Wednesday, May 2, 2012

අට විසි පුජාව







විකිනෙනවා ඕසේට
සිවුරු පිරිකර අදනකඩ තව
එපා කරන්න පුජා 
පොඩි පොඩි කෑලි
දෙසිය පනහේ

ලැජ්ජයි නේද
කියනකොට ඇහෙන්න
ගමටම
යකඩ කටකින් 
නම

මෙන්න සිවුරක් 
ගන්න පන්සියයයි දෙදහස්
මෙතන විතරයි
ඒ ගානටත්
පිටින් ගත්තොත් 
තවත් වියදම්

කොහොමටද නම්බුව
කියනකොට නම
යකඩ කටකින්
ඇහෙන්නට මුළු 
ගම්මානේටම
සුපින්වත් දානපති
මැති තුමනි මැතිනියනි

පටන් ගන්නවා ෂෝ එක
පුජාවේ අට විසි
නවයයි තිහට අද රෑ
පෙන්නනවා දිගටෝම
පුරාවට සතියක්ම

එයිට කලින් නම්
පෙන්නන්න බෑ කොහොමටත්
මිස් වෙනවා අපටත්
අමා, රන් සමනලයෝ
බලලාම එන්නකෝ 
සිහින පියාපතත් 
මාලි ගෙන් බාගයක්

යන්න කැමතිද ඔහෙලා
දිවිය ලෝකෙට ඉක්මනින්
හදල දෙන්නම්කො අපි
ටිකට් එක ඉක්මනට
එන්න පින්වත
පින්වතිය තව
විකුණගන කන්නට 
.
.
.
තුනුරුවන්

වරෙල්ලා වරෙල්ලා
ඇනෝලා සෙට් වෙලා
පලු යන්න බනින්නට
සෙට් වෙලම වරෙල්ලා
අපි බය වෙයි 
පුහ්
...

13 comments:

  1. කොහොම වුනත් ඇත්ත කතාව..
    බුදු දහමේ තියෙන්නෙ චීවර පූජාව කරන්න ජීවත් වෙලා ඉන්න භික්ෂු භික්ෂුණින්ට..නැතිව පිළිම වලට නෙවි..

    ReplyDelete
  2. අපිට වෙන වැඩ නැහැනේ.

    ReplyDelete
  3. හැමදේම වාණිජකරණයට යටවුණු සමාජයක ඒකෙන් ගැලවෙන්න බුදු දහමට, පන්සලට, හාමුදුරුවරුන්ට බැරිවුණා. දැන් වෙන දේවල එක්ක බුදු හාමුදුරුවෝ කිව්ව "කාශව කණ්ඨකයෝ" බිහිවෙන කාලේ වැඩි ඈතක නෙමෙයි

    ReplyDelete
  4. හැම දේම මුදලට විකිණෙන කාලයක්නේ මේක උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා ඇර මොනා කරන්නද ඉතින්

    ReplyDelete
  5. “එන්න පින්වත
    පින්වතිය තව
    විකුණගන කන්නට
    .
    .
    .
    තුනුරුවන්“

    සුපිරී....

    ReplyDelete
  6. සම්පුර්ණ එකගයි.. අපේ ගෙවල් ලග පන්සලෙත් හැමදාම විකිණේන්නේ එකම අට පිරිකර..

    ReplyDelete
  7. පන්සල් වල තියන පින්කම් ගැන වගේ මට හිතුන විදිහට මේ කවියෙන් කියන්නේ... සමහර තැන් වල තුනුරුවන් විකුණගෙන කෑවට අතලොස්සක් තැන් වල බොහොම භක්තියෙන් පින්කම් කටයුතුත් සිද්ධ වෙනවා කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
  8. ඇනෝල බයි‍න්නේ ඇයි බොල.. ඇත්ත ලිව්වම..

    ධර්මය 'මාකටිං' වූ කලෙක.. අන් කවර කතාද ?

    ජය !

    රෙපා දැන් හරියට හිතනවා වගෙයි.. එකත් අගෙයි..

    ReplyDelete
  9. ඇත්ත කතාව බං...

    කෝ කට ඇරහන් ටොපියක් දාන්න :-)

    ReplyDelete
  10. තිත්ත උනත් ඇත්ත කියන්න එපය් :ප ජය වේවා !!

    ReplyDelete
  11. ඇත්ත කතාවලට කවුරුත් බනින්න එන එකක් නෑ මයෙ හිතේ.....නියම කවි ටික රෙපා අයියෙ...

    ReplyDelete
  12. හෑමදේම මුදලට යටවුණ සමාජයක මේ වගේ ආගමික දේවලුත් මුදලට යටවීම පුදුමයක් නෙමෙයි. එහෙම නොවුනනම්නේ පුදුමේ...
    :)

    ReplyDelete