Tuesday, January 3, 2012

යලි උපන්නෙමි

මේ අවුරුද්දේ ජනවාරි පළමු වෙනිදා අපේ මාමගේ අවමගුල් උත්සවය. එක ඉවර කරලා ගෙදර ඇවිත් ලැප අතට ගත්තේ පොස්ට් එකක් දාන්න කියලා හිතාගන. මොන පොස්ට් දැමිල්ලක්ද? මෙන්න තියෙනවා ඔබේ බ්ලොගර් එකවුන්ට් එක ඩිසේබල් කියලා කතාන්තරයක්. අමාරුවෙන් හදාගත්ත බ්ලොග් එක. මට හිතුනේ අලුත් අවුරුද්ද පටන් ගන්න කොටම මරණ දෙකයි කියලා. මාමත් ඉවරයි මගේ බ්ලොග් ටිකත් ඉවරයි. වැඩියෙන්ම මගේ කනගාටු මගේ ආයෝජන පාටමාලාව පිනාගේ කුප්පිය බ්ලොග් එක නැති උන එක.  එකේ මුල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය පාඩම පටන් ගත්තා විතරයි. ඒත් දවස පුරා බුකියෙයි එහෙ මෙහෙ ඇවිදලා දන්නා කියන අයගෙන් ඇහුවාම දීපු උපදෙස් අනුව අද හවස ගුගල් දෙවියා මට මගේ බ්ලොග් ටික ආයෙමත් දුන්නා. මැරිලා ඉපදුනා වගේ තමයි. හත් වෙනිදා ගාලු යන්නත් ඕනේ. ගාල්ලේ උන් කොලබ ඉන්න ගැණු ළමයි ගැන ගොඩාක් හිතන හින්දා වෙලාවත් වෙනස් කරලා. දැන් පලයන්කෝ උදේ අට වෙනකොට ගාලු. එහෙමනම් හත් වෙනිදට ගාල්ලේදීම හමු වෙමු.    

9 comments:

  1. ගොඩ දා ගත්තද.එහෙනම් අයෙත් පටන් ගන්න..

    ජයෙන් ජය..

    ReplyDelete
  2. ආපහු හම්බ වුනා නං කමක් නෑ.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. එල එල.. ගොඩ දා ගත්ත නම් එල!! එහෙනම් ලියමු ආයෙත්!!

    ReplyDelete
  5. එල එල.. ගොඩ දා ගත්ත නම් එල!! එහෙනම් ලියමු ආයෙත්!!

    ReplyDelete
  6. හික් හික් ඔය තියෙන්නේ බඩු ...

    ReplyDelete
  7. මළ ගේ.. මගුල් ගේ වගේ වුණා..:D :D ලොකු දෙයක් හොයාගත්ත නම්.. :)

    ReplyDelete
  8. ගූගල් දෙයියොත් හිටපු ගමන් පිස්සු නටනවා...

    ReplyDelete