තවත් කෙනෙකුට අසාධාරණයක් ඇස් දෙක ඉස්සරහම සිද්ද වෙනකොට එක අසාධාරණයි කියලා දැන දැනම තමන්ට කට වහගෙන ඒක දිහා බලාගෙන ඉන්න සිද්ද වෙනවා කියලා කියන්නේ හිතට මහා අසරණ කමක් දැනෙන සිද්ධියක්. අසාධාරණ විදියට කෙනෙක් යම් කිසිදෙයක් කරලා යම් මොහොතක ජයග්‍රහණයක් ලබා ගත්තත් ඒ ක්‍රියාවේ ප්‍රතික්‍රියාව කවමදාක හරි එයාගේ පස්සේ එන්නේ එලව එලව. කරුමේ පටිසන් දෙනවා කියලා කියන්නේ ආන්න ඒකට.
මේ සිද්දිය සිද්ද උනේ රෙපා කාලෙකට කලින් ගම්පහ දිස්ත්‍රික්කයේ එක්තරා ප්‍රදේශයක සේවය කරන කාලේදී.
ඒ කාලේරෙපා වැඩ කරපු පොත් කම්පනියට ස්කුල් සීසන් එක වෙනුවෙන් ඕඩර් එකක් ගන්න ඒරියා එකේ තිබුණු ප්‍රධාන පොත් හලකට නිතර නිතර යන්න රෙපාට සිද්ද උනා. පොත් හලට අමතරව සුපිරි වෙළද සලක් ඇතුළු ව්‍යාපාර ජාලයකින් යුක්ත වෙච්ච මේ ස්ථානයේ දවල් වරුවට අධික සෙනගක් ගැවසෙන නිසාම සාමාන්යෙන් වැඩ කරන වෙලාවේ ඒ ඕඩර් එක ගැන පොත් හලේ කළමනාකරු එක්ක සාකච්චා කරන්න ලැබුනේ නැහැ. ඒ නිසා දවස් කිහිපයක්ම හවස් වරුවේ වැඩ ඉවර වෙලා යන ගමන් මේ කඩේට ගොඩ වෙලා මැනේජර් එක්ක මේ ඕඩර් එක ගැන කතා කරන්න සිද්ද උනා. ෂොප් එකේ මැනේජර් විදියට වැඩ කලෙත් කොල්ලෙක්. අලුත් අදහස් එක්ක නිතරම හිටපු ඔහු මෙතුවක් කල් සුපිරි වෙළද සලේ උඩු මහලේ තිබුණු පොත් හල පාර අයිනට ගෙනවිත් අලුත් වෙනසකින් ව්‍යාපාරය කරගෙන යන්න කරපු උත්සාහය සාර්ථක බව අපට තේරුනේ ඔහු පැමිණීමට පෙර සීසන් එකේදී වත් නොතිබුණු තරම් පොත් අලවියක් ඔෆ් සීසන් කාලයේදීත් අදාළ ස්ථානයෙන් අපට දැකගන්න ලැබුණු නිසා .මාස හය හතක සුළු කාලයක් ඇතුලත ගනුදෙනු කාරයෙකුට වඩා අපේ හොද මිතුරෙකු බවට පත් වෙන්නත් ඔහුට හැකි උනේ වෙනදා හිටපු කළමනාකරුවන්ට වඩා විශේෂත්වයක් තිබුන නිසා.
කාලයක් ගත වෙනවත් එක්කම කතා බහ තුලින් ව්‍යාපාරයේ හිමිකරුවන් ගැන කුමක් හෝ කලකිරුණු ස්වභාවක් දකින්න ලැබුනත් ඒ මොකක්ද කියලා හැගෙව්වේ නැහැ.
සතියක විතර කාලයක් කරපු සාකච්චාවකට පස්සේ ලක්ෂ විසි ගානක් වටිනා ආයතනයේ හිමිකරු අත්සන් කරපු ඕඩර් එක හම්බ උනේ අන්තිම දවසේ රෑ 7 ට විතර.
"මේ ඕඩර් එක දුන්නට මම වැඩි කාලයක් මේකේ ඉන්න එකක් නැහැ බන්"
ඒ මොකද එහෙම කියන්නේ?
උඹල දන්නවනේ මම මේ ෂොප් එක මෙතනට ගෙන්න මම කාපු කට්ට."
"මොකද අපි නොදන්නේ, දැන් මොකක්ද වෙලා තියෙන්නේ"
"දන්නේ නැද්ද බන් මනුස්සයෙකුට වැඩක් හරියට කරගෙන ඉන්න ඉඩ දෙන්නේ නැති උන් ඉන්නවනේ හැම තැනම. පුළුවන් උනොත් මේ සීසන් එක ඉවර කරලා මම යනවා බන්"
"එක නම් ඉතින් කොතනත් එහෙමනේ අයියා, ටිකක් කල්පනා කරලා හොද තීරණයක් ගන්න."
"මමත් අද ගෙදර යන්න කියලා. අද මගේ පොඩි එකාගේ පලවෙනි උපන් දිනේ. රෑ කියට හරි ගෙදර යන්නම ඕනේ. උඹලා කොහොමත් කඩවත පැත්තට යනවනේ, මාවත් නුවර පාරට ගෙනිහින් බස්සන්න පුලුවන්ද."
"නිකන් යන වාහනේ නේ යමු යමු. මෙච්චර උදව්වක් කරපු මනුස්සයව දාල යන්න පුලුවන්ද?"
"එහෙනම් පොඩ්ඩක් හිටපන් මචන් මම බෑග් එක අරගෙන එන්නම්"
අපි දෙන්නම පොත් හලේ ඉදලා එලියට බැස්සේ එකට
"අද කවදාවත් නැතුව පොඩි බොසා සික්කා එක්ක කුටු කුටු ගාන එක නම් මට අල්ලන්නේ නැහැ මචන්. පොඩ්ඩක් හිටපන්කෝ මම උඩට ගිහින් එනකම්"
ගාඩ් රුම් එක ගාව හිටපු ව්‍යාපාරයේ හිමිකරුගේ පුතාව මට පෙන්නපු මැනේජර් උඩ තට්ටුවට නැග්ගා.
"ආ පොත් මල්ලි, මොකද මේ මහා රෑ. අමිලයා අපේ ඕඩර් එක දුන්න නේද?"
"ඔව් මහත්තයෝ, ඕඩර් එක නම් හම්බ උනා. කොහොමද ඉතින් මේ දවස් වල බිස්නස්."
"බිස්නස් නම් ගන්න දෙයක් නැහැ මල්ලි ."
ඒ එක්කම පොඩි බොසා ගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා.
"එක්ස්කියුස් මි."
කියපු පොඩි බොසා ගේ පැත්තට ගියේ ෆෝන් එකත් කනේ ගහගෙන.
මම වාහනේ ලගට එනකොට අමිල බෑග් එකත් අරන් ඇවිත් වාහනේටත් නැගලා ඉවරයි.
"යමු අංකල්"
වාහනේ ස්ටාර්ට් කරනකොටම ගාඩ් රුම් එකේ සිවිල් හිටපු එකෙක් විසිල් පාරක් ගහලා වාහනේ නැවැත්තුවා.
"බොස් කොහෙද යන්නේ. යන දිහාවක බෑග් එක පෙන්නලා යන්න"
"මෙන්න බෑග් එක, ඕන නම් අරන් ගිහින් චෙක් කරලා ගේනවා"
අමිල වාහනේ ඉදගෙනම බෑග් එක එලියට දික් කරා.
"මෙහාට ගේනවා."
"යකෝ මම මේකේ මැනේජර්, මට බෑග් එක උස්සන්න කියන්න උඹ කවුද?"
අමිලයා බෑග් එකත් අරගෙන එලියට බැස්සේ කුණුහරප දෙක තුනකුත් කියාගෙන.
"මොකා උනත් මට කමක් නැහැ මෙහාට දෙනවා බෑග් එක."
බෑග් එක උදුරලා ගනිපු සික්කා සුපර් මාර්කට් එක ඉස්සරහම බෑග් එකේ තිබුණු බඩු ඔක්කොම බිමට හැලුවා.
මමත් වාහනේ අන්කලුත් සිද්දිය දිහා බලාගෙන හිටියේ මොනවයින් මොනවා වෙන්න යනවද කියලා හිතාගන්න බැරුව.
සුපර් මාර්කට් එක ඉස්සරහ මහා සෙනගක් බලාගෙන ඉඳිද්දී ඒ ආයතනයේ කලමනාකාරයාටම වෙච්ච තමන්ට සිද්ද වෙච්ච දේට ලජ්ජාවෙන් අමිලගේ මුණ රතු වෙන හැටි මම හොදටම දැක්කා.
" මොන @#@#!$44 ද යකෝ මේ කලේ. "
දරාගන්න බැරි ලජ්ජාවෙන් අමිල සෙනග ඉස්සරහම සික්කට පාරවල් දෙකතුනක් ගහන කොටම එතනට ආව තුන් හතර දෙනෙක්ම අමිලව අරගෙන අයිතිකාරයාගේ ගේ පැත්තට ඇදගෙන ගියේ පාරවල් දෙක තුනකුත් ගහන ගමන්.
හැම දේම සිද්ද වෙන්න මහ වෙලාවක් ගියේ නැහැ.
කඩේ වැඩ කරන සේවකයෙක් මගේ ලගට දුවගෙන ආවා.
"බලන්න සර් අරු කරපු ##@ වැඩේ. සර් ඔක්කොම කතාව දැක්කනේ. ගිහිල්ලා බොස්ට කියන්නකෝ මෙතන සිද්ද වෙච්ච සිද්දිය. අමිල මහත්තයා අහිංසකයි."
සිද්ද වෙච්ච සිද්දියේ අගක් මුලක් හිතා ගන්න බැරුව හිටියත් මමත් වහලා තිබුණු ගේට්ටුව තල්ලු කරගෙන ගෙවල් පැත්තට ගියේ අමිල වෙනුවෙන් මොකක්ම හරි කරන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන.
ගේට්ටුවෙන් ඇතුලට යනකොටම සිකුරුටි කාරයෙක් මාව නැවැත්තුවා.
"මහත්තයා කොහෙද යන්නේ"
"මම යන්නේ බොස්ව හම්බ වෙන්න. මට බොස් එක්ක කතා කරන්න ඕනේ"
කොටි රැලකට අහු උන මුව පැටියෙක් වගේ අසරණ වෙලා අමිල ඉන්න හැටි දැක්කාම මටත් දැනුනේ මහා අසරණ කමක්.
"@#@තෝ අත ඉස්සුව වෙලාවේ අපේ එකා යුනිෆෝම් එකෙන් නෙවෙයි හිටියේ. ඌ එවෙලාවේ යුනිෆෝම් පිටින් හිටිය නම් අපි උඹව පන පිටින් යවන්නේ නැහැ."
සික්කෝ සෙට් එකම එකතු වෙලා කඩේ අයිතිකාරයාගේ පවුලේ අය හැමෝම ඉස්සරහ අමිලව වරදකාරයෙක් කරලා ඉවරයි.
ටිකකට කලින් මා එක්ක කතා කර කර හිටපු පොඩි බොසා මගේ ලඟට ආවා.
"මහත්තයාගේ ඕඩර් ඔයාගේ එක හම්බ උනා නේ. තව මොකටද බලාගෙන ඉන්නේ. දැන් මහත්තයා යන්න"
"එත් මහත්තයෝ අමිල.."
ඒක අපේ ප්‍රශ්නයක්. මහත්තයට ඒවා අදාළ නැහැ. අපි එක බලාගන්නම්. දැන් මහත්තයා යන්න"
"මහත්තයෝ අපි යමු. තේරෙනවා නේ තත්වේ. තව ටිකක් මෙතන හිටියොත් හම්බ උන ඕඩර් එකත් නැති වෙනවා."
මම මෙච්චර වෙලා දැක්කේ නැති උනාට වාහනේ ඩ්‍රයිවර් අන්කලුත් මා එක්කම ඇවිත්.
"හ්ම්ම් .."
අමිල වෙනුවෙන් කරන්නම දෙයක් නැති කමට මම ඩ්‍රයිවර් අන්කල් එක්ක වාහනේ නවත්තලා තිබ්බ තැනට ආවා. වේගයෙන් ආව පොලිස් ජීප් එකක් ගේට්ටුවෙන් ඇතුල් වෙලා වැඩිවෙලා නොගිහින්ම අමිලවත් පිටිපස්සේ ෂිට් එකේ පටවාගෙන වේගයෙන් පොලිසිය දිහාවට යන හැටි අපි දෙන්නම බලාගෙන හිටියා.
............................................................................................................
කාලය ගත උනා අපේ ස්කුල් සීසන් එක ඉවර උනා. අමිල ගැන කිසිම ආරංචියක් අපට හම්බ උනේ නැහැ. එදායින් පස්සේ එයාගේ දුරකථන අංකය වැඩ කලෙත් නැහැ. අමිල පාර අයිනේ පටන් ගත්ත බුක් ෂොප් එක තිබ්බ තැනින් වෙනස් උනා. දීපු පොත් ඕඩර් එකෙන් හරියටම බාගයක් සීසන් එක ඉවර උනාට පස්සේ අපට ආපහු රිටන් ගන්න සිද්ද උනා. බුක් ෂොප් එකේ වෙළඳාම ආයෙත් පරණ තත්වයටම එන හැටි අපි බලාගෙන හිටියා. රිටන් ගත්ත බඩු වලින් අපේ ඒජන්සියට නම් පාඩුවක් උනේ නැහැ. කම්පනියෙන් ලොකු ඩිස්කවුන්ට් එකක් එක්ක ගත්ත බඩු ඔක්කොම සාමාන්‍ය මිලටම අපි විකුණුවා. ටික කාලෙකට පස්සේ මම ඒ කොම්පැනියෙනුත් අයින් උනා.
අදටත් පරණ පුරුදු නිදිමත විදියටම අදාළ බුක් ෂොප් එක ගම්පහ පැත්තේ අදාළ ටවුන් එකේ මුල්ලක තියෙනවා ..
එදා අමිලට සිද්ද වෙච්ච දේ දෑසින්ම දැකලත් එයා වෙනුවෙන් වචනයකින් වත් දෙයක් කරගන්න බැරි උන අසරණ හැඟීම මගේ හිතේ අදටත් තියෙනවා. එක හැමදාමත් එහෙමම තියේවි.
............................................................................................................
ඒ කතාව ඉවරයි. දැන් ඊලග කතාව.
ගිය අවුරුද්දේ අපේ බ්ලොගර්ස්ලා සෙට් එක ගාල්ලේ රූමස්සල ගිහින් සුපිරි ෆන් එකක් ගත්තා මතකයි නේ. ඔන්න මේ අවුරුද්දෙත් කට්ටිය ඒ වගේම ෆන් එකක් ගන්න සෙට් වෙන්නයි ලැහැස්තිය.
ඒ කියන්නේ 2013 වසරේ සිංහල බ්ලොග් කරුවන්ගේ ප්‍රථම සුහද හමුව.
සැමා, සිරා, ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ බ්ලොගර්ස්ලා සෙට් එක එකතු වෙලා සංවිධානය කරනවා කියලයි ආරංචිය.
2013 ජනවාරි 27 වෙනිදා විවේකි ඉරිදා දවසේ ගම්පහ මල්වත්ත ක්‍රීඩා පිටියේදී තමයි සෙට් වෙනවා කියලා කියන්නේ. ගාලු ගිහින් කාල නාල ආවට වඩා ෆන් එකක් ගන්න වැඩකටයුතු ගොඩාක් මේ දවස් වල ඒ පැත්තේ වෙනවලු.
එහෙනම් කස්ටියම දැන්ම ඉදන් වැඩ මොකුත් දාගන්නේ නැතුව එදාට සෙට් වෙන්න ලැස්ති වෙන්නකෝ.
වැඩි විස්තර ඉස්සරහට බ්ලොග් වලින්ම අහන්න දකින්න ලැබෙයි. පොඩ්ඩක් ටච් එකේ ඉන්න.
ගිය අවුරුද්දේ ගාලු ගිහිල්ල ගත්ත ෆන් එක ගැන පොඩි විස්තරයක් එදා රූමස්සල ගියපු නොගියපු හැමෝටම මෙතනින් බලන්න පුළුවන්.
සිංහල බ්ලොග් කලාව එදා ඉදන් අද වෙනකම් ආව ගමන, කරපු කියපු දේවල් ගැන දැනගන්න කැමති නම් ඒ ගැන මෙතනින් දැනගන්න පුළුවන්.
එහෙම නම් අපි ගියා. හැමෝටම ජය වේවා..
ඒ වගේ අවස්ථාක් ඇත්තටම දුකක්.ඒත් දැන් එක ගැන හිතන්න එපා අප්පා.
ReplyDeleteමනසින් දිවියට
දුකකට වැඩ ඒ වගේ වෙලාවට දැනෙන්නේ මොකුත්ම කර කියා ගන්න බැරුව දැනෙන අසරණ බවක්....
Deleteදෙවෙනි කතාව වෙනම පොස්ට් එකකින් දැම්මනම් හොඳයි වගේ.
ReplyDeleteමිනිහෙකුට වරද්දකදී ගැහුවට කිසිම දුකක් නෑ. ඒත් මේ වගේ දේවල් දකිද්දී හිතාගන්න බැරි දුකක්, කල කිරීමක් ඇති වෙනවා. අවංක, කෙලින් වැඩ කරන මිනිහට ගොඩක් වෙලාවට අත් වෙන්නේ මේ වගේ ඉරණමක් තමයි. අන්තිමේදී ඒ මනුස්සයා තවත් එක මනුස්සයෙක් වෙනවා. එහෙමත් නැත්නම් අසාධාරනේදීත් කට පියන් ඉන්න එකෙක් වෙනවා. එහෙමත් නැත්නම් ජීවිතෙන් සමුගන්නවා.
මේක අපේ රටෙත් වෙනවා. විශේෂයෙන් දේශපාලනේදී. ලෝකෙදිත් වෙනවා. ඇමෙරිකන් ආක්‍රමණ, ආගම්වාදී බලපෑම් වගේ දේවල්.
අන්තිමේදී කියන්න තියෙන්නේ අපිවත් ඒ තත්වෙට පත් නොවී ඉම්මු කියලා විතරයි.
මට මේ කතාව මතක් උනේ මේකත් ගම්පහ පැත්තේ දීම මට සිද්ද උන සිද්දියක් නිසා. කතා දෙකම එකට දැම්මේ එකයි.
Deleteතමන් කරන කියන දේවල් තම තමන් අරගෙන යයි. අපිවත් ඒ තත්වෙට වැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ලොකු දෙයක්. :)
දෙවැනි කථාව ගැන ඉදිරි දිනයක කාමරෙනුත් ලියවෙනවා...
Delete@රෙපා අයිය ඒ වෙලාවෙ මොනා හරි නොකල එකනම් වැරදියි. පවු අසරන මැනේජර්. කමක් නෑ අයියේ උන දේ ගැන දුක් වෙන්න එපා. අයෙ ඔහොම දෙයක් උනොත් කට පියාගෙන ඉන්න එපා. අසාදාරනේට මම විරුද්දයි. ඕන තැනක කතා කරනව
ReplyDeleteපුළුවන් වෙලාවක අපේ පැත්තෙත් ඇවිත් යන්න... MyTechGate (බදා ගත් දේ බෙදා ගැනීමට)
ඒ වෙලාවේ එතන සිද්ද උනේ කලින් සැලසුම් කරපු විදියේ නාට්‍යයක් පෙන්නනවා වගේ වැඩක්. අපි නිකම් කෑගැහුවා කියල කරන්න කිසිම දෙයක් නැහැ. මුරකාරයෙක් තමන් ජොබ් එක කරන තැන මනේජර්ට අර වගේ කතා කරන්නේ නැහැ නේ නැත්තම් :)
Deleteඅනේ මන්දා.... පව් ඒ මනුස්සයා... ඔහොම තමා ගොඩක් අයට මුල අමතක වෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ. තමන්ගේ ව්‍යාපාරය වැඩි දියුණු කරපු මනුස්සයවනේ අන්තිමට ගහල පොලිසියට භාර කලේ.... වැරද්දක් තිබ්බ නම් තව කමකුත් නැහැ. මහා කැත වැඩක් ඒ මිනිස්සු කලේ. ඔයා කියන විදියට, ඒ මිනිස්සු ඒ පව් ගෙවනවා ඇති දැන්.....
ReplyDeleteහ්ම්ම් එක ඇත්ත සමනලී. මුල මතක නැති මිනිස්සුත් ඉන්නවා. එත් මැනේජර් ගේත් මොන වගේ වැරදි තිබුනද කියලා කියන්න අපි දන්නේ නැහැ. අපිට නම් එයා කිසිම වරදක් නැහැ. ඒ වෙලාවේ ඔය සිද්දිය නම් සිද්ද උනේ නිකම් නාට්‍යයක සින් එකක් වගේ. තම තමන් කරගත්තු දේ තම තමන් ගෙනියයි. එකයි ඇත්ත :)
Deleteරන්ජන් ලංකා එකේද ඕක උනේ..?
ReplyDeleteනැහැ බන් ගම්පහ ඉදලා කොළඹ එනකොට ස්ටේෂන් දෙකක් මෙහා තියෙන මුල්ල ටවුමේ මුල්ලේ කඩේ :)
Deleteඒ විස්තරේ තැන අදුනගන්න ප්‍රමාණවත් නෑ...
Deleteමනුස්සයෙකුට මනුස්සයෙක්ම මිසක් වෙන කවුරුත්ම නෑ කියන දේ හරියි කියන තැන අද මම ඉන්නවා. ඒ ඊයේ මට වෙච්චි සිදුවීමක් නිසා.
ReplyDeleteමනුස්සයෙකුට කරදරේකදී උදව්වට ඉන්නෙත් මනුස්සයෙක් වගේම ඒ මනුස්සයව වලට ඇදලා දාන්නෙත් එකටම ඉන්න මනුස්සයෙක් තමයි ...
Deleteමනුස්සයෙක්ට මනුස්සයෙක්? මොන පිස්සුද ලිහිණි... තමුන්ට තමුන් විතරයි... ඒ තමයි හැටි...
Deleteඒ මනුස්සය පවු බන්.. මමනන රස්සාවට කෙලවිලා ගියත් කමක් නැහැ කියල.. උට සප් එකක් දෙනවා....
ReplyDeleteදෙවෙනි එක.. ඔය කියන්න වූ මෙවුවා එකට එන්න වේවිදැයි සක සහිතය.. අපි තාම මල් වගේ කොල්ලොනේ අලෙ.. නිදැල්ලේ යවන්නේ නැහැ :D
ඌට ඒ වෙලාවේ කවුරුවත් සප් එක දෙන්න ගියා කියලා අමුතුවෙන් වෙන්න දෙයක් නැහැ. ඕන නම් අම්බානක කාලා පොලිස් කුඩුවෙත් ඉන්න තිබ්බා. ලොක්ක ගානට ගහපු ප්ලෑන් එකක්
Deleteඅයියෝ සල්ලි ..... වෙන මොනව කියන්න ද බං
ReplyDelete:(((
Deleteඅසාධාරනේ හැම තැනම රජ කරනවා. ඇත්ත එළිවෙනකොට වෙන්න ඕන දේවල් ඔක්කොම ඉවරයි. එදාට වෙන්නේ පසුතැවෙන්න තමා. බොසාට තාමත් තේරිලා නැතුවද මන්දා..
ReplyDeleteඒක නම් මම දන්නේ නැහැ බන් ඒ සීසන් එක ඉවර උන ගමන් මම ජොබ් එකෙන් සමු ගත්තා
Deleteගම්පහදි සෙට් වෙමු ඈ රෙපා අයියේ....
ReplyDeleteමගේ පළවෙනි පාර...
මොනා වෙයිද දල්ලෑ...
එල එල එහෙනම් එදාට සෙට් වෙමු
Deleteමොනවා වෙන්නද බන් ජය වේවා !!
කතාව නම් සංවේදියි බන්.සමහර මිනිස්සුන්ට කොච්චර කරත් හොඳක් නම් පෙන්නෙම නැහැ.
ReplyDeleteආයෙත් අහලා.කොච්චර කලත් ඔච්චර තමයි :/
Deletee wage welaawata asarana welaa inna kenek wenuwen mukuth karanna baruwa giyahama hithata dukyi thamai.hmm :(
ReplyDeleteදුක් වෙනවා ඇර වෙන කරන්න දේකුත් නැ වගේ :(
Deleteකඳුළු එන කතාවක් රෙපෝ! දරුවාගේ පලවෙනි උපන් දිනේ දවසේ මෙහෙම දෙයක් උනා කියන්නේ.... ...
ReplyDeleteඑත් ඉතින් මොනවා කරන්නද?
Deleteහ්ම් ඒ ලොකු හුස්මක් ....
ReplyDeleteහ්ම්ම්ම්....
Deleteඅම්මේ හති අප්පා...ඇයි මෙච්චර චූටි එකක් දැම්මේ අප්පේ...බුදු අම්මේ පට්ට මහන්සි කියවලාම...දුකයි අප්පා
ReplyDeleteඕක කියවලා ඔච්චර මහන්සිද? ඔය මුළු සිද්දියම වෙන්න ඕන නම් පැය භාගයක් යන්න ඇති ..
DeleteGitha honda geni hemadama badin kiyanne newwata thamai..hhmmm..
ReplyDeleteඅනිවා :)
Deleteහ්ම්ම්.. කියන්න දෙයක් කල්පනා කලේ.. සමහර වෙලාවල් වලට කියන්න දේවල් නැතුව යනවා..
ReplyDeleteහ්ම්ම් ඒක ඇත්ත :)
Deleteඅද ගොඩාක් ආයතන එකම තැන පල් වෙන්නේ ඔන්න ඔය වගේ හේතු හින්ද. අසාධාරනේට විරුද්දව කථා කරන්න ඉඩක් නෑ. කථා කරන්න දෙන්නෙත් නෑ. ඒ වෙලාවට අපි හද්ද අසරණයි.
ReplyDelete27 එහෙනං සෙට් වෙමු!!
මමත් ඊට පස්සේ කාලෙකින් ඒ පැත්තට ගියේ නැහැ බන්. තවම පරණ පුරුදු විදියටම ඒක එතන තියෙනවා මම දන්නා හැටියට.
Delete27 සෙට් වෙමු එහෙනම් ජය වේවා !!
අර කථාවට මට සෑහෙන්න දුක හිතුනා බන්...ඇත්තමයි මටත් ඔය අසාධාරණේ පේන්න බෑ... මම එතන හිටියා නම් අනිවා පැනලා දෙක තුනක් නෙලනවා... උඹ මට හම්බවෙන දවසක එය පොත් සාප්පුව මොකක්ද කියලා කියපන්... අපේ සීයලා/බාප්පලා/මාමලා ඒ කාලෙ ඉදන්ම ගම්පහ ව්‍යාපාරිකයො...
ReplyDelete27 වැඩේ සුපිරියටම කරන්න මේ දවස් වල මමත් සෑමාත්... බ්ලොග් අවකාශයේ මිතුරෝ සංවිධානයත් සැදී පැහැදී ඉන්නෙ... මතක තබා ගත යුතු කාරණය තමයි මෙය බ්ලොග්කරුවන්ට පමණක් නොව බ්ලොග් කියවන සියල්ලන්ටද එකසේ විවෘත බව... රෙපාට ජය එහෙනම්... !
එහෙම අනින්න ගියා කියලා වැඩක් වෙන්නේ නැහැ බන්. දෙනෝ දාහක් මැද්දේ තමයි ඔය සිද්දිය උනෙත්.
Deleteතැන බුකියට මැසේජ් කරලා ඇති
ජය වේවා !!
මෙහෙම ඉන්න අපිටත් නොහෙන් වදීද කියලා කවුද දන්නේ
ReplyDeleteවදිනකම් හිතා ගන්න බැරි වෙයි වගේ. හැබැයි අමිල නම් දැනගෙන හිටියා ළඟදීම ගේමක් සෙට් වෙනවා කියලා. ඒක ඔච්චර ඉක්මන් වෙයි කියලා තමා හිතුවේ නැත්තේ :)
Deleteහරි බං... ඇත්ත කතාව.. හොඳට වැඩ කරන මිනිහෙක්ට වල කපන්න ඕනේ තරම් කට්ටිය ඉන්නවා...
ReplyDeleteනිදිමතේ වැනි වැනි වැනි හිටපු ආයතනයක් ගොඩ ගන්න මාත් පුළුවන් දෙයක් කරන්න හැදුවා.. ඒත් වැඩක් උනේ නෑ.. එතෙකාටත් වෙන්න තිබ්බ ඔක්කොම වෙලා ඉවරයි.. හැබැයි එක දෙයක්... ඒ කරපු දෙයින් මට හොඳක් මිසක් නරකක් උනේ නෑ අදටත්... ....
මේ වගේ අසාධාරනකම් කොච්චරනම් වෙනවද මේ ලෝකේ..උත්තර කොහෙන් කවදා හොයන්නද..
ReplyDeleteහ්ම්ම්ම්... දුක හිතෙන කතාවක්... අපි නම් ඉතින් ගෙට් වලට නෑ...
ReplyDeleteකොහොමත් මචං හුඟක් තැන් වල කට්ට කාගෙන වැඩ කරන උන්ට කැපිල්ල තමා අන්තිමට හම්බ වෙන්නේ. මේක අත්දැකීමෙන් කියන දෙයක්.
ReplyDeleteඔය සිද්ධියේදී නම් ඇත්තටම උඹ කියල මොනවා කරන්නද.. එතනට ගිහින් තියන්නෙත් රාජකාරි වැඩකට නිසා කොහොමත් අත දාන්න බෑ. ගියා නම් උඹටත් ඉල්ලන් ටින්කිරි තමයි. ඒත් මොකද අමිල ලොක්කගේ පුතා දැකල ආපහු ගියේ....??
ලොක්කගෙ පුතාගෙ ප්ලෑනක් තමයි ඕක.. දැක්කනෙ නීතියත් උන්ගෙ අතේ.. $#$#%#%^ බල්ලො
ReplyDeleteමේ කතාව කියවද්දි පුදුම අසරණ බවක් දැනුනෙ..කොච්චර අසාධාරණ වුනත් සමහර වෙලාවට හඬ අවදි කරන්න බැරි වෙන විදිහට අපිත් අසරණයි..
ReplyDeleteකතාකරල වැඩක් නෑ අප්ප ඕව ගැනනම්........
ReplyDelete