Tuesday, May 22, 2012

බ්ලොග් ලෝකෙට ලගදි පැමිණි සහ පැමිණීමට බලාපොරොත්තු වන හුදී ජන හිත සුව පිණිසමය ....

මේ දවස් වල බ්ලොග් අවකාසේට අලුතෙන් එන පිරිස වෙනදට වඩා වැඩියි කියලා මට හිතෙනවා. අලුත් බ්ලොග් ගොඩාක් ෆලෝ කළා මේ දවස් ටිකේ. මේ විදියට අලුතෙන් බ්ලොග් අවකාශෙට එකතු වෙච්ච ගොඩක් දෙනෙක් මුහුණු පොතේ එහෙම චැට් වලට සෙට් වෙන කොට එක එක ප්‍රශ්න අහනවා මේ බ්ලොග් අවකාසේ ගැන. සින්ඩි ගැන එහෙම. බ්ලොග් කියන එක ගැන මෙලෝ දෙයක් නොදැන මමත් බ්ලොග් අවකාශෙට ආව හින්දා අපිට ගොඩක් වැදගත් වෙන සින්ඩි වල, සිංහල ටයිප් කරන සිංහල ගන්න හැටි ගැන තියෙන ලින්ක් ටිකක් මම වර්ඩ් ඩොකියිමන්ට් එකක වෙනමම තියාගෙනයි හිටියේ. මේකේ ඉන්න වැඩ කාරයන්ට නම් මේවා විහිලු වගේ වෙන්න පුළුවන්. ඒත් මේ ටික හොයා ගන්නත් මට මාස දහයක් විතර බ්ලොග් අවකාසේ සැරිසරන්න උනා. මම වගේ පැත්තකම ඉදලා එක පාරට බ්ලොග් අවකාසේට ආව බ්ලොග් ගැන මෙලෝ දෙයක් නොදන්න අයට වැදගත් වෙයි කියලා හිතුන නිසාම මං එකතු කරගෙන තියාගන හිටපු ලින්ක් ටික ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. අලුතින් බ්ලොග් අවකාශෙට එකතු වෙන අයට වගේම දැනටත් බ්ලොග් අවකාශයේ ඉන්න අයටත් මේ ටික වැදගත් වෙයි කියලා හිතුන හින්දා. 


සිංහල බ්ලොග් අවකාශයේ ඉන්න ඕන නම් මුලින්ම තමන්ගේ පරිගණකයට සිංහල යුනිකෝඩ් ස්ථාපනය කර ගන්න ඕන. ඔයාලගේ පරිගණකයේ සිංහල නැත්තම මෙතනට ගිහින් යුනිකෝඩ් ස්ථාපනය කර ගන්න පුළුවන්. අපි ඊළගට බලමු සිංහල ටයිප් කරන්නේ කොහොමද කියන එක. සම්මත විජේසේකර යතුරු පුවරුව භාවිතයෙන් වගේම සිංග්ලිෂ් වලින් ටයිප් කරන අකුරු සිංහලට හරවන කන්වටර් මගිනුත් අපට සිංහල අකුරු ටයිප් කරගන්න පුළුවන්


මම නම් පාවිච්චි කරන්නේ ගුගල් දෙයියෝ අපට දුන්න ගුගල් ට්‍රාන්ස්ලේෂන් තමා. ඔය ලින්ක් ඒකෙන් ගිහින් ඩවුන්ලෝඩ් කරගෙන සිංග්ලිෂ් වලින් එස් එම් එස් කොටනවා වගේ සිංහල කොටන්න පුළුවන් ඒකෙන්.  

SI සිලෙක්ට් කරලා කොටන්න සිංහල 

ඊට පස්සේ සිංහල සහය ඇති නැති ඕනෑම පරිගණකයකින් බ්ලොග් එක කියවන්න පුළුවන් විජෙට්ටුව බ්ලොග් එකට සවි කරගන්න එක මෙතනින් ගිහින් කරගන්න පුළුවන් 



බ්ලොග් එක ප්‍රමෝට් කරගන්න අපේ බ්ලොග් එක සින්ඩි වලට ඇතුලත් කර ගන්න ඕනේ ඒකට පල්ලෙහා තියෙන ලින්ක් වලින් ඒ ඒ සින්ඩි වලට ගිහිල්ලා බ්ලොග් එක සින්ඩි වලට ඇතුලත් කරන්න පුළුවන් 

මාතලන් සින්ඩියට                                                                        


අඹ ගහ යටට                                                                                 


සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමය                                                   


ලාංකීය සිතුවිලි                                                                               


මිට අමතරව මුහුණු පොතේ පවත්වාගෙන යන සින්ඩි කිහිපයකුත් තියෙනවා 




මේ විදියට බ්ලොග් එකක් සින්ඩි වලට ඇතුලත් කරනකොට RSS ලිපිනයක් ඉල්ලනවා. මේ කියන RSS ලිපිනය ගැන දැනගන්න මෙතනින් ගිහින් පුළුවන් 

මුහුණු පොතේ සිංහල බ්ලොග්කරුවන් විසින් පවත්වා ගෙන යන ගෘප් කිහිපයක ලින්ක් පහලින් 











බ්ලොග් කියවන ගමන් අහන්න බ්ලොග් කරුවන්ගේ රේඩියෝව බස් රේඩියෝ. කියවන්න ඔවුන්ගේ බ්ලොග් අඩවිය



ඊළගට කමෙන්ට් එකක් විදියට ලින්ක් එකක් දානකොට ඒක අදාළ වචනයට ලින්ක් එක ලැබෙන විදියට දාන ක්‍රමය. මේකට ටිකක් මහන්සි වෙලා පොඩි කෝඩ් කෑල්ලක් ලියන්න වෙනවා. මෙන්න ඒ කෝඩ් එකත් 


<a href="අදාල ලින්ක් එක දෙන්න">ලින්ක් වෙන්න ඕනෙ වවනෙ</a> 

උදාහරණයක් විදියට රෙප් මහත්තයා කියන වචනෙට මේ බ්ලොග් එකේ ලින්ක් එක දෙන්න ඕන නම් මෙහෙමයි කරන්න ඕනේ 

 <a href="http://ape-ambalama.blogspot.com/">රෙප් මහත්තයා</a>


නිකම්ම ලින්ක් එකක් විදියට කමෙන්ට් එක දානවට වඩා ටිකක් මහන්සි වෙන්න උනත් වැඩේ කොලිටියක් තියෙනවා.

දැනට මට මතකෙට එන්නේ ඔච්චරයි. මෙතන නැති සින්ඩි ගෘප් එහෙම තවත් ඇති. මේ තියෙන්නේ මගේ ලග දැනට තියෙන ලින්ක් ටිකක් විතරයි. බ්ලොග් ලියන කියවන අයට තවත් වැදගත් කියන දේවල් මේකට එකතු වෙන්න ඕන නම් බ්ලොග් ලියන කියවන හුදී ජන හිත සුව පිණිස පහලින් කමෙන්ට් විදියට එකක් දාන්න කියල ඉල්ලන ගමන් රෙපා මාරු උනා.  හැමෝටම ජය වේවා !!!!!


ප.ලි : අමතක වෙලා තිබ්බ දාන්නම ඕන එකක්. තමයි කමෙන්ට් වලට දාපු වර්ඩ් වෙරිෆිකේෂන් එක අයින් කරන හැටි. බ්ලොග් කරුවෙකුට කමෙන්ටුවක් ගොඩාක් වටිනවා. ඒත් පෝස්ට් එක කියවලා කමෙන්ට් එකක් කොටලා පබ්ලිෂ් කරනකොට වර්ඩ් වෙරිෆිකේෂන් එකකුත් එනකොට කමෙන්ට් ඕන නෑ කියලා දමලා ගහලා යන්න තමයි හිතෙන්නේ. ඒ නිසා බ්ලොග් එකේ කමෙන්ට් දානකොට වර්ඩ් වෙරිෆිකේෂන් එකක් එනවා නම් මේ විදියට කරන්න.


මුලින්ම ඩෑෂ් බෝඩ් එකේ තියෙන සෙටින්ග්ස් වලට යන්න.


ඒකෙ තියෙනවා පොස්ට් ඇන්ඩ් කමෙට්ස් කියල තැනක්. එතනට ගිහින් ෂෝ වර්ඩ් වෙරිෆිකේෂන් කියන තැනට නෝ කියල දෙන්න ඊට පස්සේ සේව් සෙටින්ග්ස්.

මෙන්න මේ පින්තුරේ විදියට .







82 comments:

  1. වටිනා ලිපියක්..මමත් ඔය ප්‍රශ්නෙට මුණ දුන්නා රෙප් මහත්තයයි වර්ණා නංගියි උන්නු නිසා හොඳට ගියා....:)

    ReplyDelete
  2. අලුතෙන් ආපු අපි වගේ අයට හුගක් වටිනා ලිපියක්....ඔන්න මාත් ට්‍රයි කොරලා බලන්න ඕන...:)
    හුගක් ස්තුතියි රේප් මහත්තයෝ..

    ReplyDelete
    Replies
    1. :O රේප් මහත්තයෝ....

      ට්‍රයි කරන්න ට්‍රයි කරන්න එතකොට හරි යයි :P

      Delete
  3. මම ලියන්න ගත්ත කාලේනම් ඔය තිබුනේ සිංහල බ්ලොග් කියවනයයි,කොත්තු විතරයි. බ්ලොග් එක හදා ගන්න එචර වෙලාවක් ගියෙත් නෑ ඔහේ ලිව්වා. ඇගටත් ගානක් නෑ, එත් දැන් අලුතින් බ්ලොග් ලියන්න එන අය මහන්සි වෙනවා වැඩි කියලා හිතෙනවා.

    දැන් ගොඩක් අය බ්ලොග් ලියන්න එනවා වගේම ආපු ගමන් යනවා. ඒකත් අර දැන් යන සිංදු වගේ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත තමයි මචං. මමත් කලේ ඔහේ ලියපු එක තමා මෙච්චර කල්ම. අලුතෙන් එන ගොඩක් බ්ලොග් වල ලිපි දෙකයි තුනයි ඉවරයි. ආසාවට එනවා ආව ගමන් යනවා. :))

      Delete
  4. මුලින්ම තිබ්බේ සින්ඩි දෙකයි.. මම එද්දි.. පස්සේ ගොඩක් ඒවා ආවා.. ඒකෙන් අපේ අළුතින් එක අයට ලොකු පහසුවක්.. අනික බුකියේ තියෙන ගෲප් වලිනුත් ලොකු සේවයක් වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මම එනකොට නම් ඔය සින්ඩි කියලා ජාතියක් ගැන දන්නෙත් නෑ. පොස්ට් එකකට කමෙන්ට් එකක් දාල තිබ්බ චතුරංග පෙරේරා කියල තිබ්බ එහෙම දෙයක් ගැන. එතකොට තමයි එහෙම දෙයක් තියෙනවා කියලා ඒ ගැන හොයන්න පටන් ගත්තෙත්. ඇත්තටම සින්ඩි වලින් නම් අපි වගේ අයට ලොකු සේවයක් වෙනවා :))

      Delete
  5. බොහොම වටිනා ලිපියක්....මමත් නොදන්නා සින්ඩි කිහිපයක්ම දැනගත්ත.බොහොම ස්තුතියි!!!

    ReplyDelete
  6. කමෙන්ට් එකක් විදිහට ලින්ක් එකක් දාන විදිහ මම හොයා හොයා හිටියේ. ගොඩක් ස්තුතියි රේප් මහත්තයා

    ReplyDelete
    Replies
    1. :O රේප් මහත්තයා.... අහුවෙයන් උඹව :P

      Delete
  7. හොද ලිපියක් රෙප් මහත්තයා..:D අලුතෙන් එන අයට හොද මඟ පෙන්වීමක්...

    ReplyDelete
  8. ඇත්තම්මයි...දැන ගන්නනම් තවත් දේ තියෙනවා...
    ස්තුතියි...!

    ReplyDelete
    Replies
    1. අහන්න. දන්නා දෙයක් නම් කියල දෙන්නම්. දන්නේ නැත්තම් ඉතින් ඔය ඉන්නේ ඕනතරං කට්ටිය & බුකියේ තියෙන්නේ ඕන තරම් ගෘප් ඕව දැනගන්න :))

      Delete
  9. හම්මේ බං ඔය කිව්ව ටික හොයා ගන්න මාත් උඹ වගේම මාස ගානක් කට්ට කෑවා..ඒත් තාමත් මට ඔය ටික ඔහොම පිළිවෙලට කියා දෙන්න තේරෙන්නේ නැහැ...ඒ අතින් බැළුවම මේක හුගක් වටින වැඩක්...

    ReplyDelete
    Replies
    1. මාර අයියා අදමද කොහෙද මෙහේ ආවේ. මොන පිලිවලක්ද බං. තිවිච්ච ලින්ක් ටික දාල දැම්ම එක විතරයි කලේ ජය වේවා !!!

      Delete
  10. වටින ලිපියක්... රෙපා මහත්තයා...
    :)

    ReplyDelete
  11. අලුත් අයට ඇත්තටම ගන්න දෙයක් තියෙනවා මේ ලිපියෙන්.

    ReplyDelete
  12. අපි වගේ ආදුනිකයොන්ට වටිනා ලිපියක් රෙපෝ
    ටැංකූ!!

    ReplyDelete
  13. බොහොම වටිනවා මහත්තයෝ මටත් නොදන්නා ගොඩක් දේ දැන ගත්ත ස්තුතියි ............

    ReplyDelete
  14. පිං සිද්දවෙන වැඩක්! :)

    ReplyDelete
  15. වටින ලිපියක්.සියල්ල එක මිටට....:))

    ReplyDelete
  16. ගොඩක් වටිනවා රෙප් මහත්තයාගේ වැඩේ. මටත් ඔය ටික දැනගන්න ටිකක් දවස් ගියා. ඒ ඒ දේවල් වල වටිනාකම දැනගෙන තමයි මම වැඩේ පටන් ගත්තේ. ඉතින් ඒකෙන් මට ගොඩක් කල් ඉන්න උනා.

    ReplyDelete
  17. එකෙන්ම මාර වැදගත් මටනම්.. මම තාම බොලොග් වල අත දරුවෙක්

    ReplyDelete
    Replies
    1. මමත් පොඩි එකෙක් තමා බං. මං බ්ලොග් කියන නම දැනගෙනත් තාම අවුරුද්දක්වත් නෑ. :))

      Delete
  18. මරු වැඩක්... මෙච්චර සින්ඩි ගොඩක් තියෙනවද බන්... මමත් දැනන් හිටියෙ තුන හතරක් විතරයි.. :)

    ReplyDelete
    Replies
    1. තියෙනවා නම් තමයි බං මීටත් වඩා. මම නම් ඔය හැම එකටම දාලත් නෑ..

      Delete
  19. අලුත් උදවියට හොදයි. මම කියන්නම් ආපු අලුත මට වෙච්ච දෙයක්. මම බ්ලොගේ පටන් අරගෙන ඉස්සෙල්ලම ලාංකීයටයි සිංහල බ්ලොග් කියවනයටයි ඉල්ලුම් කලා. ලාංකීය නං පටස් ගාල වැඩේ කරල දුන්න. සිංහල බ්ලොග් කියවනයට දාන්න RSS ගැන දන්නෙ නෑ. ඒකෙ තිබුන ලින්ක් එක වැඩ කලෙත් නෑ. බ්ලොගේ පටන් අරගෙන මාස 6කටත් වඩා කාලයක් ගියා සිංහල බ්ලොග් කියවනයට දාගන්න.
    HTML ගැන මෙලෝ හසරක් දන්නෙ නැති මම මේ අඩවි වලින් තමයි ඔක්කොම ඉගෙනගත්තෙ.

    http://www.echoecho.com
    http://www.easywebtutorials.com
    http://www.quackit.com

    ReplyDelete
    Replies
    1. මමත් තවම HTML ගැන මෙලෝ හසරක් දන්නෙ නෑ රාජ් අයියා. සිංහල බ්ලොග් කියවනේට දෙතුන් පාරක්ම මේකත් දාන්න හැදුවත් අදටත් මේක සිංහල බ්ලොග් කියවනේ නෑ. කිසිම රිප්ලයි එකකුත් නෑ. තැන්කු මේ ලින්ක් ටිකට ජය වේවා !!!

      Delete
  20. නවක බ්ලොග් කරුවන්ට ගොඩක් හොද ලිපියක්.ජය වේවා....!

    ReplyDelete
  21. රෙපාට ජයෙන් ජය.. මාත් මුල ඉදන් පටන් ගන්න හිතුවා..

    ස්තුති නවකයන් වෙනුවෙන්..

    ReplyDelete
    Replies
    1. සැමාටත් ජයෙන් ජය. මොනවද මුල ඉදලා පටන් ගන්න හිතුවේ? ... :P

      Delete
    2. උබ කියන විදිහට, අලුත් බ්ලොග් එකක් :ඩී

      ඇත්තටම මේව මුකුත් නොදැන බං අපි පටන් ගත්තේ. උබ සිරාවට අලුත් එවුන්ට උදව්වක් කලේ.

      Delete
  22. මම තාම බ්ලොග් එක පටන් ගත්තෙ නැති නිසා මේ පෝස්ටුව ඉතාම වැදගත්

    බොහොම ස්තූතියි රෙපා මල්ලිට..

    ReplyDelete
    Replies
    1. සුමිත් අයියා හැමදාම බ්ලොග් කියව කියව ඉදලම හරියන්නේ නෑ නේ. ඉක්මනට පටන් ගනිමු බ්ලොග් එකක්. අපි ඉන්නවනේ කියවන්න. ජය වේවා !!

      Delete
  23. අලුත් අයට වගේම පරණ අයටත දන ගන්න පුළුවන් තොරතුරු තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අනිවා මචං. මේ ලින්ක් දාන වැඩේ මමත් ටෙස්ට් කරලා බැලුවේ මේ පොස්ට් එක දාන්න ටිකකට කලින් :))

      Delete
  24. මාත් මේ ගොඩක් එව්වල සාමාජිකයෙක්... චුට්ටක් විතර පරණ අපටත් වැදගත්....

    ReplyDelete
    Replies
    1. මේකේ තියෙන ඒවායින් බාගයක් මං හොයා ගත්තේ උඹෙන් තමා:))

      Delete
  25. නවකයින් වෙනුවෙන් ස්තුති කරන්න ඕන..
    ගූග්ල් ට්‍රාන්ස්ලිටරේෂන් පාවිච්චි කරනවට වඩා ලේසියි ටයිප් කරන්න පුරුදු වුනාම..

    ReplyDelete
    Replies
    1. මම නම් දැන් මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ. ආයේ අමුතුවෙන් පුරුදු වෙන්න කම්මැලියි අප්පා :))

      Delete
  26. වටිනවා ඈ... :-)

    එන්න පරක්කු උනා..අද ගෙදර ආවේ..
    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජාටත් ජයවේවා. රාජ සම්පත් දෙගුණ තෙගුණ වේවා !!!

      Delete
  27. Replies
    1. අඩේ එල එල වැඩද බලන්න දැම්මේ ඔන්න ආර්ථික වාසි තකා නෙවෙයි :පී

      Delete
  28. මාර සින්ඩි තොගයක් නේ තියෙන්නේ . අලුතෙන් බ්ලොග් ලියන්න එන අයට වගේම මේ ලිපිය මටත් ප්‍රයෝජනයක් වුණා

    ReplyDelete
  29. මග පෙන්වන එක හරිම වටින දෙයක් :)

    ReplyDelete
  30. ගොඩාක් ඉත්තුති යාලුවේ...

    ReplyDelete
  31. අළුතෙන් එන අයට මේ පොස්ට් ඒකෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා..බොහොම ස්තුතියි මෙහෙම පොස්ට් එකක් දැම්මට

    ReplyDelete
  32. අලුතින් බ්ලොග් එකක් ලියන්න ගත්තු නේජාටත් මේ ලිපිය ගොඩාක් වැදගත්..තාමත් නේජාගේ බ්ලොග් එකේ පොඩි පොඩි අවුල් වගයක් තියෙනව හදාගන්න..බෝම ස්තූති දැනුවත් කිරීමට....

    ReplyDelete
  33. මෙවැනි වටිනා තොරතුරා හුදි ජනයාගේ පහන් සංවේගය උදෙසා මෙහි අකුරැ කල සත්ගුණවත් රෙපාට මාගේ ආචාරය!

    ReplyDelete
  34. ගොඩක් වටිනවා. ගොඩක් ස්තුතියි

    ReplyDelete
  35. එල ආ..හොඳ ලිපියක්..! මචන් නිම්නය සින්ඩිය වැඩ නෑ නේද..\\සිංහල බ්ලොග් කරුවන්ගේ සංගමය// මේකට නම් දාගන්න බෑ බන්. අඩුම තරමින් රිප්ලයි වත් නෑ ආපහු මතක් කලාට.

    ReplyDelete
  36. නියමයි රෙපා
    අනේ මේවා කලින් කිව්වනම් :)

    ReplyDelete
  37. බොහෝමත්ම ස්තුතියි රෙප් අයියේ...

    මමත් තාම මේ වැඩෙට අලුත් කැරකෙන ලෝකය

    ReplyDelete
  38. එල සුපිරි. කියවන්න කලින්ම ඔන්න කමෙන්ට් කළා.. කියවලා අදහස දෙන්නම්.. තැන්ක්ස්..

    ReplyDelete
  39. මචං රෙපා උබේ blog post නම් අපි වගේ අලුත් අයට ගොඩක් වටිනවා....
    මමත් මචං බ්ලොග් එකක් ලියන්න පටන් ගත්ත.මේ ලදී තමයි පටන් ගත්තේ.හැබැයි වැඩි දේවල් දන්නේ නැ blog ගැන.එකේ පොඩි සින් එකක් තියෙනවා.කට්ටියට comment දාන්න විදිහක් නැ මචං.settings වල post & comments වල comment location කියන එක විතරයි මචං තියෙන්නේ.එක හදාගන්නේ කොහොමද කියලා දන්නවනම් කියහන් මචං.මගේ බ්ලොග් එක - http://rmaduwantha.blogspot.com/
    උබ ඕක හදන්න දන්නවනම් මට mail 1ක් දානවද.... - maduwantharavindu@gmail.com

    සුබ අනාගතයක් රෙපා.......

    ReplyDelete
  40. මට සින්ඩි ගැන වැඩිය තේරෙන්නෙ නෑනෙ බන්

    ReplyDelete
  41. නියමයි..! වැඩගත්....

    ReplyDelete
  42. අඩේ එල තැන්කු...
    මම මෙලෝ හසරක් නොදැන හිටියේ, ඔව්

    ReplyDelete
  43. ටෙම්ප්ලේට් හදන හැතිත් දානොව්කො තව පේජ් එකෙ සෙටින් හදන හැති එහෙම තට්ට අයියෙ :P මේ දවස් තිකෙ නම් මේක හැමදාම කියවනව :D

    ReplyDelete
  44. ගොඩක් වැදගත් උනා අයියේ බොහොම ඉස්තුති :)

    ReplyDelete
  45. ගොඩාක් වටින ලිපියක්.. අලුතෙන් එන කෙනෙක්ට ගොඩාක් දේවල් ලැබෙන ගොඩක්ම ප්‍රයෝජනවත් ලිපියක්

    ReplyDelete