Tuesday, January 31, 2012

අපායේ රවුමක් යමු




අද මම ඔයාලත් එක්ක යන්න කල්පනා කලේ ලංකාවේ බ්ලොග් කරුවෝ / කාරියෝ ඇතුළු ගොඩාක් දෙනෙක් තමන්ගේ මරණයෙන් පස්සේ යන්න ආසාවෙන් බලාගන ඉන්න තැනකට. මොකක්ද ඒ තැන . එතනට කියන්නේ අපාය කියලා. මේ අපායට නරකය නරකාදිය වගේ තව නම් ගොඩාක් තියෙනවා. එහෙනම් යමු මා එක්ක අපායේ රවුමක්.



නරකාදීයට උනත් යන්න කලින් වටපිටාව ගැන දැනගන යන්න ඕනනේ. එහෙනම් මුලින්ම මේ විස්තරෙත් කියවන්නකෝ


අවිච්චි මහා නරකාදිය

නරකය නරකය කියල කියන්නේ අපි සාමාණ්‍ය ව්‍යවහාරයේ නරකාදිය කියල කියන එකට. නරකාදි කියන සිංහල වචනය නරකය+ආදි යන්නේ අපර අක්ෂර ලොප් වි හැදුන වදනක්. මෙයින් හැගවෙන්නේ නරකය ආදි අනිත් අපාය ලෝක කියන එක. මෙ නරකයත් කොටස් වලින් යුක්තයිලු, මෙ ආකාරයට මහා නරකයන් 08 ක් ඇත. මෙ මහා නරක පොළොව ඇතුලෙහි එකිනෙකට යටින් පිහිටා තියෙනවා . එවා හැඩයෙන් හතරැස් ‍ය. ඒවායේ බිම සහ බිත්ති සැදී ඇත්තේ ලොහයෙන්ය. උඩින්ද ලෝහයෙන්ම වැසි තිබෙ. එක් එක් නරකයක දිශා 04 හි දොරටු 04 බැගින් ඇත. මෙ නරකයක ඇතුලත ප්‍රමාණය දක්වා ඇත්තේ එක් එක් දිශාවකට යොදුන් 100 බැගින් යනුවෙනි. මෙ නරකයන් ඇතුලත ගිනිදැල් වලින් පිරි ඇති බවත් දක්වා ඇත. මෙ එක් මහා නරකයක පිටිපැත්තේ එක් එක් දිශාවට වන්නට කුඩා නරක 04 බැගින් පිහිටා ඇති බව දක්වා ඇත. මෙ කුඩා නරක හදුන්වනුයේ "ඔසුපත් නරක" යනුවෙනි. ඒ අනුව එක් මහා නරකයක් වටා "ඔසුපත් නරක" 16 ක් ඇත. ඒ අනුව මහා නරක අටෙහිම ඔසුපත් නරක 128 ක් ඇත.


විස්තරේ කියෙව්වනේ එහෙනම් දැන් යමු නරකාදී


ඔන්‍න‍ එහෙනම් පලවෙනි තැන. මෙතනට එන්නේ මනු ලෝකෙදි පක්ෂීන්ගේ බෙල්ල කපලා මරල දාන අය







සත්ත්වයින්ගේ ගෙලට ගිනියමි වු ලෝහ මදු යොදා පහලට ඇද තද කර ඔවුන්ගේ හිස් කපා, දණ්ඩක අමුණා ගෙන ගොස් ලෝදිය සැලියකට දමා එය බලමින් යමපල්ලෝ සන්තෝෂ වෙති. කර්ම බලය නිසා හිස කපන ලද ශරිර වල නැවතත් හිස් හට ගනියි. එවිට යමපල්පල්ලෝ නැවත නැවතත් ඔවුන්ගේ හිස් සිදිම සිදු කරණු ලබයි. එවා නැවත නැවතත් ලොහොදිය සැලියට දැමිමද සිදු කරයි.


ඊළගට අපි යමු මිනිස් ලෝකේදී වරදී විදියට වෙලා හෙළදාම් කරලා ධනය උපයපු පුද්ගලයන්ට වෙන්නේ මොනවද කියල බලන්න. මේ අය කරලා තියෙන්නේ හොද වී වලට බෝල වී කවලම් කරලා විකුනපු එක




මෙහි නොගැඹුරැ තොටක් ඇති දර්ශනිය ගංගාවක් ඇත. එම නරකයේ බලවත් වු ගිනි රස්නය නිසා හටගත් අධික වු පිපාසාව නිසා, එය ඉවසාගත නොහැකි වු සත්ත්වයින් ගිනියමි වි දැවෙන ලෝහමය පොලව පාගමින් විත් ජලය බිමෙ අදහසින් ඒ ගංගාවට බසිනු ලබයි. ඒ සැනින් ගංගාවෙ ඉවුර ගිනි ගන්නට පටන් ගනියි. ගංගාවෙ ජලය ගිනියමි වු බොල් වි බවට පත්වෙයි. ඉවසාගත නොහැකි වු පිපාසාව නිසා කන්නට අන් කිසිත් නොමැති වු මෙම සත්ත්වයෝ ඒ ගිනියමි වු බොල් වි දෝතින් ගෙන අනුභව කරයි. ඒ බොල් වි ඔවුන්ගේ ශරිරයේ ඇතුළුපස දවාගෙන අධෝ මාර්ගයෙන් නික්මෙයි.


මිනිස් ලෝකෙදි අනිත් අය සතු වස්තුව හොරකම් කරපු සෙට් එක ඉන්නේ මෙතනලු






යමපල්ලන් දුනු හි ආදිය ගෙන එම නිරයේ උපන් සත්ත්වයින් වටකොට, වනයේ වැද්දන් මුවන්ට විදින්නා වු ආකාරයෙන් ඔවුන්ට දුනු හිතල වලින්
විද දමයි. මෙයින් ඔවුන්ගේ ශරිර සැම තැනම සිදුරැ වි තැන් තැන් වලින් පණුවන් කෑ කොල මෙන් වෙයි. සිදුරැ වි යයි


මනුස්ස ලෝකෙදි තමන්ගේ ස්වාමි පුරුෂයාට හොරෙන් වෙන පුරුෂයන් ආශ්‍රය කරන කාන්තාවන්ට සිද්ද වෙනවා කියන්නේ මෙන්නේ මේක තමා





මෙහි, ස්ත්‍රින් ශරිරයෙන් අඩක් ගිනියමි වු ලෝහ පොලවෙ ගිලී, සිටුවා ඇති කණු මෙන් නිසලව සිටි,එක් දිශාවකින් ඇඹරැමි ගලක් බදු විශාල පර්වතයක් නැගි මහා හඩක් නගමින් ගිනි දැල් විහිදුවමින් පැමිණ ඔවුන්ගේ ශරිර සුනුවිසුණු කර අඹරමින් පෙරළි යයි. ඒ වහාම කර්ම බලය නිසා ඔවුන් ගේ ශරිර නැවතත් ප්‍රකෘතිමත් වෙයි. ඒ සමගම වෙනත් දිශාවකින් නැවතත් එබදුම අඹරැමිගලක් නැගි ඔවුන්ගේ ශරිර අඹරා දමනු ලබයි. සමහර විට දෙදිශාවෙන්ම මෙම පර්වත නැගෙයි. තවත්විටක මෙ පර්වත සිවි දිශාවෙන්ම නැග එයි

මිනිසුන් තමන් ඉතා ඇලුමි කරන භාර්‍යාවන් සමග හොරින් කමිරතියේ යෙදුන පාපී පුරැෂයෝ මෙම නරකයේ පයින් අල්ලා හිස පහලට සිටින සේ ගිනි අගුරැ වලට හෙලනු ලබයි









අපාය ගැන තවත් විස්තර පින්තුර සමග බුකියේ සදහම් ප්‍රදීපය කියන ගෘපියෙන් බලන්න පුළුවන්. මේවා ඉස්සුවෙත් එතනින් තමා. දැන් මේකේ  අයිතිකාරයා මට පනපිටින්ම අපායේ යන්න ටිකට් එකක් ඒවයිද දන්නෙත් නැ. 

සදහම් ප්‍රදිපයේ අපායට යනවනම් මෙන්න පාර 

18 comments:

  1. බය කරන්න එපා බන්..

    ReplyDelete
    Replies
    1. හෆොයි උඹ බය උනාද බං. එහෙනම් ඉතින් ඇස් දෙක පියා ගන්න චුටි බබෝ

      Delete
  2. නරකාදියෙ ඉදල ලංකාවට කෝල් චාජස් අඩුයි කියන්නෙ ඇත්තද?

    ReplyDelete
    Replies
    1. ඉස්සරනම් මෙහෙට ලෝකල් චාර්ජස්ලු. දැන් කස්ටිය ස්කයිප් පාවිච්චි කරන නිසා ඔව්ව ගානක් නැ කියන්නේ.

      Delete
  3. මේ ගෑන ගොඩක් විතර සහිත පොතක් මම කලින් කියෙව්වා,නරකාදි සියල්ලේම පිහිටීම ඒ කියන්නේ මනුස්සතලයේ සිට දුරේ ඉදලා විස්තර දීලා තියනවා,බොහොම හොද ලිපියක් පුලුවන් නම් නරකාදිය ගෑන පුලුල් ලිපියක් ඉදිරිපත් කරන්න...

    ReplyDelete
    Replies
    1. ඔය ඔක්කොම විස්තර ටික අර මම කියපු සදහම් ප්‍රදීපය ගෘප් එකේ තිබුනා. මම කලේ ඔය තැනින් තැනින් ටිකක් කොපි කරලා මේකේ දාපු එක විතරයි

      Delete
  4. ඕවා කියල දැන්ම බය කරන්න එපා අෆ්ෆා... මේ ටිකේවත් සැනසීමෙන් ඉමු !!!

    ReplyDelete
    Replies
    1. අනේ ශානි නංගියා මේකටත් බය උනාද? හා හා එහෙනම් අහක බලාගන්න.
      ඉන්න ටිකේ ඉම්මු සුදෝ ජොලිය දමාලා නේ...:)

      Delete
  5. පුහ්, අපිනම් බයවෙයි

    ReplyDelete
  6. මට යන්න එකක් නැනේ බං!:-/

    ReplyDelete
    Replies
    1. එහෙනම් මල්ලි උඹ පලයන් දිව්‍ය ලෝකේ :)අපායේ ජනගහනය වැඩි නිසා එහේ දැන් හොදට ඉඩ පහසුකම් හෙම තිනවලු.

      Delete
  7. මම මේ නිකමට අහන්නේ.. ඔය මිනිස්සු මුලා කරලා බඩු විකුණන රෙප් මහත්තයාලට මොකද වෙන්නේ??

    ReplyDelete
  8. රෙප්ලා දිව්‍ය ලෝකේ යනවා, කම්පැනි කාරයෝ අපායේ යනවා. මොකද රෙප් ජොබ් එක කරනවා කියන්නෙත් අපායේ ඉන්නවා වගේ වැඩක්නේ

    ReplyDelete
  9. මේක තනිකරම සදහම් ප්‍රදීපය ගෘප් එක සදහා දැමු ඇඩ් එකක් පමණකි. ගෘප් එකේ අයිති කාරයට ජොබ් එකක් සෙට් උනාට පස්සේ ගෘප් එකම පාලුවට ගිහිල්ලා. මෙතන කයිය ගහ ගහ ඉන්නේ නැතුව ඒ ගෘප් එකට ගිහිල්ල ඇඩ් වෙලා තියෙන ඒව කියවලා හිත හදාගන කස්ටියම දිවිය ලෝකේ පලයල්ලකෝ :-) මට මගේ පාඩුවේ අපායටම වෙලා ඉන්න දීලා :-(

    ReplyDelete
    Replies
    1. මෙන්න ලින්ක් එක

      http://www.facebook.com/groups/sadahampradeepaya/

      Delete
  10. මට යන්න නම් අලුතින් අපායක් හදන්න වෙයි වගේ...:D

    ReplyDelete
  11. ඔය ඔක්කොම කරපු එකා කොහාටද යන්නෙ ?

    ReplyDelete