Friday, September 12, 2014

මියැදෙන හිත



දෙනෝ දහසක් වසන

සෙයිලමේ හැම නිතර 

අතරමං වෙලා මම 

කිසිත් නොපෙනෙන තැනක 


දෙනෝ දහසක් දෙනා 

ඉන්නවලු වටේටම 

නොයෙක් දේ කියනවලු 

කරනවලු මං ගැනම 



කිසිවක්ම දැනෙන් නැති

හැගෙන් නැති හදවතට 

කුමන ඵල ලෝකයා 

මොන දෙයක් කෙරුවාට 



මියැදෙන්න වැටුනාට 

අමතකව නැත තවම 

අතීතයේ මියැදිච්ච 

නුඹට බැදී ආදරය 



කුසට අහරක් කුමට 

ගතට දිරියක් කුමට 

හිස් වෙච්ච හදවතට 

පවන් සිසිලක් කුමට 


අදුරු පාතාලයක 

තනිකමම රජ කරන 

හිර වෙලා මගේ හිත 

යලි නොනැගිටින්නටම


නැත කිසිදු අදිටනක් 

එන්න යලි ලෝකයට 

මියැදිච්ච හිත එක්ක 

වැලලේවී පස් යටට
________

4 comments:

  1. // කුසට අහරක් කුමට

    ගතට දිරියක් කුමට

    හිස් වෙච්ච හදවතට

    පවන් සිසිලක් කුමට//

    හැබෑ නේන්නං.....

    ජ ය වේ වා !!!!

    ReplyDelete
  2. මියැදුන හිතටකට ඔය කිසිම දේක වටිනකමක් නෑ තමයි..

    ReplyDelete
  3. ලස්සනයි රෙපෝ...
    ජයවේවා

    ReplyDelete
  4. පට්ට වචන ගැලපිල්ලක්

    ReplyDelete