නින්ද නැති තුන් යමේ
හීන ගොඩ ගසාගෙන
මගේ හිත උඹේ ඇස්
හොයනවා හැමතැනම
ගිරවියක් වාගේම
කියවනා හුරතල්ව
උඹේ කටහඩ මෙමට
ඇසෙනවා හැම නිතර
ලගට ලං වී හෙමින්
තුරුලතට ගෙන උඹව
දෑස් තුල ගිලි නුඹේ
ජීවිතය හොයන්නට
වැසුණු නුඹේ ඔය මුහුණ
කෙස් රොදක් අයින් කර
හෙමි හෙමින් හාදුවක්
දෙන්න උඹේ නළලතට
ආදරේ පුරෝගෙන
ජීවිතය පුරාවට
මගේ පුංචි දෙමලිච්චි
ඉන්නවද මගේ ලගම
_____

අපූරුයි අරුණ....
ReplyDeleteලස්සන කවි සංකල්පනාවක්...
ජයවේවා
ලස්සනයි අරුණ අය්යේ ජය
ReplyDeleteජීවිතය පුරාවට
ReplyDeleteමගේ පුංචි දෙමලිච්චි
ඉන්නවද මගේ ලගම
------------------------
නියමයි මචං....සුපර්..
// දෑස් තුල ගිලි නුඹේ
ReplyDeleteජීවිතය හොයන්නට
වැසුණු නුඹේ ඔය මුහුණ
කෙස් රොදක් අයින් කර
හෙමි හෙමින් හාදුවක්
දෙන්න උඹේ නළලතට
ආදරේ පුරෝගෙන
ජීවිතය පුරාවට
මගේ පුංචි දෙමලිච්චි
ඉන්නවද මගේ ලගම///
මේ ටික තමා පට්ටම