Monday, April 23, 2012

සිහිනයක් නොවූ සයිබර් සිහින උළෙල 2012


 (පොටෝ එක වෙනි අයියගේ )

හැම ඉරිදා දවසක වගේම රෙප් මහත්තයත් පාන්දරම ගෙයින් එලියට බැස්සේ ක්ලාස් යන්න කියලා පොත් දෙක තුනකුත් අතට අරගන :පි වැඩි දුරක් එන්න උනේ නෑ. මෙන්න පාන්දර හයට විතර එනවා කෝල් එකක් නාකියාගෙන්. 

"මචං උඹ කොහෙද ඉන්නේ. මම නම් ඉන්නේ පිට කොටුවේ"

"මචං මම තවම කළුතර තව පැයකින් ඔතන"


ඉරිදා දවස හින්ද වැඩි ට්‍රැෆික් එකකුත් නැති හින්දම කොල්ල හයයි හතලිස් පහ වෙනකොට වැල්ලවත්තේ. පයින්ම ඇද්ද කුරේ ග්‍රවුන්ඩ් එකට,


මෙන්න ඉන්නවා ඒ වෙනකොටත් නාකියා යැංකි කොලුවා පිටසක්වලයා එක්ක සෙට් එකක්ම. පාන්දරම නම් ලකුණු කරන්න ඇවිල්ලා...


ටික වෙලාවක් යනකොට දේවා, වෙනි අයියා, අභීත අයියා  එහෙමත් ආවා. ඒත් සංවිධායක මණ්ඩලේ රාජ්ලා කට්ටිය නෑ.


තිබ්බ අසනීප තත්වය නිසා ඕනයා රෝහල් ගත කරලා කියන ආරංචිය ආවේ ඔය අතරේ. එතන හිටපු යැංකි කොලුවවත් ඇදගන අභීත අයියා ඒ වෙලාවේම ගියා ඕනයා බලන්න.


සංවිදායක මණ්ඩලේ කස්ටිය සයිබර් සැණකෙළියේ නිල ප්‍රවාහන සහකරු වෙච්ච සද කිදුරාගේ කාර් එකේ නැගලා දෙයියන්ගේ පිහිටෙන් නවයට විතර ආවා පිට්ටනියට. ඒක කාර් එකක්ද ලොරියක්ද කියල සැකයකුත් ආව ඒ වෙලාවේ නම්. 

    
(අපරාදේ මේක පිට්ටනිය මැදට උස්සන් එන්න වෙච්ච මහන්සිය. පොටෝ එක දේවගේ )


මිට කලින් දවසක කොට්ට පොර ගහන්න හදල තිබ්බ අට්ටාලෙකුත් කට්ටිය සෙට් වෙලා ගෙනාවා පිට්ටනිය මැදට. කොට්ට පොර තරගේත් නොමිලේම තියන්න හිතාගන. ටික වෙලාවක් යනකොට ඒකෙ අයිතිකාරයෝ ටික ඇවිත් අට්ටාලේ එහෙම්මම කැබ් එකක පටවගන ගිය හින්දම කොට්ට පොර තරගේත් ඇන හිටියා. 


කට්ටිය රෙජිස්ටර් කරලා ජාතික කොඩිය උස්සලා. ජාතික ගිය ගයලා රණවිරුවෝ සිහි කරලා පටන් ගත්තා තරග ටික. සජීවී විකාශය බස් රේඩියෝවෙන්


අවුරුදු උත්සවේ තරග වලට අමතරව ගෑනු ළමයි බෙදා ගැනීමේ තරග, මතට තිත තැබීම වගේ තරගත් ගොඩාක් තිබුනා කියලත් ආරංචියි.


මෙච්චර කාලයක් සයිබර් අවකාශේ ආරුඩ නම් වලින් විතරක් දැනගන හිටපු, හැංගිලා හිටපු අයගේ මුණු ටික බලා ගන්න හම්බ උනා වගේම අදුනන්නේ නැතිව හිටපු යාලුවොත් ගොඩාක් අදුන ගන්න ලැබුනා. ඒ ගැන නම් තියෙන්නේ පුදුම සතුටක්.


සයිබරේ කට්ටිය එකතුවෙලා මේ වගේ සුපිරි ෆන් එකක් ගන්න ඕන කියන අදහස ඉදිරිපත් කරපු අභීත අයියටත්, දෙවැනි වරටත් මේක සාර්ථකව සංවිධානය කරන්න දැනට මාස ගානක් තිස්සේ දිවා රෑ වෙහෙසුන සංවිධායක මණ්ඩලේ රාජ් ඇතුළු පිරිසට, අනුග්‍රාහක භවතුන්ට වගේම සිහින උළෙල යථාර්ථයක්  කර ගන්න සුළුවෙන් හරි සහයෝගයක් දුන්න හැම දෙනාටමත් බොහොමත්ම ස්තුතියි......


දැනට රෝගාතුරව සිටින ඕනයාටත් චිරාන් මල්ලිටත් ඉක්මන් සුවය ලැබෙන්න ප්‍රාර්ථනා කරන ගමන්ම ආයෙත් දවසක මේ වගේ සුපිරි ෆන් එකක් ගන්න කට්ටියම සෙට් වෙමු කියාගන අපි නැවතුනා එහෙනම්....




(ජාත්‍යන්තර කුමන්ත්‍රණ හමුවේ පරාජය වූ අපේ කණ්ඩායමේ කඹ ඇදිල්ල)
පහන්ගේ පොටෝ එක

කොහේ ගහනවද මන්දා :P

මේකේ මොකට දානවද තව පින්තුර. දැන් බුකියේ ඇති නොවැ පිරෙන්නම.


60 comments:

  1. හම්මටසිපි පට්ට නේද....

    ReplyDelete
    Replies
    1. ආයේ පට්ටදත් අහනවා පට්ට පට පට :))))

      Delete
  2. :) නියමයි.... අපිත් අවෝ

    ෴සිහින මදාරා෴

    ReplyDelete
  3. මේ ගෲප් ෆොටෝ එක ගත්තේ ඉවර වෙන්න කිට්ටු වෙලා එතකොට ආපු අයගෙන් ගොඩක් ආපහු ගිහින්. මේක ගන්න තිබ්බේ දවල් කෑම වෙලාවේ වගේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. අපි මේකේ නෑ.. හුගක් ගිහින් මේ වෙද්දි...
      අඩුම මෙතන කඹ අදින්න හිටපු කණ්ඩායම් පහේ එවුන් ටිකවත් නෑනේ.. :))))

      Delete
    2. මමත් යන්න කියලා පිට්ටනිය මැදටත් ගියාට පස්සේ ගෘප් පොටෝ එකක් ගන්නවා කිව්වේ. ආයේ ඇවිල්ල පොටෝ එකට ඔලුව දැම්මා :))

      Delete
  4. ගෑණු ළමයි බෙදාගන්න තරගෙකුත් තිබ්බද?... නිකං හරි ඒ ගැන දැනුවත් කරල තිබ්බෙ නෑනෙ කවුරුවත්... අපරාදෙ මිස් වෙච්ච චාන්ස් එක ;)

    ReplyDelete
    Replies
    1. මමත් දැන ගත්තේ අද බුකියේ දාල තිබ්බ ස්ටේටස් වගයකින් :))) පරාජිත ප්‍රේමයේ විරහ ගීත වගයක් දාල තිබ්බේ පාන්දරම

      Delete
  5. ෂික්කේ........ඇයි මං ආවෙ නැත්තෙ? :((

    ReplyDelete
    Replies
    1. අනේ රජෝ ඒකට හේතුව නම් අපි දන්නේ නෑ නේ :(((((

      Delete
  6. ඔවු... ගෲප් ෆොටෝ එක දවල් කෑම වෙලාවෙ ගත්තෙ නැති එකනම් පාඩුවක් තමයි...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි බං. ආව උන්ගෙන් තුං කාලක්ම මේකේ නෑ. බෙන්තර ගගෙන් එහා කට්ටිය නෑ. ලාස්ට් රෝ සෙට් එකම වගේ නෑ. තව බර ගානක් අය නෑ

      Delete
  7. එළකිරියට ෆ්ලෑෂ් අවුට් එකක් දීලා තියෙන්නේ මේ.. කඹ ඇදිල්ල තමා ඇදිල්ල.. :D

    ReplyDelete
    Replies
    1. ජාත්‍යන්තර කුමන්ත්‍රණ හමුවේ නොසැලී සිටි සැබෑ කඹ ඇදීමේ ශුරයන් වන අපිට ජයවේවා :D :D

      Delete
  8. ඔව් අප්පා බෙන්තර ගගෙන් එහා සෙට් එකටම group photo එක මිස් වුනා නොවැ....අවුලක් නෑ සහෘද හිත් එකතුවක් එක්ක ගෙවුනු සුන්දර හෝරා කීපයක්.....සංවිධානය කල සැමට පිං!!

    ReplyDelete
    Replies
    1. ගෘප් පොටෝ මිස් උනත් ගත්ත ආතල් මදිද? සංවිධානය කල සැමට පිං!!!

      Delete
  9. එන්න බැරි වුනානෙ...අයියෝ.....:((((((((((((

    ReplyDelete
  10. මේ ෆොටෝ එක ගහන්න ඇත්තෙ අන්තිමට වෙන්නැති!එකනේ අපිට මිස් උනේ!
    කොහොම උණත් සිරා ෆන්:)

    ReplyDelete
    Replies
    1. ජාතික ගියත් කිව්වට පස්සේ ගත්තේ. සිරා සිරා

      Delete
  11. අපි වෙලාවට අවාටගග රෙප් මහත්තයා කුකුළත් අරන් ඇවිල්ලා නොවැ..

    ReplyDelete
    Replies
    1. කුකුළා නිදා ගන්නත් කලින් ඊට කලින් දවසේ ඉදල පිට්ටනියේ :පි

      Delete
  12. තැන් කීයක කියන්නද අප්පා.. මට පට්ට ඊරිසියයි.. :(

    ReplyDelete
    Replies
    1. දැන් ඉරිසියා කරලා මොනවා කරන්නද බං. හිත හදා ගනින් :))))))

      Delete
  13. hikss..හැංගිච්ච අයත් හොයාගෙන නෙ??

    ReplyDelete
    Replies
    1. හොයා ගත්ත තමයි. හිටුකෝ ඉතුරු ටිකත් හොයා ගන්න :P

      Delete
  14. මගේ මූන භාගෙට ගහලා.. ඉහි ඉහි... ඊයේ දවස නම් මරු තමා අයියා.. නියමයි..

    ReplyDelete
    Replies
    1. මං දැක්කේ නෑ නේ ඒක . සුපිරියි :D

      Delete
  15. අඩේ මමත් මේ කඹ ඇදීමේ කණ්ඩායමේ හිටියනේ ඒ කියන්නේ රෙපා අයියත් මාත් එක්ක කඹ ඇදලනේ මේ පින්තූර වල ටිකක් ලොකු පින්තූර නැද්දෝ.... මටත් හිතුනා කුමන්ත්‍රණයක් යන්නැති කියලා නැත්තම් හිටිය කට්ටිය හැටියට අපි දිනන්නම ඕනේ

    ReplyDelete
    Replies
    1. හෑ එකට කඹ ඇද්දත් දන්නේ නෑ නේ. අපේ පැරදීම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ම තමා. අපි ඉතින් දින්නනම ගිය එල කිරි කොල්ලොනේ

      Delete
    2. ජය පැරදුම දෙකම භාර ගන්න මහත්තයා.. ජාත්‍යන්තර කුමන්ත්‍රණ පිටින් දාන්නෙ නැතුව... හිකිස් !!!

      Delete
  16. ශිහ් මං රෙපා අයිය දැක්කෙ නෑනෙ අම්මප ඊළඟ පාර හොයාගෙන ගිහින් කතා කරනව......රෙපා අයියලට කඹ ඇඳීමේ රහස් දැනගන්න ඕන නම් අපේ උපදේශකතුමිය පිණිබිදු අක්කව අමතන්න........

    ReplyDelete
    Replies
    1. එතුමිය අර කියල තිබුනේ වෙනදට නම් ගිය තැන පරදිනවා. ඒත් අද දින්නා කියලා දැක්කේ නැද්ද? මෙව්වා උඹලගේ කුමන්ත්‍රණ

      Delete
  17. මට එන්න බැරි වුනානේ :(

    ReplyDelete
    Replies
    1. දුක තමා ඉතිං. දැන් අඩන්න එපා :D

      Delete
  18. කකුල අතේ අරන් හරි එන්න තිබුනෙ...අපරාදේ.....:O.....ලබනසැරේ නම් මැරුනත් එනව....:P.තැන්කූ රෙප් අයියා..මංගැනත් කිව්වට....ඕනයාටත් ඉක්මන් සුව පතනව මම.....

    ReplyDelete
    Replies
    1. කකුල අතේ අරගන ආව නම් ඉතින් ඇවිද ගෙනම ආපහු යන්න තිබුනා. උඹටයි ඕනයටයි කනියටයි. තව ඉන්න ලෙඩ්ඩු ඔක්කොටමයි ඉක්මන් සුවය පතනවා

      Delete
  19. රෙපා. තැන්ක්ස්.

    අදමයි අම්බලමට ආවේ. රෙප් මහත්තයගෙ කමෙන්ට් නං දැකලා තියෙනවා ඕන තරම්. අම්බලමක ඉන්න න්බව අදනෙ දන්නෙ.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. වෙල් කම් කියලා සාදරයෙන් පිලිගන්නවා අම්බලමට. ආයේ ඉතින් යන එන ගමන් මෙහෙටත් ගොඩ වැදිලා යන්නකෝ. දුප්පත් රෙපා ඉන්නේ ඉතින් මේ අම්බලමේ තමා :D

      Delete
  20. //ජාත්‍යන්තර කුමන්ත්‍රණ හමුවේ පරාජය වූ අපේ කණ්ඩායමේ කඹ ඇදිල්ල//
    මොනාද බොල කුමන්ත්‍රන ?????????

    හොද වැඩේ උබට අපේ පැත්තට එන්න කිව්වම උබ මාරු..

    ReplyDelete
    Replies
    1. උඹලගේ කුමන්ත්‍රණ හමුවේ නොසැලී අභිතව තරගයට මුහුණ දුන් සැබෑ කඹ ඇදීමේ ශුරයන් වන අපිට ජය වේවා. :D :P

      Delete
    2. පැරදුනාම කව්ද දිනුවා කියන්නෙ.... ??

      Delete
  21. එල ඈ... මෙයා මම ළඟටම ඇවිත් කතා කලානේ :)

    ReplyDelete
  22. ප්‍රේක්ෂයන්ගෙ සිත් අප දිනා ගත් නිසා හිතේ කහටක් නැත

    ReplyDelete
  23. ආයේ ඉතින් මේ වගේම දවසක කට්ට්ය ඔක්කොම සෙට් වෙමු :))

    ReplyDelete
    Replies
    1. ආයෙත් හමු වෙමු හමුවී ෆන් ගමු. ෆන් ගෙන වෙන් වෙමු අපි ආයේ

      Delete
  24. එල එල කට්ටියම ඉතින් සුපිරි ෆන් ගත්තානේ.. දුකයි අන්තිම වෙනකන් ඉන්න බැරි උන එක ගැන.. ගෘප් ෆොටෝ එකෙත් නැනේ

    ReplyDelete
    Replies
    1. උඹ එහෙමවත් ආව එක ලොකු දෙයක් මචං. ආයේ දවසක සෙට් වෙලා ගනිමු ඇති වෙනකම් පොටෝ :)))))))

      Delete
  25. අන්තිම ඡායාරූපෙට ඉන්න බැරිඋන ඒක ගැන නම්දුකයි... ඉන්න පුළුවන්කමක් තිබ්බ නම් අනිවා ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඉතින් දුක තමා. ඒත් ඉතින් ගත්ත ෆන් එක මදිද:)))))

      Delete
  26. ලබන සැරේ වත් එන්ට කියල හිතුන...

    ReplyDelete
    Replies
    1. ඔරුවත් අරගනම වරෙන් එදාට. ඔරු පැදීමේ තරගයක්වත් බලන්න

      Delete
  27. හැංගිච්ච අය හොයා ගත්ත කිවුවට මම එකකවත් මේ රෙපා කවුද කියලා දැක්කේ නෑනේ.. අඩේ රෙපාගෙත් ෆොටො එකක් දාමු.. දැන් ඉතින් හැංගෙන්න දෙයක් තියෙනවයි?

    ReplyDelete
    Replies
    1. ඔන්න පොටෝ දෙකකම ඉන්නෝ රෙපා කියන එකා

      Delete
  28. ඒ මගේ පොටෝ නෑ නේ!! ඉහි ඉහි!!

    ReplyDelete
  29. අඩේ රෙපා ඉන්නවා කියලා වෙනවා ඇහුනට උඹත් එක්ක කතා කරන්න බැරි උනානේ.ලබන පාරව්ත් සෙට් වෙමු ඈ..

    ReplyDelete
  30. මේවා බලා හුල්ලමි..

    ReplyDelete