Saturday, April 14, 2012

කුණ්ඩලිනී සොයා ගියෙමි 2 කොටස

පලවෙනි කොටස කියෙව්වේ නැති අයට මෙතනින් ගිහිං කියවන්න පුළුවන්.


මේ ලිපිය කියවන්න කලින් මට ඔයාල හැමෝගෙන්ම ඉල්ලා සිටින්න දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාල මෙච්චර කාලයක්‌ ඔයාලගේ ඔලුවේ පුරවගන ඉන්න එක එක ආගම් දර්ශන සංස්කෘතීන් පිලිබදව ඔයාලගේ ඔළුවල තියෙන අදහස් හැම දෙයක්ම හිතින් අයින් කරලා මේ ලිපි පෙළ කියවන්න කියන කාරණය. ඔය කියන ආගම් සංස්කෘතීන් පිළිබද එක එක අදහස් ඔයාල ඉපදුන දවසේ ඉදලම ඔයාලගේ මනසට කාවදුන ඒවා. ඒ හින්ද මම මෙතැනදී මෙහෙම කරන්න කියලා කිව්ව පලියට එහෙම කරන්න අමාරුයි කියන එක මම දන්නවා. ඒත් මේ මම කියන්න යන කාරනා නිවැරදිව තේරුම ගන්න ඕනෑකමක් ඔයාල කාට හරි තියෙනවා නම් මේ ලිපි පෙළ කියවලා ඉවර වෙනකම් වත් ඔයාල ලෝකේ දිහා බලන්න දාගන ඉන්න පාට පාට කන්නාඩි ඔක්කොම ගලවලා පැත්තකින් තියන්නම වෙනවා. නිදහස් සිතකින් මේක කියවන්න
................................................................................................................................................................................................................

මනුෂ්‍යයා කියලා කියන්නේ ගවේශනාත්මක සත්වයෙක්. මේ කියන මනුෂ්‍යයා විසින් සිදු කරලා තියෙන විවිධ නව සොයා ගැනීම් හැම එකක්ම ඔහු කරලා තියෙන්නේ අන්න ඒ ඔහු තුල ඇති කියන ගවේශනාත්මක  පිපාසය කියන කාරණය හින්දම තමයි. එක එක ආගම් වලින් එක එක විදියට හදුන්වන නිවන, ස්වර්ගය, මෝක්ෂය, දෙවියන්,  සාමය වගේ විවිධ නම් වලින් හදුන්වන දේවල් හැම එකක්ම මිනිසා කියන සත්වයාට ලැබිලා තියෙන්නෙත්  මෙන්න මේ ගවේෂණ තුලදීම තමයි. ඒ විවිධාකාර නම් වලින් හදුන්වන දර්ශනයන් හොයාගත්ත පුද්ගලයන් උත්තමයන් දෙවියන් බුදුන් යනුවෙන් හදුන්වලා ගවුරව පුද පුජා කරනවාට වඩා යමක් අපි මෙච්චර කාලෙකට කරලා තියෙනවද? ඔබ බොදුනුවෙක් නම් පන්සලට ගිහිං මලක් පහනක් පත්තු කරලා වන්දනා කරනවා ඇති. කිතුනුවෙකු නම් දෙවියන්ට යාඥා කරනවා ඇති. හින්දු නම් දෙවියන්ට පුද පුජා පවත්වනවා ඇති. ඒත් ඒ මොනම වෙලාවක වත් ඔබ කල්පනා කලාද දෙවියන්, ස්වර්ගය, නිර්වාණය, තියෙන්නේ කොතනද කියලා. නෑ නේද?....


අපි කොයි තරමට පන්සල් පල්ලි කෝවිල් වන්දනාවේ ගියත්, දෙවියන් ගැන ස්වර්ගය ගැන නිර්වාණය ගැන කොතරම් කථා කලත් ඒ එකම එක දෙවිදුන් කෙනෙක් සමග වත් පුංචිම පුංචි සම්බන්දතාවයක්වත් පවත්වාගන යන්න ඔබට පුළුවන් වෙලා තියෙනවද? එහෙම කිසිම සම්බන්දතාවයක් නැතත් අපි එහෙම කරන්නේ මොකටද? මොහොතක් හිතන්න ඒක හරියට අන්ධයන් ආලෝකයේ සදාකාලිකත්වය ගැන, බිහිරන් සජීවී සංගීතමය ප්‍රස්තාර ගැන කථා කරනවා හිතනවා වගේ දෙයක් නෙවෙයිද?


මම දැන් කියනවා මේ මුළු මහත් පෘතුවිය පුරාම මනුෂ්‍යයා විසින් නිර්මාණය කරගන තියන පන්සල් පල්ලි කෝවිල් දේවාල වගේ සිද්දස්ඨාන වලින් අපිව මහා රැවටීමකට ලක් කරලා තියෙනවා කියලා. දැන් ඉතින් කට්ටියම එකතුවෙලා මට බනින්න කලින් මේ ටිකත් කියවන්න. තේරුම් ගන්න.

අපට උපරිමයෙන් දෙවියන් විශ්වාස කරන්න පුළුවන්. නමුත් අපට කවමදාකවත් ඔහුව දැක ගන්න නම් ලැබෙන්නේ නෑ. අපි එක්ක ඉන්න යම් කෙනෙක් දැඩි ලෙස අයද සිටිනවානම්, ඔහු බලගතු ලෙස දෙවියන්ගේ පැවැත්ම සනාථ කර සිටිනවා නම්, ඔහු දැඩි ලෙස එසේ විශ්වාස කරන විට දෙවියන් නොමති බවක් ඔප්පු කිරීමට අප හට නොහැකි වනවා නම් අපට හැගෙනවා අප පරාජය වූ බව. එවිට අප පටන් ගන්නවා දෙවියන් විශ්වාස කරන්න. ඔව් අපට දෙවියන් විශ්වාස කරන්න පුළුවන්. ඒත් දෙවියන් විශ්වාස කරනවා කියන්නේ අප දෙවියන් දන්නවා කියන එකවත් දෙවියන් දැක තිබෙනවා කියන කාරණය වත් නෙවෙයි. හුදු විශ්වාසයක්ම විතරයි....


හැමෝටම තේරෙන විදියට උදාහරණයක් මගින් තව දුරටත් මේ කාරණය පැහැදිලි කරනවා නම් අන්ධයෙකුට ආලෝකය කියන්නේ මොකක්ද කියන එක අපි කොහොම ඒත්තු ගන්වන්න උත්සාහ කලත් ඔහුට ආලෝකය කියන්නේ මොකක්ද කියන ඒක තේරුම ගන්න බෑ, ඔහු ජිවිතේ කිසිම දවසක ආලෝකය දැකලා නෑ. නමුත් ඔහු විශ්වාස කරනවා ඔහු පිලිගන්නවා ආලෝකය කියලා දෙයක් තිබෙන බවට....


නිවන ස්වර්ගය මෝක්ෂය සාමය දෙවියන් ඒක ඒක ආගම් දර්ශන වල මොන මොන නම් වලින් හැදින්වුවත් අපි මේවා හොයාගන ආගමික සිද්දස්ථාන ගානේ රස්තියාදු උනාට අපට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. මොකද අපි තවමත් වටහා ගෙන නැහැ මේ කියන දේවල් හැම දෙයක්ම තියෙන්නේ ඔය කිසිම ආගමික ස්ථානයක නොවෙන බව. ආගමික ස්ථාන කියල කියන්නේ සංකේතයක් විතරයි කියන කාරණය. මේ හැමදෙයක්ම සැගවිලා තියෙන්නේ අප තුලමයි කියන කාරණය........


අපි ඔය කියන දේවල් හොයාගන ලෝකේ වටේම වන්දනා ගමන් ගියත් වෙන මොන මොන දේවල් කලත් ඒවා කවමදාවත් අපට මුණ ගැහෙන්නේ නෑ. හේතුව අපි අපේ ශරීරය තුල අපට හොරෙන්  සැගවී තිබෙන අපට දෙවියන් මුණ ගස්වන ඒ මහා ශක්තිය හදුනා නොගත් නිසා.


දැන් ඔබට වැටහෙනවා ඇති මේ ලිපි පෙළ පටන් ගන්න කලින්ම දාගන ඉන්න පාට කන්නාඩි ගලවලා එන්න කියලා මම ඔයාලට කිව්වේ මොන හේතුවකටද කියලා......

නිසැකවම අප තුල මද්‍යස්ථානයක් තියෙනවා නිද්‍රෝපගතව. මේ මධ්‍යස්ථානයේ ශක්තිය දැනගත් ක්‍රිෂ්ණා ආරම්භ කළා ආනන්දයේ නර්තනය. ජේසුස් වහන්සේ කුරුසියේදී පැවසුවා “පියාණනි ඔවුනට සමාව දෙනු මැනවි. ඔවුන් කරන්නේ කුමක්දැයි කියා ඔවුන් නොදන්නා නිසා” කියා. මේ මධ්‍යස්ථානය හේතු කොට ගෙනම සිදුහත් තාපස තුමා බුදු කෙනෙකුන් බවට පත් වුනා. හිතන්න තව දුරටත්.......

මේ ගැන තව දුරටත් උදාහරණයක් මගීන් පැහැදිලි කරන්න මම කැමතියි. හිතන්න අන්දකාරයේ සවි කරලා තියෙන විදුලි බල්බයක් ගැන. එයට විදුලිය සපයන රැහන අපි කපා දැමුවොත් ආලෝකය සැපයීමත් නවතීවි. රැහන එසේම තිබුනත් බල්බය වෙතට විදුලිය නොලැබුනොත් බල්බය පෙර සේම අදුරේම තිබේවි. විදුලිය තමන් වෙතට නොලැබේ නම් අසරණ බල්බය කුමක් කරන්නද?.....

ඒ බල්බය වාගෙමයි අප තුල තිබෙන මධ්‍යස්තානයත්. අප තුල ඇති ජිවන ශක්තිය මේ මධ්‍යස්තානයට නොපැමිණීම හේතුවෙන්ම එය නිසලව අකර්මන්‍යව වැතිර සිටිනවා. ජිවන ශක්‌තිය යොදාගන එය පනගන්වුයේ නැතිනම් එයත් හරියටම අදුරේ තිබෙන බල්බය වාගෙමයි. කිසිම ඵලයක් නෑ, ආලෝකයක් නෑ........


හිතන්න ජීවිතය ගැන නැවතත්. බලන්න ජීවිතය දෙස අලුත් ඇසකින්.........
අපට හොර රහසේ අප තුලම සැගව සිටින දෙවියන් අපට මුණ ගස්වන ඒ මහා ශක්තිය ගැන කියවෙන තවත් ලිපියකින් ආයෙමත් ලගදීම මුණ ගැහෙමු..........   


3 කොටසට මෙතනින් යන්න පුළුවන් 

14 comments:

  1. පොඩ්ඩක් හිටුකෝ පලවෙනි එක කියවල එන්න..මම ඔය සබ්ජෙක්ට් එක ගැන ආසාවෙන් හිටියේ...

    ReplyDelete
  2. අලුත් අදහසක්.. බලමුකෝ.. හැබැයි මිත්‍රයා බිහිරි අයට මිහිරි සංගීත ප්‍රස්තාර නිර්මාණය කරන්න බෑ කියපු කතාවට නම් එකඟ වෙන්න බෑ.. උදාහරණය බීතෝවන්!

    ReplyDelete
  3. මෙතන තියෙන්නේ මම ඉදිරිපත් කරන අලුත් අදහසක් කියලා වරදවා වටහා ගන්න එපා මිත්‍රයා.. මේ ඉතාමත් පැරණි ඉසිවරුන් විසින් මිනිසා තුල පවතින බවට සොයාගෙන තියෙන මිනිසාගෙන් සැගවිලා තියෙන මහා ශක්තියක් පිළිබදව ලියවෙන ලිපි පෙළක්. මේ පිලිබදව යාන්තමින්වත් අවබෝදයක් ලබා ගන්න උවමනාවක් තියෙනවා නම් අපි අපේ ජිවිත ගැන හිතන විදිය සම්පුර්ණයෙන්ම වෙනස් කරගන අලුත්ම විදියකට අපේ ජිවිත දිහා බලන්න පුරුදු වෙන්නම වෙනවා.

    මට මෙතැනදී බිහිරි අයට මිහිරි සංගීත ප්‍රස්තාර නිර්මාණය කරන්න බෑ කියලා අදහස් කරන්න අවශ්‍ය නෑ. මෙතැනදී මම උත්සාහ කලේ සාමාන්‍ය බිහිරි පුද්ගලයෙකුට සංගීතය කොයි වගේ දෙයක්ද කියන එක හරියටම තේරුම් කරන්න බෑ කියන කාරණය ඉදිරිපත් කරන්න. කොපමණ මිහිරි සංගීත ප්‍රස්තාර නිර්මාණය කලත් ඒ පිලිබදව කතා කලත් බිහිරි පුද්ගලයෙකුට කවමදාක වත් එය අසා රස විදින්න පුලුවන්ද? සංගීතයේ උපරිම ඵලය ඔහුට විදගන්න පුලුවන්ද?......

    නමුත් මේ කියන ආධ්‍යාත්මික ශක්තිය දියුණු කල පුද්ගලයෙකුට ඔය කියන ශාරීරික දුර්වලතා මොනවා තිබුනත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඔහුට දෙසවන් නොතිබුණත් සංගීතය රස විදින්න පුළුවන්. දෑස් නොතිබුනත් ආලෝකය දකින්න පුළුවන්. ඒ පිලිබදව තවත් විස්තර ඉදිරි ලිපි තුලින් ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. රැදී සිටින්න ඉදිරි ලිපි සමගින්...
    බොහොම ස්තුතියි මිත්‍රයා ඔබ ඉදිරිපත් කල අදහසට..........

    ReplyDelete
  4. මේ ලිපි පෙල ආසාවෙන් කියවනවා වගේම මේ කරුනු ගැන අවබොධ කරගන්නේ මේ ලිපි පෙල තුලින්ම නිසා අදහස් ප්‍රකාශ කිරිම පසුවට කල් තබනවා... මොනවා උනත් ලිපි ටිකක් ඉක්මනින් ලියවෙනවා නම් මම කැමතියි

    ReplyDelete
    Replies
    1. ඉක්මනින් ලියන එක තමා වැඩේ. මේක ලියන්නේ මමත් මේ ගැන තව දුරටත් හොයන අතරෙනේ.....

      Delete
  5. මට මේක කියපන්....

    උඹ බල්බ් එකට කරන්ට් එක දුන්නද????????????
    මට නම් බයේ බෑ උඹ ගැන දැන්... ඔන්න හෙට අනිද්දා දිහාට "මම බුදු වෙලා ඉන්නේ" කියලා කියනවා එහෙම නෙමෙයි ඔන්න...

    ReplyDelete
    Replies
    1. වටිනා අදහස් ටිකක් ලියවෙයි වගේ බලන් ඉන්නම්කො නේ...



      ඇයි බං නම වෙනස් කලේ...

      Delete
    2. මොන කරන්ට් එකක්ද බං. මමත් තවම මේක ගැන හොයනවා විතරනේ. අනිත් එක ටවුමක් ටවුමක් ගානේ ටියුෂන් කඩ දාගන කුණ්ඩලිනි විකුණන් කන ඔය එකෙක් වත් මේ කියන බල්බ් එකට කරන්ට් එක දෙනවා තියා ඒ ගැන හිතලවත් නෑ. මේ ගැන හෙව්වට දැන්ම ඔය බල්බ් පත්තු කර ගන්න මගේ අදහසක් නෑ බං.
      නම වෙනස් කළා කිව්වේ ????????????

      Delete
  6. ඊගාව ටිකත් දැම්මනං බලන්න, කුණ්ඩලීනී ශක්තිය ලබා ගත්ත කෙනෙක්ට කරන්න පුලුවන් දේවල් මොනාද, ඒ කියන්නෙ අකාල සන්ධ්‍යා නාට්‍යයෙ තිබුන දේවල් ඇත්තටම කරන්න පුලුවන්ද ........

    ReplyDelete
    Replies
    1. අකාල සන්ධ්‍යා නාට්‍යයේ ප්‍රදාන වශයෙන්ම තිබුනේ කාල තරණය පිලිබදව. කාලය කියන එක අපි එකිනෙකාට සාපේක්ෂයි. ඒ ගැනත් ඉදිරි ලිපි වලින් කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. මේ ලිපි පෙළත් එක්කම රැදී ඉන්න කියලා ඉල්ලනවා. ස්තුතියි...

      Delete
  7. හැම ලිපියම වැදගත් බව දනිමි.

    පෙර කීවාක් සේ මේ ලිපි පෙල වෙනුවෙන් ස්තුති.

    ජය පතමි.

    ReplyDelete
    Replies
    1. ඔබ මෙහි සෑම ලිපියක්ම කියවන බව දනිමි. බොහොම ස්තුතියි. ජය වේවා ..!!!

      Delete
  8. නොදන්නා දෙයක් දැනගැනීමට සැලැස්වීම ගැන ස්තුතියි.

    ReplyDelete
  9. සිදුහත් කුමාරය බුදු උනේ කුන්ඩලිනී අවධි කරගෙන කියලද උඩ අදහස් කලේ

    ReplyDelete