Wednesday, April 4, 2012

උසාවි කතා 02







උසාවි කුඩුවට වෙලා වාඩි වෙලා හිටපු මට ඉස්සරහින් හිටියේ හොදට දැකලා පුරුදු මුණක්.  මේ කවුද කියලා ටිකක් කල්පනා කරනකොට තමයි කවුද කියලා හරියටම මතකෙට ආවේ. මට මෙයාව මිට කලින් මුණ ගැහුනේ එක්තරා රාජ්‍ය නොවන සංවිධානෙක විගණන කටයුතු සදහා රට වටේ යනකොට ඒකෙ සේවය කරපු ව්‍යාපෘති සම්බන්දිකාරකවරයෙක් විදියට. එයා මා දිහා බලලා හිනා උන හැටියට මාවත් අදුන ගත්තා කියලා මට තේරුනා. එයා මා ලගට ඇවිත් වාඩි උනා.

“පුලුවන්ද මාව අදුන ගන්න”

“මොකද අදුන ගන්න බැරි මේ ගෝමරන්කඩවල ලාල් නේ. ඉතින් මොකද මෙහේ”

“දන්නේ නැද්ද හැම තැනම නඩු නේ. ඒ දවස් වල “

“ඒ කියන්නේ ඉස්සර වගේම තමා නේද”

ලාල් හිනා උනා

“මහත්තයාට ආයේ මං ගැන අමුතුවෙන් කියන්න ඕනද? ඒත් ඒක ටිකක් දිග කතාවක්. මෙතන කියන්න බෑ පස්සේ වෙලාවක කියන්නම්කො”

එදා දවසෙම උසාවියේ රස්තියාදු උන අපි උසාවියෙන් පිට වෙනකොට හවස් උනා. 

“මේ දවස් ටිකේ මං මේ පැත්තේ තමයි ඉන්නේ. දවසක මුණ ගැහෙමු.”

 එහෙම කියපු ලාල් පිට වෙලා ගියා. ආයෙත් එයාව මුණ ගැහුනේ ඊට පහු වෙනිදා ටවුන් එකේදී

“ඊයේ මුණ ගැහුනට කතා කරන්නත් බැරි උනා නේ. යමුද ප්ලේන්ටියක්වත් ගහලා පොඩ්ඩක් කතා කරන්න.”

කඩේට ගොඩ වෙලා පරණ වල් පල් කතා කර කර හිටපු අපි රස්සාවල් ගැන මාතෘකාවට ආවා

“උඹේ වැඩ තාමත් ඉස්සර වගේමද?  නැත්තම් දැන් ඒවා නවත්තලාද” මං ඇහුවේ මෙයාගේ කැරැට්ටුව හොදටම දන්නා හින්දා

“නෑ බං මං ඉස්සරට වඩා දියුණුයි දැන්. උඹලට ඉතින් මං ගැන හංගලා වැඩක් නෑ නේ.” ලාල් කිව්වේ ගානක්වත් නැතුව.”

“ඒ කිව්වේ”.

“දැන් මගේ රස්සාව උස්සලා මස් කරන එක”

“මොකක්”

“වාහන ත්‍රිවිල් මෝටර් සයිකල් තමයි වැඩිපුරම”

“ඒ කියන්නේ දැන් උඹේ ජොබ් ඒක අහිංසක මිනිස්සුන්ගේ වාහන උස්සලා මස් කරන එක”

“හ්ම්ම් උඹ හරි “

“එතකොට කර කර හිටපු රස්සාව”

“අපි දීපු ගේම් වල හැටියට එක රස්සාවක් වැඩි කාලයක් කරගන ඉන්න පුළුවන් කියලා හිතුවද? දීපු ගේමක් මාට්ටුවෙලා ඒ කාලෙම රස්සාව දාල එලියට බහින්න සිද්ද උනා. අපිත් ජිවත් වෙන්න එපායැ. ඉතින් අන්තිමට මේකට සෙට් උනා. දැන් මට ජයයි”

“ඉතින් ඔය දෙන ගේම් අහුවෙන්නේ නැද්ද?”

මිනිහා හිනා උනේ නෝන්ඩියට වගේ

"මල්ලි උසාවි පොලිසි හදල තියෙන්නේ මිනිස්සුන්ට යන්න තමයි. අනික දැන් ඕවයේ යන්න බය වෙන්න ඕනේ “කාටවත් වරදක් නොකරපු උන් මිසක් හැමදාම මේ වගේ ගේම් දෙන අපි නෙවෙයි”

මිනිහා කියපු ඒ කතාව ඒ වෙලාවේ මට තේරුනේ නෑ

“උඹ දැන් කියන්න යන්නේ අහිංසක මිනිහෙක් උසාවි පොලිසි ගියාට ඒ මිනිහට සාදාරණයක් ඉෂ්ට වෙන්නේ නෑ කියලද?”

“ඔව් සල්ලි විසි කරන්න පුළුවන් නම් අපට කතා කරන්න ලෝයර් මහත්තුරු ඉන්නවා ඕන තරම්. උඹ ඔය කියන උන්ට වෙන්න ඕන දේවල් දැනටමත් වෙලා ඉවරයි. ඒ මිනිස්සු තව දුරටත්  උසාවි පොලිසි යන එකෙන්  සිද්ද වෙන්නේ ඒ මනුස්සගේ අතේ තියෙන අන්තිම තුට්ටු දෙකත් ලොයර්ලට පුජ කරලා නන්නත්තාර වෙන එක විතරයි.  හැමදාම නඩු කල් යන හින්දා ඒ මිනිස්සුන්ට කරන රස්සාවක් කරගන ඉන්න වත් හැටියක් නෑ. ඒත් අපි වගේ උන්ට මේක සාමාන්‍ය දෙයක්”

මුට මොනවා කියන්නද කියලා මට හිතා ගන්න බැරි උනා. අනේ මන්දා

“අපි වගේ අය එළියේ ඉන්නකම් තමයි ලෝයර් මහත්තුරුන්ටත් වැඩ තියෙන්නේ. ඉතිං වැරදි නොකරන අහිංසක මිනිහෙක් වෙනුවෙන් කතා කලාට ඒ මහත්තුරුන්ට වැඩක් නෑ නේ බං”

“ ඉතිං උඹ ඔය කෙරුවාව තව කොයි කාලයක් කරන්නද? උඹ මෙච්චර කල් උඹේ දරුවන්ට කන්න දීලා තියෙන්නේ අහිංසක මිනිස්සුන්ගේ ගින්දර නේද “ මං ඇහුවේ කේන්තියෙන්

“මේක මමත් කැමැත්තෙන් කරන වැඩක නෙවෙයි බං. ඒත් මොනවා කරන්නද? ඔය බන දහම් ඔක්කොම අද සල්ලි වලට යටයි. සල්ලි නැත්තම් මොන මගුලක්වත් කරන්න බෑ. දැන් මට බන කිව්වට උඹටත් ඕවා තේරෙයි කවදා හරි කසාදයක් බැදලා ළමයෙක දෙන්නෙකුත් හැදුවට පස්සේ සල්ලි හොයාගන වරෙන් කියලා ගෑනි කන්කෙදිරි ගාන වෙලාවට”.

“මට තේරෙන්නේ නෑ බං උඹ ඔය කියන හරුපේ”

“වැඩිය ඕවා ගැන කල්පනා කරන්න යන්න එපා මල්ලි අන්තිමට ඔය මොන දෙයියත් සල්ලි වලට යටයි බං. පරක්කු උනා මං යනවා.”

ලාල් එහෙම කියාගන එතනින් පිට වෙලා ගියා.


24 comments:

  1. සිරාවට හරි දැන් හැම දෙයක්ම සල්ලි වලට යටයි.දැන් කවුද එතකොට වැරදි.ගමේ ඉන්න අහිංසක මිනිහා තමයි වැරදි.

    ReplyDelete
    Replies
    1. කවද හරි ඕවට රිටන් එක හම්බ වෙනවා මචං. නීතියෙන් රින්ගුවට තමන්ගේ හදවතින් රිංගන්න ඔය එක අයියා කෙනෙකුට වත් බෑ

      Delete
  2. සල්ලි නැත්නම් මුකුත් බෑ. සල්ලි හැබයි බලයට යටයි. එච්චරයි...

    ReplyDelete
    Replies
    1. සල්ලියි බලයයි තියෙනවනම් ඌ තමයි රජා

      Delete
  3. සල්ලි දෙයියන්ගේ මල්ලිලුනේ

    ReplyDelete
    Replies
    1. අනේ ඇත්තද මෙයා....

      Delete
    2. ඒත් දැන් දෙයියොත් විකිනෙනවා සල්ලි වලට

      Delete
  4. අහිංසක මිනිහයි උසාවි යන්න බය වෙන්න ඕන කියලා කියපු කතාවනම් ඇත්ත.. අපරාදේ අන්තිමේ සේසතම නඩුකාරයන්ට පූජ කරන්න වෙන වෙලාවල් තියෙනවනේ..

    ReplyDelete
    Replies
    1. ඔය ඉඩම් නඩු එහෙම පටන් ගත්තොත් නඩුව ඉවර කරන්න වෙන්නේ තව පරම්පරා දෙක තුනකට පස්සේ

      Delete
  5. ම්ම්..ඇත්තටම අහින්සක මිනිස්සු තමයි පොලිසි උසාවි යන්න බය..හොර මැරකම් කරන මිනිස්සුන්ට ඕව ගෙදර වගේ..

    ReplyDelete
    Replies
    1. එහෙම උන් හිටියේ නැත්තම් ලෝයර් මහත්තුරුන්ටත් වෙන්නේ හිගා කන්න

      Delete
  6. //"මල්ලි උසාවි පොලිසි හදල තියෙන්නේ මිනිස්සුන්ට යන්න තමයි. අනික දැන් ඕවයේ යන්න බය වෙන්න ඕනේ “කාටවත් වරදක් නොකරපු උන් මිසක් හැමදාම මේ වගේ ගේම් දෙන අපි නෙවෙයි”//
    සහතික ඇත්ත.

    ReplyDelete
  7. අයියෝ සල්ලි කියන්නේ නිකන් කට කහනවට නෙමෙයිනේ..

    ReplyDelete
  8. නීතියත් සල්ලිවලට යටවෙනවා කියන්නේ හොඳ දෙයක් නෙවෙයි........ ඒ කියන්නේ ඕන වැරදි වැඩක කරලා නිදහසේ ඉන්ඩ පුළුවන් කියන එකයි.

    ReplyDelete
    Replies
    1. හොද දෙයක් නෙවෙයි තමයි. ඒත් සිද්ද වෙන්නේ ඒක තමයි. කවුරු හරි ඒකට විරුද්දව කතා කරන්න ගියොත් අධිකරණයට අපහාස කිරීමේ වරදට ඌ හිරේ

      Delete
  9. සල්ලි සල්ලි!!!!
    අයියෝ සල්ලී.........

    ReplyDelete
    Replies
    1. ඇතුවත් බැරි නැතුවත් බැරි සල්ලි වලට යට උන රටේ නිතිය

      Delete
  10. සිරා මචං.. නීතිය කෝ දැන්?

    අනේ මන්දා..

    ReplyDelete
    Replies
    1. බන්දනාගාර කුඩුව ඇතුලේ හිටපු එකෙක් සාක්කි කාරයෙකුට එලියට ආව ගමන් උඹට ගේම දෙනවා කියල තර්ජනය කරනකොටත් එතන හිටපු ජේලර් මහත්තුරුත් ඒවා ඇහෙන්නේ නැතුව බිරෝ වගේ ඉන්නවා මං බලාගන. ඇතුලේ ඉන්න උන්ට කොහෙත් ඒකයි වෙච්ච කොට ජිවිතේ ගැන ආසාවක් තියෙන සාක්කිකාරයෝ එයිද ඌට විරුද්දව සාක්කි දෙන්න

      Delete
  11. ඇති උන් හොඳ කියන
    නැති උන් දොස් කියන
    සල්ලි :)

    ReplyDelete
  12. අනේ මන්දා මචං. ඔය හැම කේස් එකකම පැත්තක තියෙන්නේ සල්ලි කියන හිතක් පපුවක් නැති කොළ ජාතිය තමයි

    ReplyDelete
  13. සල්ලි වලට දෙයියොත් යටත්

    සිරා කතාව බං

    ReplyDelete