Monday, July 23, 2012

කුණ්ඩලිනී සොයා ගියෙමි 5 කොටස







කුණ්ඩලිනී හොයාගෙන ගිය පෝස්ට් ටික පටන් අරගෙන නවත්තන්න උනේ අප්‍රේල් මාසේ. මට මේ ගැන ගොඩාක් තොරතුරු දීලා උදව් කරපු මුහුණු පොතේ නොදැකපු මිතුරා එකවුන්ට් එකත් ඩිඇක්ටිවේට් කරලා කොහේදෝ ගිහින්. මොනවා උනත් ඒ ගැන මම හොයාගත්තු තවත් තොරතුරු ටිකක් ඔයාල එක්ක බෙදා ගන්න හිතුනා.

පරණ පෝස්ට් වලට මෙතනින් යන්න පුළුවන්.
1 කොටස


2 කොටස


3 කොටස 


4 කොටස 


 කුණ්ඩලිනී යෝගය ලබා ගැනීම ඕෂෝ විසින් අදියර තුනක් ඔස්සේ තම අනුගාමිකයන්ට පැහැදිලි කරනු ලබනවා. සරලව පවසනවා නම් මේ භාවනාව තුලදී සිද්ද වෙන්නේ දැඩි හුස්ම ගැනීමක් මගින් නිද්රෝපගතව පවතින කුණ්ඩයට පහර දෙන අතර මම කවුද? කියන ප්‍රශ්නය තුලින් තමන් තුල සිටින දෙවියන් අවදි කිරීමක්. තමන්ගේ  නමුත් යෝග උපදේශක ජෝ සෙනවිරත්න මහත්තයා සමග කල සාකච්චාවේදී මට දැනගන්න ලැබුනේ නිසි මග පෙන්වීමක් නොමැතිව මේ භාවනාව කරන්න යාම නිසා බොහෝ අය මානසික රෝගීන් බවට පත් වෙලා තියෙනවා කියන කාරණය. අද සමාජයේ මාර්ගඵල සහතික දෙන අය. තමන් බුදු වූ බවට මාර්ගඵල ලබාගත් බවට විවිධ ප්‍රකාශ කරන්නෙත් භාවනාව තුලින් ඇති වූ එවැනි යම් යම් තත්වයන් මත කියලයි දැනගන්න ලැබුනේ.


කුණ්ඩලිනී අවධි කිරීම තුලින් යෝගියෙකුට ලබා ගත හැකි ශක්තින් අටක් පිලිබදව යෝග දර්ශනයේ සදහන් වෙනවා. ඒ පිලිබදව තව දුරටත් විස්තර මිට පෙර උදිත් ගේ විද්‍යුත් සෙල් ලිපියේ සටහන් වෙලා තිබුනා. මෙතනින් ඒ විස්තර බලන්න පුළුවන්.


මේ කුණ්ඩලිනී ගැන හොයන්න මට හිතුනේ කාලය හරහා ගමන් කරන්නේ කොහොමද කියලා හොයන්න ඇති වෙච්ච කුතුහලය නිසා කියලා මම පලවෙනි ලිපියෙන්ම කිව්වා නේ. කාලය හරහා යන්න අවශ්‍ය නම් කුණ්ඩලිනී අවදිකර ගැනීමෙන් ලබා ගත හැකි අනිමා කියන ශක්තිය ලබා ගන්න අවශ්‍ය වෙනවා කියලයි කියන්නේ. ඒත් ඒ ශක්තිය තුලින් කාලය හරහා ගමන් කරන්නේ කොහොමද කියන කාරණය නම් මට තාමත් පැහැදිලි කර ගන්න ලැබුනේ නෑ. 


ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කිරීම මගින් කාලය හරහා ගමන් කරන්න පුලුවන්ද කියන කාරණයත් මතබේදයට ලක් උන දෙයක්. මේ ගැන හොයාගෙන යනකොට කුණ්ඩලිනී ගැන  කියවෙන්නේ නැති උනාට කාල තරන යන්ත්‍රයක් නිර්මාණය කිරීම ගැන කියවෙන බ්ලොග් පෝස්ට් එකක් දකින්න ලැබුනා. ටිකක් කියවගෙන යනකොට මොලේ කචල් වෙනවා වගේ තේරුනත් කුණ්ඩලිනී තුලිනුත් සිද්ද වෙන්නේ මේ වගේ දෙයක් වෙන්න ඕනේ...]


මෙන්න මෙතනින් ගිහින් ඒකත් කියවන්න පුළුවන් 






19 comments:

  1. ඔය කුණ්ඩලිනී වලින් නේද මිවනපලානේ ජයරත්න මහත්තය වැඩ ගන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් වැඩි තොරතුරක් මම නම් දන්නේ නෑ රාජ් අයියේ.

      Delete
  2. දැන්නම් මේක එපා වේගෙන යන්නේ රෙපා අය්යේ.. ඒත් මෙ පොස්ට් නම් සිරාවත ලියපු එකක් හින්දා මුල ඉදන් කියවන්න ඔනේ

    ReplyDelete
    Replies
    1. මටත් මේක එපා උන නිසා තමයි බං මේක ලියන එක නැවැත්තුවේ. ඒත් මේ ලින්ක් වගයක් හම්බ උන නිසා ඒ ටික දාල දාන්නයි මේ පෝස්ට් එකත් දැම්මේ. වැඩක් ගන්න කෙනෙකුටවත් ප්‍රයෝජනවත් වෙන්න කියලා

      Delete
  3. මේක කියවන හැම වෙලාවකම මට මතක් වෙන්නේ අකාල සන්ධ්‍යා කියන ටෙලි නාට්‍යය.තවමත් විස්වාස කරන්න බැරි දෙයක් තමා මේ....

    ReplyDelete
    Replies
    1. ඒ නාට්‍යය නිසා තමයි ඔහොම යෝගයක් තියෙනවා කියලත් මිනිස්සු දැනගත්තේ. නැත්තම් ඉතින් මොන කුණ්ඩලිනීද?

      Delete
  4. අනාගතයට හෝ අතීතයට ගොස් ඔබ ඔබේ සීයා හෝ මුනුබුරා ඝාතනය කලොත් පොඩි කාලෙම..මොනව වෙයිද? මාර බයිලා නේ....

    ReplyDelete
    Replies
    1. අකාල සන්ද්‍යා නාට්‍යයේ තිබුනෙත් අනාගතේට ගිහින් තමන්ව මේ ආත්මේ මරපු කෙනාව මරණෙන් බේරා ගන්න කතාවක් නේ.

      Delete
  5. ඔය පිළිබඳව මගේ අම්මා සෑහෙන දුරට අධ්‍යනය කරලා තියන කෙනෙක්..අගනා පෝස්ටුවක් සහෝ !

    ReplyDelete
  6. කොටස් සේරම කියෙවුවා ඒ උනත් තේරුම් ගන්න අපහසුයි වගේ අයේමත් කියවන්න ඕනේ.ආස කරන මාතෘකාවක් නිසා...

    ReplyDelete
  7. අතීතයට යන්න පුලුවන්නම් මම ඉස්සෙල්ලම කරන්නෙ සල්ලි සල්ලි කියල බලන්නැතුව මිසයිලයක් අරන් ගිහිල්ල පර සුද්ද මේ රටට ගොඩබහින්න ආපු පලවෙනි නැවටම වෙඩි තියන එක.....

    ReplyDelete
  8. ආලෝකේ වේගෙන් ගියත් කාලය හරහා යෑමක් ගැන මටනම් හිතාගන්න බෑ රේප් මහත්තයා...අතීතයට යාම කෙසේ වෙතත් අනාගතය තවමත් බිහිවෙලා නැතිය කියන තර්කෙ මගේ සිතුවිලි අහුරනවා.

    ReplyDelete
  9. //මට මේ ගැන ගොඩාක් තොරතුරු දීලා උදව් කරපු මුහුණු පොතේ නොදැකපු මිතුරා එකවුන්ට් එකත් ඩිඇක්ටිවේට් කරලා කොහේදෝ ගිහින්.//
    හික්ස්, අපි රට ගොන්නු වගේද පේන්නේ?

    දැන් කුන්ඩලිනි සක්තිය ගත්ත එකෙක් ඉන්නවද?
    මොනවද බං මේ ලියන විකාර?

    ReplyDelete
    Replies
    1. හිකිස්‌. රට ගොනෙක්ද නැද්ද කියලා බලාගන්න මුණක් දාගෙන වරෙන්කෝ. කුණ්ඩලිනී ශක්තියමද කියලා කියන්න බැරි උනත් ඒ වගේ ශක්තියක් තියෙන එකම එක්කෙනෙක් මම දැකලා තියෙනවා. එතුමා ඉන්නේ කතරගම ආශ්‍රිත වනගත ප්‍රදේශයක. ඒ වගේ ශක්තියක් ඇත්තටම තියෙන කෙනෙක් සහතික පෙන්නලා මම වැඩකාරයා කියලා බොරු සද්ද දාන්නේ නෑ. අන්න ඒකයි දැන් මාස හයෙන් කුණ්ඩලිනී උගන්නන ටියුෂන් කාරයොත් හන්දියක් හන්දියක් ගානේ පැල් බැදගෙන ඉන්නේ.

      Delete
  10. ඇත්තමයි.. මේක ටිකක් අමතක වෙලා තිබ්බේ අයියේ... :)

    ReplyDelete
  11. ආසම ටිකක් අධ්‍යනය කරපු මාතෘකාවක්..කාලෙකට කලින්

    තාම කියෙව්වෙ නෑ මුල ඉදන්ම බලන්න ඕනි....අඩු මානසිකත්වක් තියෙන අයට කොහොමත් තේරුම් ගන්න අමාරු මාතෘකාවක් ඒ ගැන හිතන්න එපා රෙප්....

    ReplyDelete
  12. වටිනා ලිපිපෙලක්...... මමත් ඔය ගැන පොත් වගයක් කියෙව්වා.. මට මතක හැටියට (මම හරිද දන්නේ නැහැ) ඔය කුන්ඩලිනි ශක්තිය මුලින්ම සොයාගෙන තියෙන්නේ පතංජලී මුනිවරයා කියල

    ReplyDelete
  13. මම හිතුවා ඒ ගැන කතන්දර ඉවරයි කියලා

    ReplyDelete
  14. මම මේ ගැන දැනගන්න ගොඩක් කැමැත්තෙන් ඉන්නේ. ඒත් අත්හදාබලන්න බයක් තියෙනවා.

    ReplyDelete