Thursday, July 17, 2014

පෙම් බැදිමි වෙසඟනකට




ලෝකයා අසයි 
හිටියෙම නැද්ද උඹට 
වෙන කෙල්ලෙක් 
ආදරේ කරන්න .....


යහළු සෙට් එක කියයි 
ආතල් එක අරං ගෙදර එනවා මිස 
ගොන් බඩුවකට කරගහන්න 
තොට පිස්සුද?.....

නෑසියන් බනියි 
නොදකින් තෝ 
අපේ පරම්පරාවේම 
මූනේ දැලි ගාපු එකා.....

මගේ සිත සොයයි 
ලේ මසින් හැදුනු ඇගේ 
මිය ඇදුනු හදවතේ 
ශේෂ වී ඇති ආදරෙන් බිංදුවක් .....

_________

13 comments:

  1. උදේම කියෙව්වෙ කැලුමගේ වෙසඟනගේ කතාව..

    දැන් මූ...

    දවසම මේවද බොලව් ;)

    ReplyDelete
    Replies
    1. උගේ තිබ්බේ වෙන කතාවක්. මේක වෙන එකක් :D

      Delete
  2. බිංදුව ගන්නත් කොච්චර අමරු වෙයිද බං

    ReplyDelete
    Replies
    1. ගොඩාක් දුක් මහන්සි වෙන්න වෙයි වගේ :/

      Delete
  3. මොකද මේ එකපාරටම රස වැටිලා වගේ..

    ReplyDelete
    Replies
    1. එක එක කාලෙට එක එක ජාතියේ ලෙඩ හැදෙනවනේ ඉතිං :D

      Delete
  4. මම අදුනන එකෙක් ගණිකා මඩමක පාලකයෙක් වෙලා හිටියා...පස්ස කාලෙක නුවර උසස් පවුලකින් පැවත එන...පෙම්වතාගේ වරදින් මේ රැකියාවට වැටුන යුවතියකට ඒකා ලව් කලා...උගෙ මිත්තරයො ටික මේ ලව සෑහෙන්න ට්‍රයි කරලා කැඩුවා....

    ReplyDelete
    Replies
    1. මට මේ අදහස ආවේ යාලුවෙක් කියපු ඔය වගේ කතාවකුයි ගණිකාවක් එක්ක බුකියේ චැට් කරලා මිට කලින් දාපු බ්ලොග් පෝස්ට් සෙට් එකේ මතකයත් එක්ක, :)

      Delete
  5. එහෙම අයත් ඉතින් ලවු කරන්න එපැයි ඉතින්..

    ReplyDelete
  6. (දිග කතාවක්)
    අපේ යාලුවෙක්ගෙ තාත්තා නැතිවුණා. ඇක්සිඩන්ට් එකකින්. අපි ඒ ලෙවල් කරන කාලෙ. අපි ඒ අංකල්ගෙ කාමරේ අස්කරද්දි හම්බුණා හැට ගණන් වල වැල පත්තර සෙට් එකක්. එයින් එකක තිබ්බා කුමරිය සහ ගණිකාව කියලා සංකල්පයක් ගැන ලිපියක්. ඒකෙ කියන්නෙ, අපි කවුරුත් සෙක්ස් ගැන හින දකින්නෙ හරියට ගනිකාවක් එක්ක කරනවා වගේ එක එක පොසිෂන්, එක එක ටෝයිස්, එක එක විදිහට... හැබැයි බැන්දහම අපේ බිරින්දෑවරු එක්ක කොරන්නෙ හරියට සුරංගනාවියක් එක්ක වගේ නොදන්නා නොදරු තාලෙට.

    ReplyDelete
  7. මිනිසුන් තුළ මෙවන් ආකල්ප සීමා වෙන්නේ බොහෝ විට කලානිර්මාණ, සුරංගනා කතා සහ කතන්දර වලට පමණයි. සැබෑ ජීවිතයේ ඔවුන් දරන්නේ මීට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ වූ සමාජ සම්මතයෙන් උරුම වුන ආකල්පයි. කලා නිර්මාණයකදී මධ්‍යස්ථව උපේක්ශාවෙන් යමක් දෙස බලන්න මිනිස්සු පෙළඹුනත් ප්‍රායෝගික ජීවිතයේදී සමාජය විසින් ඔවුන්ට නිර්මාණය කරල දීලා තියෙන රාමු වලින් පිට පනින්න ඔවුන්ට කැමති වුනත් හැකියාවක් නෑ.

    සැබෑ ජීවිතයේදී තමාගේ අකමැත්තෙන් තමාගේ දරුවාට විවාහ වීමට නොදෙනා දෙමව්පියන් හින්දි චිත්‍රපටය බැලීමේදී එහි දෙමාපියන්ට එරෙහිව දුප්පත් පෙම්වතාට හිතින් සපෝර්ට් කරන්නේත්,

    විවාහයෙන් පිට වූ අසම්මත ප්‍රේමය වනචරකමට සීමා කරන මිනිසුන් කබි අල්විදා නා කෙහෙනා බලද්දි ෂාරුක් ඛාන් සහ රාණි මුඛර්ජිට හිතින් සපෝර්ට් කරන්නේත්,

    තම ලේලියට වෙනස්කන් කරන නැන්දම්මා තමා බලන ටෙලිනාට්‍යයේ ඉන්න ලේලියට වෙනස්කම් කරන නැන්දම්මාට එරෙහිව ලේලියගේ පැත්ත ගන්නේත්

    මෙන්න මේ රසවින්දනයට පමණක් සීමා වූ මානසිකත්වය තුලයි. මේවා සැබෑ ලෝකයේ නෑ.

    ReplyDelete