Sunday, April 29, 2012
කුණ්ඩලිණි සොයා ගියෙමි 4 කොටස
කලින් ලිපි කියෙව්වේ නැත්තම් කියවලාම එන්න
01 කොටසට
02 කොටසට
03 කොටසට
අද එතන සිට
මේ ලිපි පෙළ කියවගන යන ගොඩාක් දෙනෙක් අහපු ප්‍රශ්නයක් තමයි කොහොමද අපි මේ කුණ්ඩලිණි කියන මහා ශක්තිය අවදි කර ගන්නේ කියන එක. මම මේ ලිපි පෙළ පටන් ගන්න කොටම කිව්වා කුණ්ඩලිණි ශක්තිය තියෙන්නේ පේ ශරීරය ඇතුලේ දරන ගහගන නිදාගන ඉන්න සර්පයෙක් වගේ කියලා. ඉතින් නිදාගන ඉන්න සර්පයෙක් අවදි කර ගන්න ඕන නම් අපි කරන්න ඕනේ ඒ සර්පයාට පහර දෙන එක. මේ කියන කුණ්ඩලිණි සර්පයා අවදි කර ගන්න ඕන නම් අපිට ඔහුට පහර දෙන්න වෙනවා අපේ මුළු ශක්තියම යොදලා හැම පැත්තෙන්ම. මම කලින් ලිපියෙත් කියල තිබ්බ අපේ හැම දෙයක්ම කිසිම දෙයක් ඉතිරි කර ගන්නේ නැතුව මේකට ඔට්ටුවට දාන්න වෙනවා කියන එක. මේකට අපේ තියෙන සියලුම ශක්තිය යොදන්න ඕන මොකටද කියන එක මේ ලිපියේදී ඔයාලට පැහැදිලි වේවි කියලා මම හිතනවා.
කොහොමද ඉතින් අපි මේ කියන සර්පයාට පහර දෙන්නේ. ඒ කාරනාව සිද්ද වෙන්නේ භාවනාවේදී. භාවනාව සදහා අපි තුල තියෙන ඔක්කොම ශක්තිය යොදවන්න වෙනවා කිසිම දෙයක් අතේ ඉතිරි කර ගන්නේම නැතුව.
ඊළගට ඔබ අහන ප්‍රශ්නයක් තමයි මේ ශක්තිය අවධි කර ගන්න ඕන නම් කොච්චර කාලයක් භාවනාවේ යෙදෙන්න ඕනද කියන කාරණය. කුණ්ඩලිණි උගන්නන්න ක්ලාස් වල වගේ මාස හයෙන් හතෙන් මේක අවදි කර ගන්න පුලුවන්ද කියන ප්‍රශ්නය
කවුරු හරි කෙනෙක් කියනවා නම් ඔහුට භාවනාවට ඇතුල් වෙන්න දවසක්, මාසයක්, අවුරුද්දක් ගතවුනා කියල ඔහු වැරදියි. මොකද යම් කිසි කෙනෙක් භාවනාවට ඇතුළු උනොත් කාලය කියන දෙය ඔහුට අදාළ නෑ. භාවනාව කාලය අභිබවා යනවා. භාවනාව තියෙන්නේ කාලයට ඔබ්බෙන්.
හිතන්න මද්‍ය ලක්ෂයක් සහිත වෘත්තයක් ගැන. ඔබ පරිධියේ ගමන් කරන තාක් කල් කිසිදා මද්‍ය ලක්ෂයට ගමන් කරන්න ලැබෙන්නේ නෑ. ඔබ අවුරුදු ගානක් කොයි තරම් වේගයකින් පරිධිය දිගේ ගමන් කලත් මාධ්‍ය ලක්ෂයට පැමිණෙන්න ලැබෙන්නේ නෑ. පිම්මක් පනින්නේ නැතිව. භාවනාවත් ඒ වගේ තමයි. ඔබට අවුරුදු ගණනාවක් උවත් භාවනාව වටේ යන්න පුළුවන්. නමුත් එයට ඇතුළු වෙන්න නම් ඔබට බොහෝ දේ කැප කරමින් ලොකු පිම්මක් ගන්න සිද්ද වෙනවා.
මේ කියන්න යන කාරණය තේරුම් ගන්න අපහසු ඇති. මෙතැනදී අපි තේරුම ගන්න ඕන කාරණය තමයි කාලය කියන දේ අපේ දුක කියන කාරණයත් එක්ක ඉතාම සමීප සම්බන්දයක් තියෙනවා කියන එක. ඇත්තම කිව්වොත් දුක කාලය කියන්නේ සමාන වචන දෙකක්. ප්‍රමෝදයට සතුටට කාලය අදාළ වෙන්නේ නෑ. කාලය කියලා කියන්නේ දුක මනින මිනුම් ඒකකයක්. ඔයාලට මේක හොදටම තේරුම ගන්න උදාහරණයක් මගින්ම කියන්නම්.
ඔබේ පවුලේ ඔබේ සමීප හිතවතෙක් මරණ මංචකයේ පසු වෙනවා නම්, ඔහුගේ අවසානය ලගා වෙන තුරු බලා ඉන්නවා නම්, එය රාත්‍රියක් නම් ඒ රාත්‍රිය කොයි තරම් නම් දිගුද? බිත්තියේ එල්ලලා තියෙන ඔරලෝසුවට, කැලැන්ඩරයට ඒකෙ වෙනසක් නැති උනාට මේ මොහොතේ පන අදිමින් ඉන්න තමන්ගේ සමීපතමයා ලගට වෙලා නිදි මරණ තැනැත්තාට ඒ රාත්‍රිය කොයි තරම් දිගයිද?
ඒ වගේම තමයි ඔයාගේ ආදරවන්තයා එහෙමත් නැත්තම් ආදර වන්තිය හමුවන අවස්ථාවේදී ඔහු හෝ ඇය පැමිණි වහාම වෙන් වෙලා යන්න හදනවා වගෙයි ඔබට දැනෙන්නේ. හමු වෙද්දීම වෙන් වීමේ කාලයත් ඇවිල්ලා...
දුකේදී කාලය දික් උන විදියටම සතුටේදී ප්‍රමොදයේදී කාලය කෙටි වෙලා. ඒ උනාට කැලැන්ඩරය, ඔරලෝසුව ඒ විදියටම තියේවි. මොකද ඔබේ දුක සතුට කියන කාරණය ඒ හිත් පිත් නැති දේවල් වලට අදාළ නොවෙන හින්දා. අන්න ඒ නිසයි කිව්වේ ප්‍රමෝදය තියෙන්නේ කාලයෙන් එහා කියලා. ප්‍රමෝදය කාලය හරහා හොයාගන්න ලැබෙන්නේ නෑ.
මේ කියන කාරණය අපට අවබෝධ කරගන්න අපහසු වෙන්නේ අපි ජිවත් වෙන්නේ කාලය ඇතුලේ. අපේ ලෝකේ අපේ ජිවිත වල කාලය කියන දේට ලොකු වැදගත් කමක් තියෙනවා. අන්න ඒ කාරණය හින්ද තමයි කෙනෙකුට භාවනාවට ඇතුලත් වෙන්න යන කාලය පිළිබද ප්‍රශ්නයක් මතුවෙන්නේ. ඇත්තටම භාවනාවට ඇතුල් වෙන්න කාලයක් ගත වෙන්නේ නෑ. එය මොහොතක් විතරයි
ඊළගට අපි බලමු මේ කාරණය ගැන කතාකලාට මොකද අපට මේ කියන ප්‍රමෝදය එහෙමත් නැති නම් දෙවියන් හොයාගන යන්න බැරි ඇයි කියන දේ ගැන.
මේකට ප්‍රධානම හේතුව තමයි අපි තුල තියෙන බිය. අපි බයයි මේ ලෝකෙට, සමාජෙට, මොකද අපි අපේ හිත ඇතුලේ හදාගෙන ඉන්නවා අපි ගැනම යම් කිසි ප්‍රතිරූපයක්. මම මෙහෙම කලොත් අරය මම ගැන මොනවා හිතයිද? සමාජය මට මොන මොන දේවල් කියයිද කියලා කියන දේට අපි බයයි. අපි අපි ගැන අපේ හිතේ හදාගන ඉන්න ප්‍රතිරූපය කැඩිලා බිදිලා යනවට. අපේ හිතට කේන්තියක් ආවොත් අපි ඒක පිට කරන්නේ නෑ. බොරු හිනාවකින් මුණ සරසගන අපි ඉන්නවා හිතට ආව ඒ කේන්තිය බලෙන් යටපත් කරගන.
ශිෂ්ටයි කියන සමාජය අපිව අපෙන් ඈත් කරලා. මෙන්න මේ බය කියන කාරණය නිසාම අපට කවදාවත්ම අපි වෙන්න ලැබෙන්නේ නෑ. අපි අපි තුල ඉන්න අපිව හදුනා ගන්නකම් කවදාවත් අපි තුල ඉන්න දෙවියන්ව දකින්න අපට ලැබෙන්නේ නෑ. භාවනාව තුලදී දෙවියන් හොයාගන යන ගමනේදී අපට සිද්ද වෙනවා අපි වෙන්න. අපිට දැනෙන හැගීම් දැනීම ඔක්කොම ශරීරය ඇතුලේ හිර කරගෙන ඉන්නේ නැතිව ඔහේ ගලාගෙන යන්න අරින්න.
දෙවියන් දකින්න යන ගමනේදී අපට මේ හැමදෙයක්ම කැප කරන්න සිද්ද වෙනවා. අපිලග මොනවත්ම ඉතිරි කරගන්නේ නැතුව හැමදේම කැප කරලා අපි අපේ සම්පුර්ණ ශක්තියම සහමුලින්ම අනතුරට භාජනය කරපු ගමන්ම ස්පර්ශ කරනවා ජිවන ශක්තිය සැගවිලා තියෙන මධ්‍යස්ථානය. එවිට එය සම්පුර්ණයෙන්ම අවදි වෙලා ශක්තිය ශරීරය තුලින් ඉහලට ගමන් කිරීම ආරම්භ වෙනවා.
සරලවම කියනවා නම් අපේ මුළු මහත් ශක්තියම භාවනාව තුලට යෙදවීමෙන් පමණයි අපට ජලාශයේ වැතිරිලා තියෙන අතිරේක ශක්තියක සහාය උවමනා වෙන්නේ. එවිටයි එය අවධි වී අපේ උපකාරයට එන්නේ. එතකන් මේ මහා ශක්තිය කුන්ඩාවේ ගැඹුරු නින්දේ පසු වේවි. අත ඉතිරි කර ගත් ශක්තියක් ඔබ සතුව පැවතුනොත් ඒ ශක්තිය මත රැදී සිටින්න සිදු වේවි. මොකද ජීව ශක්තියේ අවශ්‍යතාවය මතුවෙන්නේ කිසිම ශක්තියක් අප තුල ඉතිරි වී නැති නම් පමණක්ම නිසාවෙන්......
Subscribe to:
Post Comments (Atom)
එකතු කළ යුතු දෙයක් තියෙනවා..
ReplyDeleteමා දන්නේ නැහැ මේ දෙය කොතරම් දුරට නිවැරදි ද කියලා.මට හිතෙන විදියයි මේ.
කාලය කියන්නේ එක්තරා මානයක්ලෙස හඳුන්වනවා නම් ඒක නොවෙනස් ව පවතින දෙයක් වෙනවා. පුද්ගලයා අනුව ඒක වෙනස් වෙන්නේ නෑ. මෙහෙම හිතමු. කෙනෙක් කන්දක් නගිද්දී බොහොම කාලයක් ගත් වෙනවා.. ඒ වගේ ම අපහසුවෙනුයි ඒ කන්ද නගින්නේ. ඒත් ආපහු බහිද්දී ගත වන කාලය අඩුයි. ඒ වගේ ම මහන්සිය එහෙමත් නැත්නම් ඒ වෙනුවෙන් කරන කාර්යය ප්‍රමාණය අඩුයි. එහෙමයි කියලා අපිට කියන්න බැහැ කන්ද නගිද්දී ට වඩා බහිද්දී දුර අඩුයි කියලා. දුර කියන මානය නියතව තියෙද්දී අපි ඒක සංවේදනය කරන විදිය වෙනස් වීමයි සිදු වෙන්නේ. එක ම කාලයක් තුල කෙනෙක් සතුටු වෙද්දී තවත් කෙනෙක් කාලය ගත වෙන තුරු බලා ඉන්නවා නම්, අපේ මනසට ඒ දේ ඇති වුණාම, විඩාපත් වුණාම ඒ පිළිබඳව දැනුම් දෙනවා. ඒ නිසයි අපට වැඩි වෙලාවක් ගත වෙනවා වගේ දැනෙන්නේ. කෙනෙක් ප්‍රමෝදයක් ලබද්දී මනස ඒ දෙය තව ඉල්ලනවා. ඒකට කැමති නිසා. ඒ හින්දයි කාලය ගත වෙනවා දැනෙන්නේ නැත්තේ.. ඒ නැතිව කාලය ගත වීමේ වෙනසක් නොවෙයි.
ඒ නිසා ඒ කොටසේ යම් දෝෂයක් දකිනවා.
සෙසු කරුණු පිළිබඳව දැනුවත් කිරීම පිළිබඳව ස්තුතියි.
ඔය ප්‍රශ්නෙට උත්තරේ මෙතන තියෙනවා මම හිතන හැටියට
Delete//දුකේදී කාලය දික් උන විදියටම සතුටේදී ප්‍රමොදයේදී කාලය කෙටි වෙලා. ඒ උනාට කැලැන්ඩරය, ඔරලෝසුව ඒ විදියටම තියේවි. මොකද ඔබේ දුක සතුට කියන කාරණය ඒ හිත් පිත් නැති දේවල් වලට අදාළ නොවෙන හින්දා. //
බැලු බැල්මට කරන්න අපහසු දෙයක් වගේම තේරුම් ගන්නට් ටිකක් අමාරුයි වගේ පෙනුනට හිතේ සංසුන් කමින් කියෙවුවම මේක තේරු ගන්න පුළුවන්.. මම මේ දෙපාරක් කියවලා කමෙන්ට් එකක් දාන්නේ..
ReplyDeleteහිතේ සන්සුන් කම තමයි වැදගත් ...))
Deleteජීවිතේ සංකීර්ණත්වය, මනසේ විශිෂ්ඨ ගතිලක්ෂණ, විශ්ව ශක්තිය සමග ගණුදෙනු කිරීමේ හැකියාව හා සැඟවුනු මහා ශක්තිය හෙවත් කුණ්ඩලීණය අවධිකිරීම යන කරුණු කාරණා ඉදිරිපත් වන මෙම ලිපි පෙල සම්බන්ධව ස්තූතියි! දිගටම ලියන්න ඉදිරියේදීද අදහස් හා අප සතු ගැටළු ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු. කාලසංක්‍රමණය සම්බන්ධව දැන්ම කතාකිරීම ඉතා අසීරු විය හැක, එබැවින් ලිපි මාලාවේ අවසන් අදියර වලදී ඒ සම්බන්ධව කතා කරන්නේනම් ඉතා පහසුය (කාලය නීර්ණය කිරීම උදෙසා යොදා ගෙන තිබෙන නිදසුන තවත් සරල ආකාරයකට ඉදිරි පත් කරන්නේ නම් තෙරුම් ගන්නන්හට පහසු වේවි,)
ReplyDeleteමේ විෂය පිලිබදව ඔබ යමක් දන්නවා නම් ඒ දන්නා දෙය අපි සමග බෙදාගන්න එකතු වෙන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද මමත් මේක ලියාගෙන යන්නේ තොරතුරු හොයාගෙන ඒවා ටික ටික තේරුම ගන්න ගමන්. පුළුවන් තරම් සරලව මේ ලිපි පෙළ ලියාගෙන යාම තමයි මගේ බලාපොරොත්තුවත්. කුණ්ඩලිනි සොයාගෙන යන ගමනට අපිත් එක්ක අත්වැල් බැදගන්න එන්න කියලා ආරාධනා කරනවා ආයේ වතාවක්. බොහොම ස්තුතියි :))
Deleteමටනම් මේ වගේ එකක් කියවපුවහම හිතෙන්නේම මම මහ මැට්ටෙක් වගේ කියලා ඇයි ඉතිං අපි මේ ලොකේ ගැන මොනවද දන්නේ
ReplyDeleteඒවා ගැන නම් අපි නොදනී. තමුන් ගැන වැඩිපුරම දන්නේ තමුන් නොවැ..:P
Deleteම්ම්ම්ම්ම්....මුල ටික කියෙව්වෙ නෑ...ඒ ටිකත් කියවලම එන්නම්...
ReplyDeleteකොටස් ඔක්කොම කියෙව්වා මං. ආසකරන මාතෘකාවක්. මේ ශක්තිය අපි ලබාගන්න ඕන භාවනාවෙන් වුනත්, මේ භාවනාව කරන්නේ කොහොමද... අපි ඉගෙනගෙන තියෙන ආනාපානසති වගේ භාවනාවෙන් මේක කරන්න පුලුවන්ද...
ReplyDeleteආනාපානා භාවනාව වගේ නෙවෙයි. මේකට තමන්ගේ සියලුම ශක්තිය යොදවන්න සිද්ද වෙනවා තමන් තුල කිසිවක්ම ඉතිරි කර ගන්නේ නැතුව. එක එක ගුරු කුලයන් වල විවිධාකාර ආකාරයෙන් මේක කියලා තියෙනවා. කොහොමටත් තමන් දැන් ඉන්න ආකාරයට වඩා දැඩි මානසිකව වෙනසක් සිදු කරන්න වෙනවා තමන් තුලම ..... :))
Deleteමාරයි බං මේක.... නිකන් පිස්සු වගේ :-)
ReplyDeleteඑලම එල!!!
පිස්සු නම් හදා ගන්න එපා රජෝ ... පවු අහිංසක අඩවි වැසියෝ ටික :පි
Deleteගොඩාක් ගැඹුරුයි. කල්පනා කලයුතු බොහෝ දේ තියනවා. මටත් ආසයි භාවනාවක් ප්‍රගුණ කරලා මොකක් හරි ශක්තියක් අවදි කරගන්න.
ReplyDeleteහොදයි හොදයි අවදි කරමුකෝ එහෙනං ඔය ශක්තිය :))
Deleteවටේ යනවා වැඩියි වගේ බං . . . අනේ මන්ද මට එහෙම එකක් තේරුණා
ReplyDeleteමටත් තේරුනා එහෙම එකක් නම්. ඒත් මොනවා කරන්නද? මේක තේරෙන්නේ නෑ සංකීර්ණයි කියලා කට්ටිය කන් කෙදිරි ගානකොට කොහොමද වටේ යන්නේ නැතුව කඩා ගන යන්නේ :((
Deleteමේක ලියන්නේ රෙපාමද කියල මට ෂුවර් නෑ.... :)))
ReplyDeleteනෑ නෑ මේ වෙන මොකෙක්ද එකෙක් :P
Deleteහිකිස්.. ඇත්ත තමා රෙපාට මෙහෙව් දෙයක් කෝම හිතෙනවද බං.. සිරා..
Deleteශානි අතුරුදන් වෙලා අනූ වෙන්න කලින් හිටපු රෙපා මලා කියලා දන්නේ නැද්ද? :P දැන් ඉන්නේ අලුත්ම එකෙක්. ඒක ඉතිං දන්නෝ දනිති :))
Deleteනියමයි මචං..
ReplyDeleteහිතන්නෙ නැති පැත්තක්.. අනික බ්ලොගක මේ වගේ දෙයක් දැම්මෙ නැත්තං අපිට කියවන්න හිතෙන්නෙ නැහැ. මොකද අපි පොත් වලින් ඇත් වෙලා නිසා..
ජය !
ඒක නේන්නම් පොතෙන් ඈත් වූ පොදු ජන හිත සුව පිණිස මම මේක ලියන්න පටන් ගත්තේ. :))
Deleteඅඩේ මම මේ සීරීස් එක කියෙව්වේ අද, පට්ටය් හොඳේ :)
ReplyDeleteචීන සටන් කලාවකත් සඳහන් වෙනවා ශරීරයේ ශක්තිය උත්පාදනය කරන්නේ ඔය ස්ථානයේ කියල :ප
තවත් කොටසක් නැද්දෝ??
නියමයි..අන්තර්ජාලය තුල මේවගේ දේවල් වලටත් ඉඩක් වෙන් කරන එක සතුටක්..ඉවසීම සහ දරාගැනීමේ ශක්තිය තමා වැදගත්ම නේද,,? අනිත් එක සංසාර පුරුද්දත් වැදගත්..!
ReplyDelete