Tuesday, August 23, 2011

නන්නත්තාර අතීතය 01

මේ කතාව කොහෙන් පටන් අරගන කොහෙන් ඉවර කරන්නද කියලා මට තේරෙන්නේ නැ. ඕනෑම දෙකට ඔට්ටුයි කියලා හදාගන හිටපු හිත මේ විදියට මටම පාලනය කරගන්න බැරි විදියට කැඩිලා බිදිලා කුඩුවෙලා යයි කියලා හීනෙකින්වත් හිතුනේ නැ මට. 
ඔයාව ඉස්සෙල්ලාම මට හමු උනේ ඉස්කෝලේ පලවෙනි පන්තියට ආපු දවසේ. එදා ඉදන් අපි හොද යාළුවො උනා.එත් අපි ටිකක් උස මහත් වෙලා ඉහල පන්ති වලට එනකොට මගේ හිතේ ඔයා ගැන ඇතිඋන ලෙන්ගතුකම කොයි තරම්ද කියලා මට කියන්නන තාමත් තේරෙන්නේ නැ. එත් මම ඔයාට ආදරේ කරනවා කියලා ඔයා දන ගත්ත දවසේ ඉදන් හැම තිස්සෙම ඔයා මාව මග ඇරියා. එත් ඔයා එදා  ඇස් වලින් කිව්වා කතාව මට තේරුනේ නැ. ඉස්කෝලේ කාලේ කියන්නේ අපේ ජිවිතේ තියන ලස්සනම කාලේ . සමනල් වයස. ඉස්කෝලෙදි ඔයා මගෙන් ඇතට ගියාට මට එකේ ගානක් තිබුනෙම නැ. එත් මගේ හිත ඔයාට කොච්චර ආදරේ කලාද කියලා මට තේරුනේ අපි ඉස්කෝලෙන් අයින්වෙලා ගොඩාක් කාලයක් ගත උනාට පස්සේ. මට මුණ ගැහුණු හැම කෙල්ලෙක්ගෙන්ම මම හෙව්වේ ඔයාගේ කතා කරපු ඇස්. කට හඩ හිනාව. එත් හැම එකක්ම මගෙන් ගොඩාක් ඇතට ඉගිලිලා ගිහින්.
හොයලා හොයලා අමාරුවෙන් හොයාගත්ත ඔයාගේ ෆෝන් නම්බරේට මම දවස් කියක් නම් කෝල් කරන්න ඇත්ද? එත් හැමදාම ඉස්සුවේ වෙන කවුරු හරි. අන්තිමට එක දවසක් ඔයා කතා කළා. කිසිම වෙනසක් නොපෙන්නලා හොද යාලුවෙක් වගේ ලස්සනට කතා කළා. අන්තිමට බුදු සරණයි... කියලා ෆෝන් එකත් තිබ්බා.එත් ඊලග දවසේ.
ඔබ ඇමතු දුරකථනය තාවකාලිකව විසන්දි  කර ඇත. ඊටත් පස්සේ දරකථන අංකය භාවිතයේ නොමැත. 
දවස් වල ඔයා වැඩ කරපු ගාල්ලේ පුද්ගලික රෝහල ලග ඔයාව එක පාරක් හරි මුණ ගැහෙන්න, කතා කරන්න මම කොයි තරම් කට්ටක් කැවද කියලා ඔයා නොදන්නවා උනාට එකේ ඉස්සරහ තියෙන ලැලි බැංකු ටික දන්නවා. ඊළගට ඔයා එතනිනුත්අයින් වෙලාම  ගිහින් ඊළගට මට ඔයාගේ තවත් නම්බරයක් ලැබුනා. මම කෝල් කළා ඔයා ඉස්සුවා. තමුසේ  මේකත් හොයා ගත්තද? කලින් ලයින් එක කැපුවෙත් තමුසේ නිසා. මේකත් ඩිස්කනෙක්ට් කරනවා. දඩස් ඔයා ෆෝන් එක තිව්වා. මට මෙහෙම කරන්න මම මොකක්ද ඔයාට කරපු වරද? මම දැනුවත්ව කරපු එකම වරද ඔයාට ආදරේ කරපු එක විතරයි. එත් කවදාවත් ඔයා මට ආදරේ කලේ නැ. එත් කමක් නැ. යාලුවෙක් වගේවත් කතා කළා නම් , මුළු ලෝකෙම මගේ වටේ කරකෙවෙන්න ගත්තා.
ඉතින් ඊට පස්සේ ...................................
ඊලග කොටසට 

4 comments:

  1. දේව්දාස් කියන්නේ නෑ මුහුදේ ඉන්නේ එක මාලුවද කියල වත්, ගිය හකුරට අඩන්න එපා කියලවත්... මොකද දේව්දාස් හොඳටම දන්නවා ඇති වෙන හැංගීම... කාලයට ඉඩ දීල බලන ඉන්නවට වඩා දෙයක් කරන්න නෑ අපිට...

    දේව්දාස්...

    ReplyDelete
  2. දේවදාස් : ඔන්න ටෙම්ප්ලේට් එකත් වෙනස් කළා මම හිතන්නේ දැන් ලෙඩේ ටිකක් අඩුයි. කමෙන්ට් ෆලෝ ගැන මම වැඩිය හිතන්නේ නැ. මගේ කතාවේ තවත් දේවල් ඊලග පොස්ට් වලින්

    ReplyDelete
  3. වියෝ වූ පසුවයි දැනෙන්නේ ආදරේ අභිමන් ....

    ආදරේ නැති උනත්, ඒක දුකක්ම විතරක් නෙමෙයි. අමුතු හැඟීමක් ! ශෝකයත් එක්තරා රසයක්. පුළුවන් තරම් විඳින්න. ජීවිතේට හයියක් ගෙනෙන දෙයක් !.

    ReplyDelete
  4. @nawammawatha
    අම්බලමට ගොඩ උනාට ස්තුතියි,
    ආදරේ නිසා මගේ ජිවිතේට ලැබුණු අත්දැකීම නම් ගොඩයි. ඒ අත්දැකීම කැම්පස් ගිහින්වත් ඉගන ගන්න බෑ, ආයෙමත් අම්බලමට ගොඩවෙයි කියලා විශ්වාස කරනවා

    ReplyDelete