Saturday, July 12, 2014

ආදරේ





රුවැති ජනපද කලණියට
පෙම් බැඳී නන්ද කුමරුට 
පෙනුනා නම් ඇය පසුව 
නවදැලි හේනක 
දැවුණු වැදිරිය ලෙසට 

රුවට පෙම් කල සඳ
දෙසිත වේ නම් දෙපසක
වැහැරුණු පසුව රුව 
කෙලෙස වෙලෙමිද සෙනෙහසින් මම 

ගතින් උන්නත් දෙපසක
දෙසිත වෙයි නම් එක තැන
රුවෙන් තව මොන අරුමද?

පාරෝට පෙම් කොට 
බේබද්දෙක්ව මියගිය
දේව්දාස් ඇත්තට 
         උඹ නම් මහ පිස්සෙක් .........

1 comment: