Monday, August 6, 2012

අහසයි හදයි මහ පොලවයි..






හදටයි අහසටයි කවියෝ කවි ලියලා ඇති ඕන තරම්. හැම කවියකම තියෙන්නේ සද අයිති අහසට කියලා. ඒත් ඇත්තටම බැලුවොත් සද අයිති අහසටද. සද රැදිලා තියෙන්නේ පොලවේ ගුරුත්වය නිසා. සද කැරකෙන්නේ පොලව වටේ. සද අහසට අයිති වගේ පෙනුනත් සද අයිති අහසටද එහෙමත් නැත්තම් මහ පොලවටද?.

සද අහසේ ලස්සනට පායනවා පාලොස්වක පෝයට. අහසේ සද පායලා තියෙනකොට අහසට අයිති තරු ගොන්න පේන්නේ නෑ කාටවත්ම. ඒත් මාස පෝය දවසට සද අහසේ දකින්න නෑ. අහසට සද නැති උනා කියලා අහස තනි වෙන්නේ නෑ කවමදාවත්. ඉර, තරු, වලාකුළු, ධුම කේතු, උල්කාපාත, ග්‍රහලෝක, හැම දේම තියෙනවා අහසේ තනියට. ඒත් මහ පොලවේ තනියට හැමදාකම ඉන්නේ සද විතරමයි. ලෝකයා මොනවා කිව්වත් කවියෝ සදේ අයිතිය අහසටම දුන්නත් මහ පොලව තමන්ට අයිති සද අතාරින්නෙ නෑ. මහ පොලව හදට ආදරෙයි ගොඩාක්ම. මහ පොලව සදට ආදරේ කරන්නේ අහස සදට ආදරේ කරනවා වගේ සදේ දීප්තියට ලස්සනට නෙවෙයි. පුර හද පායලා තියෙන පාලොස්වක දාට වගේම සද පායන්නේ නැති මාස පෝය දවසටත් මහ පොලව සදට දක්වන ආදරේ වෙනසක් වෙන්නේ නෑ.....

හදිසියේවත් මහ පොලව සද අත ඇරලා දැම්මොත් සද කොහේ ගිහින් නවතියිද කියලා සදවත් දන්නේ නෑ. කවදාම හරි පොලව සද අත ඇරලා සද ඉබාගාතේ ගියොත් ආදරේ කියලා කොයි තරම් පාරම බෑවත් අහසට බෑ කවදාවත්ම සද නවත්තගන්න. සද අහසේ පායන්නෙත් සදේ අයිතිය මහ පොලවට තියෙනකම් විතරයි. සද අහසේ පායලා තිබුනට සදේ එළියෙන් අහස ලස්සනට බැබලුනාට සදේ අයිතිය හැමදාම මහ පොලවට විතරමයි....... 





අහස කියන්නේ ඉමක්‌ කොනක් නැති අනන්තයක්. වෙලාවකට ගුගුරුවාගෙන වහිනවා. තවත් වෙලාවකට ගොඩාක් ශාන්තයි. අහස මොන තරම් ගිගුරුවත් මහ වැසි සුළං වලින් කොපමණ පහර දුන්නත් පොලව ඉවසනවා ඒ හැම දේම. සද පොළවෙන් ඈත් කරන්න අහසට පුළුවන් ලොකුම දේ ලොකුම ලොකු ඝන වලාවකින් සද වහල දාන එක විතරයි. ඒත් ඒ ඝන වලාකුළු, අකුණු සැඩ සුළං හැමදෙයක්ම තාවකාලිකයි. ඒ කිසිම දේකින් මහපොලව සැලෙන්නේ නෑ. අහස පොළවෙන් සද ඈත් කරන්න මොන මොන දේ කලත් සදේ අයිතිය හැමදාම පොළවටම විතරමයි......

මහ පොලව කොයි තරම් සදට ආදරෙයිද කියලා සද හොදටම දන්නවා. ඒත් අහසේ ලස්සන වලා රොදකින් සදේ ඇස් වැහිලා. සද ආදරෙයි වළාකුලේ තියෙන ලස්සනට. අහස සදට ලස්සන හීන ගොඩාක් පෙන්නලා වෙනමම ලෝකෙකට ගෙනිහින් පාට පාට වලාකුළු වලින් සදත් මහ පොලවත් අතර බැදීම නවත්තන්න ලොකු උත්සාහයක් ගන්නවා. පාට පාට හීන පෙන්නලා තමන්ට අයිති සද බලහත්කාරෙන් ලග තියා ගන්න උවමනාවක් මහ පොලවට නෑ. සදයි පොලවයි අතර බැදීම නැති කරන්න අහස කරන ඒ හැමදේම තාවකාලිකයි. මහ පොලවට ඉතුරු වෙලා තියෙන්නේ පොලවයි සදයි අතරේ කඩන්න බැරි බැදීමක් තියෙනවා කියන විශ්වාශයත් සද, අහස කියන්නේ මොකක්ද කියලා කවමදාක හරි තේරුම් අරගෙන ආයෙත් මහ පොලව හොයාගෙන ඒවි කියන පුංචිම පුංචි බලාපොරොත්තුවකුත් විතරමයි.


ඒ පුංචි බලාපොරොත්තුව වෙනුවෙන් මහ පොලව එයාට කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. ඒ බලාපොරොත්තුව වෙනුවෙන් පොලවේ හැම දේම කැප කරනවා. සදෙන් තොර ජිවිතයක් මහ පොලවට නෑ. මහා ගින්දරක් පොලව ඇතුලේ හිර කරගෙන සද පොලොව හොයාගෙන එනකම් මහ පොලව බලාගෙන ඉන්නවා හැමදාමත්......

40 comments:

  1. ශා මරු අදහස් ටික
    ඇත්තටම රෙපෝ උඹට මොකද්ද වෙලා තියෙන්නේ?? රෙපී කෙනෙක් වත හම්බුනයි ලගදි?? :ඩ්

    ReplyDelete
    Replies
    1. කොහෙද බං මේකේ රෙපි කෙනෙක් ගැන තියෙන්නේ:P මේක ලෝකයාට නොපෙනෙන අහසෙයි සදෙයි මහ පොලවෙයි ඇත්ත කතාව......

      Delete
  2. ම්ම්ම්... හරිම ආලවන්තයි.. ;) පුබුදු අහපු දේම තමා අහන්න වෙන්නේ..

    නුඹ නොදන්නවාට
    දුරින් හිඳ ඔබගේ
    ලොව එළිය කරනා
    සඳවතී මා ය
    අහසට අයිති නැ
    අසහේ පෑයුවාට
    ඔබම මිසක් වෙන
    ස්වාමියෙක් කොහිද..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්..මේක දෙවෙනි සැරේටත් කියෙව්වාමයි හරියටම මීටර් වුනේ.. හ්ම්ම්.. සඳට ඇත්තටම ආදරේ කරන්නේ පොළව නම් අනිව සඳ ආයේ එනවාමයි..
      අර කිව්වා වගේ..
      "ඔබම මිසක් වෙන
      ස්වාමියෙක් කොහිද.."

      Delete
    2. කවමදාක හරි සද ආයෙත් මහ පොලව හොයා ගෙන එනවාම තමයි. මහ පොලවට ඒක හොදටම විශ්වාසයි.......

      Delete
  3. මට හිතෙන්නෙ කෙලින් කියාගන්න ඔනි දෙයක් වටින් ගොඩින් කිවුවා වගේ කියලා රෙපෝ :)
    කොහොම වුනත් අදහස ලස්සනයි... :)

    ReplyDelete
    Replies
    1. හේ හේ .අදහසක් පමණක් නෙවෙයි. මේ තමයි ලෝකෙට නොපෙනෙන ඇත්ත.

      Delete
  4. හදේ ඉදන්ද ලිව්වේ..

    මාර අදහස් !! :)

    ReplyDelete
    Replies
    1. සද ජය ගන්න රොකට්ටුවක් හදන ගමන් ලිව්වේ.
      රොකට් එකක් හදාගෙන ගිහිං හරි මහ පොලව හද ජය ගන්නවා ගන්නවාම තමයි...

      Delete
  5. සූරිය සුනෙර සත්වට කැරකී නිබඳ
    වීරිය කරයි ලන් වෙන්නට පුර හඳට
    කවි පද බඳින කිවිදුන් කර ඉර සුදන
    රාහුට බනිනවා සඳ ගිලගත් බවට

    රාහුගෙ සවි බෙලෙන් ලෝ වට කැරකෙන්නේ
    ඒ සඳ කෙලෙස හිරු කුමරුට හිමි වන්නේ
    අන්සතු පෙමක් පසු පස ඉර එලවන්නේ
    එහෙව් ඉරට අයි උල් පන්දම් දෙන්නේ

    ReplyDelete
    Replies
    1. http://kawilanda.blogspot.com/2012/03/blog-post_21.html

      මේකත් බලන්නකො

      Delete
    2. //රාහුගෙ සවි බෙලෙන් ලෝ වට කැරකෙන්නේ
      ඒ සඳ කෙලෙස හිරු කුමරුට හිමි වන්නේ
      අන්සතු පෙමක් පසු පස ඉර එලවන්නේ
      එහෙව් ඉරට අයි උල් පන්දම් දෙන්නේ//

      ඔය තියෙන්නේ. සදට ඕක තේරෙන්නේ නැති එකනේ අවුල.
      එල එල ජය !!

      Delete
  6. නියමයි! අපූරුම අපූරුවට ලියල :)

    ReplyDelete
  7. ඔබ දන්නවාද තරියාගේ ඇත්ත නමේ අර්ථය සඳ බව..
    හික්ස්..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ රෙපා මේක ලියලා තියෙන්නේ තරියටද? :ඕ
      හෆ්ෆෝයි..

      Delete
    2. @තරියා. අදමයි දන ගත්තේ:)

      @ප්‍රමුදි . හෆ්ෆෝයි නෑ. මේ වෙන සදක්

      Delete
  8. හරිම රොමැන්ටික්.. :)

    ReplyDelete
  9. මොකක් හරි ලොකු දෙයක් වගේ.. හිත් රිදවීම් නම් එනවා යනවා රෙප් අයියේ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හැම දෙයක්ම කාලයා හොදින් විසදයි. නේද මල්ලි ..

      Delete
  10. සඳට සැහැසිකම් කල අය සඳ වතුරෙන් සැනසුනාට සඳ සාවිට දුක හිතෙන්නේ නෑ......

    ReplyDelete
    Replies
    1. සුවදක් තනියම විදින්න බඹරකු උසුලන ගින්දර මලකට කිසිදා පෙනෙන්නේ නෑ.
      නුඹ ගෙන් උණුහුම විදිනා මගේ හිත ලග දග කෙරුවත් නුඹට උනුහුමක් දැනෙන්නේ නෑ......

      Delete
  11. hmm..........lassanata liyala thiyenawa repa ayye......

    ReplyDelete
  12. මොකද හදිස්සියේ හද මතක් වුනේ... හදක් වගේ කෙනෙක්වත් ජීවිතේට ලං වුනාද ?

    ReplyDelete
    Replies
    1. නැහැ, සඳ මුගේ ජීවිතයෙන් අයින්වෙලා :/

      Delete
  13. සෑහෙන දෙයක් සඳයි,අහසයි,පොලොවයි අරගෙන කියලා දාලා.

    ReplyDelete
  14. රෙපීට කියපු එකක්.නියමයි අදහස් ටික

    ReplyDelete
  15. සඳ අහසෙන් කඩා වැටෙයි එතකන් ඉන්න රෙප් මහත්තයා. "මල්" ගහේ පිපුනට "මල් සුවඳ" අයිති සුළඟට වගේම තමයි සඳ අහසේ පැයුවට සඳ අයිති පොලවට

    ReplyDelete
  16. කතාවට යටින් තියෙන්නේ තවත් කතාවක් නේද

    ReplyDelete
  17. පට්ට අදහස් ටික

    ReplyDelete
  18. අහසයි ඔබ මට නිම හිම නොපෙනෙන
    හිනිමන් බදිනු බැරි......

    ලස්සන හිතට දැනෙන කතාවක්

    ReplyDelete
  19. "රොකට් එකක් හදාගෙන ගිහිං හරි මහ පොලව හද ජය ගන්නවා ගන්නවාම තමයි..."

    උත්සහය ගැන වරදක් කියන්නේ නෑ.ඒත් අයිති නැති දේ බලෙන් ලබාගෙන වැඩක් නෑ බං.ආදරේ කියන්නේ පරිත්‍යාගයක් කියල හිතල ඔන්න ඔය හඳ අහසටම දීල දාපං.අන්තිමේ මට කරන්න උනෙත් ඒකම තමයි..

    ReplyDelete
  20. ඔහොම තර්ක කලාට බන් හද පොලවේ නම් අහවල් මගුලටද ඔච්චර දුරින් තියන් ඉන්නේ.............

    ReplyDelete
  21. දඩබ්බරය ට මමත් එකඟයි,...

    ReplyDelete
  22. අනේ මන්දා...මු එන්ඩ එන්ඩම අවුට් යනවද කොහෙද?

    ReplyDelete
  23. අදහස් ටික මාර ලස්සනයි..සෑහෙන දවසක් හිතේ හිර කරන් හිටපු දෙයක් වෙන්න ඕන මේ විදිහට අකුරු කරලා තියෙන්නේ..ඒ නිසා තමයි මෙච්චර ලස්සන නිර්මාණයක් විදිහට ඒක එළියට ආවේ..දවසක සද ඇත්ත තේරුම් ගනිවී..ඒ වෙනතුරු පොලොව බලාගෙන ඉදිවි..ඒ බලාපොරොත්තු ජීවිතය ජීවත් කරාවි...ජය වේවා!!!

    ReplyDelete
  24. ම්ම්ම්...ලින්ක් දාලා තිබ්බ කවි පන්ති දෙකයි, මේකයි ඔක්කොම කියෙව්වා... කියන්න වචන නෑ... පුදුම ලස්සනයි අයියේ...

    ReplyDelete
  25. හ්ම්ම්... හ්ම්ම්... හරි අපූරුවට ලියලා තියෙනවනේ සඳ, අහස හා පොළොව ගැන... ඒත් සහෝ... මට නම් හිතෙන්නේ... ඔය සඳ, කවදාවත් පොළොවට නම් අයිති වෙන එකක් නෑ... පොළොවට වෙන්නේ දුර ඉදන් සඳ දිහා බලාගෙන ඉන්න විතරමයි.

    ReplyDelete