Thursday, July 10, 2014

බුකි බිත්ති ආදරේ


ගෙතෙන කවි පද වැල් සමග
පින්තුර ආදරේ බේරෙන 
ටැග් වෙයි බිත්තියට 
ආදරේ හොයාගෙන 


නුඹේ අතිනුත් ගෙතෙන
ලියවිලි ප්‍රේමයෙන් නැහැවෙන 
ෂෙයාර් වෙයි බිත්තියේ
බඹර කැල වෙහෙසන්න 


බුකියෙන් එහා ගිය
නුඹේ හිත දන්න මම 
නරඹා බඹර සැණකෙළි 
සිනාසෙනවා මිසක් 
      වෙන කුමක් කරන්නද?.........

11 comments:

  1. රෙප් කවි මරුම තමා.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් මෙව්වා කවිද අප්පා ;)

      Delete
  2. මොකක්ද මේ සීන් එක රෙප් අයියේ?

    ReplyDelete
    Replies
    1. තාම නම් එහෙම සින් නම් නෑ. ඒත් එක එක කාලෙට එක එක ලෙඩ හැදෙනවානේ ඉතින් :D :D

      Delete
  3. අනේ අනේ ..... ;)

    මරු ...

    ReplyDelete