Saturday, January 14, 2012

සල්ලි කාරයා

කලින් පොස්ට් එක ඩිග්රි කාරයා කියවලම එන්න 




අම්ම අප්පා කිව්ව නිසා
සිස්සත්වෙට වාඩි වෙලා
කර මුලින්ම ඇන ගත්තලු
පුංචි කාලේ මං.........

ඉස්කෝලෙන් කට්ටි පැනල
අම්බානක ගුටිත් කාල
කොල්ලෝ එක්ක ගැන්සි බැහැපු
සිරා බුවෙක් මං........

ඉගන ගන්න බැහැ උඹ හට
හැම එකාම මට කියද්දී
ඒ මොකවත් ගණන් නොගත්
මදාවියෙක් මං.........

ඕ ලේවලුත් ෆේල් වෙලා
කන් පිරෙන්න බැනුම් අසා
ෆීල්ඩ් එකේ ජොබ් කට්ටක්
හොයා ගත්ත මං.............

ඒකෙන් පුහුණුවක් අරන්
මගේ වැඩක් පටන් අරන්
ලොකු පොරකට කඩේ ගිහින්
ලොකු  පුටුවක මං.........

ඉගන ගත්ත අපේ එවුන්
සහතික මිටි තුරුළු කරන්
ජොබක් හොයන් ඇවිදිල්ලා
මගේ ලගට දැන්.......

හනේ හෆොයි බං
ඉගන ගත්ත උන්.....
මේ බලපිය බං
කට්ටි පැනපු මං........

ඇඩෙනවා නේ ....................


මහා සයිබර් ශ්‍රමදානයට යනව නම් මෙතනිනුත් යන්න පුළුවන් 

16 comments:

  1. අනේ අය්යේ මටත් ජොබ් එකක් දියන්කෝ!

    ReplyDelete
    Replies
    1. සහතික කන්නද? එව්වා නම නැතත් කමක් නැ. එක්ස්පිරියන්ස් තියෙනවනම් වරෙන් ඕන තරම් ජොබ් දෙන්නම්

      Delete
  2. මේකට මම පට්ට ලයික්..... අම්මපා... කාලෙකින් කියවපු හොදම එක ...:D :D


    අන්නිම කවියෙ 3 පදේ

    මේ බලාපිය බං නැතුව මේ බලපිය බං කියල දැම්මනම් ගැලපෙනව නේ... ?? පොඩ්ඩක් බලපංකො එහෙම හොදද කියල

    ReplyDelete
    Replies
    1. ඒක ප්‍රින්ටින් මිස්ටේක් එකක් ගණන් ගන්න එපා ඔන්න හැදුවා

      Delete
  3. සිරා කතාව අප්පා.බොක්කටම වැදුනෝ.....

    ReplyDelete
  4. රෙප් මහත්තයා අලුත් වැඩක් පටන් අරන් වගේ..සමාජ ආමන්ත්‍රණය නරකම නෑ

    ReplyDelete
  5. "සමාජ ආමන්ත්‍රණය" මොකක්ද බං ඒ බර වචනේ මට නම් ඔව්ව් තේරෙන්නෙ නැතෝ

    ReplyDelete
  6. රෙපා කවිත් ලියනවද? හෆ්ෆේ...හ්ම්ම් හ්ම්ම් හොඳයි හොඳයි, ජය වේවා!!!

    ReplyDelete
  7. මේ අපිටත් ජොබක් හොයා ගන්න බැරි වෙයිද??'

    ReplyDelete
  8. දක්ෂතාවයට අධ්‍යාපනය ඕනෙම නෑ බං. සහතිකෙන් පෙන්නන දැනුමට වඩා අත්දැකීම් වලින් දැනුම වැඩි දියුණු කරගත්තු වයසක මිනිස්සු දැක්කම වෙලාවකට පුදුම හිතෙනවා.

    හැබැයි ඔය කඩේ ගිහින් කිසිම අත්දැකීමක්වත්,උගත්කමක්වත් නැතුව ලොකු තැන් වලට එන එක නම් මට දිරවන්නෑ.

    ජොබ් දෙන්න හදන්නේ රෙපා කිව්වට මැනේජර්ද මූ ආ?

    ReplyDelete
    Replies
    1. ඇයි අපට මැනේජර්ලා වෙන්න බැරිද? දෙන්නම් උබටත් ඕන නම් අනුරාදපුරෙන්ම ජොබ් එකක්. සහතික එපා එක්ස්පිරියන්ස් තමා ඕන

      Delete
  9. ඇත්තටම නියම කවි ටිකනෙ අයියෙ..ඉතින් මේ ඇත්තටම ඔයා ගැනද ලිව්වෙ ..:D

    මොනා උනත් මේ ඇත්ත නේද..ඉගන ගත්තු ඈයෝ බාගෙට ඉගන ගත්තු අය ලග වැටිල ජොබ් ඉල්ලනව.. :(

    ReplyDelete
  10. සුදුස්සාට නොව නුසුදුස්සාගේ තැන ස්ථිඑ කරන පාලකයින්ගේ අංචි බොල.. සිරා ..

    ReplyDelete