Wednesday, August 3, 2011

පිනාගේ ආයෝජන ක්ලාස් එක 01 කොටස

මේ ලිපි ටික ලියන්න හිතුනේ සිංහලෙන් කොටස් වෙළදපොල ආයෝජනය එකක භාර විවිද සුරැකුම්පත් ආදිය  පිලිබදව ලියවුනු ලිපි සොයා ගැනීමේ අපහසුව නිසාමයි. ඉංග්රීසියෙන් තිබුනත් තියෙන්නේ තියරි පාඩම්. එත් ආයෝජනය කරනවා කියන්නේ ප්රායෝගික වැඩක්. තියරි වලින් මේ ගැන ලියනවාට වඩා කතාවක් අකාරයෙන් මේ කාරණා ගැන ලියන්නයි මගේ අදහස.  කතාවේ එන අවස්ථා හා  සිද්දි  වලින්  ඔයාලට මේක හොදටම  තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා එහෙනම් අද ඉදලා පටන් ගනිමු පිනාගේ ආයෝජන ක්ලාස් එක 

පිනාගේ කතාව

පිනා සෙනසුරාද උදේ පාන්දරින්ම අම්බලමෙන් එලියට බැස්සේ සුරැකුම්පත් හා විනිමය කොමිසමෙන් කරන ආයෝජන පන්තියට යන්න හිතාගෙන.පාරට බහින කොටම අවේ අම්බානක සෙනග පටවගත්ත කොලබ බස් එකක්. මොනවා කරන්නද  අතේ තිබුණු බැග මල්ල වීදුරුවකින් ඇතුලට දීල බස් එකේ ජනෙල් පොල්ලක එල්ලුනා. බස් එක කළුතරට එනකොට පිනාට හොද ගණන් . කළුතර බස් ස්ටෙන්ඩ් එකෙන් බැහපු පිනා බෝදීය ගාවට ගිහින් පඩුරක් දාල දෙවියන්ට පින් දුන්නේ අතක් පයක් නොකැඩි මෙච්චර දුර එන්න පුළුවන් උන එකට 
පිනා හෙමින් සැරේ දුම්රිය නැවතුම්පොළ පැත්තට expras  train එකක් තියෙනවද බලන්න රුහුණු කුමාරි 8.03 A .M .කියලා තිබුනත් ප්රමාදය පැය 1/2 කියල වටේට රව්මකුත් ඇදලා තිබුනා අප්පමාදෝ අමතපදන් කියලා ධම්ම පදේ තිබුනට කොච්චි එලවන අය ඒවා දන්නේ නෙද්ද කොහෙද පිනාට හිතුනා 

"පරණ කෝච්චිය තිබුන නම් කොහොම හරි එනවා ඉන්දියාවේ පට්ට ගහපු හුචක්කු ගෙනල්ලා අපි හැමදාමත් මග"  ඔෆිස් යන්න පරක්කු උන සෙට් එකක් පරණ කොච්චි ගෙන්නලා කොමිස් ගහපු අය ගේ අම්මලා අප්පලාට පින් දෙනවා කොහොමහරි වෙනදා රුහුණට පස්සේ යන ගල්කිස්ස slow train එක කලින්ම අවා. හදිසි කාරයෝ ටික එකේ නැගලා යන්න ගියා. ගල්කිස්සෙන් යේ තව train වලට මාරු වෙලා යනවට වඩා හොදයි රුහුනෙම යන එක කියලා හිතපු පිනා බැංකුවකට බර උනා 

කොහොමහරි පැය 1/2 ක් පරක්කුයි කියපු රුහුණ විනාඩි  45 කට විතර පස්සේ  2 වන වේදිකාවට සේන්දු උනා  කිරි අප්පට බල්ලෝ පැනපි කිව්වලු වෙනදට ඇර සොය්සා වගේ දුවන කෝච්චිය අද උතුරේ ඉඳලම කොටනවා ඇතුලේ හිටපු උනුත් කොච්චි ගෙන්නපු උන්ගේ මැනියන්ට පින් දෙනවා                             

කොහොමින් හරි රුහුණු කුමාරි කොටුවටත් අවා කියමුකෝ. ගාල කඩාගෙන දුවන  ඔෆිස් යන්න පරක්කු උන සහෝදර වරුන්ගෙන් මිදිලා පිනා ස්ටේසමේ ගේට්ටුවෙන් එලියට බැස්සා ස්ටේසම ඉස්සරහා රතු සහෝදරවරුන්ගේ උද්ගෝෂණයක් මොනවද  බෝඩ් වගයක් උස්සගෙන උගුර ලේ රහ වෙනකම් කැ ගහනවා පිනා පයින්ම W .T .C. එක පැත්තට අවා 
කොහොම හරි ක්ලාස් එකට එනකොට හොදටම පරක්කුයි මොනවා කරන්නද බෙදපු ටියුට එකත් අරන් පන්තියේ  මුල්ලක තිබුණු පුටුවක් හොයාගෙන වාඩි උනා

ආයෝජනය යනු කුමක්ද ? කොටස් වෙළදපල , එකකභාර, ගැන හැම දෙයකම ඊලග පොස්ට් වලින්  (ඔයාලට හිතෙන දෙයක් ලියන්න ප්රශ්න අහන්න හැබයි ආයෝජන උපදෙස් නම් ඉල්ලන්න එපා මම ඒවා නම් දන්නේ නැ )   

2 comments:

  1. ඉස්සරහට මොනවද දාන්නෙ කියලා බලාගෙන ඉන්නවා.තව දෙයක් මේ වම් පැත්තෙන් එක එක ඉංගිරිසි කෑලි කියවන කොලුවා දකුණට දැම්මොත් නරකද?කියවන්න අමාරුයි.

    ReplyDelete
  2. @ රාජ්
    අම්බලමට ගොඩ උනාට ගොඩාක් සතුතියි. ඔන්න මම ඉංගිරිසි කොලුවව බ්ලොග් එකෙන් එලවලාම දැමමා.

    ReplyDelete