Tuesday, January 17, 2012

සල්ලි කාරයාට සහ ඩිග්රි කාරයාට පසු වදනක්

කලින් පෝස්ට් දෙක කියවලම එන්න
ඩිග්රි කාරයා මෙතනින් යන්න

සල්ලි කාරයා මෙතනින් යන්න 

මම හිතෙන විදියට අපි ඉස්කෝලෙදි , කැම්පස් එකේදී මොනවා හරි ඉගන ගන සහතික මිටියක් ගොඩ ගහ ගත්ත කියලා අපට රස්සා දෙන්න කවුරුවත් බලා ගන ඉන්නේ නැහැ. ගිරව් වගේ කට පාඩම් කරගන විභාග පාස් කලාට ඉගන ගත්ත දේ ප්‍රායෝගිකව කරන්න ගියාම තමයි අපි හිර වෙන්නේ. රස්සාවක් කරනවා කියන්නේ ප්‍රායෝගික දෙයක් මිසක් ඉස්කෝලෙදි හරි කැම්පස් එකේදී හරි කරන ගිරවා දැමීමක් නෙවෙයි.

උපාදිය කියන එක ගත්ත ගමන් සමහර අය හිතන් ඉන්නේ ඒ අයට රස්සා දෙන්න ආණ්ඩුව බැදිලා ඉන්නවා කියලා. මම මෙතැනදී දෙස්පාලනය ගැන කතා කරන්න හදනවා එහෙම නෙවෙයි. ඒ චින්තනය පක්ෂ විපක්ෂ දෙකේම අවස්ථාවාදී දේශපාලනය විසින්  ඇති කරපු එකක් විදියට තමයි මට නම් තේරෙන්නේ. ආණ්ඩුවක් බලයට එන්න කලින් විශව විද්‍යාල වල ඉන්න කොල්ලෝ කෙල්ලන්ගේ චන්ද ගන්න උපාදිධාරින්ට රස්සා දෙනවා කියල සුරංගනා ලෝක පෙන්නනවා. දිනන අය පොරොන්දු අමතක කරනකොට පැරදුන අය ඒ තරුණ තරුණියන්ගේ හිතේ තියන ආණ්ඩුවේ රස්සාවක් පිළිබද අහිංසක බලාපොරොත්තුව දඩ මීමා කරගන දිනපු ආණ්ඩු පක්ෂයට විරුද්දව පෙළපාලි යනවා උද්ගෝෂණ කරනවා. ඒ අයට රටේ දේශපාලනය කරන්න නම් උපාදිදාරි රැකියා අර්බුදය, පෞද්ගලික විශ්ව විද්‍යාල පනත වගේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙන්නම ඕනේ. පෙන්න ප්‍රශ්න නැත්තම් එහෙම එකක් හදාගන හරි එන්න ඕනේ . නැත්තම් පැවැත්මක් නැ,

දැන් මේක දේශපාලනය පැත්තට ගියා වැඩියි වගේ ආයෙත් මාතෘකාවට එනවනම් දැන් ඔය උපාදිධාරි තරුණ තරුණියෝ ටික කොහොම හරි ජොබ් ටිකක් හොයාගන ඒවා කරනවා කියලා දැන් හැරෙමු සල්ලිකාරයා පැත්තට.

මම කතාකරන මේ සල්ලි කාරයා ඕලෙවල් ෆේල්. ඉස්කෝලේ යන කාලේ කරලා තියෙන්නේ කට්ටි පැනපු එකයි පිස්සු කෙලපු එකයි. මේක කියවන ඔයාලටත් දැන් මතක් වෙනවා ඇති ඒ දවස වල පන්තියේ හිටපු  මෙහෙම යාළුවො ගැන. (අනිත් අය ගැන දන්නේ නැ මට නම් මේ ජාති දෙකේම යාළුවො ඉන්නවා ) මේ ළමයා ඉස්කෝලේ යන දවස් වල සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය යටතේ වැඩ බැරි කාලකන්නියෙක් විදියට හංවඩු ගැහුවට  හොද මොලයක් තියෙන එක්කෙනෙක් .

සාම්ප්‍රදායික අධ්‍යාපනයේදී හැකියාව මනින විභාග කියන  මිනුම් දඩු වලට අහු නොවෙන හැකියාවන් තියන අයගේ හැකියාවන් හදුනා ගන්නේ නැතුව ඔවුන්ව අධ්‍යාපන ක්‍රමයෙන් එලියට දාන එක අපේ රටේ සිද්ද වෙන ලොකු වැරද්දක් කියලයි මට හිතෙන්නේ. ඒ වගේ අය ඉස්කෝලෙන් එලියට බැහැලා මොකක් හරි රස්සාවක් පුරුදු උනොතීන් ප්‍රශ්නයක් නැ, ඒත් සමාජ විරෝදී වැඩකට යොමු වෙනවා නම් මොකද වෙන්නේ.


මම කියන ළමයා ඉස්කෝලෙන් එලියට බැහැලා යන්නේ රස්සාවක් පුරුදු වෙන්න. එතැනදී දුක මහන්සියෙන් වැඩ කරලා තමන්ගේම ආයතනයක් පටන් ගන්න ඒ ළමයට පුළුවන් වෙනවා. මිනිහෙක් හරියට ව්‍යාපාරයක් කරනවානම්  අවුරුදු පහ හයක් ඇතුලත යම් ස්ථාවරයකට එන්න පුළුවන්. ඕලෙවල් ෆේල් වෙච්ච කාල කන්නි කොල්ල ඒ විදියට තමන්ගේ ජීවිතය ගොඩ නගා ගන්න කොට එදා විභාගේ පාස් කරලා ගොඩ ගිය වැඩ්ඩන් ගෙන් සමහර අය ඒ ලෙවල් ෆේල් වෙලා පිස්සු කෙලිනවා, තවත් අය ඒ ලෙවල් වලින් ජොබ් එකකට ගිහින්, . තව සමහරු කැම්පස් ගිහිල්ලා, නැත්තම් මොනවා හරි කෝර්ස් එකක් කරනවා.


ඉතින් එකට ඉගන ගත්ත යාළුවො අවුරුදු හතරක් පහක විශ්ව විද්‍යාලේ ගිහින් ඇවිත් රස්සා හොයන කොට එදා ඕලෙවල් ෆේල් වෙච්ව් කාලකන්න්නියා කොහොම හරි තමන්ගේ ජීවිතය ස්ථාවර කරගන ජිවිතේ ගොඩාක් දුර ගිහිල්ලා ඉවරයි. එයා ලොක්කන්ට ගොටු ඇල්ලුවද නැද්ද කියන එක මෙතැනදී අදාළ නැ.  කැම්පස් ගිහින් ඩිග්රි ගහපු උන් තාම ජිවිතේ පටන් ගන්න හදනවා. සමහර විට ඒ අයටත් ජොබක් හොයා ගන්න කවුරු හරි ලොක්කෙකුට ගොට්ටක් අල්ලන්න සිද්ද වෙන්න ඉඩ තියෙනවා. මොකද මේක ලංකාවනේ.

මට මෙතැනදී දේශපාලනයක් වැඩක් නැ. මට කියන්න ඕන උනේ සාම්ප්‍රදායිකව හිතන එක ඇත ඇරලා අලුතින් හිතන්න පුරුදු උනොත් අපේ ජිවිත මිට වඩා ගොඩාක් ලස්සන වෙයි කියන එක විතරයි. මට  මෙතනදී කියන්න බැරි වෙච්ච දේවල් ගොඩාක් ඇති. ඔයාලටත් මේ ගැන කියන්න ගොඩාක් දේවල් ඇති. ඔයාලට හිතෙන ඕනෑම දෙයක් කියල යන්න.  මම කවදාවත් කමෙන්ට් මොඩරේට් කරල නැ. කරන්න බලාපොරොත්තු වෙන්නෙත් නැ. ඇනෝලට ඇනුම් බැනුම් අපහාස උපහාස ඕනෑම දෙකට මේ බ්ලොග් එක විවෘතයි.  එහෙනම් අපි ගියා. ඇවිල්ලා මේක  කියවලා මොකවත් නොකිය එහෙම යන්න එපා.....


ප. ලි.



අවසානයේ අප සාර්ථක වූයෙමු.  සයිබරයේ මිතුරු මිතුරියන් ගේ දායකත්වයෙන් සාර්ථකව අවසන්කළ ජෙරුශාගේ සැත්කම පිලිබදව පල කල ඔරිජිනල් ලිපිය මෙතනින් කියවන්න. මෙම පින් කමට සහභාගී වූ සැමට අපගේ ආචාරය  

22 comments:

  1. කතාව ඇත්ත. මොනතරම් උපාධි සහතික ගත්තත් වැඩක් නැහැ ඒ ඉගෙනුම ක්‍රියාවට නංවන්න බැරිනම්. සමාජ දැනුම හා ප්‍රයෝගික බව තමයි ගොඩාක් වැදගත් වෙන්නේ. ඒ වගේමයි උත්සාහය සහ හික්මීම.

    ReplyDelete
    Replies
    1. ඔය තේරිලා තියෙන්නේ පාට පාට ළමයට අපුරුවට

      Delete
  2. මේවගේ රගේ ඉතින් අපි හොද හැටි දැනගත්තට මේවා කරන්න බැරියෝ! අම්ම තාත්තට මේවා වෙනම කියල දෙන්න කොර්ස්‌ දාන්න වෙනවා!

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් කතාව පටන් ගන්න කොටම බැ කියනවා. උඹට නම් ගැලපෙන්නේ ආණ්ඩුවේ ජෝබක්ම තමා. හිත ඇත්තම් කරන්න බැරි දෙයක් නැ යාලුවා.

      Delete
  3. උද්ගෝෂණ කරලා ඔලු පලාගන්නේ නැතිව රජරට වෙද සිසුන් තමන්ගේ ප්රsශ්න දෙයියන්ට බුදුන්ට කිව්වලු මෙහෙම. http://www.lankadeepa.lk/index.php/articles/21883

    ReplyDelete
  4. මටත් ඔය සියළු වර්ගයේ යාළුවෝ ඉන්නවා. සමහරක් ප්‍රකෝටිපතියෝ.

    මෙහෙමයි ඔය කියන වර්ගයේ ලොකු ව්‍යාපාරිකයෝ කියන්නේ සමාජයට ලොකු බලපෑමක් ඇතිකරන්න පුළුවන් කොට්ඨාශයක් වුනත් සංඛ්‍යාවෙන් බොහොම ටිකදෙනෙක් තමයි ඉන්නේ.(සමාජ පිරමීඩයේ ඉහල කොටස කුඩා නොවැ) ඒ අය අතරින් සැලකියයුතු පුමාණයක් සා/පෙල දි හැලිච්ච අය කියන එකත් පිලිගන්න පුළුවන් කාරණයක්. ඒකට හේතුවකුත් තියෙනවා. මොකද උසස් අධ්‍යාපනයක් ලද්දෙක්ගේ හෘදශාක්ෂියට එකඟ නැති දෙයක් වුනත් අවුලක් නැතිව කරන්න ඔවුන් බොහෝවිට පෙලඹෙන නිසා වෙන්නත් පුළුවන්. ඒක දක්ෂකමක් තමයි. හැබැයි පරිසරයට සහ සමාජයට විනකෙරෙන දේවල් ඒ අතරේ ඔනතරම්. ඒ සාර්ථකත්වය බලය සහ මුදල කියන නිර්ණායක වලදී පමණක් උපරිම කඩඉමට ලංවෙනවා.

    ඇරත් සා/පෙල දි හැලිච්ච මහ විශාල පිරිසෙන් ඔය කියන වර්ගයේ ලොකු ව්‍යාපාරිකයෝ බිහිවෙලා තියෙන්නේ බොහෝම පුංචි ප්‍රතිශතයක්. වැඩි දෙනෙක් වලේ. ඒ නිසා දෙමව්පියන් හිතනවා නම් ව්‍යාපාරිකයකු කරන්න පුළුවන් නිසා තමන්ගේ දරුවා සා/පෙල දි හැලිච්චඑක කමක් නැතිය කියලා ඒක අර ලොතරැය්යකින් කෝටිපතියකු වෙනවා වාගේ හැමදාම අපට පෙනෙන නමුත් බොහෝම කලාතුරකින් කෙනෙකු ලබන අහඹු අවස්ථාවක් කියනඑක තමයි කියන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සාමාන්ය පෙළ දී හැලෙන හැම එක්කෙනෙක්ම මෙහෙම කෝටිපතියෝ වෙනවා කියල මම නම් කොහෙදිවත් කියල නැ යාලුවා. මම කියන්න උත්සාහ කලේ සාම්ප්රෙදායික අද්යාකපනදී තැන ලැබෙන්නේ ගිරා පොතකයෝ වගේ කට පාඩම් කරලා විභාග පාස් කරන පිරිසට කියන එක. වෙනත් දක්ෂතා හැකියාවන් තියෙන අය එතැනදී හැලෙනවා. කල්පනා කරලා බැලුවොත් ලෝකෙට නව සොයා ගැනීම ඉදිරිපත් කරපු බොහොමයක් දෙනා ඉස්කෝලේ පන්ති කාමරයෙන් වැඩ බැ කියන හංවඩුව ගහල එලියට දාපු අය. ඒත් එදා පාසලෙන් ඔවුන් තුල තිබුන හැකියාව අදුන ගත්ත නම් මොන වගේ දෙයක් වෙයි ද?

      Delete
  5. සහතික ඇත්ත කතාව...

    ReplyDelete
    Replies
    1. ඔය තේරිලා තියෙන්නේ ඉංජිනේරු නෝනලටත්

      Delete
  6. හ්ම්ම්..ඇත්ත කතාව..මමත් මේ ඉගන නොගත්ත තමන්ගෙ උත්සාහයෙන් දියුනු වුනු සල්ලි කාරයයි උපාධිය විතරක් අරන් බොරුවට ඔලුව උදුම්මගෙන ඉන්න ඩිග්‍රිකාරයයි දෙගොල්ලොම දැකල තියෙනවා..ඇත්තටම ආන්ඩුව රැකියා දුන්නෙ නෑ කිය කිය බොරුවට අදෝනා දෙන එකේ තේරුමක් නෑ..උපාධිය විතරක් මදි.. රැකියාවක් කරන්න ඕන කරන සුදුසුකම් හදාගන්න එයාලට තේරෙන්නැහැ..සුදුසුකම් තියෙන කෙනෙක් රැකියවක් නෑ කිය කිය බොරුවට හූල්ල හූල්ල ඉන්නෙත් නෑ..උපාධියක් ගත්ත කෙනෙක් උත්සහ කරන්නෙ බොරුවට පුටු රත් කරන ආණ්ඩුවේ ජොබ් කට්ටක් හොයාගෙන පැත්තකට වෙන්න..මමනම් ඒකට කොහෙත්ම එක්ඟ නැහැ..

    ReplyDelete
  7. මිනිහෙකුට ප්රා්යෝගික දැනුමක් තියෙනවනම් එයා කවදාවත් රස්සා දියව් කියල පිකටින් කරන්න යන්නේ නැ. වැඩිය ඕන නැ. ඉරිදා පත්තරයක් අරන් බලන්න. මේ රටේ රස්සා කොච්චර තියෙනවද කියලා. එහෙම තියෙද්දිත් කට්ටියක් කැ ගහනවා රස්සා දියව් දියව් කියලා. අනේ මන්දා .........

    ReplyDelete
  8. සහතික ඇත්ත!ලංකාවේ අධ්‍යාපනය ඇතුලේ වෘත්තීය සුදුසුකම් හදනවද කියන 1 නම් ප්‍රශ්නයක්!

    ReplyDelete
    Replies
    1. ගහමුද මල්ලි අධ්‍යාපන ඇමතිට පෙත්සමක්වත් පාසල් වලටත් වෘත්තීය අධ්‍යාපනය ලබා දියව් කියලා, නැත්තම් තියමු පිකටිං එකක් වත් ...

      Delete
  9. හ්ම්ම්..ඔය කතාව තේරෙන්නේ කැම්පස් එකෙන් හරි වෙන මොකක් හරි ආයතනයකින් හරි ඉගෙන ගෙන ඉවර වෙලා රස්සාවකට ගිය දවසක තමයි..

    ReplyDelete
    Replies
    1. කැම්පස් කෙසේ වෙතත් වෘත්තිය අධ්‍යාපනය දෙන ආයතනයකින් ඉගන ගත්තොත් නම් මොනවම හරි කරගන්න පුළුවන් වෙයි.

      Delete
  10. ඇත්ත. කම්පුටර් සහතික නැති සෑමා කවුද කියල අපේ ගමේ එවුන් දන්නවා. පොර ‍ටෝක් දෙනවා නෙවේ. දක්ෂතාවයට සහතික අවශ්‍යම නැහැ. වැඩිය කියන්න යන්නේ නැහැ. දකින කස්ටිය හිතයි මම පොර වෙලා කියලා. දන්නෝ දනිති.

    සාධාරන පෝස්ටුවක් !

    ReplyDelete
  11. සර්ටිෆිකේට් ට්රූ....

    ReplyDelete
  12. හොදි ඔන්නැ.. පට්ට කතාව ... කවුරු නැ කිව්වත් ඔක තමයි වෙන්නේ

    ReplyDelete
  13. අනිවා ඕක තමා ඇත්ත....100% එකගයි මචං ආයේ හෝදන්න දෙයක් නෑ...

    ReplyDelete
  14. ගිය සැරේ මම කිව්වනේ මෙතන කියන්න ඕනේ එක.
    ඒකට තිබ්බ රිප්ලයි එකට මං උත්තරයක් දෙන්නම්..

    "අනේ මට ජොබ් එපා රෙපෝ. ඊට වඩා දාහක් වටිනවා මේ කුඹුරු කෙටිල්ල.මොකද මේකෙ මැනේජරුයි ගෝලයයි දෙන්නම මමනේ..
    අතපය හයිය නැති උන දවසක බලමු."

    ප.ලි- බනියා ලගදි බුකියෙත් දාලා තිබ්බා මේ වගේ කතාවක්.. දැක්කද?

    ප.ප.ලි.- මේකටත් දෙයක් කියලම යන්නම්කෝ. දැන් බලහන් කෘෂි ඩිප්ලෝමා සහතිකේ ඇරන් අපිට උගන්නන්න කට්ටිය එනවා. උන් කුඹුරකට වී ටිකක් පොහොර ටිකක් ගහන්න දන්නවද? නෑ.. උන්ගේ සහතිකේ තියෙන දැනුමත් එක්ක බැළුවාම අපේ හුගක් ගොයියෝ ඉන්නේ පී.එච්.ඩී. එකත් ගහලා. හැබැයි සහතික නෑ..

    මේකෙන් මම අදහස් කරන්නේ නෑ ඉගෙන ගත්තට වැඩක් නෑ කියන එක අරී..

    ReplyDelete
    Replies
    1. උඹ කෘෂි ඩිප්ලෝමා කාරයෝ කිව්වේ අර උඹලගේ සාලියපුර පැත්තේ (මට ගම හරියට මතක නැ මෙඩිකල් කොලේජ් ඒක කිට්ටුව තින්නේ සිප්පුකුලමද කොහෙද )තින කෘෂිකර්ම පාසලේ ඉන්න උන් ගැනද? එකේ උගන්නනේ බිම සහ වෙරි වීම වගේ ඒවා ගැනනේ ... හි හි හි
      මමත් දවසක් ඔකේදී ගොවියෝ සෙට් එකකට කෘෂි කර්ම ලෙක්චර් එකක් දීලා තිනවා. (අනේ මම දන්නා කෘෂි කර්මේ )

      Delete