Thursday, September 8, 2011

රාමායනය (නිව් වර්ෂන් රී මික්ස් )


මාතෘකාව දැක්ක ගමන්කට්ටියම එකතු වෙලා මට බනින්න පටන් ගන්න එහෙම එපා. මම මේක ලිව්වේ ඉතිහාසය වෙනස් කරන්නවත් කාටවත් අපහාසයක් කරන්න වත් හිතාගන එහෙම නෙවෙයි. මේ මට හිතුනු දේ.රාම කුමාරයාට දෙවියකුට වගේ සලකන අය වගේම ප්‍රබාකරන්ටත් දෙවියකුට වගේ සලකන අය ඕන තරම් මේ රටේ ඉන්නවා. දැන් සිද්ද වෙන වැඩ වල හැටියට  මෙහෙම දෙයක් සිද්ද වෙන්න බැරිද? බනින්න කලින්  කියවලාම බලන්න.
 
රාම රාවන කතා පුවතේ කුමක් සිදු වුනි දැයි සොයා
ගමන් කල විට හමු වුනා මට රාවනා මහා රජතුමා
යහන ගල මත එලුව පලසක දැහැන් ගතවී පසුවනා
රාවනා රජු සන් කළා මට අසුන් ගන්නට යයි කියා..............

පැමිණියේ නුබ මා බලන්නට කිම්ද හේතුව යයි අසා
විවර කරමින් දෙනෙත් ඇසුවා ඒ මහා නරපති තුමා
වාල්කිමිගේ රාමායනයේ කියන දේ ඇත්තද කියා
මා අසු විට හිනැහුනා ඔහු ඉහල අහසට නෙතු යොමා.............

කොල්ල කන්නට මගේ විජිතය පැමිණි රාමා නම් හොරා
පැවසුවා ලෝකෙට කියන්නට මගේ දුර්ගුණ ගොතගොතා 
බාර ගත්තලු කොන්ත්‍රාත්තුව වාල්කිමි නම් මනු සතා
ලිව්වලු බොරු ගොත ගොතා ඔහු රාමගේ ගුණ වය වයා............

බොරු ගොතා ලෝකෙටම පෙන්වූ වාල්කිමි කොයිබද කියා
මා ඇසුවා රජතුමාගෙන් ඔහුව හමු වන්නට සිතා
හමු වෙලා නුබ ඔහුව අහපන් සිදු වුනේ කීම දැයි කියා
අන්න ඉන්නවා චැනල් හතරේ ලොකුම පුටුවේ ඒ යකා ...................

 ඕ ලෙවල් වලටවත් සාහිත්‍ය කරපු නැති  මම පොඩ්ඩක් වචන ටිකක් ගැට ගහන්න පුරුදු උනේ මේ බ්ලොග් කෙරුවාව නිසා. කෙලින්ම බනින්න බැරි නම් අනෝ කෙනෙක් විදියට වත් ඇවිත් කුණු හරපෙන් බැනල ගියත් මට කමක් නේ. ( මොකද ඕව මම නොදන්නා දේවල්යැ  ) දැන් එහෙනම් කට්ටියම මට බනින්න පටන් ගන්නකො. 
 

13 comments:

  1. මොන සාහිත්‍යක්ද බන්...‍ මේ තියෙන්නෙ ලෙසටම ලියල... ඇඩ්රස් නෑ කිව්වලු...

    ReplyDelete
  2. හැබැයි පොඩි අඩුවකට තියෙන්නෙ අර විභීෂණ දෙයියයි කියන දෙකට නැවෙන එකාගැන ලිව්ව නැති එක තමයි...

    ReplyDelete
  3. කලින් ලියන්නට ගොස් නොලියු කොටස සාතන්ගේ ඉල්ලීම පිට මෙසේ ලියු වගයි

    මා ඇසු විට කොයිබදැයි ඔබේ විබිෂණ නම් සොහොයුරා
    අන්න ඉන්නවා චින්තකගේ ලග
    අරුනා කම්මන් ද්‍රෝහියා ................

    අපි කාටද බය අපිට කව්ද බය

    ReplyDelete
  4. මොකටද බන් බනින්නේ ඔය තියෙන්නේ ලෙසටම :D

    ReplyDelete
  5. මචන් මේකනම් එලමකිරි..ෆට්ට කියන්න වචන නෑ

    ReplyDelete
  6. අපිට හැමදාම වුනු සංගෙදිය අපූරුවට නිර්මාණය කර තිබේ. බැනිය නොහැක. පැසසිය යුතුය.

    ReplyDelete
  7. බනින්නේ මොකටද යාළු.. මේ තියෙන්නේ හොදටම.. ඕනිමනම් මේක හොදට ලිව්ව නිසා බනින්නම්...

    ReplyDelete
  8. @ හැමෝටම :කමෙන්ට් කරපු හැමෝටම බොහොම ස්තුතියි. මට බනින්න කියලා කිව්වේ මේකයි. ඊයේ වෙනකොට හිට්ස් හත්සිය ගානක් තිබුනා. මේක ෆලෝ කරන අයත් දහනවයක් හිටියා ඒත් කමෙන්ට් නැ. මුන්ට මම ලියන ඒවා තේරෙන්නේ නැද්ද? නැත්තම් මේවා මෙලෝ රහක් නැද්ද කියලා කව්ද දන්නේ? සමහර උන් වගේ මමත් ගැණු ළමයෙක් විදියට ආදර කතා ටිකක් ලියාගන හිටිය නම් හිට්ස් කමෙන්ට්ස් අම්බානයි. ඒත් එහෙම කරලා වැඩක් නැ. ප්‍රතිචාර වැඩි උනාමත් ඔලුව ඉදිමෙනවනේ. වේගෙයෙන් යන ගමනට වඩා හිමින් යනකොට අනතුරු අඩුයි. ගොඩාක් දුර යන්න පුළුවන්. දිගටම මාත් එක්ක ඉන්න.....................
    අපි දිග ගමනක් යමු..........

    ReplyDelete
  9. ඔගොල්ලොන්ගේ බාසාවෙන් කිව්වොත් පට්ට කවියක්. මගේ බ්ලොග් එකට ඇවිත් කොමෙන්ට් කරලා යනවට තුති මං "ආදරය දුකක්"

    ReplyDelete
  10. කියල වැඩක් නෑ මචං......පට්ට නිර්මාණය.........

    ReplyDelete
  11. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  12. නියමයි,නියමම නියමයි...!!!!!!!
    වැඩි විස්තර ඔනෑ නැ,, ^_^ ආසම මාතෘකාවක් ලස්සනට ලියලා... :D

    ReplyDelete