Friday, July 27, 2012

සුභ උපන් දිනයක්



මේ දවස් වල හැම තැනම බ්ලොග් උපන්දින පාටි. ගිය අවුරුද්දේ ජුලි මාසේ 27 තමයි ඔන්න රෙප් මහත්තයාත් මේ බ්ලොග් ලෝකෙට අඩිය තිබ්බේ අම්බලම කියන නමින්. ඉතින් මේ බ්ලොග් එක පටන් අරගන අදට අවුරුද්දක් වෙනවා. බ්ලොග් ලෝකෙට ආවේ කොහොමද කියන කතාව මන 50 වෙනි පෝස්ට් එකේදී කියලා ඇතිනේ. අවුරුද්දටම දාල තියෙන්නේ පෝස්ට් 60 යි. මේක තමයි මගේ 60 වෙනි පෝස්ට් එක.   






කොහොමින් හරි මේ බ්ලොග් ලෝකෙට ඇවිල්ලා ලබාගත්ත දේවල් නම් ගොඩයි. ලෝකේ වටේම ඉන්න යාළුවො ගොඩාක් වගේම ලොකු දැනුමකුත්. ඒ විතරක් නෙවෙයි මුහුණු පොතෙන් බ්ලොග් අවකාශේන් මිතුරු වුන යහළුවන්ගේ ගාල්ලේ සුහද හමුව වගේම සයිබර් සැණකෙළියට සහභාගී වෙන්න ලැබීමත් බ්ලොග් ලෝකෙට ආව නිසාම ජිවිතයට ලැබුණු අමතක නොවෙන අත්දැකීම්.

එහෙනම් මුලින්ම කේක් කපල කාලම පාටිය පටන් ගනිමු. දැන් ඔය කට්ටිය අතින් කටින් බරටම අරගෙන ආව තෑගී බෝග ටික එහෙම පැත්තකින් තියලා කේක් කපන්න එන්නෝ. :P

බ්ලොග් අවකාශයෙන් මට ලැබුණු වටිනාම තෑග්ග වෙච්ච මගේ චොකෝ නංගියාගේ ඉල්ලිමටම ගෙනාවා රසම රස චොකලට් කේක් ගෙඩියක් ස්ට්‍රොබෙරිත් එක්කම  :D :P 

(දැන් කට්ටිය මේ චොකෝ නංගි කියන්නේ කවුද කියලා හොයන්න මහන්සි වෙන්න එපා ඉතින්. මේ ස්ට්‍රෝබෙරිත් අදාළ කෙනාට :P)




කේක් කපලා කාල ඉවර නම් කිරිබත් කෑල්ලකුත් කමු නේද?




කාල ඉවරවෙලා බොන්න 






පාටියට ඉතින් කොයි වෙලාවේ ආවත් හොදට කාල බිලා යන්න තියෙන්න ඕනනේ . දවල්ට රෑට එන අයට ඉතින්  කිරිබත් දෙන්න පුලුවන්ද? ඔන්න ගමේ ක්‍රමේටයි චයිනිස් වලට කැමැති අයටයි දෙගොල්ලන්ටම බඩ පිරෙන්න කන්න කෑම. :D













කෑම කාල ඉවරවෙලා කන්න අතුරුපසත් තියෙනවා. කැමති දෙයක් අරන් කන එකයි තියෙන්නේ  :))




බ්ලොග් අවකාශේ ඉන්න ගොඩාක් දෙනෙක් පාටියකට ආවාම ඉතින් හොයන්නේ මොනවද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ. රෙපා ඉතින් ඕවා පාවිච්චියක් නැති නිසා ඕන කට්ටියට බඩු හොයාගෙන යන්න පාරක් විතරක් පෙන්නන්නම්  
ඕන කට්ටිය පහලට එන්නෝ 
1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1
තව ටිකක් දුර යමු
1

1

1

1

1

1

1

1

1

1
1

1

 මෙතන ඉන්නවා මරණේ අයියා. එයා ලග ඕන තරම් අදාළ දෑ තියේ. ඉල්ලගෙන පාවිච්චි කරන එකයි ඇත්තේ. මම ගියා. එහෙනම් කට්ටියම වෙරි වේවා....

86 comments:

  1. අවුරුද්දක් ගියාද බන්... සුභ පැතුම් !...

    කන්න දෙන එක නම් දීල තියෙනෝ ලෝබ නැතුව :)

    ReplyDelete
    Replies
    1. අවුරුද්දකින් වයසට ගිහිං. තැන්කු මචං :))

      Delete
  2. ජය වේවා සහෝදරයා.මගේ සුභ පැතුම්...

    ReplyDelete
    Replies
    1. තැන්කු සහෝදරයා. කමෙන්ටුව දාලා මැසේජ් කලේ නැත්තම් හෙව්වා හමාරයි කවුද කියලා :))
      ජය වේවා :))

      Delete
  3. එළ දිගටම ලියමු...


    අනික තමයි අර පොඩි කේක් එක වෙනුවට ලොකුම ලොකු කේක් එකක් කපලා කන්න ලැ‍ෙබ්වා එහෙනම්...

    ReplyDelete
    Replies
    1. තැන්කු මචං. කාලෙකින් දැක්කේ.
      අපටත් ලගදීම ලොකු කේක් කෑල්ලක් කන්න අනුරාධපුරේ පැත්තේ එන්න ලැබේවා.:))

      Delete
  4. 2 වසරට සුබ පැතුම්...!!!

    ReplyDelete
  5. මගෙනුත් උණුසුම් සුබපැතුම් !!!

    ReplyDelete
  6. සුභ පැතුම් යාළු :)

    ReplyDelete
  7. සුභ පැතුම් රෙප් අයියේ.. තව ලස්සන ලිපි ලියන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

    " (දැන් කට්ටිය මේ චොකෝ නංගි කියන්නේ කවුද කියලා හොයන්න මහන්සි වෙන්න එපා ඉතින්. මේ ස්ට්‍රෝබෙරිත් අදාළ කෙනාට :P)"

    මම නම් දන්නවලු ඔන්න.. එකටත් සුභ පැතුම් ආ..

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු දිනේෂ් මලයටත් :)) :P

      Delete
    2. හික් හික් අපිත් දන්නවා :)

      Delete
  8. සුභ පැතුම් රෙප් අයියේ.....

    ReplyDelete
  9. සුභ පැතුම්. කාලා බීලා වැඩිවෙලා දැන් ඉස්මුරුත්තාව. ඒක නිසා අද මෙහේ ඉදලා හෙටත් කාලා තමා යන්න වෙන්නේ :D

    ReplyDelete
    Replies
    1. තැන්කු මචං:)) මේ අම්බලමේ ඕන තරම් ඉඩ තියෙනවා. හොදට කාලා බිලා ඕන තරම් කල් ඉදලා යන්න පුළුවන් ..:D

      Delete
  10. සුබ උපන් දිනයක් වේවා මචං.... ජය...

    ReplyDelete
  11. අවුරුද්දක් ගිහිල්ලා. ඒත් මම අදයි මේ බ්ලොග් එක පැත්තේ ආවේ. එහෙනම් ඔන්න මගෙනුත් සුභපැතුම්. ජය

    ReplyDelete
    Replies
    1. ඔන්න මමත් ඒ පැත්තට ගිහිං ආවා. තැන්කු තැන්කු :)) ජය වේවා !!!

      Delete
  12. සුභ පැතුම්

    ReplyDelete
  13. කාල ඉස්මුරුත්තවත් හැදුනා ඔන්න!!!!
    සුභම සුභ උපන්න දිනයක් වේවා ඈ!!!!

    ReplyDelete
  14. තවත් අම්බලම්කින් උණුසුම් සුබ පැතුම් ....!!!

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු.:))
      බ්ලොග් මාවතේ යන එන අයගේ විඩා නිවන අම්බලම් තව තව බිහි වේවා ජය වේවා !!

      Delete
  15. ලියන පෝස්ට් ගාන නෙමෙයි වැදගත්. කියවන්න වටින දෙයක් ලියනවද කියන එකයි රෙපා. මම කියවපු ටික නම් එහෙමයි. :)
    සුභ උපන් දිනයක්!

    ReplyDelete
    Replies
    1. මමත් අදමයි ඒ පැත්තට ගියෙත්. තැන්කු තැන්කු අදහසටත් සුභ පැතුමටත් :))

      Delete
  16. අහම්බෙන් ගොඩවැදුණු බ්ලොග් ගමනේ මට හමුවූ සොදුරු නැවතුම රෙපාගේ අම්බලම....වචනෙන් කියන්න බැරි තරම් ගොඩක් දේවල් ඉගන ගත්තා මේ නවක බ්ලොග්කාරියත් අම්බලමේ පිනාගෙන්.....හික්ස්

    ඉතින් ආදරණීය සහෘදයාණනි ඔබේ බ්ලොග් නවාතැනේ උපන්දිනට මගේ උණුසුම් සුභ පැතුම්....

    මමත් ස්ට්‍රෝබෙරි කන්න ආසයි.ඕන් ඉස්සෙල්ලාම ස්ට්‍රෝබෙරි 2/3කුත් කටේ දාගෙන වෙල්කම් ඩ්‍රින්ස් එකටත් වග කියලම යන්න හිතුවේ...අනිවා මම දන්නවා බත් චුට්ටක් නොකෑවොත් තරහ වෙන නිසා ඕන් චයිනීස් පාරකුත් දාලම යන්නම්...(ලෝභ නැති රෙපා)

    යන්න කලින් කියන්න ඕනි...හරවත් සාරවත් බලන්න පුළුවන් බ්ලොග් ලිපි ඔබේ අතින් තවත් දැක ගැනීමට හැකි වේවායි පතමින් දෙවනි උපන්දිනයටත් නොවරදවාම එන බව කියමින් මගේ ස්තූති කථාව අවසන් කරනවා....

    ජයම වේවා....

    ReplyDelete
    Replies
    1. හිකිස්‌...........//....... ...........................................,,,,,,
      මේ නවක බ්ලොග් කාරිය පිනාගේ බ්ලොග් එක පැත්තේ නම් ඉන්නවා දැක්කේ නෑ :P
      ලබන සැරේ ආවේ නැතොත් ඒ වෙලාවට බලාගන්න බැරියැ.
      ජයෙන් ජයම වේවා :))

      Delete
  17. මගෙනුත් සුබ පැතුම්...:D

    ReplyDelete
  18. අඩේ...සුභ පැතුම් ඈ...

    ReplyDelete
  19. මේව කන්න පුලුවන් කොහේදිද??

    ReplyDelete
    Replies
    1. අපේ ගෙවල් පැත්තේ වරෙන්කො පුළුවන් වෙලාවක. දෙන්නම් ඇ .. :))

      Delete
  20. සුභම සුභ උපන් දිනක් අයියේ..!! තවත් ලස්සන වටින නිර්මාණ වලින් මේ බ්ලොග් ලෝකය සරසවන්න ලැබෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා....

    ආ ඔන්න මමත් කේක් කෑල්ලක් නම් කෑවා අයියේ....

    ReplyDelete
  21. සුභපැතුම්! ජයවේවා!

    ReplyDelete
  22. සුභ පැතුම් රෙපෝ ඈ.....

    යකඩෝ දැන් බ්ලොග් අවකාශේ මගුල් සක්වලක් වීගෙන එනවානෙ හොදා හොදා.. ;))

    ReplyDelete
    Replies
    1. තැන්කු නිසුපෝ :))
      ඇ එහෙමත් එකක් වීගෙන එනවලුද? හොදා හොදා :P :))

      Delete
  23. මුලින්ම සුභ උපන්දිනයක් වේවා! කියලා පතනවා..
    උඹ අර තේවතුර පාට බෝතලයක් මේසෙ උඩින් තියලා පුටු ටික ළං කොරලා තිබ්බෙ නැති නිසා.. අපි උපන් දින පාටියට ඇවිල්ලා පොඩ්ඩක් එළියට ගිහිල්ලා අපේ වියදමෙන් සප්පායම් උනා...
    මල් හතයි කොල්ලො හොදටම කික්... එහෙනම් ජය!

    ReplyDelete
    Replies
    1. එව්වා ගන්න යන්න මං පාර පෙන්නුවානේ.
      එතනට ගිහිං සප්පායම් වෙලා ආවනම් හරිනේ
      කමක් නෑ ඉතින් තැන්කු තැන්කු :))

      Delete
  24. jaya wewa jaya wewa suba upan dinayak!

    ReplyDelete
  25. අවුරුද්දට ජය වේවා!
    චෝකෝ නංගි ගැන අපි දන්නවා :)
    100 වෙනි එක ලියද්දි විවාහය ගැනත් ලියන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු :))

      :O හෑ චොකෝ නංගි ගැන දන්නවා
      කවුද බොල මේක ගොසිප් සයිට් එකකට දැම්මේ ??

      Delete
  26. සුබම සුබ උපන් දිනයක් වේවා!! :D

    ReplyDelete
    Replies
    1. ශම්මිවත් මේ පැත්තේ දැක්කේ අදමයි ද කොහෙද.
      සාදරයෙන් පිලි ගන්නවා රෙපාගේ අම්බලමට
      තැන්කු තැන්කු :))

      Delete
  27. හම්මියෝ,.,.,., මරුනේ සුබ සුබ මවුලි මංගල්යයක් වේවා,., මේ ,., බොන්න දුන්න මදි ඈ :/

    ReplyDelete
    Replies
    1. තැන්කු සුද්දෝ :))
      පොඩි ළමයින්ට වැඩිය බොන්න හොද නෑ. වෙරි වෙලා ගියොත් අම්ම ගහයි
      පරිස්සමින් පලයන් කොල්ලෝ.:P ජය වේවා !!

      Delete
  28. Happy birth day....ඔන්න උපන් දිනේ දවසෙම මමත් ආව මේ පැත්තේ.

    ReplyDelete
    Replies
    1. මෙන්න උපන්දින පාටියට හිම කුමාරියෙකුත් ඇවිත්.:D සාදරයෙන් පිලි ගන්නවා මේ පැත්තට
      තැන්කු සුභ පැතුමට :))

      Delete
  29. සුභම සුභ උපන් දිනයක් වේවා !! ජය !!! :-) අඩේ උඹ කන්නනම් දෙනවා ලොස් නැතිව නේද ?? කෑවා බඩ පැලෙන්න xD

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි චුටි පුතේ. දෙනවා ලොස් නැතුවම :D
      තැන්කු සුභ පැතුමට :))

      Delete
  30. මුලින්ම දැක්ක නිසා කිරිබත් කෑවේ. පස්සේ දැක්කේ චයිනීස් තියෙනවා කියලා. ඉතිං අතෑරල බෑනේ. දැන් හොදමට නිදිමතයි.

    සුභ උපන් දිනයක් වේවා..! රෙපා අයියේ..

    ReplyDelete
    Replies
    1. අතාරින්න එපා ඔය මොනවත්.:)) තැන්කු මලයෝ ජය වේවා !!

      Delete
  31. ෂා..මම මුලින්ම මේකට ගොඩ වැදුනේ නියම දවසකනේ..
    බොන්න දුන්නට තෑන්ක්ස් ;)
    සුබ පැතුම් කිවා ඔන්න!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට
      උඹ බිව්වා විතරද කෑවේ නැද්ද?
      තැන්කු තැන්කු :)) ජය වේවා !!

      Delete
  32. සුබ උපන්දිනයක් වේවා.......ඒත් ඔනම දෙයක් නෑ... කො යකෝ......බොන්ඩ

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ ඔය පල්ලෙහාට තියෙන පාරෙන් ගිහිං බලපන් :P
      තැන්කු මචං සුභ පැතුමට :))

      Delete
  33. සුබ උපන්දිනයක් වේවා.......ඒත් ඔනම දෙයක් නෑ... කො යකෝ......බොන්ඩ

    ReplyDelete
  34. onna magenuth suba pathum ayya.......ewa kanna bonna onane ayya a tika dakkama bada pirenawa....... :)

    ReplyDelete
  35. මැක්සා ලයින් ගැලපිල්ල. උපන්දිනෙකට මෙතුවක් කෑවයින් කෑවේ නෑ බීවයින් බීවේ නෑ මේ වගේ.

    සුභ උපන් දිනයක් රේප් මහත්තයාගේ අම්බලමට !!!

    ReplyDelete
    Replies
    1. ලයින් ගැලපිල්ල?? මේ උඹේ පත්තරේ නම් නෙවෙයි මචං.:P
      තැන්කු සිතුම් පැතුමෝ උඹටත් :))

      Delete
  36. සුභ පැතුම් මචං අවුරුද්දක් ගෙවිලා ගියා නේ.ඊළඟ අවුරුද්දේ මිට වඩා තැනක ඉදිවී.

    ReplyDelete
    Replies
    1. ඔවු බං අවුරුද්දකින්ම වයසට ගිහිං. තැන්කු අසරණ මචෝ :))

      Delete
  37. සුභ පැතුම් රෙපා අයියේ.... !!!!!!!

    ReplyDelete
  38. සුබ පැතුම් සහෝ..

    අම්මේ බං මෙච්චර කෑම..?

    ReplyDelete
    Replies
    1. තැන්කු සහෝ :))
      එහෙම තමා අපි දෙනකොට දෙනවානේ පැලෙන්න :P

      Delete
  39. ඒ හැප් බර්ත් ඩේ රෙපා ඈ.. සොරි ෆෝ ලේට් විශස් ආ.... අඩෝ උබ හොද වයින් දීලා නෑ බං හරිම අසාධාරණයි

    ReplyDelete
    Replies
    1. තැන්කු කනියෝ. එව්වා ඉතින් මං පෙන්නපු පාර දිගේ ගිහිං මරණේ අයියාගෙන් ඉල්ලා ගනිං :))

      Delete
  40. සුභ පැතුම් රෙප් අයියෙ!!!! ජයෙන් ජයම වේවා!!

    ReplyDelete
    Replies
    1. තැන්කු හිතු නංගි ඔයාටත් :)) ජය වේවා !!

      Delete
  41. සුබ පැතුම්.. මාර වැඩේ කියන්නේ මම ආවෙ පාටිය ට දවස් දෙකකට පස්සේ, එතකොටත් කෑම බීම අඩුවක් නෑ හික්ස්. නිදහසේ භුක්ති වින්දා.
    …අදමද කොහෙද ආවේ. ජය... !

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු. අපි පාටි දෙනකොට එහෙම තමා එක දිගට දවස් ගානක් දෙනවා ඇ :))
      ජය වේවා !!

      Delete
  42. හෙහ්..හෙහ්...සෑහෙන්ඩ වියදම්වෙලා හැඩැයි...
    ඕං අපිත් ආවැයි කියල හිතන්නකො..:))))

    ReplyDelete
  43. බ්ලොග් ලොව දිගු ගමනකට සුභ පැතුම්..

    ReplyDelete