Monday, September 4, 2017

අහිමි සිත



පෙර පිනකට ලැබුණු
ලස්සන රුපෙකට වහං වෙච්ච 
මියැදෙන්න අර අදින හිතක් ලග 
නැවතුනා මං එක දවසක්.


රුපෙට වහ වැටුනු මිනිස්සු 
අයිතිකරගන්න පොරකද්දී ඒ රුප ලස්සන
උත්සාහ කලේ මං 
මියැදෙන්න යන හිතට පණ දෙන්න

පොරකාපු මිනිස්සු අයිතිකරගත්තාට 
අද ඇති හෙට නැති රුපය
දන්නේ නෑ ඒ කවුරුවත් 
මියැදෙන්න ගිය හිත ගැන

අවසන ....

හිතක් නැති ගත අයිති කරගෙන 
විදවයි ඔවුන් හැමදාම විදින්න ඇති ජීවිතය 
මියැදෙන්න ගිය හිතට දිවි දෙන්න ගිය 
මටත් අහිමි විය මගේ හිත සදහට ....

-------අරුණ හෙට්ටිආරච්චි---------

1 comment: