Wednesday, July 16, 2014

මාරයා එනතුරු





තුවාලයි හදවතම 
ඔබේ නිය පහුරු වැද
තත්පරෙන් තත්පරේ 
මැරෙනවා මම තවම


ඇනපන් පිහිය ගෙන 
හදවතේ පතුලටම 
හැමදාම ටිකින් ටික 
විදවන්න බැහැ මෙහෙම

සුසානය මග බලයි 
පිළිගන්න අද හෙටම 
මිනීමල් කලඹ ගෙන 
එන්න ඔබ මා වෙතට
______

7 comments:

  1. මැරිච්ච එකාට කොහේද බොල අම්බලමක්.. “අරුණගේ අම්බලම“ කියල නම වෙනස් කරහං.. ලැජ්ජවේ බෑ..

    ReplyDelete
    Replies
    1. මැරිච්ච එකා දුක් මහන්සි වෙලා හදපු එකනේ. ඌට උපහාර පිණිස ඒක එහෙම්ම තියා තිබ්බා බං :)

      Delete
  2. රුචිරාණනී අහන්න එකපාර මා මරන්න නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒක තමා. පොඩි කාලේ මරඳ වැල්ලේ වැලි බත් නම් ඉව්වේ නෑ හැබැයි :D

      Delete
  3. ආලයේ විරහව දැනිල තියනවද? ඔබට

    ReplyDelete