Saturday, March 31, 2012

උසාවි කතා

මේ පොස්ට් එක ටයිප් කරලා තිබ්බත් පබ්ලිෂ් කරනවද නැද්ද කියලා සෑහෙන කල්පනා කර කර ඉදලා අන්තිමට ඕන කෙහෙල්මලක් කියලා පබ්ලිෂ් කරලා දාන්න හිතුනා. අන්තිමට අධිකරණයට අපහාස කළා කියලා නඩුවක් වැටෙයිද දන්නෙත් නෑ. මේ දවස් වල  මගේ ග්‍රහ චාරෙත් අන්තිමයි කියලා අපේ අම්ම කියනව. මේ වෙන දේවල් වල හැටියට නම්  ඒ කතාව සහතික ඇත්ත කියලත් වෙලාවකට හිතෙනවා. 







පහු ගිය දවස් දෙක තුනකම ට්‍රැෆික් නඩුවක් හින්ද  උසාවී පොලිසි ගානේ රස්තියාදු වෙන්න සිද්ද උනා. මේකේ තියෙන්නේ  එතැනදී අහන්න දකින්න විදින්න සිද්ද උන සමහර කරුණු. ආශ්චර්යයට යන රටක අධිකරණ පද්දතියක් මේ වගේ මිනිස්සුන්ගේ කාලේ කන තැනක් බවට පත් වෙලා තියෙන එක ගැන නම් හිතට දැනුනේ ලොකු කනගාටුවක්.

එදා වැඩියම තිබුනේ ට්‍රැෆික් නඩු. ඒවායේ චෝදනාවත් පොලිසියට ඕන හැටියට. සම්ප්‍රදායට වරද කරුද නිවරදිකරුද කියල ඇහුවත් ඔක්කොම උන් වරද පිලි ගන්නේ නිවැරදිකරු කියපු ගමන් නඩුව කල් යන හින්දත් තව දවසක් කාලේ කාල දාන්න තියෙන අකමැත්තත් නිසාමයි. ලෝයර් කෙනෙක් අල්ලලා නඩුව දිගටම ගෙනිහින් නිවැරදිකරු වෙනවට වඩා වැරදිකාරයා වෙලා ගහන දඩයක් ගෙවලා ටික වෙලාවක් කුඩුවේ ඉදලා නඩුව එදාම ඉවර කර ගන්න එක ගොඩාක් ලාබයි. පාරේදී අල්ලපු ගමන්ම ට්‍රැෆික් රාලහාමිගේ අතට කියක් හරි මිට මොලවලා ගියා නම් ඔය නඩු මොනවත්ම නෑ.


මෙතැනදී මං දැක්ක තවත් දෙයක් තමයි ස්ත්‍රී දුෂණ නඩුවක් වගේ දෙයකදී පොලිසියෙන් නඩුව දැම්මත් අගතියට පත්  වෙන පාර්ශවේ ඉන්න ගෑනු ළමයා ඉදිරිපත් නොවෙන එක. උසාවියේ දෙනෝදාහක් දෙනා ඉස්සරහ ලෝයර් මහත්තුරුන්ගේ ප්‍රශ්න ඉස්සරහ ආයෙමත් සැරයක් දුෂණය වෙනවට වඩා වෙච්ච අසාදාරණේ ඉවසගන ගෙදරට වෙලා ඉන්න එක හොදයි කියලා ඒ අයට හිතෙන එක ගැන කිසිම සැකයක් නෑ.


පොලිසියේම මහත්තුරුම කියන විදියට නඩු කියන්න යනවා කියලා කියන්නේ ආණ්ඩුවට කියක් හරි ගෙවන්න යන ගමනක් මිසක් සාදාරණයක් බලාපොරොත්තුවෙන් යන ගමනක් නෙවෙයි. නීතියේ රාජකාරිය වෙන්නේ සාක්ෂි විමසලා සාදාරනය ඉෂ්ට කරන එක. ඒත් ඒ සාක්ෂි නිවැරදි ඒවාද නැද්ද කියන එක මෙතනට අදාළ නෑ. 


උසාවි කුඩුවට වෙලා පැය දෙකතුනක් ඉන්න කොට සුවිශේෂී පුද්ගලයෙක් මට මුණ ගැහුනා. ඒ කතාව ඇහුවම නම් මේ නීති මක්කටද කියලා හිතෙනවා. එයාගේ කතාවත් එක්ක ඊලග පොස්ට් එකෙන් ලගදීම හමුවෙමු 

16 comments:

  1. කතාවනම් ගොයියෝ ඇත්ත.සාධාරණයක් බලාපොරොත්තුවෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඈ බං නොදන්නා කමටයි අහන්නේ. උඹ ඉන්න කොංගෝ වනාන්තරෙත් මෙහේ වගේමද බං

      Delete
    2. පොලිසිය හවස හයෙන් පස්සේ වහල කියල කිවුවොත් පිළිගන්නවද?

      Delete
  2. හැදින්වීම විතරනෙ..කෝ කතාව?

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ ඔච්චර ඉක්මන්. ඉන්නකෝ ටිකක් ඉවසගන. ඒක ලගදීම දානවා.

      Delete
  3. එකගයි.. මතකනේ දවසක් ඔය ට්‍රෑෆික් කේස් එකක් ගැන අභීත අයියත් දාලා තිබ්බ පෝස්ට් එක..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්. එයාට ට්‍රැපික් කේස් නැත්තම් වැඩකුත් නෑ අප්පා :D

      Delete
  4. කතාවත් ඉක්මනට දාමු... මමත් ඉතිං උසාවි වලින් වැඩක් වෙනව නම් දැකල නෑ... බොරුව ඇත්ත කරන්න පුලුවන් ලෝයර්ල ඉන්නකං සාධාරණයක් ඉෂ්ඨ වෙන්නෙත් නෑ... නඩු කියන වැඩි දෙනා හිඟන්නො වෙන එකනම් අනිව වෙනව...

    ReplyDelete
    Replies
    1. අනිවා මචං. නඩු කියාගන යන අයගේ අන්තිම ඉරණම තමා ඒක

      Delete
  5. //උසාවියේ දෙනෝදාහක් දෙනා ඉස්සරහ ලෝයර් මහත්තුරුන්ගේ ප්‍රශ්න ඉස්සරහ ආයෙමත් සැරයක් දුෂණය වෙනවට වඩා වෙච්ච අසාදාරණේ ඉවසගන ගෙදරට වෙලා ඉන්න එක හොදයි කියලා ඒ අයට හිතෙන එක ගැන කිසිම සැකයක් නෑ.//

    මේකනම් ඇත්තම වෙන්න ඕනෙ.ඇත්තටම ගෑණු ලමයගෙ ගෞරවයත් රැකගෙන ඔය වගේ සිද්දි වලට සාදාරනේ ඉටු කරන්න විදිහක් ඇත්තෙම නැද්ද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා. මං බලාගන හිටපු නඩුවේ නම් ඒ විත්තිකාරයා නිදහස් වෙලා හිනා වේවි ගෙදර ගියා

      Delete
  6. අපේ රටේ නීතිය බල්ලට ගිහින් තියෙන්නේ.ඔය මොනවා කිව්වත් ඇමරිකාව වගේ රටවල්ව නීති පද්දතිය අපේ නීති පද්දතියට වඩා විනිවිදයි,සාදාරණයි.

    ReplyDelete
    Replies
    1. ඕක ඇත්ත උනත් වැඩිය කෑ ගහන්න එපා මචං. අර වංශ අයියට එහෙම මේක ඇහුනොත් ආයෙත් පාරක් උපවාස කරනවා

      Delete
  7. පොලීසියට පාඩමක් උගන්වන්න ඕන නං ට්‍රැෆික් නඩුවලදි නිවැරදිතරු කියල කියන්න ඕන. ඊට පස්සෙ ඒ නඩුව වෙනුවෙන් උසාවි යන්න වෙන්නෙ ඕ.අයි.සී. මහත්තයට. ඒකට ඕඅයිසී මහත්තුරු කැමතිම නෑ. අපේ අතිං නං ගානක් යනව තමයි නඩු කියන්න. ඒත් මම නං නොකල වැරැද්දකට වැරදිකරු කියල කියන්නෙ නෑ.

    ReplyDelete
  8. එතකොට නඩු කාරයා කරන්නේ නඩුව කල් දාන එක. අපේ අතින් ගානක් යනවා විතරක් නම් මදැයි. තව දවසක් ඉවරයි. ඊට අමතරව රස්තියාදුව. ඕ අයි සි මහත්තයා පොලිසි ගියත් උසාවි ගියත් ඒක ඒ මනුස්සයාගේ ජොබ් එක. අනේ මන්දා.....

    ReplyDelete
    Replies
    1. නඩු පරදිනව කියන්නෙ හිතන තරම් ලේසි කේස්එකක් නොවේ. පොලීසියෙ ලොක්කට පුල්ම අවුල් කේස්එකක්. අපේ මිනිස්සු මුදලයි රස්තියාදුවයි බලල වැරදිකරු කියල පිලිගන්නව. හැබැයි ඔයදේ තියනකං සාධාරණයක් ඉටුවෙන්නෙ නෑ. ඒක මතක තියාගන්න.

      Delete