සිවුරු පිරිකර අදනකඩ තව
එපා කරන්න පුජා
පොඩි පොඩි කෑලි
දෙසිය පනහේ
ලැජ්ජයි නේද
කියනකොට ඇහෙන්න
ගමටම
යකඩ කටකින්
නම
මෙන්න සිවුරක්
ගන්න පන්සියයයි දෙදහස්
මෙතන විතරයි
ඒ ගානටත්
පිටින් ගත්තොත්
තවත් වියදම්
කොහොමටද නම්බුව
කියනකොට නම
යකඩ කටකින්
ඇහෙන්නට මුළු
ගම්මානේටම
සුපින්වත් දානපති
මැති තුමනි මැතිනියනි
පටන් ගන්නවා ෂෝ එක
පුජාවේ අට විසි
නවයයි තිහට අද රෑ
පෙන්නනවා දිගටෝම
පුරාවට සතියක්ම
එයිට කලින් නම්
පෙන්නන්න බෑ කොහොමටත්
මිස් වෙනවා අපටත්
අමා, රන් සමනලයෝ
බලලාම එන්නකෝ
සිහින පියාපතත්
මාලි ගෙන් බාගයක්
යන්න කැමතිද ඔහෙලා
දිවිය ලෝකෙට ඉක්මනින්
හදල දෙන්නම්කො අපි
ටිකට් එක ඉක්මනට
එන්න පින්වත
පින්වතිය තව
විකුණගන කන්නට
.
.
.
තුනුරුවන්
වරෙල්ලා වරෙල්ලා
ඇනෝලා සෙට් වෙලා
පලු යන්න බනින්නට
සෙට් වෙලම වරෙල්ලා
අපි බය වෙයි
පුහ්
...
කොහොම වුනත් ඇත්ත කතාව..
ReplyDeleteබුදු දහමේ තියෙන්නෙ චීවර පූජාව කරන්න ජීවත් වෙලා ඉන්න භික්ෂු භික්ෂුණින්ට..නැතිව පිළිම වලට නෙවි..
අපිට වෙන වැඩ නැහැනේ.
ReplyDeleteහැමදේම වාණිජකරණයට යටවුණු සමාජයක ඒකෙන් ගැලවෙන්න බුදු දහමට, පන්සලට, හාමුදුරුවරුන්ට බැරිවුණා. දැන් වෙන දේවල එක්ක බුදු හාමුදුරුවෝ කිව්ව "කාශව කණ්ඨකයෝ" බිහිවෙන කාලේ වැඩි ඈතක නෙමෙයි
ReplyDeleteහැම දේම මුදලට විකිණෙන කාලයක්නේ මේක උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා ඇර මොනා කරන්නද ඉතින්
ReplyDelete“එන්න පින්වත
ReplyDeleteපින්වතිය තව
විකුණගන කන්නට
.
.
.
තුනුරුවන්“
සුපිරී....
සම්පුර්ණ එකගයි.. අපේ ගෙවල් ලග පන්සලෙත් හැමදාම විකිණේන්නේ එකම අට පිරිකර..
ReplyDeleteපන්සල් වල තියන පින්කම් ගැන වගේ මට හිතුන විදිහට මේ කවියෙන් කියන්නේ... සමහර තැන් වල තුනුරුවන් විකුණගෙන කෑවට අතලොස්සක් තැන් වල බොහොම භක්තියෙන් පින්කම් කටයුතුත් සිද්ධ වෙනවා කියලයි මට හිතෙන්නේ.
ReplyDeleteඇනෝල බයින්නේ ඇයි බොල.. ඇත්ත ලිව්වම..
ReplyDeleteධර්මය 'මාකටිං' වූ කලෙක.. අන් කවර කතාද ?
ජය !
රෙපා දැන් හරියට හිතනවා වගෙයි.. එකත් අගෙයි..
ඇත්ත කතාව බං...
ReplyDeleteකෝ කට ඇරහන් ටොපියක් දාන්න :-)
තිත්ත උනත් ඇත්ත කියන්න එපය් :ප ජය වේවා !!
ReplyDeleteඇනෝලත් පන්සල් යනවද
ReplyDeleteඇත්ත කතාවලට කවුරුත් බනින්න එන එකක් නෑ මයෙ හිතේ.....නියම කවි ටික රෙපා අයියෙ...
ReplyDeleteහෑමදේම මුදලට යටවුණ සමාජයක මේ වගේ ආගමික දේවලුත් මුදලට යටවීම පුදුමයක් නෙමෙයි. එහෙම නොවුනනම්නේ පුදුමේ...
ReplyDelete:)