Tuesday, May 8, 2012

තවත් කෙනෙකුහේ හිතක් කියවමුද 3 කොටස



කලින් ඒවා කියෙව්වේ නැත්තම් කියවලම එන්න 


01 කොටසට


02 කොටසට


කලින් කොටසේදී මම කිව්වා කෙනෙකුගේ හිතක් අවබෝධ කර ගන්න ඕන කරන තවත් රීතින් කිහිපයක් ගැනත් කියනවා කියලා. මේ තියෙන්නේ ඒ කියන රීතීන් ටිකක් සරලව.


01 රීතිය
සාමාන්‍යයෙන් ඔහුගේ හෝ ඇයගෙන් පෙන්නුම් කරන සලකුණු එකක් හෝ කිහිපයක් එකතු කරලා ඒ පිලිබදව අදහසක් ලබා ගන්න වෙනවා. මෙතැනදී වැදගත් වන්නේ යම්කිසි ප්‍රධාන ලක්ෂණයකට අනිත් කරුණු එකතු කරගන්නේ කොහොමද කියන කාරණය. උදාහරණයක් විදියට කෙනෙකුගේ මුවින් නිතරම පිටවෙන වචන වලට ඔහුට නොදැනුවත්වම පිටවෙන වචන එකතු කිරීමෙන් ඔහුගේ හිතේ බලපවත්වන අදහස් පිළිබද දල අදහසක් ගන්න පුළුවන්


02 රීතිය
කෙනෙකුගේ මුවින් නිතරම යම් වචනයක් හෝ කිහිපයක් පිටවේ නම් ඒ ඔහුගේ හිතේ දැඩිව බලපැවැත්වෙන අදහසක් ලෙස සිතන්න. මොකද කියනවා නම් කෙනෙකුගේ හිතේ ඇති අභ්‍යන්තර අදහසක් නොවන දෙයක් නිරන්තරයෙන් මුවින් පිටවෙන්නේ කලාතුරකින්. 


03 රීතිය
කෙනෙකුගේ හැසිරීම කැමැත්තේ හෝ විරෝධයේ බාහිර සඥාවන් බව සිතන්න. කෙනෙක් වඩාත් ලං වීමට උත්සාහ කරනවා නම් එය උණුසුම් හිතවත් බවක් මෙන්ම ආදරයේ සලකුණක්. යමෙක් ඔබෙන් ඈත් වෙනවා නම් ඒ නුරුස්සනා බවෙහි හෝ විරෝදයේ සලකුණක්. 
නමුත් කෙනෙක් තමන්ගේ හිතේ බලපවත්වන රහස් අදහස් සගවන්න උත්සාහ කරන්නට උත්සාහ ගන්නවා නම් සිතින් ඔහුට ලං වීමේ දැඩි උවමනාවක් පැවතුනත් අදාළ පුද්ගලයා කෙරෙහි තම සිත තුල කිසිදු අදහසක් නොමැති බව පෙන්වීමට උත්සාහ කරන අවස්තාවන් දැක ගන්න පුළුවන්. 
කෙනෙකු අසාමාන්‍ය ලෙස ඔබ ගෙන් සැගවී සිටීමට උත්සාහ දැරීම. අහම්බෙන් හෝ මුණ ගැසුණු විට මුහුණ සගවාගන යාමට උත්සාහ කිරීම දෑස් මග හැරීමට තැත් කිරීම මේ කියන රෝග තත්වයේ ලක්ෂණ තමා. නමුත් ඔහුගේ හෝ ඇයගේ සිතේ දැඩිව බලපවත්වන්නේ මෙහි ප්‍රතිවිරුද්ද අදහස නිසාම ඔය ලක්ෂණ සියල්ල තාවකාලිකයි කියලා තමයි කියන්න වෙන්නේ


04 රීතිය
නිශ්ශබ්දතාවය කියන්නේ රහස් වල විශේෂ ලක්ෂණයක් බව සිතන්න. නිශ්ශ්බදතාවය කෙනෙකුගේ සිතේ බලපවත්වන ගුප්ත අදහස් හෙළි කරනවා. කතාවක් අතර තුර කෙනෙක් ඒක වරම නිහඩ උනොත් ඔහු තම සිත තුල පවතින අදහසක් වෙනස් කිරීමට උත්සාහ කරනවා කියලා තමයි හිතන්න වෙන්නේ. එය බොහෝ විට තමන් දැඩිව ආදරය කරන කෙනෙකු සම්බන්ද දෙයක් වෙන්න පුළුවන්. ඒ සම්බන්දව යමක් ප්‍රකාශ කිරීමෙන් කරදරයකට පත වෙන්න වෙයි කියන බිය කියන සිතුවිල්ල තමයි මෙයට බොහෝ දුරට හේතුව.


ඒ වගේම සිරිතක් විදියට නිතරම කසු කුසු කතාවෙහි නියත අය නුරුස්නාවන් සහ සදොස් අදහස් හිතේ හංගාගන තියා ගන ඉන්න අය කියලයි කියන්නේ.


05 රීතිය
කෙනෙකුගේ අදහස් දැන ගන්න හොදම දෙය තමයි ඔහුගේ ඉරියව්. බියට පත් දුකට පත් අය නිතරම හැකිලුනු ඉරියව් සහිතව සිටින අතර ප්‍රීතිමත් පුද්ගලයන් ක්‍රීඩාශීලි විනෝදාත්මක ඉරියව් වලින් යුක්තව ඉන්නවා දකින්න පුළුවන්


06 රීතිය
අවධාරනාත්මක සලකුණු නිතරම එහි විරුද්ද පැත්ත ලෙස සලකන්න
ප්‍රේම සම්බන්දයක් සම්බන්දයෙන් නිරන්තරයෙන් කයිවාරු ගසන්නෙක් නියත වශයෙන්ම කැඩුන ප්‍රේම සම්බන්දතා ඇති අයෙක් ලෙසයි හිතන්න වෙන්නේ. ක්‍රියාශීලි ගැහැනියක් කියන්නේ බොහෝ දුරට හුදකලාවූ හෝ අන්‍යයන්ගේ ප්‍රේමයට බදුන් නොවූ තැනැත්තියක්. හාස්‍යය සදහා ඕනෑම ලජ්ජා නැති වැඩක් කිරීමට ඉදිරිපත් වන අය බලවත් දුකක් වේදනාවකින් තදින්ම හිතේ යටපත් කර ගත්ත අය කියල තමයි හිතන්න වෙන්නේ.


මේ කියල තියෙන රීතින් මාර්ගයෙන් ඔබට නොවරදින සුළු සිත් කියවන්නෙකු වීමට හැකි වේ යයි කියල හිතන්න එපා. එහෙත් බොහෝ දෙනෙකු තුල බලපවත්වන හැගීම සෑහෙන දුරකට අවබෝද කර ගන්න මේ රීති සහය වෙන්න පුළුවන්. එහෙම නම් කට්ටිය දැන් මේක හොදට කියවලා මේ කරුණු කාරනා වලින් වෙන අයගේ හිත් කියවලා ගුණ අගුණ කියන්නකෝ .....................


(කුණ්ඩලිනි ගැන ලියාගන යන ලිපි මාලාව ටිකක් පරක්කු වෙන එක ගැන ගණන් ගන්න එපා. මේ විභාගේ අස්සේ අලුත් ලිපි ලියවෙනවා අඩුයි ලියලා draft වල සේව් කරලා තියෙන ටික දාන එක තමා මේ දවස් වල කරන්නේ . අලුතින් ලියන එව්වා ඉතින් විභාගෙන් පස්සේ තමා සොරි වේවා...........)

33 comments:

  1. එල එල හොද පෝස්ට් එකක්

    ReplyDelete
  2. අඩේ කුන්ඩසාලිනි එවාත් කොහොම හරි දාපං රෙපො...

    ReplyDelete
    Replies
    1. දානවා තමයි බං ලියපුවා නෑ කියල කිව්වේ. ඒක නවත්තලා නෑ ....:))

      Delete
  3. // ක්‍රියාශීලි ගැහැනියක් කියන්නේ බොහෝ දුරට හුදකලාවූ හෝ අන්‍යයන්ගේ ප්‍රේමයට බදුන් නොවූ තැනැත්තියක්.

    ඇත්තද...
    :)

    ReplyDelete
    Replies
    1. එහෙම කියල තමයි අනේ තියෙන්නේ...:))

      Delete
  4. ඕනේ නම් තවත් විසඳුමක් තියෙනවා "පරචිත්ත විජානන ඥානය" ලබාගන්න. එතකොට වැඩේ....... හරි :D

    ReplyDelete
    Replies
    1. ඒකට හදල තියෙනවා පොඩි මැසිමක්. ඒ ගැන ඊලග පොස්ට් එකෙන් ..:))

      Delete
  5. ක්‍රියාශීලි ගැහැනියක් කියන්නේ බොහෝ දුරට හුදකලාවූ හෝ අන්‍යයන්ගේ ප්‍රේමයට බදුන් නොවූ තැනැත්තියක්.

    හෆ්ෆා... හිතන්න වෙනවා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හිතන්න වෙනවා තමා ...:))

      Delete
  6. නියමයි නියමයි අයියේ.. දැන් නම් මේ ලිපි පෙල හොද අවදානෙන් කියවන්නේ... :)

    ReplyDelete
    Replies
    1. හොදයි හොදයි මලයා. මේක අවදානෙන් කියවලා හිත කියවන්නකෝ. ජය වේවා ..!!

      Delete
  7. ඇහ්....අනේ මන්ද අප්ප......

    ReplyDelete
  8. මේ කතා නම් සහතික ඇත්ත කොහොම හොයාගත්තද මන්දා... මේ වගේම මොකක් හරි සංවාදයකදි ඇස් දිහා බැලුවමත් කියන්න පුළුවන් නේද.එහෙමත් නැත්තම් අවධානය වෙනතකට යොමු කරවන්න කරන විවිධ අංග චලන වලිනුත් බොරු කියනවද හිතට එකඟව කතා කරනවද කියලා දැනගන්න පුළුවන් කියලා හිතනවා....

    දුරකථන සංවාද වලදිත් උඩ කියලා තියෙනවා වගේම හිටි හැටියේ නිහඬවීම් වෙනකොට එක්කෝ දුකක් නැත්තම් කේන්තියක් තියෙනවා කියලා හිතාගන්න වෙනවා.කෙල්ලෙක් කැමති නෑ ලේසියෙන් දුකක් කියන්න.කෝල් කරද්දි ටිකක් දිග සුසුමන් හෙලන ගමන් කතා කරනවනම් හරි ටික වෙලාවක් කතා නොකර ඉන්නවනම් හරි ඒ කියන්නේ ප්‍රශ්නෙක ඉන්නේ.ඒ වගේ වෙලාවක ආදරෙන් කතා කරලා විස්තර ඇහුවොත් සෑහෙන්න වටිනවා...

    ReplyDelete
    Replies
    1. කොහෙන් බොරු කලත් ඇස් වලට බොරු කරන්න බෑ තමා. හොද අවදානෙන් ඇස් දිහා බැලුවොතින් තේරුම් ගන්න පුළුවන් හිතේ තියෙන ගොඩක් දේවල් බොහෝ වෙලාවට ..:))

      Delete
  9. මං නං හිත් කියෝන කාලෙ පැනල දැන්...හෙහ්...හෙහ්...

    ReplyDelete
    Replies
    1. ඔබා මාම කියවන්නකෝ ඔය කෝච්චි කොම්පැනියට එන කස්ටමර්ලගේ හිත්. කස්ටමර් සර්විස් කිව්වා නේද ඉන්නේ. ඉතින් සර්විස් එක දෙන්න පුළුවන් වෙයිනෙ එතකොට නියමෙට ..:)) හෙහ් හෙහ්

      Delete
  10. විභාගෙ ලියන්නේ පේපර් එක හදපු එකාගෙ හිත කියවලද බං..

    ReplyDelete
    Replies
    1. පේපරේ හදන එකා කවුද කියල දන්නවනම් මෙච්චර දගලන්නේ නෑ බං. ඌ කවුද කියල දන්නේ නැති එකනේ ලෙඩේ...:((

      Delete
  11. වැඩ අස්සේ මේ කතා ටික අපිට දැනගන්න සලස්සුවාට ස්තුතියි.

    විභාගෙට මගෙන් සුභ පැතුම්..

    ReplyDelete
  12. හුගක් දේවල් ඉගෙන ගත්ත අය්යේ ;)
    මොකද්ද විබාගේ ශිෂයත්වේද ?? :ප
    සුබ පැතුම් එලට ලියන්ට !!
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ශිෂ්‍යත්ව පේපරේ වගේ එකකුත් තියෙනවා බං. නැද්ද දන්නා කියන පහේ පන්තියේ එකෙක් පේපරේ ගැන අහගන්න :))

      Delete
  13. පට්ට ඈ.....සෑහෙන්න වටිනවා...

    ReplyDelete
  14. වටිනා කතාවක්.

    ReplyDelete
  15. කෙනෙක්ගේ ඇස් දෙක දිහා බලාගෙන ඉන්නකොට ගොඩක් වෙලාවට ඒ පුද්ගලයාගේ සිතුම් පැතුම් වැටහෙනවා. ඒ වගේ ම මොහොතකට ඒ තමන් කියලා හිතාගෙන කල්පනා කරද්දී තේරුම් ගන්න පුලුවන් වෙනවා...
    මට නම් ඒ ක්‍රමය සාර්ථක වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒකත් සාර්ථක ක්‍රමයක් තමා මචං එල එල :))

      Delete
  16. මම අදනේ මේ පැත්තේ අවේ..ඔන්න කොටස් 3 ම කියවලා හුගක් වැදගත් දේවල් දැනගත්තා... මම 4 වෙනි රීතියට නම් හුගක් කැමතියි.
    //නිශ්ශ්බදතාවය කෙනෙකුගේ සිතේ බලපවත්වන ගුප්ත අදහස් හෙළි කරනවා.//

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා එහෙනම්. ජය වේවා !!!

      Delete