෙකා ඔබගේ බ්ලොගය කියවුවද සද්ද නැතුවම යනු ඇත. බ්ලොග් අවකාශයේ කමෙන්ටු ලැබෙන්නේ දමන තරමටය. ඔබ අන් අයට සලකන තරමටම අන් අයද ඔබට සලකනු ඇත. මන්ද ලාංකීය බ්ලොග් අවකාශයේ බ්ලොග් කියවන බහුතරයක් දෙනාට බ්ලොග් අඩවියක් හිමිව ඇත.
දැමිමට කමෙන්ටුවක් සිතට නො එන්නෙම නම් අපගේ අඩවි රජාගේ වැකිය වැනි //සුභ වේවා රාජ සම්පත් ලැබේවා // වැනි ඔබගේම වැකියක් නිර්මාණය කර ගන්න. බ්ලොග් අඩවිය කියෙව්වද නැති වුවද ඔබ බ්ලොග් අඩවියට පැමිණි ඇති බව තහවුරු වන බැවින් කමෙන්ටුවේ ණය ගෙවිමට හෝ ඔවුන්ද ඔබගේ බ්ලොග් අඩවියට පැමිණෙනු ඇත
(උදාහරණයක් ලෙස //සුභ වේවා රාජ සම්පත් ලැබේවා // වැකිය ගත්තේ රජා බ්ලොග් නොකියවා කමෙන්ට් කරනවා කිමට නොව සැවොම දන්නා වාක්‍යක් නිසා බව කරුණාවෙන් සලකන්න)
බ්ලොග් අඩවිය ජනප්‍රිය කර ගැනීම සදහා තවත් ක්‍රමෝපායන් බොහොමයක් තිබේ. නමුත් තමන්ගේ සිතුවිලි මතින් තමන්ගේම අදහසක් නිර්මාණයක් ඉදිරිපත් කර ලබන සුළු හිට්ස් ප්‍රමාණය කමෙන්ට්ස් ප්‍රමාණය වංචාවෙන් ලබාගන්නා දහසින් බැදී කමෙන්ටු වලට වඩා සිය දහස් වරක් වටි.
ජනප්‍රියත්වය සදහා මොනවා කලත් තමන්ගේ ක්‍රියා කලාපය පිලිබදව තමන්ට වඩා දන්නා කෙනෙක් නැත. තමන් පිළිබද හොද හෝ නරක ප්‍රතිරූපයක් සමාජය තුල කෘතිමව නිර්මාණය කල හැකි වුවත් ඒ සියල්ලම තාවකාලික වේ. එසේ කෘතිමව නිර්මාණය කරගත් ජනප්‍රියත්වයන් එක්වරම පිම්බි විත් කෙටි කාලීනව විනාශ වී යන ආකාරය පසුගිය දිනවල දකින්නට ලැබිණි. බ්ලොග් අවකාශයට පමණක් නොව සමස්ත සමාජයටම එය එසේමය. කෘතිමව නිර්මාණය කරගන්නා ජනප්‍රියත්වය කෙටි කලකින්ම අප්‍රිය වී ඔබ නැත්තටම නැති වීමටද හැකියාව ඇත.

Wednesday, July 17, 2013
සතර පෙර නිමිති
දුටුවෙමි හිමියනේ...
පාට කල දෙතොල සහ
ඩයි කෙරුණු කෙහෙ රැල්ල
වියපත් වූ ශරීරය වැසූනු මේකප් තලිය
සගවයිද මහලු බව කෙලෙසකින් ඒ ලෙසට
ගිලන් වී එක්තැන්ව තමන් වැදු මහලු මව
සිටින තුර අසරණව ඒ කිසිත් නොසලකා
නිවන් යන්නට කලින්, අසල්වැසි හැමෝටම
ලෝකයට පෙනෙන්නට පිං කරන දරු කැලක්.
මහලු වී ගිලන් වී කිසිවකුත් නොසලකා
විදවමින් ජීවිතය නිමා කල මෑණියන්
යකඩ කටවල් වලින් ඇසෙන ඇගේ ගුණ කථන
නිවස වට කර ඇදුනු ශෝක පණිවිඩ ගොන්න
ජිවතුන් අතර සිටි කාලයේ දී නොතිබූ
අලුත් වටිනාකමක් අද ඇය ගේ කුණු කයට......
හත් දවස තුන් මාසේ දාන බණ පිංකමට
ඇගේ දු පුතුන්ගේ වරුණාව කියන රඟ
විසි කරන සල්ලි මිටි වලින් පිට වෙන සුවද
ඉගි කරයි පිං කමේ තරම මුළු ලෝකයට
ලොකුම ලොකු පන්සලට
ලොකුම ලොකු දානයක්......
ගමේ පොඩි පන්සලේ වැඩ සිටියි තෙරණුවන්
කැප වෙමින් සසුන වෙත
සුරකිමින් ධම් විනය
ලෝකයෙන් වසන් වී දවල් දානෙත් නැතුව ...
...............
Subscribe to:
Posts (Atom)
.jpg)