Tuesday, January 3, 2012
යලි උපන්නෙමි
මේ අවුරුද්දේ ජනවාරි පළමු වෙනිදා අපේ මාමගේ අවමගුල් උත්සවය. එක ඉවර කරලා ගෙදර ඇවිත් ලැප අතට ගත්තේ පොස්ට් එකක් දාන්න කියලා හිතාගන. මොන පොස්ට් දැමිල්ලක්ද? මෙන්න තියෙනවා ඔබේ බ්ලොගර් එකවුන්ට් එක ඩිසේබල් කියලා කතාන්තරයක්. අමාරුවෙන් හදාගත්ත බ්ලොග් එක. මට හිතුනේ අලුත් අවුරුද්ද පටන් ගන්න කොටම මරණ දෙකයි කියලා. මාමත් ඉවරයි මගේ බ්ලොග් ටිකත් ඉවරයි. වැඩියෙන්ම මගේ කනගාටු මගේ ආයෝජන පාටමාලාව පිනාගේ කුප්පිය බ්ලොග් එක නැති උන එක. එකේ මුල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය පාඩම පටන් ගත්තා විතරයි. ඒත් දවස පුරා බුකියෙයි එහෙ මෙහෙ ඇවිදලා දන්නා කියන අයගෙන් ඇහුවාම දීපු උපදෙස් අනුව අද හවස ගුගල් දෙවියා මට මගේ බ්ලොග් ටික ආයෙමත් දුන්නා. මැරිලා ඉපදුනා වගේ තමයි. හත් වෙනිදා ගාලු යන්නත් ඕනේ. ගාල්ලේ උන් කොලබ ඉන්න ගැණු ළමයි ගැන ගොඩාක් හිතන හින්දා වෙලාවත් වෙනස් කරලා. දැන් පලයන්කෝ උදේ අට වෙනකොට ගාලු. එහෙමනම් හත් වෙනිදට ගාල්ලේදීම හමු වෙමු.
Saturday, December 24, 2011
සුභ නත්තලක්
නත්තල ලබන්න තව පැය කිහිපයයි. මේ දවස් වල හැමදාම පාටි. කාලෙකින් මොනවත් ලිව්වෙත් නැති නිසා මොනවාහරි ලියනවා කියලා ඉදගත්තට මොකද මුළු ලෝකෙම පාවෙනවා වගේ. පොඩි පොඩි මිස්ටේක් තිබුනොත් ගනන්ගන්න එපා . . මේ දවස් වල අපේ ජොබ් එක නත්තල් සියා භාර අරගන තියන නිසා අපි නිවාඩු පාඩුවේ පොඩි ජොලියක් දාගන ආතල් එකේ ඉන්නවා. නත්තල් සියට දැන් පොඩි අයට තෑගි අරන් එන්න වෙලාවක් නෑ. මේ දවස් වල මෑන් හරි බිසී. සියා කඩවල් වලට වෙලා බඩු විකුනනවා. සමහර තැන් වල සියට ඇදල ඉන්න කොල්ලෝ දැක්කම දුකත් හිතෙනවා. දවසකට හම්බවෙන පොඩි සම්තින් එකකට උන් අර සිය කිට් එක ගහගන අව්වේ වේලෙනවා. සුපර් මාර්කට් වල ඉන්න සියලාගේ තත්වයත් ඊට වඩා වැඩි වෙනසක් නෑ. ගොඩක් වෙලාවට පිටට ලස්සනට හිනා වෙලා වගේ පෙන්න හිටියට උන්ගේ ජිවිතේ ඇතුලේ තියෙන්නේ දුක හිතෙන කතා.
දැන් ඉතින් එව්වයින් වැඩක් නෑ. ආගම මොකක් උනත් සල්ලියි හිතේ සතුටයි තියනවනම් හැමදාමත් නත්තල් තමයි. එත් මොනවා කරන්නද සල්ලි තියන එකාගේ හිතේ සතුටක් නෑ. සතුටින් ඉන්න එකාට සල්ලි නෑ. එහෙමනම් බ්ලොග් අවකාශයේ යාළුවො හැමෝටමයි ,බුකියේ යාළුවො සෙට් එකටයි. මගේ කස්ටමර්ලා හැම දෙනාටමයි , නත්තල සමරන ලෝක වාසි සියලුම දෙනාටයි දුකින් තොර සැපෙන් බර සාමය සතුට පිරි සුබම සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි ගියා එහෙනම් (තවත් පාටියකට)
රෙප් මහත්තයා
Saturday, December 10, 2011
රට හරකෙකුට අං තට්ටුවක් උවමනා කර තිබේ
විදේශීය රටකින් ආනයනය කල විදායක ශ්‍රේණියේ හරකෙකුට සුදුසු අං තට්ටුවක් සදහා මිල ගණන් කැදවනු ලැබේ. (මිල ගණන් ඉදිරිපත් කිරීමේදී කොමිස් සදහාද සැලකිය යුතු මුදලක් වෙන් කිරීමට කාරුණික වන්න)
සියලු විමසීම්
මිලදී ගැනීමේ නිලදාරී,
බොරුපන රත්මලාන.
රැකියා ඇබෑර්තු
බල්ලාගේ රාජකාරි කළහැකි බුරුවන් කිහිප දෙනකු අවශ්‍ය කර තිබේ. ස්වාමියා දුටු විගස දෙකට නැවී නගුට වැනීමට හැකි අය සදහා ඉක්මන් උසස් වීම්. වෙනත් සුදුසුකම් අනවශ්‍යයි. ආහාරයට තණකොළ සහ වතුර සමගින් ආයතනයෙන් නඩත්තු කරන වාහනයක්.
පුද්ගලික ලේකම් වරියන් අවශ්‍යයි
අප ආයතනයේ විදායක නිලදාරීන් සදහා පුද්ගලික ලේකම් වරියන් අවශ්‍ය කර තිබේ. ඔබත් අවුරුදු 16 ත් 22 ත් අතර සුරූපී යුවතියක් නම් ඉහත තනතුර ඔබ සදහාමයි. ආහාර නවාතැන් රට සවාරි සමග. අද්යාපන සුදුසුකම් අවශ්‍ය නැත. හැකියාව සහ උනන්දුව මත වර්ෂ අවසානයේ දරු පැටියෙක් තෑගි.
සියලු විමසීම්
මානව සම්පත් කළමනාකරු
බොරුපන රත්මලාන
මංගල යෝජනා
පෙම්වතියක් සදහා ඇබැර්තු ඇත
මුහුණේ ලස්සන එච්චරම නැති උනාට
හිත ගොඩාක් ලස්සන
ඕනවට වඩා බොරු සෝබන නැති උනාට
ඕන වැඩක් පිලිවලකට කරන්න පුළුවන්
බොරු කයිවාරු නැති උනාට
කෙලින් කතා කරන
හුගාක්ම තැන්පත් විනීත නැති උනාට
චුට්ටක් විතර දගකාර විසේකාර
ආදරේ කරනකොට බොලද උනාට
ජීවිතය ගැන බොලද විදියට නොහිතන
සල්ලි කියන්නේ කියන්නේකියලා නොහිතන
ආදරේ හදුනන ඒ වෙනුවෙන් කැප වෙන්න පුළුවන්
ජීවිතේට එන ප්‍රශ්න වලදී පැනලා යන්න උත්සාහ නොකරන
අවුරුදු 22 ත් 26 ත් අතර අවංක අවංක කෙල්ලෙක් නම්
අදම කමෙන්ට් කරන්න
තෝරාගන්නා අයදුම් කාරියන් පරිවාස කාලයකින් පසු භාර්යා තනතුර දක්වා උසස් කිරීම පිළිබදවද සලකා බලනු ඇත
මුහුණේ ලස්සන එච්චරම නැති උනාට
හිත ගොඩාක් ලස්සන
ඕනවට වඩා බොරු සෝබන නැති උනාට
ඕන වැඩක් පිලිවලකට කරන්න පුළුවන්
බොරු කයිවාරු නැති උනාට
කෙලින් කතා කරන
හුගාක්ම තැන්පත් විනීත නැති උනාට
චුට්ටක් විතර දගකාර විසේකාර
ආදරේ කරනකොට බොලද උනාට
ජීවිතය ගැන බොලද විදියට නොහිතන
සල්ලි කියන්නේ කියන්නේකියලා නොහිතන
ආදරේ හදුනන ඒ වෙනුවෙන් කැප වෙන්න පුළුවන්
ජීවිතේට එන ප්‍රශ්න වලදී පැනලා යන්න උත්සාහ නොකරන
අවුරුදු 22 ත් 26 ත් අතර අවංක අවංක කෙල්ලෙක් නම්
අදම කමෙන්ට් කරන්න
තෝරාගන්නා අයදුම් කාරියන් පරිවාස කාලයකින් පසු භාර්යා තනතුර දක්වා උසස් කිරීම පිළිබදවද සලකා බලනු ඇත
සැලකිය යුතුයි
මෙම දැන්වීම විනෝදය පිණිස නොව විවාහය සදහා බව සලකන්න
නම් වෙනස් කිරීමයි
සිංහල බ්ලොග් අවකාශය තුල මෙතෙක් කාලයක් අම්බලම නමින් පෙනී සිටි මම අද පටන් රෙප් මහත්තයා යන නම බාවිතා කරන බවත්, මෙතෙක් කාලයක් ලියන ලබා බ්ලොග් සියල්ල තව දුරටත් එම නම් වලින්ම පවත්වාගන යන බවටත් බ්ලොග් අවකාශයේ මිතුරන් සියලුම දෙනාටත් මෙතුවක් කල් සහය දුන් සියලුම සින්ඩි වල පාලක වරුන්ටත් පොදු මහජනතාවටත් මෙයින් දැනුම් දැනුම් දෙනු ලැබේ. (නම දිග වැඩි කියලා හිතෙනවා නම් රෙපා කිව්වත් මගේ නම් තරහක් නැ )
මිට විශ්වාසී
රෙප් මහත්තයා
Subscribe to:
Posts (Atom)

