Friday, January 13, 2012

ඩිග්රි කාරයා

මේක මම ආශ්‍රය කරන එකෙක්ගේ ජිවිත කතාව මේ තොප්පිය හරියන තවත් අය ඉන්නවා නම් දාගන්නවල හොදයි.............






එල කියුෂන් මොන්ටිසෝරි
එක දෙක තුන පාස් කරන්,
සිස්සත්වෙත් පාස් කොරලා 
කොළඹ ආව මං......

O / L  A /L මදිවට
aat චාටර් වෙලා
ඔය ඔක්කොම දුක් විදලා
පාස් කොලා මං..........

උපාදි ගැන සිහි කරමින්
ජෙප්පෝ එක්ක පිකට් ගිහින්
පොලිසියෙන් ගුටිත් කාල
ගෙදර ආව මං.........


හැම සේසත උකස් කරලා
මගේ අනාගතේ හිතල 
නොකා නොබී  දුක් විදිනවා
අම්ම අප්පා නම්..........


මැරි නොමැරී දුක් විදිමින්
අවුරුදු ගානක් දගලලා
අන්තිමේදී කොහොමින් හරි 
ඩිග්රි ගත්ත මං.........


නෝ ජොබ් කොම්පැනියේ ඉදල
රස්සා දියව් පිකට් කොරලා 
ආණ්ඩුවේ රස්සාවක්
හොයා ගත්තා බං........


මගේ හොද වයසත් ගිහිල්ල
අම්ම අප්පා ලෙඩ්ඩු විලා
ජොබ් එක කර ගන තනියෙන්
ඔහේ ඉන්නවා මං........... 

අනේ හෆොයි බං
නාකි වෙලාලු මං............ 

13 comments:

  1. අනේ අපේ අනාගතේ!!:((

    ReplyDelete
  2. මේක අද ඊයේ පටන් ගත්ත එකක් නෙමේ. මට මතකයි, 70 ගණන් වල මුල හැටියෙත් උපාධිධාරී බස් කොන්දොස්තර මහත්වරු හිටිය ලංගම

    ReplyDelete
  3. සම්පූර්ණ ඇත්ත කතාව....

    ReplyDelete
  4. සිරාම ඇත්ත.ඇත්තටම උඹ වයසයිද?

    ReplyDelete
    Replies
    1. මට ඔය ඩිග්රි කියන එව්වා නැහැනේ බං

      Delete
  5. Take look at this article.

    http://visituru.blogspot.com/2011/07/blog-post_03.html

    ReplyDelete
  6. ඩිග්රි ගත්තු හැම එකාට රස්ස දෙන්නේ මොන රටේද
    ලංකාවේ අපේ ලංකාවේ...

    ReplyDelete
  7. මොන කොලිපිකේසොන් තිබුනත් ටැලන්ට් එක තියෙන උන්ටයි දේසපාලන බලෙයි තියෙන උන්ට තමයි රස්සා වල මුල් තැන... දක්සතාවෙට විතරක් තැනක් එන්නෙ කලාතුරකින්....
    ඕකයි යථාර්තය.....

    ReplyDelete
  8. සිරා බොල.. අමාරැවෙන් රෙපාගේ බ්ලොග් හොයා ගත්තේ..

    සෑමගේ බ්ලොගේ කමෙන්ට් දාලා තිබ්බනේ.. දැන් ඉතින් රෙපාගේ බ්ලොග අතාරින් නැ.. ජය

    ReplyDelete