Thursday, August 7, 2014

වෙනස් වීම


ගෑනු හිත හරියට 
නුවරඑළියේ කාලගුනේ වගේ
කතාවට කිව්වට 
උඹේ හිත ඊට වඩා 
පට්ට ස්පීඩ් 

වෙනස් වෙන ලෝකයක
එකම තැන පල් නොවී 
වෙනස් වෙන ඒ හිතට 
මං පට්ට ලයික්
........

Wednesday, August 6, 2014

ප්‍රතිරූප




සඳට පෙම් කල සඳ 

සිත රිදුණි ඔබ සඳ නොවූ සඳ

සැබෑවට

මලට පෙම් කල සඳ 

දැනුනි කටු අග නටුවේ විස

තරුවකට පෙම් කල සඳ 

දැනුනි හිරුගේ රශ්මිය 

සිතක ඇඳී ප්‍රතිරූපය

නොවේ කිසිදින සැබෑව 

සඳක් මලක් තරුවක් නොව 

නුඹ නුඹම වූ කල 

යලිත් එන්නම් මතු දින ......

Saturday, August 2, 2014

පලා යාම



වද දෙන විට 

හෘද සාක්ෂිය තමාටම
 
සොයාවි මං පෙතක් 

පලා යන්නට

හදවතින් තමාගේම 

දිව ගොස් ඔලුව හැරුණු හැරුණු අත 

සොයයි සැනසීම දිවියට 

එනමුත් 

දිව ගොස් හති වැටි

නැවතී බලන කල 

වෙහෙසව 

සැගවෙන්න නොහැකි වුන 








හෘද සාක්ෂිය තවමත් 
තමා ළඟ...
____