Saturday, December 24, 2011

සුභ නත්තලක්



නත්තල ලබන්න තව පැය කිහිපයයි. මේ දවස් වල හැමදාම පාටි. කාලෙකින් මොනවත් ලිව්වෙත් නැති නිසා මොනවාහරි ලියනවා කියලා ඉදගත්තට මොකද මුළු ලෝකෙම පාවෙනවා වගේ. පොඩි පොඩි මිස්ටේක් තිබුනොත් ගනන්ගන්න එපා . . මේ දවස් වල අපේ ජොබ් එක නත්තල් සියා භාර අරගන තියන නිසා අපි නිවාඩු පාඩුවේ පොඩි ජොලියක් දාගන ආතල් එකේ ඉන්නවා. නත්තල් සියට දැන් පොඩි අයට තෑගි අරන් එන්න වෙලාවක් නෑ. මේ දවස් වල මෑන් හරි බිසී. සියා කඩවල් වලට වෙලා බඩු විකුනනවා. සමහර තැන් වල සියට ඇදල ඉන්න කොල්ලෝ  දැක්කම දුකත් හිතෙනවා. දවසකට හම්බවෙන පොඩි සම්තින් එකකට උන් අර සිය කිට් එක ගහගන අව්වේ වේලෙනවා. සුපර් මාර්කට් වල ඉන්න සියලාගේ තත්වයත් ඊට වඩා වැඩි වෙනසක් නෑ. ගොඩක් වෙලාවට පිටට ලස්සනට හිනා වෙලා වගේ පෙන්න හිටියට උන්ගේ ජිවිතේ ඇතුලේ තියෙන්නේ දුක හිතෙන කතා. 




දැන් ඉතින් එව්වයින් වැඩක් නෑ. ආගම මොකක් උනත් සල්ලියි හිතේ සතුටයි තියනවනම් හැමදාමත් නත්තල් තමයි. එත් මොනවා කරන්නද සල්ලි තියන එකාගේ හිතේ සතුටක් නෑ. සතුටින් ඉන්න එකාට සල්ලි නෑ. එහෙමනම් බ්ලොග් අවකාශයේ යාළුවො හැමෝටමයි ,බුකියේ යාළුවො සෙට් එකටයි. මගේ කස්ටමර්ලා හැම දෙනාටමයි , නත්තල සමරන ලෝක වාසි සියලුම දෙනාටයි දුකින් තොර සැපෙන් බර සාමය සතුට පිරි සුබම සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි ගියා එහෙනම් (තවත් පාටියකට)
රෙප් මහත්තයා  

Saturday, December 10, 2011

රට හරකෙකුට අං තට්ටුවක් උවමනා කර තිබේ

විදේශීය රටකින් ආනයනය කල විදායක ශ්‍රේණියේ හරකෙකුට සුදුසු අං තට්ටුවක් සදහා මිල ගණන් කැදවනු ලැබේ. (මිල ගණන් ඉදිරිපත් කිරීමේදී කොමිස් සදහාද සැලකිය යුතු මුදලක් වෙන් කිරීමට කාරුණික වන්න)
සියලු විමසීම් 
මිලදී ගැනීමේ නිලදාරී,
බොරුපන රත්මලාන.

රැකියා ඇබෑර්තු   
බල්ලාගේ රාජකාරි කළහැකි බුරුවන් කිහිප දෙනකු අවශ්‍ය කර තිබේ. ස්වාමියා දුටු විගස දෙකට නැවී නගුට වැනීමට හැකි අය සදහා ඉක්මන් උසස් වීම්. වෙනත් සුදුසුකම් අනවශ්‍යයි. ආහාරයට තණකොළ සහ වතුර සමගින් ආයතනයෙන් නඩත්තු කරන වාහනයක්.   
 
පුද්ගලික ලේකම් වරියන් අවශ්‍යයි
අප ආයතනයේ විදායක නිලදාරීන් සදහා පුද්ගලික ලේකම් වරියන් අවශ්‍ය කර තිබේ. ඔබත් අවුරුදු 16 ත් 22 ත් අතර සුරූපී යුවතියක් නම් ඉහත තනතුර ඔබ සදහාමයි. ආහාර නවාතැන් රට සවාරි සමග. අද්යාපන සුදුසුකම් අවශ්‍ය නැත.  හැකියාව සහ උනන්දුව මත වර්ෂ අවසානයේ දරු පැටියෙක් තෑගි.
සියලු විමසීම්
මානව සම්පත් කළමනාකරු
බොරුපන රත්මලාන
 
මංගල යෝජනා 
පෙම්වතියක් සදහා ඇබැර්තු ඇත 
මුහුණේ ලස්සන එච්චරම නැති උනාට 
හිත ගොඩාක් ලස්සන
ඕනවට වඩා බොරු සෝබන නැති උනාට
ඕන වැඩක් පිලිවලකට කරන්න පුළුවන්
බොරු කයිවාරු නැති උනාට
කෙලින් කතා කරන
හුගාක්ම තැන්පත් විනීත නැති උනාට 
චුට්ටක් විතර දගකාර විසේකාර
ආදරේ කරනකොට බොලද උනාට
ජීවිතය ගැන බොලද විදියට නොහිතන
සල්ලි කියන්නේ කියන්නේකියලා නොහිතන
ආදරේ හදුනන ඒ වෙනුවෙන් කැප වෙන්න පුළුවන්
ජීවිතේට එන ප්‍රශ්න වලදී පැනලා යන්න උත්සාහ නොකරන
අවුරුදු 22 ත් 26 ත් අතර අවංක අවංක කෙල්ලෙක් නම් 
අදම කමෙන්ට් කරන්න 
තෝරාගන්නා අයදුම් කාරියන් පරිවාස කාලයකින් පසු භාර්යා තනතුර දක්වා උසස් කිරීම පිළිබදවද සලකා බලනු ඇත 
සැලකිය යුතුයි 
මෙම දැන්වීම විනෝදය පිණිස නොව විවාහය සදහා බව සලකන්න

නම් වෙනස් කිරීමයි
සිංහල බ්ලොග් අවකාශය තුල මෙතෙක් කාලයක් අම්බලම නමින් පෙනී සිටි මම අද පටන් රෙප් මහත්තයා යන නම බාවිතා කරන බවත්, මෙතෙක් කාලයක් ලියන ලබා බ්ලොග් සියල්ල තව දුරටත් එම නම් වලින්ම පවත්වාගන යන බවටත්  බ්ලොග් අවකාශයේ මිතුරන් සියලුම දෙනාටත් මෙතුවක් කල් සහය දුන් සියලුම සින්ඩි වල පාලක වරුන්ටත් පොදු මහජනතාවටත් මෙයින් දැනුම් දැනුම් දෙනු ලැබේ. (නම දිග වැඩි කියලා හිතෙනවා නම් රෙපා කිව්වත් මගේ නම් තරහක් නැ )
මිට විශ්වාසී
රෙප් මහත්තයා 
 


Thursday, November 10, 2011

පොළොන්නරු සංචාරය

මේ සතියේ මගේ සංචාරක ප්‍රදේශය උනේ අයිතිහාසික පුලතිසි පුරවරය එහෙමත් නැත්තම් පොළොන්නරු පුරවරය. කකුල් දෙක අස්සේ ගහ ගත්ත මෝටර් බයිසිකලයක් උඩ නැගලා රට වටේ ගිය බොහෝ දුරට මේ සතියෙන් අවසන් වෙන්නත් ඉඩ තියනවා. පොළොන්නරුවට මුලින්ම ඇතුල් වෙනකොටම ඇස් ඉදිරි පිටම දකින්නට ලැබුනේ බොහොම දුක්බර සිදුවීමක්. අපේ ඉස්සරහට තරමක වේගයෙන් ආව බයිසිකලයක් තව බයිසිකලයක හැපිලා එක බයිසිකලයක් පැදගෙන ආපු කෙනා වැටුනේ බුස් රථයක පිටිපස්සේ රෝදේ ඉස්සරහට. බස් එක නැවතුනේ ඒ කෙනා දාගන හිටපු හෙල්මට් එක කුඩු වෙන සද්දෙට. එතකොට කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුනේ නෑ. ගෙදර ඉන්න පොඩි දරුවට කිරි දෙන්න පරක්කු වෙන නිසා වේගෙන් ආවා කියලයි කියන්නේ. හේතුව මොනවා උනත් පරිස්සමින් වාහන අරන් යන්න අපටත් මේක හොද පාඩමක් උනා. 
ගිය සතියේ දාපු පින්තුර ටිකට ආව කමෙන්ට් වල හැටියට මට පෙන්නේ මේ බ්ලොග් ලියන කියවන අය කවදාවත් ආසාවටවත් ට්‍රිප් එකක් වත් යන අය නෙවෙයි වගේ. මේ සැරේ අපේ සංචාරක කටයුතු ගොඩාක් කලේ වැඩ ඉවර කරලා හවස් වරුවේ නිසා සමහර ෆොටෝ වල නම් තියෙන්නේ කළුවර විතරයි. මේ තියෙන්නේ එතන තිබුණු ටිකක් හරි හොද ෆොටෝ ටිකක්  


මේ තියෙන්නේ පොළොන්නරුවේ සදකඩ පහන අනුරාදපුර සදකඩ පහනට වඩා මේකේ තියෙන විශේෂත්වය තමයි ගවයාගේ රුපය සදකඩ පහනින් ඉවත් කර තිබීම. හින්දු බලපෑම නිසා හින්දුන්ගේ පුජනිය සත්වයකු වන ගවයා පයට පෑගීමට  නුසුදුසු වීම හේතුවෙන් සදකඩ පහනින් අයින් කළා කියලා තමයි කියන්නේ.




මේ පොළොන්නරු ගල්විහාරයේ සමාදී පිළිමය හිටි පිළිමය හා පිරිනිවන් මංචකය පිළිම 



මේ තියෙන්නේ මැදිරිගිරිය වටදාගය


මේ මැදිරිගිරිය වටදාගය අනුරාදපුර යුගයේ රජකම් කල කනිෂ්කතිස්ස රජතුමා විසින් කරවන ලද්දක් කියලා තමයි කියන්නේ 




පොළොන්නරුවේ නෙලුම් පොකුණ 



මේ පොකුණ නිර්මාණය කරලා තියෙන්නේ නෙලුම් මලක ආකෘතියකට  ඒ නිසා නෙලුම් පොකුණ කියලා කියනවා කියලා තමයි දැනගන්න ලැබුනේ.







මිට අමතරව මහවස්සේ තෙමිගෙන සෝමාවතී චෛත්‍යය වන්දනා කරන්න ගියත් ඒ එකකවත් ෆොටෝ නම් නෑ. තියෙන්නේ කදුරුවෙල නගරයේ ඉදන් 40 km විතර ඇතින්.  සෝමාවතී දාගැබ නිර්මාණය කරලා තියෙන්නේ බුදුරජානන් වහන්සේගේ දකුණු දළදාව නිදන් කරලා කාවන්තිස්ස රජතුමාගේ සොහොයුරියක් විසින් කියලයි කියන්නේ.ඒ සෝමාවතියේ නිසා අයිතිහාසික වටිනාකමින් ඉහලම ස්ථානයක තියනවා. එත් මහනුවර දළදා මාලිගාවේ වැඩ ඉන්න වම් දන්ත දාතුන් වහන්සේට තියන සැලකිල්ල වනාන්තරයක් මැද තියන මේ දාගැබට තියනවාද කියන එක නම්  ප්‍රශ්නයක්,