පස් අදින සෙට් එක

Thursday, September 11, 2014

පුංචි දෙමළිච්චියට



නින්ද නැති තුන් යමේ 

හීන ගොඩ ගසාගෙන 

මගේ හිත උඹේ ඇස් 

හොයනවා හැමතැනම 

ගිරවියක් වාගේම 

කියවනා හුරතල්ව 

උඹේ කටහඩ මෙමට 

ඇසෙනවා හැම නිතර 

ලගට ලං වී හෙමින් 

තුරුලතට ගෙන උඹව 

දෑස් තුල ගිලි නුඹේ 

ජීවිතය හොයන්නට 

වැසුණු නුඹේ ඔය මුහුණ 

කෙස් රොදක් අයින් කර 

හෙමි හෙමින් හාදුවක් 

දෙන්න උඹේ නළලතට 

ආදරේ පුරෝගෙන

ජීවිතය පුරාවට 

මගේ පුංචි දෙමලිච්චි 

ඉන්නවද මගේ ලගම
_____

4 comments:

  1. අපූරුයි අරුණ....
    ලස්සන කවි සංකල්පනාවක්...
    ජයවේවා

    ReplyDelete
  2. ලස්සනයි අරුණ අය්යේ ජය

    ReplyDelete
  3. ජීවිතය පුරාවට

    මගේ පුංචි දෙමලිච්චි

    ඉන්නවද මගේ ලගම

    ------------------------

    නියමයි මචං....සුපර්..

    ReplyDelete
  4. // දෑස් තුල ගිලි නුඹේ

    ජීවිතය හොයන්නට

    වැසුණු නුඹේ ඔය මුහුණ

    කෙස් රොදක් අයින් කර

    හෙමි හෙමින් හාදුවක්

    දෙන්න උඹේ නළලතට

    ආදරේ පුරෝගෙන

    ජීවිතය පුරාවට

    මගේ පුංචි දෙමලිච්චි

    ඉන්නවද මගේ ලගම///

    මේ ටික තමා පට්ටම

    ReplyDelete