Saturday, December 24, 2011

සුභ නත්තලක්



නත්තල ලබන්න තව පැය කිහිපයයි. මේ දවස් වල හැමදාම පාටි. කාලෙකින් මොනවත් ලිව්වෙත් නැති නිසා මොනවාහරි ලියනවා කියලා ඉදගත්තට මොකද මුළු ලෝකෙම පාවෙනවා වගේ. පොඩි පොඩි මිස්ටේක් තිබුනොත් ගනන්ගන්න එපා . . මේ දවස් වල අපේ ජොබ් එක නත්තල් සියා භාර අරගන තියන නිසා අපි නිවාඩු පාඩුවේ පොඩි ජොලියක් දාගන ආතල් එකේ ඉන්නවා. නත්තල් සියට දැන් පොඩි අයට තෑගි අරන් එන්න වෙලාවක් නෑ. මේ දවස් වල මෑන් හරි බිසී. සියා කඩවල් වලට වෙලා බඩු විකුනනවා. සමහර තැන් වල සියට ඇදල ඉන්න කොල්ලෝ  දැක්කම දුකත් හිතෙනවා. දවසකට හම්බවෙන පොඩි සම්තින් එකකට උන් අර සිය කිට් එක ගහගන අව්වේ වේලෙනවා. සුපර් මාර්කට් වල ඉන්න සියලාගේ තත්වයත් ඊට වඩා වැඩි වෙනසක් නෑ. ගොඩක් වෙලාවට පිටට ලස්සනට හිනා වෙලා වගේ පෙන්න හිටියට උන්ගේ ජිවිතේ ඇතුලේ තියෙන්නේ දුක හිතෙන කතා. 




දැන් ඉතින් එව්වයින් වැඩක් නෑ. ආගම මොකක් උනත් සල්ලියි හිතේ සතුටයි තියනවනම් හැමදාමත් නත්තල් තමයි. එත් මොනවා කරන්නද සල්ලි තියන එකාගේ හිතේ සතුටක් නෑ. සතුටින් ඉන්න එකාට සල්ලි නෑ. එහෙමනම් බ්ලොග් අවකාශයේ යාළුවො හැමෝටමයි ,බුකියේ යාළුවො සෙට් එකටයි. මගේ කස්ටමර්ලා හැම දෙනාටමයි , නත්තල සමරන ලෝක වාසි සියලුම දෙනාටයි දුකින් තොර සැපෙන් බර සාමය සතුට පිරි සුබම සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි ගියා එහෙනම් (තවත් පාටියකට)
රෙප් මහත්තයා  

4 comments:

  1. රේප් නොවී වරෙන් ... :) සුභ නත්තලක්...

    ReplyDelete
  2. නත්තලනන් ඉවරයි.සුභ අලුතවුරුද්දක් වේවා!!

    ReplyDelete
  3. එන්න පරක්කු වුනාට සමාව භාජනෙකට දාන රෙප් මහත්තය.
    නත්තල් නං ගියා, 'සුභ 2012 ක් වේවා...!!!'

    ReplyDelete