Sunday, January 8, 2012

ගාල්ලේ ගේට්ටුව මෙව්වා ඔක්කොම මඩ ලු


2012 ජනවාරි හත්  වෙනිදා කියන්නේ සිංහල බ්ලොග් කරුවන් බොහොමයක් දෙනා බලා හිටපු දවසක් ලු . ඒ ගාල්ලේ බ්ලොග් කරුවන් සංවිදානය කරලා තිබුන ගෙට් එක නිසා ලු . ඔන්න ඊයේ  උදේ අට වෙනකොට රෙපාත් ගාල්ලේ බස් නැවතුම්පොළ ලග ලු . ඒ වෙනකොටත් පාලම උඩ සු ගාල තුන් හතර දෙනෙක් විතර හිටියා ලු . ඒ බණ්ඩාරවෙල ඉදන් ආව යසයයි, (මෙයාගේ බැග් එකේ තිබුන අලිගැට පේර මගදී මියෝ කාලලු)  ප්‍රාර්තනයි, හිම හන්සියි, පොඩි මෑන් ට කියලා වන්දවා ගන්නම ආව මන්තර කාරියි  කියල තමයි මතක. ටික ටික එක එක්කෙනා ඇවිත් පාලම උඩ එකතු වෙනකොට පොලිස් මාම කෙනෙක් ඇවිල්ලා කට්ටියම පල්ලෙහාට යැව්වා කියමුකෝ. ඒ පොලිස් මාම බනියව දැකල උගේ බරට පාලම කඩන වැටෙයි කියල බය වෙලා කියල තමයි කියන්නේ. ඔය අතරේ පැමිණි අයගේ නම් ලකුණු කිරීමත් සල්ලි එකතු කිරීමත් ප්‍රාර්ථනා අතින් උනාලු. 



ගෙට්ටුවේ ප්‍රදාන සංවිදායක කිඩෝ මල්ලිට ගෙට්ටුව තහනම් වෙච්ච එක තමයි කනගාටු. මේකට සම්පුර්ණයෙන්ම වග කියන්න ඕන සිහිනයා කියල තමයි තතු දත් ආරංචි මාර්ග වලින් කියන්නේ.
ආව වෙලාවේ ඉදලා යන කම්ම බඩගින්නේ හිටපු ප්‍රාර්ථනා හිමහන්සි ඇතුළු දෙතුන් දෙනා බඩ ගින්න නිවාගන එනකම් ඉස්ටේසම ලග කට්ටක් කාපු අපි ඔන්න ඉතින් නවයහමාර දහය විතර වෙනකොට බස් එකක නැගලා රුමස්සලට හැරෙන තැන බස් නැවතුම් පොලට වෙලා කොළඹ සෙට් එක එනකම් තවත් කට්ටක් කෑවලු. 



ඔන්න ඉතින් අධි වේගෙන් කොළඹ ඉදලා ආව අභීත අයියලාගේ බස්  බස් එකේ ගාල්ලෙ සෙට් එකත් නැගලා රූමස්සල නැග්ගලු .
වර්නාගේ කිරි ටොපි කපන්න කටුවකුයි මිටියකුයි හොයන්න ගිය නිසා රාජ් අයියලාගේ බස් එක මේ වෙනකොටත් කොට්ටාවේ ලු 

අභීත, රංග ,මගේ මරණය ඇතුළු ජෙෂ්ට බ්ලොග් කරුවෝ ඔක්කොම සිල් අරගන සිටි නිසා පැත්තකට වෙලා භාවනා  කරන්න පටන් ගත්තලු. හවස් වෙනකොට රංගට මගේ මරණයට වගේ දෙතුන් දෙනෙකුට මාර්ග පල අවබෝද වෙලා මොන මොනවද උනාලු.  සිහිනයා ගේ  ගිටාරයේ තත් සර අතරින් සොදුරු ගීත රාශියක්ම ගුවනට මුසු වෙද්දී රුපියල් අටසියකින් තමන්ගේ ආදරණිය වයිපරේ අධි වේගෙන් ගාලු ගෙන්වා ගැනීමේ මෙහෙයුමේ යෙදුනු පොඩි මෑන් අධිවේගේ ආ බස් රථය මග හිටීමේ දුකට අමුවෙන්ම මද පමණින් දෂ්ට කරමින් අඩනවලු. උදේ ඉදන් බඩගින්නේ හිටපු උන්ගේ ඇඩිල්ල නිසාම  හවස දෙකහමාර විතර වෙනකොට බත් පාර්සල් වගයක් ගෙනාවලු.  බනියගේ බ්ලොග් එකට අවුරුදු තුනක් පිරිම හේතු කොටගෙන දෙන දානයක් වගේ බනියා බත් බෙදන්න පටන් ගත්තලු. උගේ දානෙට ආව හැම එකාම රු 200 කින් ම  සම්මාදන් උනාලු. ඔන්න තවත් ටික වෙලාවකින්  රාජ් අයියා ,දේවා ඇතුළු කට්ටියත් ආවලු. මේ අතරේ තව කට්ටියක් ගලක් උඩට නැගලා ගෙම්බෝ පනින්න පුරුදු වෙනවලු. 


සිල් ගත්ත අභීත අයියා 




 ජනරග කියල එකෙක් ගෙම්බෝ පනින්න ගිහිල්ලා හක්ක පන්න ගෙනලු. පැන්න පාරට දිව හැපිලා දැන් මිනිහට දිව දෙකයිලු. 

චතුමිනු ගාල්ලේ ගෙට් එකට එන්නම අලුතින් කලිසමකුත්  අරගෙන ලු . තවමත් එකේ ටැග එකත් ගලවලා නැතිලු

(පොටෝ ඇත)
 
මන්තරකාරිට වදින එකෙන් බේරෙන්න පොඩි මෑන් ලොකු කතාවක් කිව්වලු. අභීත අයියා තව පොඩ්ඩෙන් මන්තරකාරි කෙල්ලෙක් බව ඔප්පු කරන්න  දිවුරුම් ප්‍රකාශයක් අරන් එන්න සාම විනිසුරු කෙනෙකුත් හම්බ වෙන්න යනවලු. එත් පොඩි මෑන් ට එව්වා ෂුවර් නැතිලු. කෙල්ලෙක්ද කියලා බලන්නම ඕනලු. 



අන්තිමට කට්ටිය සමුහ චායා රුපෙකුත් ගත්තලු. ජීවිතේට මුදක් දැකපු නැති කොළඹින් ආව උන් ටිකක් තාමත් නානවලු. ඊට පස්සේ පොඩි මෑනුයි වයිපරෙයි කොහාටද අතුරුදහන් උනාලු. හතර වටේටම වැටකෙයියා ගාල් ලු.              

මගේ මරණය 

මේ පනින හැටියට කකුල් යහතින් තියේවියැ




මන්තරකාරියෝ ගිටාර් අල්ලන්නේ මෙහෙමයි 



ආපහු එන්න පටන් ගත්ත වෙලාවේ ඉදන් හිම හන්සිගේ කකුල් රිදෙනවලු. සයිබර් සැණකෙළිය අප්‍රේල් මාසේ 22 ඕනයා ලංකාවට ආවම තියනවාලු. තව පොඩ්ඩෙන් අමතක වෙනවා පවනි කියන්නේ කොල්ලෙක්ට කියන නමක් ලු. දැනට මට මතක ඔච්චර ලු. තව මඩ තියනවනම් කමෙන්ට් එකක් දාන්නලු. එහෙනම් ඉතින් අප්‍රේල් 22 ආයෙමත් සෙට් වෙනකම් රෙපාගේ මඩ ටික ඉවර  ලු 



34 comments:

  1. ලාවට මඩ හලාගෙන ගිහින් තියන්ව......

    ReplyDelete
  2. රෙපා සම්බන්ධ මඩ ටික හලා ගෙන මේක ලියලලූ... :P
    හදුන ගන්ට ලැබීම සතුටක් අයියා! :D

    ReplyDelete
  3. මඩ කියන්නෙ මේවා නම් පිරිසිදු වතුරෙන් හෝදපු මඩ වගෙයි !

    ReplyDelete
  4. හිකිස්ස්ස්ස්ස්ස්... හලිම ශෝයි අනේ මේ පෝස්ට් එකනම්.. මාර ජොලි!!!!මඩ වැඩියම නෑලු..

    ReplyDelete
  5. නැවතිල්ලේ බලන් ගියාම ලාවට ලායට මඩ පාරවල් ටිකක් වැදිලා තියෙනවා.මොනා වුනත් ඊයේ ගත්ත ෆන් එක නම් මැක්සා...

    ReplyDelete
  6. තනිකරම මඩ නේ :)
    මොනවා උනත් ගත්ත ෆන් එකනම් උපරිමයි

    ReplyDelete
  7. ඔක්කොමත් හරි මට දුක ඔව්වො එක්ක සිල් ටිකක් ගන්න බැරි උන එක

    ReplyDelete
  8. ඔක්කොමත් හරි මට දුක ඔව්වො එක්ක සිල් ටිකක් ගන්න බැරි උන එක

    ReplyDelete
  9. මස්කඩේක මුදලාලි කෙනෙක් හරක් බලන්න වගේ කොල්ලො කෙල්ලො දිහා ඇහැ ගහගෙන ඉදපු රෙපාව කෙල්ලන් පඩේකටවත් ගනන් ගත්තෙ නැතිලු... රෙපා අංකල්ට දුකයි.... කෙල්ලොන්ගෙ එක වැටෙන උන් ගැනෙ පෂ්ට ජෙලලු... පොඩි මෑන්ගේ කෙල්ලටත් කෑදර බැල්මට් දාන රෙපාගේ දෘෂ්ඨි අතවරයෙන් බේරෙන්නට පොඩිමෑන් තම ප්‍රියම්භිකාව එක්ක එතනින් ලිස්සුවලු... වැටකෙයිය ගාල කපල් එක ඇතයි සිතා බැල්මට් දැමීමට රෙපා වැටකෙයිය ගාල පීරණ හැටි වැල්ලේ සිට කටිය අදෝ මුඛ සිනා පාමින් බලා සිටියේලු...

    ReplyDelete
  10. අඩේ.. අප්‍රල් වලත් තියෙනවද.බලැබූ ඒ කාලෙදිවත් එන්න පුළුවන් වෙයිද කියල..

    ReplyDelete
  11. රෙපා අයියා හක්කා පැන්නත් කොල්ලා කෙලින්..මටත් කියන්න තියෙන්නේ රෙපා අයියාගේ ප ැහැදිලි ඊර්ශියාව මුදාහැර ඇත..

    ReplyDelete
  12. හැක හැක හැක එදා දවසනම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. මගේ කිරිටෝපි රසයි නේද :)))

    ReplyDelete
  13. හැක හැක හැක එදා දවසනම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. මගේ කිරිටෝපි රසයි නේද :)))

    ReplyDelete
  14. අද උදේ ඉදන්ම හිනා වෙනවා මේවා කියවලා.. ඒත් හීනියට දුකක් තියෙනවා එන්න බැරි උන එක ගැන..

    ReplyDelete
  15. @ chiran : කොහෙද බන් හැලුන ඒවා ගැවිලා තියෙන්නේ හදුනා ගැනීම සතුටකි

    @ යසයා : ඉතින් රෙපා සම්බන්ද මඩ උබ තියනවනම් ගහපන්කෝ . මම ඊයේ ගාල්ලෙන් මඩ නොවදින ජැකට් එකක් ගත්තා

    ReplyDelete
  16. @ පවනි : කාගේද මචෝ

    @ වෙනි : නෑ අයියා මේවා පිරිසිදු මුහුදු වතුරෙන් හේදු මඩ

    ReplyDelete
  17. ඔය තියෙන්නේ නියමෙට,.. :D :D

    ReplyDelete
  18. @ හිතුවක්කාරී: ඊයේ නම් ජොලි හලෝ

    @ කල්ප: මැක්සා නේන්නම්

    @ මහිම : කොහෙද බොල මඩ හනිකට හෝද ගනින්

    @ පිස්සා පළාමල්ල : අඩන්න එපා බන් අප්‍රේල් වලවත් සෙට් වෙලා සිල් ගමු

    ReplyDelete
  19. @පොඩි මෑන් : ශිරාවට ඇත්තම කියා තිබේ. උඹ හිතන්නේ බැල්මට් කැප උබට විතරයි කියලද ? ඊයේ හදිසියෙවත් වැටකෙයියා ගාලක් අස්සේ මාට්ටු උනා නම් අද මඩ පොස්ට් වෙනුවට එන්නේ 18 ++++ කෙසේ නමුත් පොඩි මෑන්ගේ කතාවේ තරමට වැඩ නැති බව ඊයේ මුළු ලෝකයටම ඔප්පු කල නිසා මින් එහා ඒ ගැන කතා නොකරමි.

    ReplyDelete
  20. අසරණයා : කොහොම හරි අප්‍රේල් වල වරෙන්

    janaranga : ඉරිසියාවේ බැරුවා

    පොඩි මෑන් / janaranga : රෙපා අන්කල් බැරි නම් සියා කියපන්. දැනටත් මට නෑ කමට මට සිය කියන උනුත් ඉන්නවා බන්. එත් මගේ උපන් දිනේ 85/7/13 හික් හික් හික්

    ReplyDelete
  21. @ වර්ණා: කිරි ටොපි නම් මාරු. කවුද හදන්න කියලා දුන්නේ. ඊලග පාර කටුවයි මිටියයි මගේ ගානේ.

    @ dinesh : උබෙත් ගාල්ල පැත්තට සම්බන්දයක් තියනවා නේද ? අප්‍රේල් වල වරෙන් එතකොට සෙට් වෙමු .

    ප්‍රාර්ථනා : ඩොන්ගල් අර්බුදේ ඉවරයි වගේ එල එල හික් හික් හික්

    ReplyDelete
  22. අපේ නම් නෙමෙයි ඕන්..

    ReplyDelete
  23. තොපි ඔක්කොටම... ඕන් නෑ .. එක්කො...

    ReplyDelete
  24. අවසානයේ සියල්ලෝ සතුටින් විසිර ගිහින් ලු...අයේ හම්බු වෙනවාලු.. අපි එදාට වත් එන්න බලනව ලු

    ReplyDelete
  25. ජීවිතේ ගෙවුනු දවස් වලින් ගොඩක්ම ලස්සන දවසක්.......

    ReplyDelete
  26. රෙපා ගැනත් මඩක් ගහන්නමයි හිතෙන්නේ...... ගහන්නද?

    ReplyDelete
  27. @ පවනි : තේරුනේ නෑ මචන්

    @ Observer : ඇයි කියන්න ගිය ඒක ගිල ගත්තේ . ඉරිසියයි වගේ නේ ...

    ReplyDelete
  28. @ පබළු: ඔව් ඔව් එහෙම වෙයිලු. එදාට අපි මුණ ගැහෙයිලු.

    @ සද කිඳුරා : මොනාද කියන්නේ මචන්, ලොවෙත් නෑ

    ReplyDelete
  29. දේවා : ගහපන්, ගහපන්, මම හොද ජැකට් එකක් දාගන ඉන්නේ. ඒක නිසා බයක් නෑ

    ReplyDelete
  30. ඔය සියල්ලම එසේ සිදු වෙද්දි රෙප් මහත්තයා.. මඩ බාල්දි එකතු කරමින් සිටි බව කාටත් නොරහසක් ලු..:D

    ReplyDelete
  31. අ..රෙපා අය්යෙ ගාල්ලෙ මඩ නොවදින ජැකට් තියෙනවද ..

    ReplyDelete
  32. @ චතුමිනු : තව ඉතුරු වෙලා තියෙනවා ඕනද? ඒත් දැන් ඒවායින් වැඩක් වෙන එකක් නැ අර ලියල තියෙන්නේ හෝදන්න දෙයක් නැති වෙන්නම?

    @ සිත් රු සිහින : ගාල්ලේ නැත්තම් පිට රටකින් ගෙන්නලා හරි දෙන්නම් නංගි. ඔයාට කියක් ඕනෙද කියන්නකෝ ?

    ReplyDelete
  33. අපරාදේ බං අපිට උදේ ඒවා ටික මිස් වුනානේ.
    උඹව අදුන ගන්නත් බැරි වුනානේ. ෂීක්.

    ReplyDelete