Wednesday, July 4, 2012

ආදරේ අහස තරං.......




හැගෙන්නේ එක දෙයයි
දැනෙන්නේ එක දෙයයි
මගේ මුළු ජීවිතේම
ඔය ඇස් දෙක ඇතුලේ........


දැනුනොතින් ඔය හිතට
පුංචිම පුංචි දුකක් හරි
වැටුනොත් ඔය ඇස් දෙකින්
එක පුංචි කඳුළු බිංදුවක්
පිච්චිලා යයි මුළු ජීවිතේම මගේ..........


හැගෙනවා දැනෙනවා
ලස්සනයි කියලා මුළු ජීවිතේම
කාලෙකට පස්සේ
ඇත්තමයි මම ආදරෙයි 
අහස තරං...........






65 comments:

  1. හෑ.... ඒ කියන්නේ උබත් අමාරුවේ වැටුනද?

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද? එහෙමත් අමාරුවේ වැටෙනවාද බං අපි. :D :D :P

      Delete
  2. කාලෙක බුකියෙත් ඕක කිව්වා නේද???

    ජය මංගලම් කිව්වා...

    ReplyDelete
    Replies
    1. එහෙමත් උනාද? මතක නෑ වගේ. මංගලම් ??? :D :D

      Delete
  3. එහෙනං රෙපත් ඉවරයි.... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කවුද රජෝ ඉවර වෙලා තියෙන්නේ හැබෑට. රජාටත් රාජ සම්පත් ඩබල් ත්‍රිබල් වී ලැබේවා :D :D

      Delete
  4. //..ඇත්තමයි මම ආදරෙයි
    අහස තරං...........//

    වාව්..ලස්සනම ලස්සනයි අයියේ....

    ReplyDelete
  5. ඒකටත් ජයසිරි මංගලම් කිව්වලු...ඔන්න ඔන්න වහෙන් හොරෝ කිව්වලු කවිය අතරින් හිතේ තිබුණ දේ...
    ඔන්න ඔන්න බොරු එපා හ්ම් හ්ම් විස්තර කියන්න වෙයි දැන් හැමෝටම...

    මොනව වුණත් කවියනම් සුපර්...

    ReplyDelete
    Replies
    1. මංගලම්?? ආදරේ කිව්ව ගමන් මංගලම් කියලා අමාරුවේ දාන්නයි නේද හදන්නේ. විස්තර නේද? ඔය අහල පහල ඉන්න එක්කෙනා ගෙන් ඇහුවොත් හරියටම කියයි විස්තරේ. ඒක අහලා කනෙන් ලේ ආවොත් පුළුන් රෝලක් මා ගානේ :P :P :D :D

      Delete
  6. හෝ හෝ....... ආල හැගුම් මෝදු වෙලා.... ( සිතුවිල්ලක් පමණයි කියලා දාල නෑ )

    අදහස ලස්සනයි

    ReplyDelete
    Replies
    1. එහෙම වෙලාද දන්නේ නෑ මචං. තේරෙන්නේ නෑ :D :D

      Delete
  7. හිරයක් ගන්නවා කියලා කියන්නේ ඔය හේතුනිසා වෙන්න ඇතිනේද ඔයවගේ කාරනාවලට ....

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ. මෙන්න ඒ ගමන හිරේ අරින්නත් හදනවෝ. මට හිරේ යන්න නම් බැරියෝ ......:((((

      Delete
  8. //එක පුංචි කඳුළු බිංදුවක්
    පිච්චිලා යයි මුළු ජීවිතේම මගේ..........//

    මට හිතට වැදුනෙ මේ කෑල්ල..ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. එව්වා නම් බොක්කෙන්ම ආව අදහස් තමා. ටැංකු ටැංකු :

      Delete
  9. බොලේ හැබෑට. රෙපා සීරියස්වෙලා.

    ReplyDelete
  10. හිත පතුලෙම තිබුන අදහසක් වගේ..හරිම ලස්සනයි..කාලෙකට පස්සෙ නෙමෙයි හැමදාමත් එයාට අහස තරම් ආදරේ කරන්න.. :))

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ඔව් හැමදාමත් මං ආදරෙයි අහස තරම්. සිත් රූ ටත් මංගල සීනු හැඩවුනාට පස්සේ මේ පැත්තට ආවාමද කොහෙද. ජය වේවා :D :D

      Delete
  11. ලස්සනයි යාළු..:)

    ReplyDelete
  12. රෙප් අයියා කිවුවෙත් නෑ..මේක නම් හදවතින්ම ලිවුව එකක් වගේ...ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. නිෂ් ඉතිං මේ දවස් වල බස් පදින එකමනේ කරන්නේ. කොහේ හොයන්නද? ජය වේවා !!!

      Delete
    2. :D :D ඔයා තමයි ඒකට වගකියන්න ඔනා ඔන්න...

      Delete
  13. hitata wadunu lassana kavi tikak ayya........godak lassanai......

    ReplyDelete
  14. මල් සරා විදලා වගේ අනේ අපේ රෙපා............

    ReplyDelete
  15. ආව්ව්ව්ව්ව්ව්... රෙපා අයියාටත් සීනු හැඬවිලා ආ...;)

    ReplyDelete
  16. "ඇත්තමයි මම ආදරෙයි
    අහස තරං..........."

    මේ දවස් වල අපිත් ඔහොම තමා... :)

    ReplyDelete
    Replies
    1. දිනේෂ් නිසා සිකුරා අමාරුවේ වැටිලා දැන් ටිකක් කල් නේ. ඔහොම යන් ඔහොම යන්. ජය වේවා :D :D

      Delete
  17. අහස හරි විශාලයි නේද :)

    ReplyDelete
    Replies
    1. අහසේත් ඉමක්‌ කොනක් හොයා ගන්න බෑ. අනන්තය වගේ.:D :D

      Delete
  18. ලස්සනයි, සොදුරුයි, ආදරණීයයි, පින්බරයි.......හ්ම් හ්ම්....

    ReplyDelete
  19. කාටද අප්පේ ඒ?

    හිතෙන දේවල් මෙව්වා එකටද :P

    ReplyDelete
    Replies
    1. උඩින් කමෙන්ට් කරලා තියෙන එක්කෙනෙකුට බං :D :D

      හිතෙන දේවල් තමයි. හේතුවක් ඇතුව :P

      Delete
  20. //එක පුංචි කඳුළු බිංදුවක්
    පිච්චිලා යයි මුළු ජීවිතේම මගේ..........//

    මගෙ දෙයියෝ කදුලු වලින් ජීවිතයක් ගිනි ගන්න?

    ඇසිඩ්ද බං හැලෙන්නේ

    ජය අහ් !

    ReplyDelete
  21. රෙපාට හරිගොස් ඇති සෙයකි...
    ජයි සිරි මංගලම් කීවා!!!

    ReplyDelete
  22. ඩෙත් වෙඩිමයි බ්ලොග් එකෙත් පෙම වෑහෙනව.............

    ReplyDelete
  23. මේ නොකියා කියන්නේ මොනවද රෙප් අයියා.......

    ReplyDelete
    Replies
    1. නොකියා නම් මොකුත්ම කියලා නෑ නංගි. ආදරෙයි මං අහස තරම්. කාටද කිව්වේ කියලා දන්නෝ දනිති :D :D ..

      Delete
  24. ළඟක ඉඳං එක දිගටම ආදරේ ගැන කියද්දී හිතුනා මොකක් හරි දෙයක් සිද්ද වෙලා කියල.

    ReplyDelete
  25. මං නම් හිතන්නේ මේ කවිය ලියල තියෙන්නේ කවියා ඉස්සර ආදරෙන් හිටපු කෙනෙක් (ගෑල්ලමයෙක්/බිරිඳක්) ගැන එච්චර තැකීමක් කරන්නේ ඉන්නේ නැතුව ඉන්නකොට කවියාට හිතෙනවා එකපාරටම මම එයාට ඉස්සරටත් වඩා ආදරෙයි කියල. ඒ වුනත් එහෙම ආදරේ දැනෙන්න හේතුවක් තියෙන්නේ ඕනේනේ එක කියන්නේ නෑ. එක දන්නා එකම කෙනා කවියා විතරයි. ආදරේ කරන්නේ ගෑල්ලමයෙක්ට නම් හේතුව මොකක්ද කියල හිතාගන්න බෑ. එත් බිරින්දක්ගෙන් නම් පවුලට "අලුත් සාමාජිකයෙක්" වගේ කියල හිතන්න පුළුවන්නේ.

    ReplyDelete
    Replies
    1. අපොයි මේ පැතුමා හිතපු දුරක්. අලුත් අර්ථකතනයක්. එල එල මචං :)))

      Delete
  26. අෆ්ෆාටසිලි මම මේ අදහස පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් එක්ක මේ ලඟදි ඇහුවා මගේ වෙන්ඩ හස්බන්ඩ්ගෙන්.... මොනා වුනත් මට හිතෙන්නෙ ආදරේ කියන්නෙ මහ පුදුම දෙයක්...

    විටක කඳුළු
    විටක සිනහාව
    දෙන්න පුළුවන්ලු
    ආදරේට.... තව තව දෙවල් දෙයි :) දැනට ඔය ඇති....

    රෙපාට නම් මොනවම හලි වෙලා වගේ හැබැයි... චැට් එකෙදි ඇහුව කිවුව දෙවලුත් එක්කම මට හිතුනා... හා හා අපිත් දිගටම ඉන්නවනේ... :)

    ___සිහින මදාරා___

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ් වෙලා වෙලා. ටැංකු උපදෙස් ටිකට. ඔන්න ඉතිං ඔය ජෝඩුවටත් මගේ උණුසුම් සුභ පැතුම්. :P :D :D

      Delete
  27. කෝ බං මගෙ කොමෙන්ට් එක??????????????????????????????????????

    ReplyDelete
    Replies
    1. දන්නේ නැතෝ ස්පෑම් වලත් නැතෝ :((((

      Delete
  28. පු රෙපා...දුකටත් එක්ක ඔන්න ඔහේ කේක කෑල්ලක් කමු...

    ReplyDelete
  29. ඈ...මරුනේ..රෙපාට හරි ගීං...මේ අඩේ එව්වා හරි යන්නේ නෑ ඈ...මමයි කෙල්ලයි උඹලගේ හානි මුන් එකට එනවා ඈ...කේක් තියපල්ලා ඈ...

    ReplyDelete
    Replies
    1. ඒ මොකක්ද බං ඒ ???

      දැන් උඹ ඔය කොහේ හරි දිහාවේ කේක් කන්න එන්නේ කුරුල්ලෙක් වගේ පියාඹගෙනද කිඳුරෙක් වගේ පිනා ගෙනද කියපන් මුලින්ම :P

      Delete
  30. හම්මේ මෙච්චර පෝස්ට් තොගයක් ලිව්වද අප්පා මේ සති දෙක තුනට... පිස්සු හැදෙනවනේ.

    රෙපා අයියටත් හරි ගොහිං වගේ ඈ... මගෙනුත් සුභ පැතුම් පිළිගන්ඩෝ... දැන් කවද්ද නිල වශයෙන් අමාරුවේ වැටෙන්නේ??

    ReplyDelete
    Replies
    1. මෙච්චර පෝස්ට් කිව්වේ ???

      අපොයි කට්ටියම සෙට් වෙලා මාව අමාරුවේ දාන්නමනේ හදන්නේ. :((

      Delete
  31. ශා...නියමයි...ආදරේ වැහෙන්නේ ඔය...

    ReplyDelete