පස් අදින සෙට් එක

Monday, September 5, 2011

රට වටේ ගමන් - කුරුදු ඔය ඇල්ල සොයා 02 කොටස

අපිත් පැත්තට ගියේ මු ඇල්ල හොයාගෙන වත්ද කියලා හිතාගන. ගිහිල්ලා බලන කොට පල්ලෙහා හෙන ප්රපාතයක්. ප්රපාතය පල්ලමේ වලපනේ ටවුන් එක. පාර වරද්ද ගැන අපි ඇවිත් හිටියේ වලපනේ ටවුමට පෙනෙන මහා ගල් පර්වතයේ අන්තිම කොනට. දැන් වෙලාව හයහාමාරට විතර ඇති. මොන දිය ඇලිද තව පැය හතරක විතර කැලේ මැදින් පාරවල් හොයාගන යන්න ඕන ගමනකුත් තියනවා. අපි ආපහු එන්න හැරුනා. ගල් තලාව දිගේ වැඩි දුරක් එන්න උනේ නෑ. මහා හුලගක් හමන්න පටන් ගත්තා. දෙපැත්තම මහා පාතාලයක්.  මදිවට හැන්දෑ අදුර නිසා හරියකට පාර පේන්නෙත් නෑ. හුළගේ සැර වැඩි නිසා කොහාටවත් යා ගන්නත් බෑ. දැනුත් මොහොත මතක් වෙනකොට ඇග හිතල වෙලා යනවා. විනාඩි දහයක් විතර අපි එතනටම වෙලා වාඩි වෙලා බලන් හිටියේ වෙන කරන්නම දෙයක් නැති නිසා. ටිකකින්  හුලග අඩු උනා. තුන් දෙනාගේ අතේ තිබුණු ෆෝන් වල එළියෙන් අපි බොහොම අමාරුවෙන් පල්ලම් බැහැලා ඔෆිස් එකට එනකොට රෑ දහයට විතර ඇති. 
රන්ජි අයියා අපිව හොයන්න මගටත් ඇවිත්. "මොකද මහත්තයෝ මෙච්චර වෙලා කලේ. මම මේ කොහේ ගියාද කියලා බලන්න ආවේ. අපි රන්ජි අයියට ඇත්ත කතන්දරේම කිව්වා. ඔතන සුලන් කපොල්ලක්නේ මහත්තයෝ. ඇති ඔයින් බේරුනා. අනිත් එක ඇල්ලට යන්න තියෙන්නේ. දේවාලේ ගාවින් උඩට නැග්ගාම හමුවෙන වම පැත්තට තියන පාරේ ගිහින්. එතන ඉදලා ටික දුරයි. රන්ජි අයියා කිව්වාමයි තේරුනේ කරපු ගොන් කම. මොනවා කරන්නද? අපි රන්ජි අයියා එක්ක කතා කර කර නවාතැනට ගියා. 

පහුවදා එලි වෙනකොට් අපි එක්ක ගිය කොන්ඩයාට උන ගැනිලා. (මට උගේ නමත් හරියට මතක නෑ. එදායින් පස්සේ මම තාම ඌව ඇහැට වත් දැක්කේ නෑ. ෆෝන් වැඩ කලෙත් නෑ.)  මොනවා කරන්නද? බෙහෙත් අරන් දීලා අපේ බොසාටත් කියලා ගෙදර පිටත් කළා.  ඉතුරු උනේ මායි රෝශානයයි විතරයි. ගෙදර ගිය එකාගේ වැඩත් අපිටම අදින්න උන නිසා ඇල්ල සොයා යන අපේ ගමන දවස් දෙක තුනක් පහු උනත් දිවා රෑ වැඩ කරලා ඉක්මනට වැඩේ ඉවර කරලා තවත් හවසක  අපි දෙන්නා ඇල්ල බලන්න යන්න සෙට් උනා. දේවාලය පහු කරලා වමට තියන පාරේ ගියාම පොඩි ලයින් කාමර පේලියක් තියනවා. මහත්තයෝ ගියාට නම් කමක් නෑ ඔතන නාන්න නම් යන්න එපා බිලි ගන්නවා එතන හිටපු මිනිස්සු ඇල්ලට යන පාර පෙන්නලා  එහෙම කිව්වේ අපේ ආරක්ෂාවට ඒ පෙන්නපු පාර දිගේ  අපි ඉදිරියටම ගියා

මහා කන්දක් වටේට යන පාරේ වංගුවකින් හැරෙන කොටම  ඇතින් ලස්සනට දිය ඇල්ල පේනවා. මහා කදු දෙකකට අතර මැද්දෙන් කඩා වැටෙන දිය ඇල්ල දිහා අපි ටිකක් වෙලා නැවතිලා බලා හිටියා. වරෙන් යන්න. රොශානයා මාවත් ඇදගන ඉස්සරහටම ගියා. දිය ඇල්ල ලගට යන්න නම් පාරෙන් පල්ලමට බහින්න ඕනේ. ඒ ගමනත් යන්න ඕනේ පොඩි අඩි පාරකින් කැලේ මැදින්. අපි අඩි පාර දිගේ ටික දුරක් ගියත් ඇල්ල ලගට නම් යන්න උනේ නෑ. ඒ වෙනකොටත් වෙලාව හවස හය විතර වෙලා තිබුන නිසා. ආයෙමත් උඩට ඇවිත් දිය ඇල්ල දිහා බලා ඉදපු අපි ආයෙත් එන්න පිටත් උනේ බිම් කළුවරත් එක්ක.





මෙම ඇල්ලේ උස මීටර් 189 කි මහවැලි ගගේ අතු ගංගාවක් වන කුරුදු ඔය දිය ඇල්ල පෝෂණය කරයි 




මේ පොටෝ ටික ඉස්සුවේ ගුගල් දෙයියගේ පිහිටෙන් නෙට් එක පීරලා. ඒවා උස්සපු සයිට් වල නම් මතක නැති උනත් ඒවායේ නියම අයිතිකාරයෝ හැමෝටම තැන්කු හොදේ.......අම්බලම .......
  

4 comments:

  1. ත්‍රාසජනක ගමනක් වගේ!
    නියමයි!

    ReplyDelete
  2. නියමායි මම වගේම ඇවිදින්න ආස එකෙක් හම්බුනාමයි. ඇති යන්තම් ගංකාවෙ වැඩක් ඇති එකෙක් ඉන්නවා. නියමායි තව ඇවිදල දෙන්න පුල් ස්ටෝරියම නියමෙට.

    ReplyDelete
  3. @ ඉන්දික , සුලා :

    දෙවි පිහිටෙන් අනුන්ගේ වියදමෙන් ගිය ගමන් නම් බෝමයි. ඉස්සරහට ඒවත් බලමු

    ReplyDelete
  4. මමත් ඔය පෑත්තෙ එකෙක් උනාට තම දිය ඈල්ල බලන්න ගිහින් නෑ. ;)

    ReplyDelete