Sunday, December 30, 2012

ගණිකාවෝද මනුෂ්‍යයෝය 2 (අවසානයක් නොවේ)..18+

කලින් කතාවට

මම කතාව පටන් ගන්නම් රට ගියපු තැන ඉදලා

පොඩි කාලේ විස්තර වලින්ම පටන් ගන්න බැරිද

ඒවා වැඩක් නැහැ මෙතනින් තමයි මගේ කතාව පටන් ගන්නේ

හ්ම්ම් කියන්නකෝ ඔයා කැමති තැනක ඉදන් මම අහගෙන ඉන්නම් . කොහෙද රට

සවුදි

ඉතින්

එහෙට ගිහින් වැඩි කාලයක් මට ඉන්න ලැබුනේ නැහැ. මම කරපු වැරද්දක් මාට්ටු වෙලා මට එහෙදී හිරේ යන්න සිද්ද උනා. දඩුවම අවුරුදු දෙකක්

ඒ මොනවා කරන්න ගිහින්ද? ඔය දැන් කරන ජොබ් එකමද?

නැහැ ඒක අහන්න එපා

හරි හරි ඔයා කතාව කියන්න කෝ

එයාලා මාව මුලින්ම ගෙනිහින් දැම්මේ පොලව යට තිබුණු අදුරු කාමරේකට. දරාගන්න බැරි තරමට රස්නෙයි. හුලන් පොදක් වදින්නේ නැහැ ආසාවකට. ඒක භාරව හිටියේ සුද්දෙකුයි මුස්ලිම් එකෙකුයි.

ඉතින්

මාව එතනට ගෙනල්ලා පැයක් දෙකක් ඇතුලත අර මුස්ලිම් මිනිහා මාව හොයාගෙන ආවා. ඌ මාව එක්කගෙන ගියා අර සුද්දා ගාවට. ඌ ඉංග්‍රීසියෙන් මොන මොනවද වගයක් ඇහුවා. මට ඉතින් ඉංග්‍රීසි බැහැ නේ. ඒ නිසා ඌ කියපු මෙලෝ දෙයක් මට තේරුනේ නැහැ. අන්තිමට අර මුස්ලිම් කාරයා මට ඌ කියපු ටික පැහැදිලි කරලා දුන්නා

මොනවද කියලා තියෙන්නේ

ඌ මුලින්ම අහලා තියෙන්නේ මම තවම වර්ජින්ද කියලා. අනික මගේ දඩුවම අඩු කරගන්න එයාල කියන ඕන දෙයක් කරන්න මම කැමතිද කියලා. ඒ වෙනකොට මට අවුරුදු 18 යි. මොන දේ කලත් ඒ වෙනකොටත් මම වර්ජින්. ඒ හිටපු ටිකට මට ඒ හිටපු අපායේ ඉන්න එක එපා වෙලා හිටියේ. ඒ අපායේ ඉන්න කාලය අඩු කරගන්න කරන්න බැරි දෙයක් මට තිබ්බේ නැහැ. මම කිව්වා දඩුවම අඩු කරනවා නම් ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න කැමතියි කියලා.
උන් දෙන්නම මාව විනාස කළා. ඒ විතරක් නෙවෙයි මුළු බන්දනාගාරේම ඉන්න හැම එකාවම සනසන්නත් මට සිද්ද උනා

ඉතින් දඩුවම අඩු උනාද?

මොන පිස්සුද? ඒක උන්ගේ බොරුවක්. උන් මට දීපු දඩුවම් ගැන මට ඔයාට කියන්න බැහැ.

මෙච්චර කතාවක් කිව්ව එකේ ඒ ටිකත් කියන්න මම අහගෙන ඉන්නම්

 පිළිගන්නවාද මුළු බන්ධනාගාරේම ටොයිලට් ටික දිවෙන් සුද්ද කරන්න උනා කිව්වොත්

මොකක් ඔයා දිවෙන් ටොයිලට් සුද්ද කළා??

හ්ම්ම්, ඒ ගිනි ගහන අව්වේ කස පාර කනවට වඩා දිවෙන් ටොයිලට් සුද්ද කරන එක ලේසියි. මම ඒක කළා. මම එහෙම කරන හැටි උන් වීඩියෝ කළා..

ඇති ඇති ඒ කතාව ඔය හොදටම ඇති, කොහොමද ඔයා ලංකාවට ආවේ එතකොට

ඒ අවුරුදු දෙකම ගෙවිලා ගියේ ඒ විදියට. පස්සේ උන් මාව ලංකාවට එව්වා. අතේ සතයක් නැහැ මම මෙහෙ ඇවිල්ලා රස්සාවල් හෙව්වා. හම්බ උනේ නැහැ. පස්සේ දවසක් පත්තරේක දැක්කා මසාජ් ක්ලින්ක් එකකට ගැහැණු ළමයි ගන්නවා කියලා. මම ගියා. එයාල මාව ගත්තා

ඉතින්

ටික දවසකින් එයාල කිව්වා මෙතන මසාජ් වලට අමතරව සෙක්ස් පැත්තත් තියෙනවා කියලා මට තව මොනවා නැති වෙන්නද? මම කැමති උනා

තවමත් එතනද වැඩ

නැහැ මම දැන් කාගේවත් ලග වැඩ කරන්නේ නැහැ. සැප ඉල්ලන පිරිමි අපිව හොයාගෙන එනවා. අපි සර්විස් එක දෙනවා

තනියෙන් ඔහොම ඔය වැඩේ කරන කොට පොලිසියට එහෙම මාට්ටු වෙන්නේ නැද්ද?

ඔය වැඩේ කලාම හිරේ දාල ඉතුරු වැඩ කරන්නේ සවුදියේ. මෙහෙ පොලිසියේ එකාට ඕනේ එක්කෝ සල්ලි, නැත්තම් ෆ්‍රී ෂොට් එකක්. නිතිය පිටින් දාලා මුන් එක්කෝ ආතල් එක ගන්නවා. නැත්තම් සල්ලි ගන්නවා.

ඒක ඉතින් කොහෙත් එහෙම තමයි නේ. බලය තියෙනවානම් ඕන දෙයක් කරන්න පුළුවන්.

බලය ..
ඔයා දන්නවාද මෙහෙ හිටපු එක ඇමති කෙනෙකුගේ පුතෙක් කාලෙකට කලින් මාව හොයාගෙන ආවා. මිනිහා ඒ කාලෙත් ගෑනුන්ගෙන් සැප ගන්න මාර ආසයි. තාමත් එහෙමයි. දැන් එයා චන්දෙන් දිනලා. එයාට දීලා තියෙන්නේ කාන්තා කටයුතු ඇමතිකමක් ලු

ඉතින් හොදයිනේ කාන්තා කටයුතු ගැන හොදට දන්නා කෙනෙකුට මිසක් වෙන කෙනෙකුට ඒක දීලා වැඩක් නැහැ නේ

ඔව් ඉතින් බලාගෙන යනකොට ඒකත් ඇත්ත තමයි

ඔයාට ඉතින් හැමදාමත් එක එක මිනිස්සු එක්ක ඔය විදියට ඉදලා එපා වෙන්නේ නැද්ද?

මමත් ඉස්කෝලේ යන කාලේදී නම් හීනෙන්වත් හිතුවේ නැහැ මගේ අනාගතේ මෙහෙම ගෙවිලා යයි කියලා. ඒත් දැන් මගේ රස්සාව මේක. මම මේකට කැමතියි. මේවා කරන එකෙන් මටත් සතුටක් ලැබෙනවා. අපි එක්ක ඉන්න කෙනත් සැපක් ගන්නවා. කවුරු මොනවා කිව්වත් රස්සාවට කැමැත්තක් නැත්තම් ඒ රස්සාව කෙනෙකුට කාලයක් කරගෙන ඉන්න බැහැ. මගේ රස්සාවට මම ආදරෙයි. මම පුළුවන් කාලයක් මේක කරනවා.

ඉතින් අර ඔයාගේ කාන්තා කටයුතු ඇමතිට කියලා ඕක නීතිගත කර ගන්නවාකෝ

ඇත්තටම එහෙම දෙයක් වෙනවා නම් මම ගොඩාක් කැමතියි. මොකද අපි මේ රස්සාව කලාට ඔය ලෝකෙට හොරෙන් අපි එක්ක ඉන්න මහත්තුරුම අපේ ළමයින්ට කතා කරන්නේ ' !@#@ ගේ පුතාල කියලා. මේ රස්සාව කරන්නේ අපි. එත් බැනුම් අහන්නේ කිසි වරදක් නොකරපු අහිංසක දරු පැටවූ.

හ්ම්ම්, ඒක ඇත්ත. දැන් ඔයාට හැමදාමත් මේක කරන්න බැහැ නේ. ඊට පස්සේ ඔයා මොනවද කරන්න හිතාගෙන ඉන්නේ 


ඊට පස්සෙද? ඊට පස්සේ කරන්නේ ඉතින් පුළුවන් කාලේදී හම්බ කරගත්ත ඒවා වියදම් කරන එකනේ 

ඔයා සල්ලි මොකද ඊළගට කරන්නේ මොනවද කියල ඇහුවාම මතක් උනේ. මම අද ළමයෙක් වඩාගෙන ආව හිගන ගෑනු මනුස්සයෙකුට රු 1000 ක් දුන්නා. ඒ ළමයාගේ මුණ දැක්කාම මට පවු කියලා හිතුනා හලෝ.

ඔව් ඉතින් හැමදාමත් හම්බ කරලම මොකටද? හම්බ කරපු ඒවා වියදම් කරන්නත් ඕන නේ 

ඔයා දන්නවද වැඩක්

ඔයා කිව්වේ නැහැ නේ ඉතින් දැනගන්න

ගිය සතියේ මට අපේ ඉස්කෝලේ අපිට උගන්නපු සර් කෙනෙක් හම්බ උනා

ඉතින්

එයා මාත් එක්ක කතා කළා. දැන් මොනවද කරන්නේ ඇහුවා. මම ඇත්තම කිව්වා සර්ට. සර් මම ඉන්න තැනත් අහගත්තා.

ඉතින්

මට ෂුවර් අනිවාර්යයෙන් සර් මාව හොයාගෙන එනවා.

....................................................................................................................................................................

හායි

ඔන්න මම ඔයාගේ කතාව ලියන්න පටන් ගත්තා.

කෝ කොහෙද?

මගේ බ්ලොග් එකේ 

කෝ මටත් පෙන්නන්න 

මෙන්න ලින්ක් එක 

හ්ම්ම් ඔයා නියමෙට ඒ කතාව ලියලා තියෙනවා. ඉතුරු ටිකත් ඉක්මනටම ලියලා මටත් පෙන්නන්න

මම ලියලා ලින්ක් එක එවන්නම් 

ඔයා දන්නවද වැඩක් 

මම එදා කිව්වේ අර සර් 

ඉතින් එයා මාව හොයාගෙන ආවා අද. මම එදා කිව්වා නේ සර් එනවම තමයි කියලා.

ඉතින්

එයා මට කාලෙකට ඉස්සර උගන්නපු සර්. මට තවමත් හරි පුදුමයි ,  ඒ වගේ ගොඩක් ඉගනගත්ත කෙනෙක්, ඒ වගේම කාලෙකට කලින් මට උගන්නපු මගේම සර් එක්ක මට අද එහෙම එකට ඉන්න ලැබුනා කියන්නේ මට තවමත් හීනයක් වගෙයි....................
 
...............................................................................................................................................................

මේක කලින් පොස්ට් එක කියවගෙන යද්දී ගොඩ දෙනෙක් බලාපොරොත්තු වුනු විදියේ පිරිමියාගේ අසාධාරණයට ලක්වූ කාන්තාවකගේ ශෝකාලාපයක් නොවෙන්න පුළුවන්. තව අතකින් හැම පැත්තකින්ම එහෙම අසාධාරණයට ලක්වුනු කාන්තාවක් ගැන වෙන්නත් පුළුවන්. මේ බ්ලොග් පොස්ට් එක දවස් ගානක් තිස්සේ ටික ටික කියපු ලොකු කතාවක් බොහොම සරලව ලියන්න ගත්තු උත්සාහයක් පමණයි. එකිනෙකා ප්‍රශ්නය දිහා බලන විදිය අනුව විවිධ අදහස් ලැබෙයි. මේ කතාව පිලිබදවත් තීරණය කියවන ඔබ සැමට භාරයි .....


23 comments:

  1. මේ කතා හැම එකක්ම සාපේක්ෂයි... දැං ඔහොම කිව්වට බැරි වෙලා හරි ළමයෙක් ඉන්න කාලෙක.. ළමයි ලොකු උන කාලෙක මෙයාම මේ විදියට කතා නොකරන්නත් ඉඩ තියෙනවා...

    මොනවා උනත් හිත හයිය කෙනෙක්... එහෙම නැතුව ඔය වගේ දේකදි රැවුම් ගෙරවුම්, ඇනුම් බැනුම් ඉවසගෙන කරන දේට ආසාවෙන් කරන්නත් අමාරුයි...

    ReplyDelete
  2. මුලින්ම හිරු කමෙන් කරලා තියෙනවා දැක්කම මම හිතුව මුළු පිරිමි සංහතියටම සාප කරලා ඇතියි කියලා. පව් කරන දේ වුනත් කැමති විදියට කරන්න තියෙන්න එපයි. මෙතන තනිකර සූරාකාමක් තියෙන්නේ.

    ReplyDelete
  3. දුකයි ගොඩක් සෑහෙන්න....

    ජීවිතේ මූණදීපු සමහර ප්‍රශ්ණ නිසා කෙල්ලෙක් වෙලා මට ලැබුනු ඒ ඉවසීම ගැන ආඩම්බර වුනා ඇත්තටම....ඒත් මේ වගේ කතා අහද්දි....ඇත්තටම කෙල්ලෙක් වෙලා උපදින එක මොනතරම් පවුකාරද.....

    ReplyDelete
  4. දුරාතීතයේත් අදත් ලොව පවතිනා තුරුත් තත්ත්වය මේකම තමයි මොන ආකල්ප තියන පාලකයන් මොන රටකට ආවත්.

    ReplyDelete
  5. හපෝ.. හිරිගඩු පිපෙනවා යකෝ....
    නොදකිං ඉන්දියන් සාගරේ ඇටේ

    ගණිකාවො හැමෝම වගේ ඔය තත්වෙට පත්වෙලා තියෙන්නෙ සමාජයෙ වරදින්. අන්තිමට සමාජයම උන්ව පිළිකුල් කරනව.. ඕකුන්ට බනින පත්තිනි අම්මල ඕකුන්ට එක වේලක් කන්න දෙනවද ?
    ඕක තරයි රස්සාව. අනිත් උනුත් මේ තත්වෙට පත්වෙන්න ඕන කරන හැටි බලන්න.

    ReplyDelete
  6. කතාව ඉදිරියට කියවලම බලමු....... මොනවා උනත් කවුරුවත් මේ තත්වෙට ඕන කමින් පත් වෙනවා කියන එක වෙන්න තියන ඉඩ ගොඩාක් අඩුයි..... සමාජය මේකට වග කියන්න ඕනා...

    ReplyDelete
  7. හ්ම්ම්ම්.....සමාජය....මේක හරිම පුදුම තැනක්!

    ReplyDelete
  8. ආහ් ජීවත් වෙන්න මිනී මරණ කාලේ මේ වගේ දෙයක් කලාට මොකද? ඒත් ඉතින් අපේ සංස්කෘතිය තමයි ටිකක් විතර අවුල දාන්නේ... මොනවා වුනත් ඒ ධෙර්යය නම් ගොඩක්ම වටිනවා. ඉතිරියත් බලමුකෝ

    ReplyDelete
  9. මොනවා කියන්නද කියලා හිතා ගන්න බැරුව මම මේ ඉන්නේ..ඇත්තටම ඔය රස්සාවට වැටුනට පස්සේ ගැලවීමක් ඇත්තෙම නැද්ද අප්පා. නැත්තම් ගැලවෙන්න පුළුවන්කම තියෙද්දී ඕනෙකමක් නැති එකද අප්පා තියෙන්නේ .

    ReplyDelete
  10. කතාවේ තව තියෙනවද??
    මේක ගැන මොනවා කියන්නද කියල දන්නේ නැහැ.
    කරන්න තියෙන්නේ මොනවද කියල දන්නෙත් නැහැ.
    ඒත් හිතන වෙලාවට හිතන්න පුළුවන්..

    ReplyDelete
  11. මේ වෘත්තිය බොහොම ආශාවෙන් කරන තැනැත්තියක් ගැන කථාවක් කියෙව්වාමයි...ඇගේ කථා බහ අනුව ඇය එම වෘත්තියට ඇත්තටම කැමති පාටයි...

    ReplyDelete
  12. හ්ම්ම්.... අනේ මන්දා මට නම් හිතා ගන්නත් බෑ.... හැබැයි එයා ඔය දේ ආසාවෙන් කරන්නේ කියල පෙන්නන්නේ ඇත්තටමද මන්දා..... එයාම තමා ඉතිං ඒක දන්නේ......

    ReplyDelete
  13. සියලුම අදහස් වලට ස්තුතියි. මේ කතාව ගැන මගේ අදහස ඊලග පොස්ට් එකෙන්. ලැබුවා වූ නව වසර ඔබ සැමට සැපෙන් බර දුකින් තොර සියලු පැතුම් ඉටු වෙන සුභ නව වසරකම වේවා :)

    ReplyDelete
  14. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
  15. මෙහෙමයි මං නං කියන්නේ ගණිකාවොත් ඉන්න ඕන... නැත්තං ගොඩක් වෙලාවට ගැහැණු ළමයෙක්ට පාරේ බැහැලාවත් යන්න බැරි වෙන්න පුලුවන්... ඒත් එහෙමයි කියලා ගණිකා වෘත්තිය නීති ගත කරන එක නං මං අනුමත කරන්නේ නෑ... මොකද ඒක අනුමත කරන එකෙන් ගණිකා වෘත්තියට අනුබල දීමක් වෙයි කියලයි මට හිතෙන්නේ..
    අනේ මංදා..ඔය මගේ අදහස

    ReplyDelete
  16. කොයි කෙල්ලත් ආස ලොකු උනාම කසාදයක් බන්දලා දරුවෙක් හදාගෙන සතුටින් ජීවත් වෙන්න. ඒත් සමාජය හමුවේ අසරණ උණාම උන්නත් දාහයි මලත් දාහයි කියලා මේ තීරණේ ගන්නවා. දැන් මේ කතා නායිකාවත් ඒ වගේ තමයි. සමාජයෙන් බැට කාලා ඉවරයි. සමහර විට එයාගේ හිතේ තියෙන්නේ සමාජයට බැට දෙන්න වෙන්න ඇති. එතැනදී එයා වැරදි නෑ.
    අනික සමාජයෙන් එයාට තියෙන්නේ ගැරහුම්, සමච්චල විතරයි. එතැනදීත් එයාගේ සතුට තියෙන්නේ අනික් කෙල්ලෝ වර්ජින් නිසා/තමන්ගේ තත්ත්වය නිසා හංගගෙන ඉන්න ආසාවල් වලින් තෘප්තිමත් වීම පමණයි. එතනදිත් එයා වැරදි නෑ.

    ReplyDelete
  17. //ඉතින් හොදයිනේ කාන්තා කටයුතු ගැන හොදට දන්නා කෙනෙකුට මිසක් වෙන කෙනෙකුට ඒක දීලා වැඩක් නැහැ නේ // මේකයි රටේ තත්වෙ.

    ReplyDelete
  18. ඇතිවත් බැරි නැතිවත් බැරි ගෑණු බන් අනේ මන්දා කාට කියන්නද මෙවුවා.......

    ReplyDelete
  19. මම හිකන්නේ මේ කතාව FB එකෙන් තව කෙනේක් කියන කතාවක් වගේ, ඒ කතාව ඇත්තද බොරුද කියන්න මම දන්නේ නෑ ඒත් chameli hindi film http://www.onlinewatchmovies.net/hindi/chameli-2003-hindi-movie-watch-online.html එක බැලුවනම් හොදයි.

    ReplyDelete
  20. ගණිකා වෘත්තිය හරිද වැරදිද ගැන මම මෙතනදි කියන්න යන්නේ නැ..ඒත් කතාවේ මුල් කොටස, සවුදියේ තිරිසනුන් ගැන සටහනක් තියන්න මට හිතුනා..ඔය සවුදි ගිහින් තිරිසන් මුස්ලිම් උන්ගේ ටොයිලට් සුද්ද කරනවට වඩා ලංකාවේ ගණිකාවක් වෙන එක දාහෙන් සම්පතක්..අඩුම තරමේ ඒකෙන් හම්බවෙන සත පහ හරි ඉතුරු වෙයි..සවුදියේ තිරිසනුන්ට කඹුරලා අතේ සත පහක් වත් නැතුව සමහර විට කෙලින් හිටගන්නවත් බැරිව රෝද පුටුවකින් හරි මිනි පෙට්ටියකින් හරි ලංකාවට එන්න වෙනඑකට වඩා ලංකාවේ මිනිහෙක්ට සැපක් දෙන හොද නැද්ද?

    ReplyDelete
  21. process එක ඇතුලේ ඇය වැරදි නම් ඇය කියන දේ පිලිගන්න කලියෙන් දෙපාරක් හිතන්න ඕනෙ කියන එකයි මගේ අදහස!

    ReplyDelete
  22. මගේ දෙවියනේ සංසාරේ එපා වෙනවා..

    ReplyDelete
  23. මෙහෙමත් ලෝකයක්...

    ReplyDelete