Tuesday, April 10, 2012

කුණ්ඩලිණි සොයා ගියෙමි 01 කොටස

මං කුණ්ඩලිණි කියන වචනේ මුලින්ම ඇහුවේ ජයන්ත චන්ද්‍රසිරි මහත්තයාගේ අකාල සන්ද්‍යාව හෙවත් කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකයා කියන ටෙලි නාට්‍යයෙන්. බ්ලොග් ලෝකෙදි දුමියගේ කට කහන කතා වලත් ඔය කුණ්ඩලිණි කතාවක් තියෙනවා දැක්කා. ඒත් ඇත්තටම මේ මොකක්ද කියලා හොයන්න හිතුනේ මේ ලගදි ඉදන් මේ කුණ්ඩලිණි යෝගේ විකුණන ටියුෂන් කඩ දෙක තුනකම කටවුට් දෙක තුනක්ම පාරවල් අයිනේ දකින්න ලැබුන හින්ද. ඇත්තටම මේ කුණ්ඩලිණි කියන්නේ මාස හය හතක කෝස් එකක් කරලා ගන්න පුළුවන් සෙටිපිකට් එකක්ද? දුමිය කියන විදියට කාලය හරහා එහාට මෙහාට යන්න පුළුවන් වෙන ජාතියේ ලයිෂන් එකක්ද එහෙමත් නැත්තම් තමන්ගේ මානසික ශක්තිය දියුණු කිරීමෙන් ලගා කර ගන්න පුළුවන් තත්වයක් ද? මම මේ ලිපි වලින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ  ඇත්තටම මේ මොකක්ද කියලා හොයල බලන කොට දැනගන්න ලැබුන විස්තර ටිකක්.......  

මේ සම්බන්දයෙන් මොනවම හරි දෙයක් ඔයාලත් දන්නවනම් කමෙන්ටුවක් හරහා ඔයාලගේ දැනුමත් බෙදා ගන්න එන්න කියලා ආරාධනා කරන ගමන්ම පටන් ගනිමු කුණ්ඩලිණි සොයා යන්න.
.................................................................................................................................................

ආධ්යාත්මික ගවේෂනයන්ගේ විශිෂ්ට සොයාගැනීමක් විදියට යෝග අභ්‍යයාස කියන දේ හදුන්වලා දෙන්න පුළුවන්. මේ කියන යෝග අභ්‍යයාස විද්‍යාත්මක පදනමක පිහිටුවලා තහවුරු කිරීමක් කරලා තියෙන්නේ පතන්ජලී කියන ඉසිවරයා විසින්. එතුමා විසින් තහවුරු කරන ලද ඒ විද්‍යාත්මක දැනුම සම්භාරය භාවිතා කරලා බොහොමයක් යෝගීන් විසින් ආත්ම ගවේෂණය තුලින් මහගු ප්‍රතිපල අත් කර ගන්න සමත් වෙලා තියෙනවා. මෑත කාලීනව කුණ්ඩලිණි ශක්තිය තුලින් තම අනුගාමිකයන් මෙහයවූ භාව ගුරුවරයා තමයි ඕෂෝ කියල කියන්නේ...... 

osho 
ඕෂෝ
කිසිදා නුපන් කිසිදා නොමල,
1931 දෙසැම්බර් 11 දා සිට 
1990 ජනවාරි 19 දා අතර
කාල අවකාශයේදී
පෘතුවියට පැමිණි අමුත්තා

අපි මුලින්ම බලමු මොකක්ද මේ කුණ්ඩලිණි කියල කියන්නේ මොකක්ද කියලා. අපි මනුෂ්‍යයෙක්ගේ ශරීරයක් ගත්තොත් ඒක අඩි පහකට හයකට වඩා නෑ. මේ අඩි පහ හයේ කුඩා ප්‍රමාණයට අපේ මුළු ජීවිතේම සිමා වෙනවා. මේ කියන ජිවන ශක්තිය ගබඩා කරලා තියෙන අවකාශය පිහිටලා තියෙන්නේ අපේ ලිංගික මධ්‍යස්තානය ආසන්නයේ පිහිටලා තියෙන කුඩා දිය පොකුණක් ( කුණ්ඩයක්) වගේ ස්ථානයක. 



ඒ වගේම මේ ශක්තිය කුණ්ඩලිණි කියල හදුන්වන්න තවත් හේතුවක් තමයි ඒක හරියටම දරණ ගහගන නිදාගන ඉන්න නාගයෙකුගේ ස්වරූපයකින් තිබීම. ඔයාල නිදාගන ඉන්න නාගයෙක් දැකල තියෙනවා නම් දන්නවා ඇති ඌ ඉන්නේ දරණ ගහගන පෙනය උඩින් තියාගන කියලා. කවුරු හරි කෙනෙක් මේ නිදාගන ඉන්න සර්පයාව අවදි කලොත් එකපාරටම ඌ අවදි වෙලා පෙනය ඔසවාවි. කුණ්ඩලිණි ශක්තිය අවදි කරනවා කියලා කියන්නෙත් අපේ ශරීරය ඇතුලේ නිද්‍රාශිලිව තියෙන ඒ වගේ මහා බලයක් අවදි කරනවා කියල කියන එක.



තවත් විදියකට කියනවා නම් අපේ ජීවයේ බීජය තියෙන්නේ අපේ ලිංගික මධ්‍යස්ථානය අසල. අපේ ජීවිතය හැම දිහාවකටම විසිරිලා පැතිරෙන්නේ අන්න එතනින්. අපි ලිංගිකය මගින් හියා ගන්න පුංචි සතුට ලිංගීකයේ සතුට නෙවෙයි. ඒ දැනෙන්නේ ලිංගික ක්‍රියාවන් සමග කම්පනය වන ප්‍රාණ ශක්තියේ පොකුණ නගන කම්පනයෙන් නිදන සර්පයා යන්තමින් සැලීම නිසා දැනෙන හැගීමක්. අපි හිතන්නේ මේක තමයි සතුට කියලා. අපි කොහොමට වත් දන්නේ නෑ මුළු මහත් සර්පයාම පිබිදුනොත් මොනවා වෙයිද කියලා. කුණ්ඩලිණි අවදි කිරීම තුලින් සිද්ද වෙන්නේ මෙන්න මේ නිදා ගන්න සර්පයා සම්පුර්ණයෙන් අවදි කිරීමක්. ඒ මොන වගේ තත්වයක් වෙයිද කියලා හිතා ගන්න ඔයාලට පුලුවන්ද? 


කුණ්ඩලිණි ශක්තිය ගැන කියවෙන තවත් ලිපියකින් ලගදීම හමුවෙමු


විශේෂ ස්තුතිය
කුණ්ඩලිණි සොයා යාමට මග පෙන්වූ 
යෝග උපදේශක 
ජෝ. සෙනවිරත්න මහතාට........


දෙවෙනි කොටසට මෙතනින් යන්න පුළුවන් 

25 comments:

  1. අමුතුම දෙයක්.හොඳයි.අපි ඉන්නවා කියවන්න.ඔන්න මං ආවා මුලින්ම..

    ReplyDelete
    Replies
    1. කියවන්න අය ඉන්නවානම් මම ලියනවා (y)

      Delete
  2. ඇත්තටම නොදන්න කරණාවක්... ඉති ඇත්තටම ඒ ගැන අදහස් කරන්න දෙයක් නම් මම දන්නේ නැ.. අසාවෙන් බලාගෙන ඉන්නවා ඉතුරු විස්තර එනකම්

    ReplyDelete
    Replies
    1. මමත් මේක මොකක්ද කියලා හොයා ගන යන ගමන් ඉන්නේ. තවත් ලිපි පෙළක් ලියන්න නම් කරුණු දැනට තියෙනවා. ලගදීම තවත් ලිපියක් දාන්න බලාපොරොත්තු වෙනවා ....

      Delete
  3. එල එල ඉතුරු ටිකත් ඉක්මනට ලිව්වා නම් අදහසක් ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ලියනවා මචං පුළුවන් තරම් ඉක්මනින්.......

      Delete
  4. මම අදමයි මෙහෙම දෙයක් ගැන අහන්නේ.. ඒ නිසා ඉදිරි ලිපි පෙල අනිරාර්‍යෙන් කියවනවා..

    ReplyDelete
    Replies
    1. මමත් මේක ඉගන ගන්න ගමන්නේ ලියන්නේ. උඹ පොස්ට් දානවා තරම් ඉක්මනින් නැති උනත් ඊලග ලිපියත් ඉක්මනටම දානවා.........

      Delete
  5. මමත් අදමයි දන්නෙ මෙහෙම දෙයක්..
    ඉතුරු ටිකත් ඉක්මනට ලියමුකො එහෙනම්.. :)

    ReplyDelete
  6. කතාගේ ලිපියක් තිබුනා ව්‍යායාම කරන කොට කාන්තාවන් සුරාතාන්තයට පත්වෙන. ඔය වෙලාවේ මගේ කොමෙන්ට් එකේ දැම්මා සමහර වෙලාවට මේ කුන්ඩලනී යෝගය පිහිටා තිබෙන ප්‍රදේශය උත්තේජනය වීමෙන් මේ දේ වෙන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි සමහර සංවේදී අවස්තාවල බඩ කූල් වෙන එක. ඔය බටර් ෆල්යි ඉන් ද ස්ටමග් කියන්නේ ඒ වගේ වෙලාවට. මට ඒ වෙලාවේ ඔය නම මතක නැතුව හිටියත් පස්සේ හිතුනා ඒ ගැන ළිපියක් ලියන්න. දැන් අවශ්‍ය නෑ. වැඩේ හරිනේ. නමුත් ඔය කියන ප්‍රදේශය තියෙන්නේ ලිංගය ආශ්‍රිතව නොව. නාභියට කිට්ටුවෙන් බවයි මම නම් ඉගෙනෙ ගෙන තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මට නම් දැනගන්න ලැබුනේ කුණ්ඩය කියන දේ තියෙන්නේ ලිංග ප්‍රදේශය ආශ්‍රිතව කියලා තමයි. ඔය පින්තුර ටික ගත්තෙ නම් නෙට් සර්ච් කරලා. ඒ පින්තුර වලත් කුණ්ඩලිනී කියන එක පෙන්නලා තියෙන්නේ ලිංග ප්‍රදේශය ආශ්‍රයේ වගේ නේද මාතලන් අයියා...........

      Delete
  7. ශොහ්!!! මාරයි....
    ඉගෙන ගන්න හිතෙනවා මට.

    ReplyDelete
    Replies
    1. ඉතින් අපි ඉගන ගනිමු..... එන්නකෝ දිගටම මේ පැත්තේ.....

      Delete
  8. කාලා වරෙන්කෝ... අපි මේ ලෝකේ දන්නේ මොනවද කියලා හිතෙන්නේ මෙන්න මේ වෙලාවට

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මොනවද බං අපි දන්නේ .................................

      Delete
  9. මම අදමයි ඇහුවෙ මෙහෙම දෙයක්..:O හරිම වටිනවා...

    ReplyDelete
    Replies
    1. අපි දුන්නොත් ඉතින් දෙන්නේ වටිනා කියන දෙයක් තමා නංගි.... :-)

      Delete
  10. සතුටුයි මචං මේක දිගටම දාපං.. ආසම මාතෘකාවක්


    ජයෙන් ජය !

    ReplyDelete
    Replies
    1. හරි දානවා ලගදීම ජය වේවා මචං...

      Delete
  11. වෙනස්ම මාතෘකාවක්. දිගටම ලියන්න.

    ReplyDelete
  12. වෙනස් විදියේ මාතෘකාවක්. ඒ වගේම හරිම රසවත් කතිකාවක් වෙයි. ඒක නෙවෙයි. මොකක්ද මේ ඕෂෝ එක්ක තියන සම්බන්දේ?

    ReplyDelete
    Replies
    1. // මෑත කාලීනව කුණ්ඩලිණි ශක්තිය තුලින් තම අනුගාමිකයන් මෙහයවූ භාව ගුරුවරයා තමයි ඕෂෝ කියල කියන්නේ......//

      ඔය මම කියල තියෙන්නේ කලින්ම මේකට ඕෂෝ එක්ක තියෙන සම්බන්දෙ ගැන .....

      Delete
  13. සෑහෙන්න වැදගත් දැනුවත් කිරීමක්, ඔය කුණ්ඩලීනී ශක්තිය මාස හත අටෙන් ගන්න පුලුවන් නං හැමෝම ගන්නවනේ. ඔය දේටමද කියන්නෙ විශ්ව ශක්තිය එක තැනකට ගේනවා කියලා ........

    මමත් ආසම මාතෘකාවක් තව ලියන්න ඔය වගේ දේවල් ......

    ReplyDelete
  14. අපි හුස්ම ගන්නවා කියලා කියන්නෙත් විශ්ව ශක්තිය එකතු කිරීමක් තමා. විශ්ව ශක්තිය කියල දෙයක් නැත්තම් ජිවයක්‌ කියල දෙයකුත් නෑ. මේ හැම දෙයක්ම තියෙන්නේ විශ්ව ශක්තිය නිසා තමයි. රැදී ඉන්න දිගටම ලිපි පෙළ සමගින් ......

    ReplyDelete