Wednesday, January 4, 2012

වෙට්ට පාසියක් ( නොවේ )




පොරෝගන සුදු රෙද්ද 
ලෝකෙටම බන කියන 
අමධ්‍යප සංගමේ
සභාපතිතුමාටත් 
දවසකට ඔනමලු
බෝතලේකට වඩා  
කන්ද උඩ පන්සලේ 
පොඩි හාමුදුරුවොත් 
ඇවිත් කියනවාලු බන රෑට 
කාමයේ වරදවා හැසිරීම වැරදියිලු
සුරාවත් නරකයිලු
දෙනවාද කන්න උන් 
මටත් මගේ කොල්ලටත්
ඔය බයිලා කිව්වාට
නොඉස්සුවොතින් රෙද්ද 
හොර රහසේ උන්ගාව

10 comments:

  1. මේ නිසඳැස කියවද්දී මට මතක් වුනේ අමරසිරි පීරිස්ගේ ළඳුනේ ගීතය. ඔබ, මේ කුහක සමාජය පිළිබඳව සිතේ ඇතිවූ ආවේගය, එලෙසින්ම පිට කර තිබෙනවා. 'බයිලා කිව්වට, නොඉස්සුවොතින් රෙද්ද,' වැනි කවි බසෙහිදී නොයොදන තරමක් ග්‍රාම්‍ය යෙදුම් එලියට ආවේ ඒ නිසයි. සාමාන්‍යයෙන් සාහිත්‍යධරයකු තම සිතට එන දෑ , නැවත නැවත ලියමින් කීප විටක් සංස්කරණය කරනවා. අවසානයේදී තමයි නියම සාහිත්‍යමය නිර්මාණය එළිදකින්නේ. දිගටම ලියන්න. නිකම්ම නිකම් කවි කාරයකු නොවී සාහිත්‍යධරයකු වන්නට උත්සාහ ගන්න. ඔබට ජය.

    ReplyDelete
  2. මට මතක් වුනේ වෙන සින්දුවක් ප්‍රදීපා ධර්මදාසගේ "විනේ කටින උන්" කියන සින්දුව.ඒකෙනුත් අහන්නෙ මේ වගේ ප්‍රශ්නයක් තමා.

    ReplyDelete
  3. ආර්ථික කේස් එකකුත් නැති ඔය කියන තරම් සමාජ පීඩනේකුත් නැති කෙනෙක් ලිංගිකත්වය වෙළඳාමට ගැනීම වැරදියිද??
    අපි සිනමාපට හරහා සහ නොයෙකුත් කලාවන් හරහා ගැහැනිය රස විඳීනව..අපිට පේන මට්ටමින්...ඒත් එතනින් එහාට රසවිඳින්න ආස අයට තැනක් තියෙන්න ඕන...ඒ අය වේස ගෑනු නෙමෙ..තවත් එක්තරා පිරිසක්..ඒවාට යන අය වලත්තයො නෙමෙ..එක්තරා කස්මර්ස්ල ටිකක්...
    මෙතන තියෙන්නෙ හොරාට ගන්න ආතල් එකක්...අපේ සමාජයෙ දෙයක් හොරාට කලාම වින්දනය වැඩි වීමේ ගතියක් තියෙනව...ඒ දේවල් විවේචනය කිරීමෙත් ඒවා ඇසීමෙනුත් මාරම ආතල් එකක් අපේ අය ගන්නව...

    ReplyDelete
  4. කාලෝචිත අදහසක් වෙනස්ම ක්‍රමයකට අහලා..ලස්සනයි..මම නම් අදමයි ආවේ මීට පස්සේ දිගටම එන්නම්කෝ

    ReplyDelete
  5. දවසට බෝතලයක් බොන අමද්‍ය සභාපති තාම ජීවතුන් අතරද? හෙහ් හෙහ්

    ReplyDelete
  6. නියමයි.. කතාවනම් සහතික ඇත්ත..

    ReplyDelete
  7. කතාවනම් සහතික ඇත්ත......කෝඩුකාරයත් එකඟයි......

    ReplyDelete
  8. @ඇනෝ
    බ්ලොග් එක පටන් ගත්ත දවසේ ඉදලා ආපු පලවෙනි ඇනෝ කමෙන්ට් එක. ගොඩාක් ස්තුතියි දුන්න උපදේශයට.

    @ නිසුපා
    ඒ සින්දුව නම් මට එච්චර මීටර් නෑ. තැන්කු කාලෙකට පස්සේ ආවට

    @ අමිල
    විකුනන්න පුළුවන් නම් ඕන දෙයක්. මගේ ජොබ් එකත් බඩු විකිනිල්ලනේ. වෙසක් එකට බුදු හාමුදුරුවන්ව විකුණන නත්තලට ජේසුතුමා විකුණන ලෝකේ ගැනියෙක් විකුනුනාම මක් වෙනවද?

    ReplyDelete
  9. @ පුංචි කුමාරිහාමි
    ස්තුතියි මේ පැත්තේ ආවට දිගටම එන්න කෝ

    @ ඔබා මාමා
    ඒක අහගන්න ඕනේ පොඩි හාමුදුරුවන්ගෙන් තමා

    @ dinesh . කෝඩුකාරයා
    විකුනන්න පුළුවන් නම් ඕන දෙයක් බන්

    ReplyDelete
  10. නිකමාත් එකගයි ඕන් කතාවට

    ReplyDelete